Software engineering කරලා වැඩක් නැද්ද

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,268
    1,134
    113
    ඉන්ටන් අයට ජොබ් නැද්ද? Software Engineerල වෙලා තේරුමක් නැද්ද දැන් AI එන්න තියෙන නිසා?

    මේව තමා මේ වෙනකොට අලුතෙන් එන අය වැඩියෙන්ම අහනව දකින ප්‍රශ්න.
    ඔය ප්‍රශ්න වලට හරිම උත්තර කියල එකක් නෑ මට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මගෙන් අහන අයට දෙන උත්තර නෙවෙයි වෙන කෙනෙක් කියන්නෙ. "Software Engineering කරන්න එපා ජොබ් නෑ" ඔහොමත් කියනව සමහර අය. වෙන උත්තරත් ඇති නෙ කියවන අයටත්.

    එතකොට මොකද්ද මේ අලවල තියෙන පොටෝ එක ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ. ඒකත් මේ කතාවට සම්බන්ධ නිසා එකතු කරගත්තෙ.

    පොටො එකක් විදියට අඩුපාඩු නන් ගොඩක් අය කතා කරල තියෙනව දැක්ක. මේක වෙන කතාවක්.

    මෙච්චර ගොඩක් අය ඉස්සරත් කැම්පස් එකකින් දෙකකින් එලියට ආව Software Engineer වෙන්න බලාගෙන. ඒ හැමොටම ඒ වෙනකොට ඉන්ටන් එකක් කොහොම හරි හොයාගන්නත් පුලුවන් වෙලා තිබ්බනෙ. වැඩි කාලයක් නෑ අවුරුදු 5කට 6කට කලින්.

    ඒත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පොටො එකේ ඉන්නෙ මට හිතෙන හැටියට නන් අවුරුද්දකට Software Industry එකට එකතු වෙන්න ඉන්න අයගෙන් බොහොම සුලු පිරිසක්. Less than 10% වෙන්න ඕනි.

    එතකොට එක පැත්තකින් Artificial Intelligence වේගයෙන් ජොබ් මාර්කට් එකට ලොකු ඒත් තාවකාලික බලපෑමක් (ඔව් වැරදිලා නෙවෙයි තාවකාලික බලපෑමක් ඒක සදාකාලික එකක් නෙවෙයි.) එකතු කරමින් ඉන්නෙ, ඒවගෙම ගොඩක් Company, google, Meta පවා තමන්ගේ සේවක ප්‍රමාණය අඩු කරමින් ඉන්නෙ. මේ කාරනා නිසා තව අවුරුදු කීපයක් යනකන් විශේෂයෙන්ම ඉන්ටන් අයට නන් සැලකියුතු මහන්සියක් ගන්න වෙයි ජොබ් එකක් හොයාගන්න. අඩුම නිකන් හරි ගිහින් වැඩ කරන්නවත් ගන්න කට්ටිය නැති වෙයි. මොකද නිකන් ගත්තත් ඒකත් Company එක පැත්තෙන් අමතර මහන්සියක් නිසා. ඒ නිසා ඇත්තටම මේ වෙනකොට Software Industry එක ඇතුලෙ ජොබ් වලට තියෙන්නෙ ලොකු තරගයක්.

    ඔය කිව්වෙ නියම කතාවට එන්න කලින් පොඩි හැදින්වීමක්. නියම කතාව තමා හිතල තියෙනවද අලුතෙන් ෆීල්ඩ් එකට එන්න ඉන්න අය තමන්ගෙ CV කොහොමද හදාගන්න ඕනි කියන එක මේ වගේ ලොකු තරගෙකට මූණ දෙන්න.

    නෑ නේ. බහුතරයක් එහෙම හිතල නෑ. මම දැන් මාසෙකට කලින් පොඩි පොස්ට් එකක් දැම්ම job එකක් ගැන. විශ්වාස කරන්න CV ආව 100+ ඒත් අපිට ඒ CV ගොඩෙන් ඉන්ටවිව් එකක් තියන්න තෝරගන්න පුළුවන් උනේ ඇත්තටම 10ක් විතරයි. ගොඩක් CV වැඩේට සුදුසුයි කියල පෙන්නල දීල තිබ්බෙ නැති නිසා අපි දෙගොල්ලන්ගෙම කාලය ඉතුරු වෙන්න ඒවට Interview එකකට අවස්ථාවක් දුන්නෙ නෑ.

    සමහරවිට ඇත්තටම අපිට ඕනි කරන කෙනා උනත් අර අයින් කරපු ගොඩේ හිටිය නන් අයින් වෙලා යන්න ඇති. ඒත් අපිට ඒකට කරන්න දෙයක් නෑ.

