Social issues -හොද මිනිසුන්ගේ අඩුවීම

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Free උනොත් කියවන්න

    බොහෝවිට හොද මිනිසුන්ව නැති කරන්නේ නරක මිනිසුන් විසිනි.

    ලංකාවේ
    👉 helping hands සහිත මිනිසුන්
    👉අනුකම්පා සහගත මිනිසුන්,
    mature වීමත් එක්ක, තමනයක්‌ නැති අය බවට පරිවර්තනය වෙමින් පවති.

    🌿හේතුව
    අනිකාට පිහිට වීමෙන් පසු ලැබෙන කටුක අත්දැකිමුයි.

    🌿උදා -
    01. කියවන්නෝ පොතෙන්ම අරබති.
    ඉල්ලාගත්ත පොත අයිතිකරුවට නැවත නොදෙන බව ලංකාවේ ගස් ගල් පවා දනිති.
    අයිති lකරුට උවමනා වෙලාවක්‌ පැමිණි විට, එය නැති වීමෙන් ඔහු යමක් තේරුම් ගනී. හැඩ ගැසෙයි.

    02.
    A- දුවගන එන්නේ මුදල් අවශ්යතාවකින් අසරණ වීමෙන්ය. සතියකින් නැවත ලැබෙන මුදලක්‌ බවද පවසයි .

    B - මගේ මුදල ටික දවසකට මට නැතුවට කමක්නැ නෑ. එයින් තවකෙකුගේ වැඩේ කෙරෙයි. කියා ලෙස b සිතුවත්, b ට සිදුවෙන්නේ ආර්ථික සහ මානසික පාඩුවකි.
    ඉන් ඔහු යමක් තේරුම් ගනී. හැඩ ගැසෙයි.


    🌿 දිර්ගකාලින සමාජ හානිය -
    ඔවුන් community එකෙන් ඈත් වෙයි.
    හොද මිනිහෙක්ටවත් උදව්වක් ගන්නට කෙනෙක් නැතිවෙයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට මේක වෙලා තියෙනවා
    පට්ට අසරණ වෙලාවක මම ලොකු ගාණකින් කෙනෙකේට උදව් කලා එයාගේ නැයෝ පවා මග ඇරපු වෙලාවක
    අන්තිමේ දැනට අවුරුදු 03ක් වෙනකල් නිදහසට කරුණූ විතරයි
    මම දැන් සල්ලි හිතෙන් අත් ඇරලා

    ආයේ එකෙක් මරෙන්න යනවා කිව්වත් සල්ලි දෙන්න මම හිතනවා

    ආයේ තව එකක් ඇප අත්සන් කරලා ක්‍රිබ් වැටිලා
    ආයේ ජිවිතෙට කිසිම එකෙක්ට ඇප නම් දෙන්නේ නෑ නෑමයි
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    සල්ලි වලට නම් සෑහෙන්න ඇරගෙන තියෙනව මාත්. එච්චර වෙලත් තාම දෙනවා. ලගදිත් එකෙක් ඇරියා ඒක නම් පොඩි ගානක්.
    ආයෙ නම් එක බල්ලෙක් ට වත් දෙන්නෙ නෑ ණයට.
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,082
    34,621
    113
    මම නම් අතේ සතේ නැති ගානට ඉන්නේ. එකෙක්ගෙන් වත් කරදරයක් නෑ එතකොට. ආශ්‍රය කරන්නේ මට වඩා රුපියල් 1000කින් හරි පොසත් එවුන්ව. ඒත් අතේ දුරින්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    මමත් උදව් කරා ඩයල් එකක්ට...ඇත්තටම අසරණ වුනු යාලුවෙක්ට
    කොන්දේසි විරහිතව උදව් කලේ
    මට ඔන වුනි, සල්ලි ඉල්ලගෙන යක කෙනෙක් ව නෙමේ
    රස්සාවක් කරන්න අත දෙන්න විතරයි.

    සල්ලිත් දුන්නා..පව් නිසා
    පස්සේ පස්සේ බේරෙන්න බැරි වුනා
    සල්ලිම ඉල්ලනවා
    පුලවන් වෙලාවට දුන්නා
    බැරි නම් මම මොනා කරන්නද?

