Spider-Man: Far From Home - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Spider-Man: Far From Home - Exclusive සිංහල Review [Scene by Scene]

    0u51xTL.jpg


    අපි කව්රුත්දන්නවා Marvel Cinematic Universe එකේ timeline එක දැන් තියෙන්නේ අනාගත කාලයක. 2024 කාලයේ කතාවකින් එන Spider-Man: Far From Home, Marvel Cinematic Universe එකේ 23 වන වගේම Phase Three වල අවසාන movie එකයි. මෙය ලොව පුර තිරගත වීම ආරම්භ වුනේ 2019 ජුලි 2 වන දිනයි. Spider-Man: Homecoming සහ Avengers: Endgame එකට sequel විදියට නිර්මාණය වන මෙය පළමු movie එක වගේම Jon Watts ගේ අධ්‍යක්ෂණයයි. Tom Holland, Samuel L. Jackson, Zendaya, Cobie Smulders, Jon Favreau, J.B. Smoove, Jacob Batalon, Martin Starr,Marisa Tomei සහ Jake Gyllenhaal රංගනයෙන් සමබන්ධ වෙයි. පැය 2යි විනාඩි 9ක් පුරාවට දිවෙන මේ movie එකේ IMDb අගය 7.8 කුත් rottentomatoes හි 90% අගයකුත් ලැබී තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.13 ක අදායමක් ඉපයූ මෙය Spider-Man Movie එකක් ඉපයූ වැඩිම අදයමද, Sony සමාගමේ වැඩිම අදායමක් ඉපයූ movie එක වෙනවා. වැඩි විස්තර සවිස්තරාත්මකව කතා කරන්න යමු රිවිව් එකට.


    sT38QVg.jpg


    2023 Blip එකෙන් මාස 8 කට පස්සේ 2024 දී Nick Fury සහ Maria Hill, Mexico වල විනාශයට ලක් වුන ගමකට පැමිණෙනවා.

    Spider-Man: Homecoming එකේ වාහන වල තිබුන plates numbers easter eggs වගේම මේකෙත් අපට ගොඩක් දකින්න පුළුවන්. ඒ අතරින් පලවෙනි එක අපට මෙතනදී දකින්න ලැබෙනවා. 463 න් පටන්න ගන්න number එකක්. මෙතැනදී මතුවෙන Sandman අපට කොමික් වල මුලින්ම දකින්න ලැබෙන්නේ Amazing Spider-Man #4 එකෙක්දී. ඒ 1963 දී.


    Q0L2GGh.jpg


    ඔවුන් අතරට පැමිණෙන Sandman සහ Mysterio අතර සටනක් ඇති වෙන අතර එහිදී Sandman ව පරාජය කිරීමට ඔවුන්ට හැකි වෙනවා.

    Mysterio අපට කොමික් වලදී හමුවෙන්නේ සිනමාව හා සමබන්ධ වන visual effects artist කෙනෙක් විදියට. නමුත් ඔහුගේ දැනුම illusions ලෙස යොදා ගනිමින් වැරදි දේවල් සදහා භාවිතා කල නිසා villain කෙනෙකු ලෙස ප්‍රසිද්ද වෙනවා. පසුව ඔහු Mysterio නමින් හැදින්වෙනවා.
    කොමික් වලදී Sandman අපට පුද්ගලයෙක් විදියටයි හමුවෙන්නේ ඒ William Baker. ඔහු විකිරණ පිපරිමකට හසුවීමෙනුයි Sandman බවට පරිණාමනය වෙන්නේ. ඒ වගේම MCU එකේදී සදහන් වෙන Elementals ලට මේ Sandman ත් අයත් වෙනවා. ඒ කොමික් වල අපට හමුවන Elementals කෙනෙකු වන Magnum වෙනුවටයි.


    Y2VAuQw.jpg


    Midtown School of Science and Technology පාසලේදී Betty හදුන්වදෙනවා Snap එකෙන් සහ Blip එක නිසා සිදුවුණ බලපෑම පිලිබදව.

    in memorial එකේදී tribute video එකට යොදාගෙන තියන images MCU එකේ එක් එක් අවස්ථාවන් වලින් රැගෙන තිබෙනවා. Tony ගේ photo එකේ Iron Man 2 වල Rhodes සමග බාර් එකේ සිටින අවස්ථාවේත්, Steve ගේ photo එක Captain America Civil War එකේදී Lagos වල සිදුවීමෙනුත්, Natasha ගේ photo එක Captain America Civil War එකේ Sokovia Accords සමුළුව අවස්ථාවේදීත්, Vision ගේ photo එක Captain America Civil War එකේ airport සටනෙනුත් ලබාගෙන තිබෙනවා.
    Blip යන වචනය අපට ඉස්සෙලම දැනගන්න ලැබෙන්නේ මෙතනදියි. Snap එකෙන් අළු වී ගිය අය නැවත ගෙන්වීමට Hulk කල snap එක හදුන්වන්නේ Blip විදියටයි.


    qOprheb.jpg


    Peter Parker ඔහුගේ යාළුවා වන Ned ට කියනවා Michelle Jones හට තිබෙන කැමැත්ත පිලිබදව


    ZwouiPz.jpg


    දයානුග්‍රහක වැඩසටහනකට සමබන්ධ වන Spider-Man සහ Aunt May පසුව එතනට පැමිණෙන Happy Hogan, Spider-Man ව Fury හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසනවා. නමුත් Peter එය ප්‍රතිෂේප කරනවා.

