something out of nothing (physics)

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    2019 weddi big bang ekedi kiyanne space eka thamai explode wela thinne eken thamai serama hadila thinne. oka thawa kalekin wenas wennath puluwan.
    huthuwa palaya gana buddagama gana nam uba kiyala thinne , buddagama owath ekka compare karanna yanna epa. godak hamuduruwo karanawa waradi wadak eka joke ekak wage
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,354
    2,923
    113
    මාතර
    2019 weddi big bang ekedi kiyanne space eka thamai explode wela thinne eken thamai serama hadila thinne. oka thawa kalekin wenas wennath puluwan.
    huthuwa palaya gana buddagama gana nam uba kiyala thinne , buddagama owath ekka compare karanna yanna epa. godak hamuduruwo karanawa waradi wadak eka joke ekak wage

    ජෝක් එකක්ම නෙවෙයි නේද? දෙකම ටිකක් කිට්ටුවෙන් යනව. හැබැයි objectives වෙනස්.
    Science වලින් try කරනව ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. ඒ හරහා තව තව "දියුණු" වෙන්න.
    Buddhism වලිනුත් try කරනව ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. ඒ හරහා මේ ලෝකෙන් එතෙර වෙන්න.

    Objective එක නැතුව , "ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීම " කියන ටික compare කරන්න පුළුවන්. ඒක ජෝක් එකක් නෙවෙයි හරියට කරනවනම්. හැබැයි අපි (බෞද්ධයෝ) එතකොට objective එකෙන් දුරස් වෙනවා. ඕක ජෝක් එකක් වෙන්නෙ හාමුදුරුවරු ජීවිතේට ඉගෙනගෙන නැති ක්වොන්ටම් ගැන කියන්න ගිහින් හත්පොලේ ගාගන්න කොට තමයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    අද අපි රිලේටිවිටි එක එක ගැන පොඩ්ඩක් කතාකරමු.මේක තමා හැඳින්වීම. එයට කලින් අපි තේරුම් ගත යුතු දෙයක් තියනවා.. . ඒක තමයි විශ්වයේ සිදුවන සිදුවීම් අපි තේරුම් ගත යුත්තේ අපිට සාපේක්ශව බවයි.. ඒවගේම ඒවා අනිත් හැම දේටම සාපේක්ෂයි.
    1 classical relativity
    අපිට මේක හොඳටම පුරුදුයි.. ඕලෙවල් වල ඉඳන්ම උගන්නනවා..අහලා ඇති සාපේෂ ප්‍රවේගය සාපේක්ෂ ත්වරණය ගැන. උදාහරණයක් විදිහට කෝච්චි දෙකක් එකම දිශාවට ගමන් කරනවා...එකක් යනවා 10km/h සහ අනික යනවා 20 km/h වලින්..එතකොය එකකට සාපේක්ශව අනික යනවා 10km/hවලින්..මේක ඉතින් වෙන වෙන පති වලට ගියත් හොයන්න ක්‍රම තියනවා.. මේකෙ ප්‍රශ්නෙ තමයි මේක 100% නිවැරදි නොවීම..මේකෙ අපි ලොකු ගනන් ආදේශ කලොත් ආලෝකේ වේගෙට වැඩියෙන් යන දේවලුත් එනවා..එතකොට එතනම පිසික්ස් ඉවරයි.අනික ලොකු වේගවලින් යන දේවල් , චන්ද්‍රිකා වාගේ දේවල් වල කාලය ගනනය කරද්දී හරියටම නිවැරදි උත්තර එන්නෙ නෑ. අන්න එතනදි තමා special relativity and general relativity එන්නෙ. වචන වලට රැවටෙන්න එපා ස්පෙශල් රෙලේටිවිටි තමයි ලේසි.. එතනින් එහා යන ඒවා තමයි ජෙනරල් රිලේටිවිටි එකෙන් පැහැදිලි කරන්නෙ