    මේක ගැන කල්පනා කරල බලපුවම ඇත්තටම වැඩේ දෙපැත්තටම පාඩුයි. මේක තව ටිකක් දරුණු වෙනව ඉන්ටන්ශිප් එකකට එහෙම කතා කරා නන් මොකද Intern එකක් කාටහරි දෙනව කියන්නෙ ඒක Company එකට වගේම ඉන්ටන් එක ගන්න කෙනාටත් Investment එකක් ඉතින් අපි දෙගොල්ලම අපේ ආයෝජන අපතෙ ගියාද නැද්ද කියල දැනගන්න වෙන්නෙ මාස 6කට විතර පස්සෙ නිසා.

    දැන් ප්‍රශ්නෙ පැහැදිලි නෙ. මේකට උත්තරයක් තියෙනව. ඒක තමා තමන්ගේ CV එක හරියට හදල ජොබ් වලට Apply කරන එක.

    හරියට හදනව කියන්නෙ ජොබ් එකකට තමන්ගෙ CV එක දානකොට තමන්ට එතන කරන්න තියෙන වැඩ මොනවද? යන්න ඉන්න Company එක කරමින් ඉන්නෙ මොනවද ඒව තමන්ගෙ අනාගතයට වැදගත්ද? ඒ ඔක්කොම හරියට බලල එවට ගැලපෙන්න තම්න්ගෙ CV එක හදල දැම්ම නන් නිකම්ම ජොබ් එකකට එකම CV එක අමුණගෙන යනවට වඩා වැඩක් වෙනව. අනික ඒවගේ CV එකක් අර CV 100ක් 200ක් අස්සෙන් පේනකොට තෝරගන්න තියෙන ඉඩත් වැඩි වෙනව.

    උදාහරණයක් විදියට හිතන්න තමන් Apply කරනව කියල Transport සම්බන්ධ Software හදන Company එකකට. එතකොට තමන්ට ඒ ක්ෂේත්‍රය ගැන තියෙන අත්දැකීම් පොඩ්ඩක් මතු කරල අරගෙන CV එක Update කරල දාන්න ඕනි ඊට කලින් Finance Company එකකට දාපු CV එකම එකතු කරනවට වඩා.

    අලුතෙන් ජොබ් වලට යන්න CV දාන්න ඉන්න අය මේ කාරනාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න නැත්තන් ඇත්තටම ජොබ් නෑ තමා.

    #internshipprogram #internships #softwaredevelopment #softwaredeveloper

    https://m.facebook.com/story.php?st...7odzvrmCPl&id=100014323926123&mibextid=kFxxJD
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,403
    113
    Banned
    මොන බයිලා ගැහුවත් ජොබ් නෑ යකෝ.ඉන්ටර්න් නෑ.it dead කරන්න එපා කවුරුත්.startup කම්පැනි ගොඩක් වැහුවා.මගේ cousin කෙනෙක් sse ඉදියා නුගේගොඩ තියන netherland company එකක.employees ලා 50 ක් විතර ඉදියා.ඒක ගිය අවුරුද්දේ අග වැහුවා.අරූ moratuwe it graduate කෙනෙක් වෙලත් ඌට තාම හරියන එකක් සෙට් වුනේ නෑ.තාම ගෙදර.තව අපිත් එක්ක warzone ගහන අයියා කෙනෙක් ඉන්නවා sse ඉදියේ.ඒ කම්පැනි එකෙනුත් එලියට දැම්මා ගිය අවුරුද්දේ ඌත් mora it .muta 5 years exp තිබ්බා .හැබැයි ඌට නම් සෙට් උනා cambio එකෙන් sse.startup company නෑ කියන්නේ intern නෑ තමා.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,268
    1,134
    113
    මොන බයිලා ගැහුවත් ජොබ් නෑ යකෝ.ඉන්ටර්න් නෑ.it dead කරන්න එපා කවුරුත්.startup කම්පැනි ගොඩක් වැහුවා.මගේ cousin කෙනෙක් sse ඉදියා නුගේගොඩ තියන netherland company එකක.employees ලා 50 ක් විතර ඉදියා.ඒක ගිය අවුරුද්දේ අග වැහුවා.අරූ moratuwe it graduate කෙනෙක් වෙලත් ඌට තාම හරියන එකක් සෙට් වුනේ නෑ.තාම ගෙදර.තව අපිත් එක්ක warzone ගහන අයියා කෙනෙක් ඉන්නවා sse ඉදියේ.ඒ කම්පැනි එකෙනුත් එලියට දැම්මා ගිය අවුරුද්දේ ඌත් mora it . හැබැයි ඌට නම් සෙට් උනා cambio එකෙන් sse.startup company නෑ කියන්නේ intern නෑ තමා.
    ඒ අයියාගේ FB profile හරි contact number එක හරි දාන්න ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න පුළුවන්
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,268
    1,134
    113
    AI tools නිසා අයිටී ජොබ් අඩුවෙනවා
    මේ මම ඔය වගේ කමෙන්ට් එකකට දුන්න උත්තර


