සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් ලැබුන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මාදුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද
ගේ කුරුල්ලන් කිචි බිචි ගා
අතන කරන පෙම් කතාව
මුවට මුව තබා පෙන්වන
ආදර බර ජවනිකාව
අපේ ලොවත් මේ වාගෙද
ආදරයත් මේ වාගෙද
ආදර බස් දොඩමින්
ඔබ ලඟ ඉන්න තමයි මනාප
දැක දැක ඉන්නට ආසයි
ඔබෙ ආදර ඔය සිනාව
සැමට හොරෙන් මට පමණක්
පෙන්වන්නකො පෙම් සිනාව