    2 special relativity
    මේකෙ නමින්ම කියනවා මේක තියෙන්නෙ විෂේශ අවස්ථා වලට.ඒ කියන්නෙ අපිහෝ වෙන කෙනෙක්, දෙයක් ඉන්න ෆ්‍රේම් එකයි අපි නිරීක්ෂනය කරන , සම්බන්ධ වෙන්න හදන ෆ්‍රේම් එකයි දෙකම හෝ එකක්, එක්කෝ ඒකාකර ප්‍රවේගයකින් නැත්තම නිෂ්චලව තියෙන්න ඕනෙ. අපි මේවාට කියනවා inertial frames කියලා.දැන් අපි මේක මොකද්ද බලන්නයි යන්නෙ.මේක අධ්‍යනය කරන්න යන්නෙ කන්ඩිශන් 2 ක් උඩ. එක තමා මේකෙ තියන හැම තැනකම එකම පිසික්ස් නියමයන් ක්‍රියාත්මක වීම සහ ආලෝකයේ වේගය නිරපේක්ෂයි සහ නියතයි කියන දෙක
    ඔන්න කෝච්චියක් තියනවා ඒකෙ ඔයාගෙ යාලුවා නැගලා ආලෝකෙ වේගෙන් බාගෙක ගෙන් එනවා.කෝච්චියේ ඉස්සරහ ලයිට් එකක් තියනවා...ඔයා ඉන්නෙ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට වෙලා.දැන අපි බලමු කෝච්චියේ ආලෝකය පේන්නෙ කොහොමද කියලා.. ක්ලසිකල් රිලේටිවිටි එකට අනුව නම් ඉස්සරහ ලයිට් එකේ එලිය ආලෝකෙ වේගය වගේ එක හමාරක වේ ගෙන් යනවා...ඒත් එහෙම වෙන්න බෑ.(මේ අතරෙ ඔය ගොල්ලො දන්න සමීකරමයක් තියනවා. speed x time = distance කියලා).ඒ වුනාට අපිට පේනවනෙ දැන් කෝච්චිය ආලෝකෙ වේගයෙන් බාගෙක වේගයෙන් ගියොත් කෝච්චියේ ලයිට් එකෙන් යන ආලෝකය ආලෝකයේ වේගෙය වගේ එක හමාරය වේගයෙන් යන්න ඕනෙ කියලා..
    ඉතින් අයින්ස්ටයින් කල්පනා කලා ඔය වෙලා තියන පැටලිල්ල අයින් කරන්න තියන හොඳම විදිහ සමීකරනෙ තියන අනිත් අගයන් දෙක වෙනස් කිරීම කියලා. ඔය කාලයේ වෙනස් වීම time dialation කියලත් දුරේ වෙනස් වීම distance contraction. කියලත් හඳුන්වනවා.. රූප සටහන් නැතුව ඔච්චරයි අමාරුවෙන් උනත් කියන්න පුලුහන්... දැන් අපි විශේෂ සාපේක්ශතා වාදය කතාකලේ විශේෂ තත්ව යටතේ නෙ. ඒ කියන්න, ඒකාකාර හෝ නිශ්චල සමුදේශ රාමුවල චලනය යටතේ නෙ. සාමාන්‍ය සාපේක්ශතාවාදය ඒට එහා යනවා...ඒ කියන්නෙ, කරකෙන , ත්වරනය වෙන එව්ව ගැනත් තව බොහෝ එව්වා ගැනත් ඒකෙ කතා කරනවා
     
    Last edited:
    • Like
    Reactions: SaCy.StYLe

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,194
    22,654

    :love::love:
    Rep 12+
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,194
    22,654
    113
    යකෝ වැඩිය ටයිප් කරලා නෑනෙ.. මට පැයක් විතර ගියා මේකට:sorry::sorry:

    ඒ දේවල් කතා කරන්න හරියට කෙනෙක් නෑ නේහ් බන් ලංකාවෙ :sorry: හැමෝම IT, Engineering, Management
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.

    1) "හේතුව හොයාගන්න තරම් තාම විද්‍යාව දියුණු නෑ, අනාගතයේදී අනිවාර්යෙන්ම ඒ හේතුව හොයා ගනියි" කියලා හිතන්න බැරිද?