    බැරි වෙලා හරි Ai අවා කියන්නකෝ ගොඩක් cost cutting එක්ක එහෙම යන company නිසා මුලින්ම එලියට යන්න වෙන්නෙත් intern වගේ උන්ට. අනේ මන්දා අවුරුද්ද අවුරුදු දෙක වගේ බොන්ඩ් වලට වැඩ කරන්න ගිය උන්ට අඩු පඩියට වැඩ කරලා ආපහු නිකන්ම එලියට බහින්න වෙයිද කියලා? විශාරදයෝ මොනවා කිව්වත් මාර රිස්ක් එකක් මට නම් බැළු බැල්මටම පෙන්න තියෙනවා.

    AI ගැන කිව්වොත්, බලපෑමක් වෙන්නේ ඕක අපි හරියට use කරේ නැත්තන් තමා. සරලවම ගෙදර පිහිය ගැන දැනගන්නේ නැතුව වැඩ කරන්න ගිහින් අත කපාගන්නවා වගේම තමා. ඒක ඕනිම field එකක වෙන්න පුළුවං දෙයක්. AI වලින් වැඩ ගන්න පුරුදු වෙන්න එතකොට ඒක බලපෑමකට වඩා උපකාරයක් විධියට තමා අපිට දැනෙන්නේ.

    Calcey eken layoff wecha kollek innawa , puluwan nam help ekak denna job ekak hoyaganna
    CV එක දාන්න කියන්න මචං. Job vacancy තියෙනවා කීපයක් ඒත් හරියට සෙට් උන් නෑ කාවවත් තාම
    ------ Post added on Mar 2, 2024 at 10:07 AM
     
    • Like
    Reactions: jennt

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,239
    46,879
    113
    මොන බයිලා ගැහුවත් ජොබ් නෑ යකෝ.ඉන්ටර්න් නෑ.it dead කරන්න එපා කවුරුත්.startup කම්පැනි ගොඩක් වැහුවා.මගේ cousin කෙනෙක් sse ඉදියා නුගේගොඩ තියන netherland company එකක.employees ලා 50 ක් විතර ඉදියා.ඒක ගිය අවුරුද්දේ අග වැහුවා.අරූ moratuwe it graduate කෙනෙක් වෙලත් ඌට තාම හරියන එකක් සෙට් වුනේ නෑ.තාම ගෙදර.තව අපිත් එක්ක warzone ගහන අයියා කෙනෙක් ඉන්නවා sse ඉදියේ.ඒ කම්පැනි එකෙනුත් එලියට දැම්මා ගිය අවුරුද්දේ ඌත් mora it .muta 5 years exp තිබ්බා .හැබැයි ඌට නම් සෙට් උනා cambio එකෙන් sse.startup company නෑ කියන්නේ intern නෑ තමා.

    ඌට ක්ෂේත්‍රය ගැන දැනුම නැතුව ඇති 🤣🤣
     
    • Like
    Reactions: gamerlk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,960
    1
    27,953
    113
    මේ මම ඔය වගේ කමෙන්ට් එකකට දුන්න උත්තර




    AI ගැන කිව්වොත්, බලපෑමක් වෙන්නේ ඕක අපි හරියට use කරේ නැත්තන් තමා. සරලවම ගෙදර පිහිය ගැන දැනගන්නේ නැතුව වැඩ කරන්න ගිහින් අත කපාගන්නවා වගේම තමා. ඒක ඕනිම field එකක වෙන්න පුළුවං දෙයක්. AI වලින් වැඩ ගන්න පුරුදු වෙන්න එතකොට ඒක බලපෑමකට වඩා උපකාරයක් විධියට තමා අපිට දැනෙන්නේ.


    CV එක දාන්න කියන්න මචං. Job vacancy තියෙනවා කීපයක් ඒත් හරියට සෙට් උන් නෑ කාවවත් තාම
    ------ Post added on Mar 2, 2024 at 10:07 AM
    ඔය කමෙන්ට් වැරදි දැනට පස්දෙනෙක් එකතුවෙලා කරන වැඩ ඉස්සරහට දෙන්නෙක්ගේ ටීම් එකකින් කරගන්න පුළුවන්. එතකොට නිකන්ම ජොබ් ඔපචුනිටිස් අඩුවෙනවා. AI නිසා එෆිෂන්සි එක වැඩිවෙනවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,403
    113
    Banned
    CV එක දාන්න. මගේ FB ලින්ක් එක දාන්න ඔය යට තියෙන්නේ එකට.
    Ahala kiynnm.
    ඌට ක්ෂේත්‍රය ගැන දැනුම නැතුව ඇති 🤣🤣
    puka tama u 1.5 years arimac eke work kale se.eka hari na kiyala tama okata giye sse.eketh 1 year witara work kala.u colombo enna kamathi na WFH wada karanna hoyanne.

