2019 weddi big bang ekedi kiyanne space eka thamai explode wela thinne eken thamai serama hadila thinne. oka thawa kalekin wenas wennath puluwan.
huthuwa palaya gana buddagama gana nam uba kiyala thinne , buddagama owath ekka compare karanna yanna epa. godak hamuduruwo karanawa waradi wadak eka joke ekak wage
අද අපි රිලේටිවිටි එක එක ගැන පොඩ්ඩක් කතාකරමු.මේක තමා හැඳින්වීම. එයට කලින් අපි තේරුම් ගත යුතු දෙයක් තියනවා.. . ඒක තමයි විශ්වයේ සිදුවන සිදුවීම් අපි තේරුම් ගත යුත්තේ අපිට සාපේක්ශව බවයි.. ඒවගේම ඒවා අනිත් හැම දේටම සාපේක්ෂයි.
1 classical relativity
අපිට මේක හොඳටම පුරුදුයි.. ඕලෙවල් වල ඉඳන්ම උගන්නනවා..අහලා ඇති සාපේෂ ප්‍රවේගය සාපේක්ෂ ත්වරණය ගැන. උදාහරණයක් විදිහට කෝච්චි දෙකක් එකම දිශාවට ගමන් කරනවා...එකක් යනවා 10km/h සහ අනික යනවා 20 km/h වලින්..එතකොය එකකට සාපේක්ශව අනික යනවා 10km/hවලින්..මේක ඉතින් වෙන වෙන පති වලට ගියත් හොයන්න ක්‍රම තියනවා.. මේකෙ ප්‍රශ්නෙ තමයි මේක 100% නිවැරදි නොවීම..මේකෙ අපි ලොකු ගනන් ආදේශ කලොත් ආලෝකේ වේගෙට වැඩියෙන් යන දේවලුත් එනවා..එතකොට එතනම පිසික්ස් ඉවරයි.අනික ලොකු වේගවලින් යන දේවල් , චන්ද්‍රිකා වාගේ දේවල් වල කාලය ගනනය කරද්දී හරියටම නිවැරදි උත්තර එන්නෙ නෑ. අන්න එතනදි තමා special relativity and general relativity එන්නෙ. වචන වලට රැවටෙන්න එපා ස්පෙශල් රෙලේටිවිටි තමයි ලේසි.. එතනින් එහා යන ඒවා තමයි ජෙනරල් රිලේටිවිටි එකෙන් පැහැදිලි කරන්නෙ
2 special relativity
මේකෙ නමින්ම කියනවා මේක තියෙන්නෙ විෂේශ අවස්ථා වලට.ඒ කියන්නෙ අපිහෝ වෙන කෙනෙක්, දෙයක් ඉන්න ෆ්‍රේම් එකයි අපි නිරීක්ෂනය කරන , සම්බන්ධ වෙන්න හදන ෆ්‍රේම් එකයි දෙකම හෝ එකක්, එක්කෝ ඒකාකර ප්‍රවේගයකින් නැත්තම නිෂ්චලව තියෙන්න ඕනෙ. අපි මේවාට කියනවා inertial frames කියලා.දැන් අපි මේක මොකද්ද බලන්නයි යන්නෙ.මේක අධ්‍යනය කරන්න යන්නෙ කන්ඩිශන් 2 ක් උඩ. එක තමා මේකෙ තියන හැම තැනකම එකම පිසික්ස් නියමයන් ක්‍රියාත්මක වීම සහ ආලෝකයේ වේගය නිරපේක්ෂයි සහ නියතයි කියන දෙක
ඔන්න කෝච්චියක් තියනවා ඒකෙ ඔයාගෙ යාලුවා නැගලා ආලෝකෙ වේගෙන් බාගෙක ගෙන් එනවා.කෝච්චියේ ඉස්සරහ ලයිට් එකක් තියනවා...ඔයා ඉන්නෙ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට වෙලා.දැන අපි බලමු කෝච්චියේ ආලෝකය පේන්නෙ කොහොමද කියලා.. ක්ලසිකල් රිලේටිවිටි එකට අනුව නම් ඉස්සරහ ලයිට් එකේ එලිය ආලෝකෙ වේගය වගේ එක හමාරක වේ ගෙන් යනවා...ඒත් එහෙම වෙන්න බෑ.(මේ අතරෙ ඔය ගොල්ලො දන්න සමීකරමයක් තියනවා. speed x time = distance කියලා).ඒ වුනාට අපිට පේනවනෙ දැන් කෝච්චිය ආලෝකෙ වේගයෙන් බාගෙක වේගයෙන් ගියොත් කෝච්චියේ ලයිට් එකෙන් යන ආලෝකය ආලෝකයේ වේගෙය වගේ එක හමාරය වේගයෙන් යන්න ඕනෙ කියලා..