    2) බුදු දහමේ හේතුඵල දහමෙන් උගන්වන්නෙ ජරා-මරණ, ඉපදීම, භවය, උපාදානය, තණ්හාව වගේ දේවල් ඇති වීමට හේතුන් සහ එම හේතුන් නැති කිරීමෙන් ඵලය නැති වන ආකාරය ගැනයි. Science වල theory එක්ක සම්බන්ධයක් නෑ. Science වල theory කොහොමත් කාලෙන් කාලෙට අලුත් වෙනවා, වෙනස් වෙනවා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    මට මතක විදියට මෙහෙමයි

    අපි හිතමු මුකුත්ම නැති රික්තකයක්. මේකේ ශක්තිය බින්දුවයි. එත් quantum physics අනුව ශක්තිය බින්දුව වටා එහෙ මෙහෙ යන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණවලින්.

    ඒවගේ තත්වයක් තුලදී උප පරමාණුක අංශුවක් පහලවෙන්න පුළුවන්. ඒවා හැමවිටම පහලවෙන්නේ ඊට විරුද්ද ගති ඇති තව උප පරමාණුක අංශුවක් සමගයි. එකක ආරෝපණය +1 නම් අනිත් එකේ -1. එතකොට එකතුව බින්දුවයි. ඒ කියන්නේ අංශු දෙකම ගත්තොත් ඒවා ඇති වෙන්න කලින් සහ පසුව physical properties වල කිසි වෙනසක් නැහැ.
     
    • Like
    Reactions: olu bakka

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ප්‍රසිද්ධ Theoretical Physicist කෙනෙක් කියල තියෙනව... Scientist ලා විශ්වාස කරන්නේ... ඒ කියන්නෙ scientific theories විය යුත්තේ.. Theory එක test කිරීමේදී එය..

    Falsifiable & Reproducible විය යුතුයි කියල.
    (සිංහල තේරුම් දෙන්න ගියාම කරන්න බෑ)

    එවිට.. ඔබේ තියරිය හැමවෙලේකම on demand වැඩ කල යුතුයි කිසිම exception එකකින් තොරව... කියනව. ඒ වගේම ඔබේ තියරිය එක පාරක් fail වුනොත්... මුළු තියරියම වැරදියි කියනව. අයින්ස්ටයින්ගේ තියරියක් එක පාරක් fail උනොත්... සම්පූර්ණ තියරියම වැරදියි කියනව. එතකොට එච්චර කල් ලියවිච්ච සේරම අහෝසි වෙනව.

    දැනට සොයාගෙන තියෙන ප්‍රධාන තියරි (Physical Theories 4 ක්. Gravity, Electro Magnetism, Weak Nuclear, Strong Nuclear) Reproduce කරන්න පුළුවන් වෙලා තියෙනව කියල තියෙනව. නමුත් එතනින් එහාට තියෙන තියරි තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනව. තාමත් විසඳන්න බැරි දේවල් ගොඩක් තියෙනව.

    ඒවගේම ලියවිලා තියෙන සියළුම Physics පොත් තාමත් කියන්න බැහැලු 100% ක් නිවැරදියි කියල. එහෙනම් තාමත් සියලු Physics පොත් වැරදියි කියල Theoretical Physicist ම කියනව.

    එතකොට... බුදු දහමේ කියවෙන ගොඩක් කරුණු කාරණා ද Science වලින් ඔප්පු වෙලා තියෙනව. හැබැයි සීමාවක් ඇතුව. ඒත් බුදු දහමේ කරුණු තාමත් science වලට කිට්ටු කරන්න හමුවෙලා නැහැ. Science වලට හසු නොවෙන සීමා ගොඩයි. ඒ බව Theoretical Physicist ල තේරුම් අරන් ඉන්නව හැබැයි බුදු දහමේ කරුණු පිළිගන්න තැනට ඇවිත් නැහැ මොකද ඒවා lab එකක් ඇතුලේ Falsifiable & Reproducible විදිහට test කරන්න බැරි නිසා. String Theory තාම proven කියල නැහැ. Unified field theory එකට අවුරුදු ගණන් මහන්සිවෙලා තියෙනව තාමත් බැරිවෙලා තියෙනව. නමුත් කවුරුත් ගමන නවත්තල නැහැ.

