කල්පනා කරලා බලන්න

ඇති වෙනකං සූර්ය එලිය, උදම් රළ, රට පුරා හමා යන සුලඟ තියන රටේ මිනිස්සු ලාබෙට පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදනය කරලා භාවිත කරන්නේ නැතුව කලාපය වැඩිම විදුලි බල බිල් ගෙවන්නේ ඇයි කියලා?
සූර්ය පැනල වලට, ඒවායේ අමතර කොටස් වලට අසීමාන්තික බදු ගෙවලා, සුලං බලාගාර වලට දස අතේ නීති දාල, උදම් බලය නැති දිවයිනක් වගේ හැසිරෙමින් පරිසර හිතකාමී බලශක්ති ජනනය කරන්න ඉඩ අවහිර කරලා තියෙන්නේ කව්ද කියලා?
ඔය තියෙන්නේ උත්තරේ..
අප්‍රේල් තුන්වෙනිදා සහස්දනවි කියන බලාගාරෙ අයිති LTL Holdings කියන සමාගමේ උප සභාපති රවීන්ද්‍ර පිටිගලගේ ඒ ආයතනයේම සභාපති සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ශක ආචාර්ය තිලක් සියඹලාපිටිය එක්ක LTL එකෙන් ආණ්ඩුවට විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් කලා. රජයෙන් විදුලිය නිපදවීම අඩු වෙද්දි LTL එකෙන් ගන්නවා මිසක ඔයාලට අඩුවට ගෙදරදීම හදාගන්න දෙන්නෑ එයාලා.
උප සභාපති අත්සන් කලේ තැන් දෙකේම සභාපති එකම එකා හන්දා ගිවිසුම කැත වෙන නිසා වෙන්ඩ ඕනේ..