ඉතින් අයින්ස්ටයින් කල්පනා කලා ඔය වෙලා තියන පැටලිල්ල අයින් කරන්න තියන හොඳම විදිහ සමීකරනෙ තියන අනිත් අගයන් දෙක වෙනස් කිරීම කියලා. ඔය කාලයේ වෙනස් වීම time dialation කියලත් දුරේ වෙනස් වීම distance contraction. කියලත් හඳුන්වනවා.. රූප සටහන් නැතුව ඔච්චරයි අමාරුවෙන් උනත් කියන්න පුලුහන්... දැන් අපි විශේෂ සාපේක්ශතා වාදය කතාකලේ විශේෂ තත්ව යටතේ නෙ. ඒ කියන්න, ඒකාකාර හෝ නිශ්චල සමුදේශ රාමුවල චලනය යටතේ නෙ. සාමාන්‍ය සාපේක්ශතාවාදය ඒට එහා යනවා...ඒ කියන්නෙ, කරකෙන , ත්වරනය වෙන එව්ව ගැනත් තව බොහෝ එව්වා ගැනත් ඒකෙ කතා කරනවා


යකෝ වැඩිය ටයිප් කරලා නෑනෙ.. මට පැයක් විතර ගියා මේකට![]()
හැමෝම IT, Engineering, Managementමෙහෙම එකක් ක්වන්ටම් පිසික්ස් වල තියනවලු...ඒකියන්නෙ හේතුවක් නැතිව යන් දෙයක් හට ගන්නත් විනාශ වෙන්නත් පුලුහන්ලු.. බිග් බෑන්ග් එකත් ඒවගේ එකක්ලු.. එතකොට ඒ කියන විදිහට හේතුවක් නැතිව පලයක් තියනවා නේද? දන්න අය පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න.
මම වීඩියෝ සෙට් එකක් බල බල යන්නෙ පස්සෙ උප්ඩේට් කරන්නම්..![]()

Fermions & Bosons are the fundamental particles in the Universe.

for the time being..![]()
Correct. Holds valid till someone finds another. That's modern science.මට මතක විදියට මෙහෙමයි
අපි හිතමු මුකුත්ම නැති රික්තකයක්. මේකේ ශක්තිය බින්දුවයි. එත් quantum physics අනුව ශක්තිය බින්දුව වටා එහෙ මෙහෙ යන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණවලින්.
ඒවගේ තත්වයක් තුලදී උප පරමාණුක අංශුවක් පහලවෙන්න පුළුවන්. ඒවා හැමවිටම පහලවෙන්නේ ඊට විරුද්ද ගති ඇති තව උප පරමාණුක අංශුවක් සමගයි. එකක ආරෝපණය +1 නම් අනිත් එකේ -1. එතකොට එකතුව බින්දුවයි. ඒ කියන්නේ අංශු දෙකම ගත්තොත් ඒවා ඇති වෙන්න කලින් සහ පසුව physical properties වල කිසි වෙනසක් නැහැ.
ප්‍රසිද්ධ Theoretical Physicist කෙනෙක් කියල තියෙනව... Scientist ලා විශ්වාස කරන්නේ... ඒ කියන්නෙ scientific theories විය යුත්තේ.. Theory එක test කිරීමේදී එය..
Falsifiable & Reproducible විය යුතුයි කියල.