    මේ වැඩසටහන සංවිධන කරන්නේ Stark Relief Foundation එකෙනුයි. Stark Relief Foundation එකෙන් සිදු වෙන්නේ Avengers ක්‍රියා කාරකම් නිසා හානි වුන අයට ආධාර ලබා දෙන්න Tony සහ Potts එකතුවෙන් ආරම්භ කල සංවිධානයක්.
    Spider-Man: Homecoming එකේදී Peter ඕනි වෙන්නේ Friendly Neighborhood Spider-Man නොව Avengers Spider-Man කෙනෙක් වෙන්නයි. නමුත් දැන් Peter ඕනි එකේ අනිත් පැත්තයි. ඒ වගේම Happy Hogan, Tony Stark නොමතිව සමබ්ධ වන පළමු movie එකද මෙය වෙනවා.


    ysSqDMg.jpg


    Peter සුදානම් වෙනවා Europe school trip එක යාමට. ගුවන් යානයේදී Peter, Michelle ලග seat එකට යාමට කරන උත්සාහය අසාර්ථක වීමෙන් Ned සහ Betty එකතු වෙනවා.

    Peter Europe වලට යන්න කලින් මේ සදහා සුදානම් වීමට අවශ්‍ය දේවල් ලබා ගැනීමට Delmar ගේ සාප්පුවට යන සහ Peter ගේ To-Do List එක ගැන One-Shot එකක් අපට Spider-Man: Far From Home Blu-ray Disk එකෙන් බලා ගන්න පුළුවන්. MCU මේ වගේ One-Shot එකක් ආවේ මීට අවරුදු 2014 දී Iron Man 3 Blu-ray Disk එකත් එක්ක. ඒ All Hail the King. ඒ වගේම මේ One-Shot එකෙන් පස්සේ Spider-Man හා Manfredi Mob සටනත් අපට බලාගන්න පුළුවන්. මේ සටන Extended Cut එකටත් ඇතුල් වුනා. ඒ වගේම් trailer එකකත් කොටස් කීපයක් දකින්න ලැබුණා.
    Aunt May මෙතන එක අවස්ථාවක peter-tingle ලෙස හදුන්වනනේ spidey sense වලටයි. ඒ වගේම Peter ට Michelle ගෙන වෙන්වෙලා මෙහෙම යන්න වුනත් නැවත එන විට ඔවුන්ට එකට එන්න හැකි වෙනවා. ඒ සිදුවීම movie Extended cut එකෙන්යි දකින්න ලැබෙන්නේ.


    kWss4SV.jpg


    Venice වලට යන මේ flight එකේදී අපට දකින්න පුළුවන් documentaries films ටිකක්.

    ඒ Finding Wakanda (wakanda වල ඉතිහාසයත්, 2016 නව රජු වෙනුවෙන් ඇති වූ සටන ගැන), Chasing Hydra ( HYDRA සහ SHIELD සටන ගැන), Nova (Erik Selvig ගේ Einstein Rosenberg ගැන පැහැදිලි කිරීමක්), The Snap (Infinity War සහ Endgame සිදුවීම ගැන පැහැදිලි කිරීමක්), Heart of Iron ( Tony Stark ගේ ජිවිත කතාව ගැන documentary එකක්).


    ISqTMJJ.jpg


    ඔවුන් ඉතාලියේ Venice නුවරට පැමිණෙන අතර එතනට Hydro-Man පැමිණ මිනිසුන්ට පහර දීමට පටන් ගන්නවා.

    කොමික් වලදීත් Hydro-Man හදුන්වන්නේ පුද්ගලයෙක් විදියටයි. Morris Bench යි ඒ. ඔහු cargo ship එකක සේවකයෙක් ලෙස සිටියදී අනතුරකින් බලයන් හිමි විය. කොමික් වලදී අපට හමුවන Elementals කෙනෙකු වන Hydron වෙනුවටයි Hydro-Man, Elementals කෙනෙකු ලෙස MCU එකට සමබන්ධ වෙනවා. මෙතැන් බෝට්ටුවක සදහන් වෙනවා ASM-212 ඉලක්කමක්. කොමික් වල Hydro-Man මුලින්ම හමුවන්නේ Amazing Spider-Man 212 jan කොමික් එකෙනුයි.


