✔ Sole Proprietor business
1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ,
1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබා ගැනීම. (නිකන් දෙන්නෙ)
2. ව්‍යාපාර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න. (තමන් දැන් ඉන්න ගෙදරට කරන්න පුලුවන්. Office එක කොහෙද ඇහුවොත් කාමරේ හරි ගැරජ් එක හරි කියන්න. කිසිම අවුලක් වෙන්නෙ නෑ. එහෙම බැරි නම් සණස බිල්ඩින් එකක් හොයන් උඩම තට්ටුවක් කුලියට ගන්න උපරිම 3000යි මාසෙට. ඔතනට රෙජිස්ටර් කරන්න. ඒත් බැරි නම් Virtual Office එකක් ගන්න. මාසෙට 2500 ට Address එක විතරක් ගන්න පුලුවන්.)
6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ. (ඉඩම් ඔප්පුව බැංකුවේ නම් බැංකුවෙන් සත්‍ය පිටපත් බවට තහවුරු කල පිටපතක් ගන්න. - අදාල මූලය ආයතන නීතියෙන් බැඳිල ඉන්නව පිටපත් ලබාදීමට. රෙන්ට් එකට නම් ඉන්නෙ බදු ඔප්පුව ප්‍රමානවත්.)
7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි. (මේ ලිපිය ග්‍රාම නිළධාරීතුමාම ලියනව)
8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න. (IT රු 750-1250 ත් අතර මුදලක් යන්නෙ. ඕක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනෙ. මහ දෙයක් නෙමේනෙ ඕක.)
10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න. (Digital - Software, Mobile App, Website, Design, SEO කරන අයට සහතිකය අවශය නොවේ කියල එයාල සීල් එකක් ගහනව.)
11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.
★ සතියකින් කරගන්න පුලුවන් ඔක්කොම. ග්‍රාම නිළදාරිතුමාට ලියකියවිලි හරි නම් වරුවයි. වෙළඳබලපත්‍රය ඉල්ලුම් කරල යන්න. ඉල්ලුම් කරන්න පැය භාගයක් යයි. අත්සන සභාපති දාන්න ඕනෙ නිසා බලපත්‍රය ලැබෙන්න දවස් කීපයක් යයි. ටික දවසකින් ඇවිත් ගන්න. MOH එකේ වැඩේට පැයක් යයි. ඊලගට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆෝම්ට් ටික දෙන්න තියෙන්නෙ. සතියකින් ගියාම එයාල බිස්නස් රෙජිස්ටර් එක දෙයි.