    අලුත් particle එකක් වන Higgs Boson හොයාගෙන තියෙන්නෙ 2012 දි වගේ මෑතක. නමුත් Higgs Mechanism එක මුලින්ම යෝජිත වෙලා තියෙන්නෙ 1960 ගනන් වලදි. ඒ කාලෙදි අනාවැකි දීල තියෙනව Higgs Boson කියල දෙයක් තියෙනව කියල (Peter Higgs විසින්). නමුත් සොයාගෙන තියෙන්නෙ 2012 වගේ කාලෙදි. කොච්චර කාලයක් ගිහිංද? තාමත් ගොඩක් දුර යන්න පුළුවන් physics වලට. මොකද තාමත් අලුතින් දෙයක් හොයගන්න මොකක් හරි තියෙනව.

    ඒත්... physics වලට යන්න පුලුවන් සීමාවෙ නැවතුනාට පස්සෙ... මොකද වෙන්නෙ?

    අවසානයෙන් මම physics සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. මෙතන කියල තියෙන කරුණු වල ගැටළු ඇති. තියේ නම් නිවැරදි කරන්න.

    මේ විෂයට මාත් ආසයි. ඉඳල හිටල මේ විෂය ආශ්‍රිත වෙන දේවල් ගැන හොයනව. Science කියන්නෙ ඉතිං අපේ ජීවිත වලට ඈඳිලා තියෙන දෙයක්නෙ.

    Standard-Model-of-Elementary-Particles.jpg

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Interesting post from manojdhrma..

    Fermions have spins of half-integer multiples. The Bosons have spins of integer multiples.
    Also only Fermions have the anti-particle counterparts. Further the Pauli exclusion principle applies only to Fermions - this says that no two fermions can occupy the same quantum state. But bosons behave quite differently. You can put many bosons into the same state, leading to what's known as Bose-Einstein condensates.

    Fermions & Bosons are the fundamental particles in the Universe.
     
    මම දැන් කියන්නයන්නෙ ඉතාම විශ්මය ජනක දෙයක් ගැන . මම ස්පෙශල් රිලේටිවිටි එකයි ටයිම් ඩයලේශන් එකයි ගැන කිව්වා මතක ඇති. මේ ටයිම් ඩයලේශන් එක නිසා අපි එකිනෙකාට වෙනස් විදිහට තමයි(සාපේක්ශව ) කාලය අත්විඳින්නෙ. දැනට කියන්නෙ එහෙමයි. මේක සාමාන්‍ය ජීවිතයේ නොගිනිය හැකි තරම් උනාට ස්පේස් ශිප් එකක ආලෝකයේ වේගෙන් බාගෙක වේගෙන් යන කෙනෙක් හා සමග ගත්තොත් ලොකු වෙනසක්. දැන් අපි පොයින්ට් එකට එමු. හිතන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා .එක්කෙනෙක් ස්පේස් ශිප් එකක නැගලා බ්‍රහස්පති වලට යනවා.. මෙයා යන්නෙ ඉතා වේගයෙන්. එතකොට පොලොවෙ ඉන්න කෙනාට පේන්නෙ මෙයාගේ කාලය හිමින් යනවා වගේ. දැන් අර යාලුවා බ්‍රහස්පතිට යනකොට පොලොවෙ එක්කෙනාට වඩා කාලය අතින් අඩුවෙන් ඉන්නෙ.. ඒ කියන්නෙ මේ පොයින්ට් එක වෙනකොට පොලොවෙ එක්කෙනාට වැඩියෙන් කාලය ගතවෙලා තියන අතර බ්‍රහස්පතිගෙ ඉන්න එක්කෙනාට අඩුවෙන් තමයි කාලය ගතවෙලා තියෙන්නෙ. තවත් විදිහකින් කියනවා නම් බ්‍රහස්පතිගෙ ඉන්න එක්කෙනාගෙ අනාගතයේ තමයි පොලවෙ එක්කෙනා ඉන්නෙ.. ඒකියන්නෙ පොලවෙ එක්කෙනාට තමන්ගෙ යාලුවගෙ අනාගතය වෙනස් කරන්න පුලුහන් අතර ග්‍රහලෝකෙ ඉන්න එක්කෙනාට පොලවෙ ඉන්න කෙනාගෙ අතීතය වෙනස් කියන්න පුලුහන්.. හැබැයි ඒක්නම් හිතාගන්න අමාරුයි. කොහොමත් ඒ ඉන්ටෙරෙස්ටින් අයිඩියා එක සමහර අය මතුකරනවා.. පිස්සුම කියන්නත් බෑ නේද