    දුක කිය කියා
    පස්සෙන් එනවා
    මිනිහා අසරණ වෙලා
    කකුලක් නැහැ...
    මට තාම වේදනායි

    සල්ලි තමයි හැමදේටම මුල
    ඒත් මම මට පුලුවන් උපරිමය කලා..

    අපේ පවුලේ කෙනෙක්ට අසරණ වුනාම
    කවුරුත් බලන්නෙත් නැහැ
    ඔහොම උදව් කරන්න එන්නෙත් නෑ
    හැමෝම විස්තර අහනවා විතරයි

    තමන්ට උදව්වක් ඔනි වුනාම තමයි
    මිනිස්සු අපේ පස්සේ එන්නේ
    ඒක නම් මම හොදට අත්විදලා තියනවා..
    ඒවා වෙනස් කරන්න බැහැ
    සමාජ සම්මත

    කලාතුරකින් දුකේදී සැපේදී පිහිටවන යාලුවෙක්
    හම්බුවෙනවා..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    පොඩි කාලෙ ඉදන් ජීවිතේ හිතල බලද්දි ඕක තමයි උනේ.
    පාරක උනත් බොරු කියල සල්ලි ඉල්ලන්නෙ වංචාකාරයො. ඉතින් ඇත්තටම කරදරයක් වෙච්ච මනුස්සයටත් සල්ලි නෑ යන්න කියල මූණවත් නොබල එන්න වෙලා අකමැත්තෙන් උනත්.

    තව මම දැකපු දෙයක් ලංකාවෙ මිනිස්සු සෑහෙන අනිත් අයට උදවු කරනව කියල කිවුවට බහුතරයක් එහෙම උදවු කරන්නෙ එක්කො කරන්න අත්‍යවශ්‍ය හින්ද එහෙම නැත්තන් උදවු කරා කියල හොඳ නම දාගන්න එහෙමත් නැත්තන් වාසියට. දියුණු රටවල මිනිස්සු බොරුවට හැම එකටම දෙන්න යන්නෙ නෑ හැබැයි ඕන වෙලාවට උදවු කරන්නෙ හදවතින්ම.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මුදල් වලින් උදව් කරන්නේ ළගම circle එකේ යාළුවෝ 10ක් විතර ඇති උන්ට විතරයි. උන් දුන්නත් එකයි නැතත් එකයි. ( උන් දෙනවා කියලා ෂුවර් ඒ උනාට අවුරුදු ගානක් ගියත් )

    හිත හදාගෙන උදව්වක් කරන්න පුලුවන්ද දැන්.

    හිඟන්නෝ හිගකාන එක බිස්නස් ඒකක් කරන්, රෑ වෙලා පාරේ ඉන්න එකෙක් දාන් ගියොත් පිහිය බෙල්ලේ තියෙයිද කියලා ෂුවර් නෑ.. accident වෙලා මිනිහෙක් පාරේ වැටිලා හිටියොත් අපිට නඩුවක් වටෙයිද කියලා ෂුවර් නෑ...ගමේ පොල් කඩන එකා එනවා ගෙදර කන්න නෑ කියලා සල්ලි ඉල්ලන් ඌට දුන්නහම හවස උ බීලා පාරේ වැටිලා..

    දෙන්නේ නෑ එකෙක්ට දැන්, ඉගෙන ගන්න ළමයිට දෙනවා, නැත්තං charity ඒකක් හරහා දෙනවා. ඉස්සර නං පව් කියල සල්ලි දුන්නා සල්ලි නැති කාලේ. දැන් නෑ..
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මට මේක වෙලා තියෙනවා
    පට්ට අසරණ වෙලාවක මම ලොකු ගාණකින් කෙනෙකේට උදව් කලා එයාගේ නැයෝ පවා මග ඇරපු වෙලාවක
    අන්තිමේ දැනට අවුරුදු 03ක් වෙනකල් නිදහසට කරුණූ විතරයි
    මම දැන් සල්ලි හිතෙන් අත් ඇරලා

    ආයේ එකෙක් මරෙන්න යනවා කිව්වත් සල්ලි දෙන්න මම හිතනවා

    ආයේ තව එකක් ඇප අත්සන් කරලා ක්‍රිබ් වැටිලා
    ආයේ ජිවිතෙට කිසිම එකෙක්ට ඇප නම් දෙන්නේ නෑ නෑමයි
    මට රුපියල් 10000 ක් ණයට දෙන්න බැරිද?
     
    • Like
    Reactions: shamil45