    Kumburu kotapalla
    Farming tama ilagata kela wenne Ai,robotics,machines nisa. Danatama kochchara machines tiyanawada.
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,268
    1,134
    113
    ඔය කමෙන්ට් වැරදි දැනට පස්දෙනෙක් එකතුවෙලා කරන වැඩ ඉස්සරහට දෙන්නෙක්ගේ ටීම් එකකින් කරගන්න පුළුවන්. එතකොට නිකන්ම ජොබ් ඔපචුනිටිස් අඩුවෙනවා. AI නිසා එෆිෂන්සි එක වැඩිවෙනවා.
    දැන් AI නිසා efficiency එක වැඩි වෙලානේ . ඒත් වැඩ අඩු වෙලාද වැඩි වෙලාද කලින්ට වඩා. වෙන්නේ අපි හැම වෙලේම අපි requirement ඉහළ දාගන්නවා එතකොට ආයේ ඕක balance වෙනවා.

    අස්ප කරත්ත තිබ්බ කාලේ engine repair ජොබ් තිබ්බේ නෑනේ. ඒත් දැන් තියෙනවා.

    FB messenger da
    ඔව්. Msg ekak dana kiyana mama eMail eka denan
    ------ Post added on Mar 2, 2024 at 10:17 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,239
    46,879
    113
    puka tama u 1.5 years arimac eke work kale se.eka hari na kiyala tama okata giye sse.eketh 1 year witara work kala.u colombo enna kamathi na WFH wada karanna hoyanne.

    ඕක තමයි කියන්නෙ
    ක්ෂේත්‍ර දැනුමයි ටෙක්නිකල් දැනුමයි දෙකක්
    ටෙක්නිකල් වැඩ්ඩා උනාට වැඩක් නෑ
    ක්ෂේත්‍ර දැනුම නැත්නම් 😄
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,960
    1
    27,953
    113
    දැන් AI නිසා efficiency එක වැඩි වෙලානේ . ඒත් වැඩ අඩු වෙලාද වැඩි වෙලාද කලින්ට වඩා. වෙන්නේ අපි හැම වෙලේම අපි requirement ඉහළ දාගන්නවා එතකොට ආයේ ඕක balance වෙනවා.

    අස්ප කරත්ත තිබ්බ කාලේ engine repair ජොබ් තිබ්බේ නෑනේ. ඒත් දැන් තියෙනවා.


    ඔව්. Msg ekak dana kiyana mama eMail eka denan
    ------ Post added on Mar 2, 2024 at 10:17 AM
    තාම AI එන්න පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට තමයි ඕවගේ බලපෑම එන්නේ. පැහැදිලිව IT ෆීල්ඩ් එකේ ජොබ් ඔප්චුනිටිස් අඩු වෙන බව දැන් පේනවනේ. ලංකාවේ විතරක් නෙවෙයි අනිත් රටවල් වලත් ඉස්සරවගේ IT වලට ජොබ් ඔපචුනිටිස් නැහැ. ඉස්සරනම් වෙකන්සික්ස් ප්‍රමාණය සැහෙන්න වේගෙකින් ග්‍රෝ උනා ඒත් දැන් එහෙම නැහැ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,287
    8,884
    113
    IT nam dan mara adui bung intern

    paw wade IIT, NSBm, SLIIT wala inna 2000n passe un

    godak un gewal wala inne jobs nathuwa

    AI ekka IT walata honda shot ekake thawa hamba wenawaa

    තාම AI එන්න පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට තමයි ඕවගේ බලපෑම එන්නේ.
    Yes, thama development stage thiyana ewa 2025 withara ewi eliyata

    IT karana aya wena dewal uth igena ganan thiyanne
    ------ Post added on Mar 2, 2024 at 10:21 AM
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,268
    1,134
    113
    තාම AI එන්න පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට තමයි ඕවගේ බලපෑම එන්නේ.
    ඒක හරි. දැනට අපි දන්න ජොබ් title, responsibility එහෙම ගොඩක් වෙනස් වෙයි. ඒත් ඕක තාවකාලිකයි ආයේ ජොබ් හැදෙනවා අලුතෙන්
     
    • Like
    Reactions: Rambo5 and thomian