(සිංහල තේරුම් දෙන්න ගියාම කරන්න බෑ)
එවිට.. ඔබේ තියරිය හැමවෙලේකම on demand වැඩ කල යුතුයි කිසිම exception එකකින් තොරව... කියනව. ඒ වගේම ඔබේ තියරිය එක පාරක් fail වුනොත්... මුළු තියරියම වැරදියි කියනව. අයින්ස්ටයින්ගේ තියරියක් එක පාරක් fail උනොත්... සම්පූර්ණ තියරියම වැරදියි කියනව. එතකොට එච්චර කල් ලියවිච්ච සේරම අහෝසි වෙනව.
දැනට සොයාගෙන තියෙන ප්‍රධාන තියරි (Physical Theories 4 ක්. Gravity, Electro Magnetism, Weak Nuclear, Strong Nuclear) Reproduce කරන්න පුළුවන් වෙලා තියෙනව කියල තියෙනව. නමුත් එතනින් එහාට තියෙන තියරි තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනව. තාමත් විසඳන්න බැරි දේවල් ගොඩක් තියෙනව.
ඒවගේම ලියවිලා තියෙන සියළුම Physics පොත් තාමත් කියන්න බැහැලු 100% ක් නිවැරදියි කියල. එහෙනම් තාමත් සියලු Physics පොත් වැරදියි කියල Theoretical Physicist ම කියනව.
එතකොට... බුදු දහමේ කියවෙන ගොඩක් කරුණු කාරණා ද Science වලින් ඔප්පු වෙලා තියෙනව. හැබැයි සීමාවක් ඇතුව. ඒත් බුදු දහමේ කරුණු තාමත් science වලට කිට්ටු කරන්න හමුවෙලා නැහැ. Science වලට හසු නොවෙන සීමා ගොඩයි. ඒ බව Theoretical Physicist ල තේරුම් අරන් ඉන්නව හැබැයි බුදු දහමේ කරුණු පිළිගන්න තැනට ඇවිත් නැහැ මොකද ඒවා lab එකක් ඇතුලේ Falsifiable & Reproducible විදිහට test කරන්න බැරි නිසා. String Theory තාම proven කියල නැහැ. Unified field theory එකට අවුරුදු ගණන් මහන්සිවෙලා තියෙනව තාමත් බැරිවෙලා තියෙනව. නමුත් කවුරුත් ගමන නවත්තල නැහැ.
අලුත් particle එකක් වන Higgs Boson හොයාගෙන තියෙන්නෙ 2012 දි වගේ මෑතක. නමුත් Higgs Mechanism එක මුලින්ම යෝජිත වෙලා තියෙන්නෙ 1960 ගනන් වලදි. ඒ කාලෙදි අනාවැකි දීල තියෙනව Higgs Boson කියල දෙයක් තියෙනව කියල (Peter Higgs විසින්). නමුත් සොයාගෙන තියෙන්නෙ 2012 වගේ කාලෙදි. කොච්චර කාලයක් ගිහිංද? තාමත් ගොඩක් දුර යන්න පුළුවන් physics වලට. මොකද තාමත් අලුතින් දෙයක් හොයගන්න මොකක් හරි තියෙනව.
ඒත්... physics වලට යන්න පුලුවන් සීමාවෙ නැවතුනාට පස්සෙ... මොකද වෙන්නෙ?
අවසානයෙන් මම physics සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. මෙතන කියල තියෙන කරුණු වල ගැටළු ඇති. තියේ නම් නිවැරදි කරන්න.
මේ විෂයට මාත් ආසයි. ඉඳල හිටල මේ විෂය ආශ්‍රිත වෙන දේවල් ගැන හොයනව. Science කියන්නෙ ඉතිං අපේ ජීවිත වලට ඈඳිලා තියෙන දෙයක්නෙ.
![]()
Interesting post from manojdhrma..
Fermions have spins of half-integer multiples. The Bosons have spins of integer multiples.
Also only Fermions have the anti-particle counterparts. Further the Pauli exclusion principle applies only to Fermions - this says that no two fermions can occupy the same quantum state. But bosons behave quite differently. You can put many bosons into the same state, leading to what's known as Bose-Einstein condensates.
Fermions & Bosons are the fundamental particles in the Universe.
Link ekak denna bariweida apitath balanna![]()