    5h1IHa0.jpg


    මෙතනට පැමිණෙන Mysterio, Hydro-Man ව පරාජය කිරීමට හැකිවෙන අතර Peter ද ඒ සදහා සහය වෙනවා,

    Peter, Mysterio හට සහය වෙන්න යන අතරේ අපට දකින්න පුළුවන් මිනුසුන් අතරින් Beck වත් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයිනුත්.


    QPK72p9.jpg


    Peter හමුවීමට පැමිණෙන Fury ඔහුට Tony විසින් Peter සදහා පිරිනමපු sunglasses එකක් ලබා දෙනවා.

    මේ sunglasses එක හදුන්වන්නේ E.D.I.T.H. (Even Dead, I'm The Hero ) ලෙසයි. Tony විසින් නිර්මාණය කරන මෙය ඔහුගේ මරණින් පසු එය Peter හට ලැබෙන පරිදී නිර්මාණය කර තිබෙනවා. කෘතීම බුද්ධි පද්ධතියකින් සමන්විත මේ E.D.I.T.H. එක Tony කලින් නිර්මාණය කල JARVIS, FRIDAY බුද්ධි පද්ධතීන් වලට සමාන බුද්ධි පද්ධතියක් වෙයි. මෙමගින් Stark ආරක්ෂක පද්ධතියේ ඇති missiles සහ drones හසරවීමේ හැකියාවද තියෙනවා.


    u9Jhe8w.jpg


    Peter ව රැගෙන යන Fury, Mysterio ව හදුන්වා දෙන අතර Mysterio පැහැදිලි කරනවා Elementals සම්බන්ධව

    කොමික් වලදිනම් Elementals පට හමුවන්නේ වෙනස්ම විදියටයි. Hellfire, Hydron, Magnum, සහ Zephyr සහිත කණ්ඩායමක් තමයි Elementals වෙන්නේ. නමුත් MCU එකේදී මේ Elementals පැමිණෙන්නේ අපට කොමික් වලදී හමුවෙන Spider-Manගේ villains කීපයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ Hydro-Man(ජලයෙන් මතුවන) , Sandman (පොළවෙන් මතුවන) , Molten Man (ගින්නෙන් මතුවන) සහ Cyclone (වාතයෙන් මතුවන) .
    ඔවුන් මෙතැනදී සදහන් කරනවා Mexico සිදුවීමෙන් සතියකට පසු Morocco වලදී Mysterio, Fury සහ Hill සමග Cyclone ව පරාජය කල බව. මෙතැනදී Mysterio කියනවා තමන් පැමිණ සිටින්නේ Earth-833 බව. කොමික් වලදී Earth-833 හදුන්වන්නේ Spider-UK ගේ ලෝකය විදියට. ඒ වගේම Mysterio, Earth-616 ගැනත් සදහනක් කරනවා. අපි කව්රුත් දන්නවා මාවල් කොමික් ප්‍රධාන විශ්වය Earth-616 කියලා.


    9FyIEEN.jpg


    මෙහිදී Mysterio සහ Fury ඉතුරු Elementals වන Molten Man ව පරාජය කිරමට Peter ගෙන් උදව් ඉල්ලුවත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    jtqvOo7.jpg


    Fury ගේ බලපෑමෙන් Paris වලට යාමට නියමිතව තිබු trip එක Czech Republic වල Prague වෙතට වෙනස් වෙනවා. ඔවුන්ට ඒ සදහා SHIELD බස් රථයක්ද හිමි වෙනවා


    9V5vYDK.jpg


    ඔවුන් යන අතරතුරේ Peter, E.D.I.T.H. activate කරගැනීමට හැකි වෙන අතර Austria හිදී SHIELD නියෝජිතයෙකුගෙන් Stealth Suit එකද හිමි වෙනවා.


    sRPDeTf.jpg


    Davis සතුව තියෙන චයරුපයක් නිසා Peter වැරදීමකින් Davisට පහර දීමට E.D.I.T.H. හට නියෝග ලබා දෙනවා.


    S7WpyDe.jpg


    නමුත් පහර එල්ලකිරීමට පෙර drone එක විනාශ කිරීමට Peter හට හැකි වෙන අතර පසුව එම චයාරුපය Davis ගේ mobile එකෙන් delete කිරීමට ඔහුට හැකි වෙනවා

    Peter drone එක විනාශ කරන්න බස් එකේ ඉන්න අයව මග අරින්න උත්සහ කලත් අපට මෙතනදී හොදින් බැලුවොත් දැක ගන්න පුළුවන් MJ ඒ දිහා බලන්නේ නෑ. ඒ කියන්නේ MJ දකිනවා Peter බසයෙන් එලියට ගිහින් පැමිණෙන විදියත්.


    trFFKfP.jpg


    Peter, Mysterio, Fury, Molten හා සටන් කිරීමට සැලසුමක් නිර්මාණය කරනවා

    ඔවුන් යන නගර වල ඒ වගේම කලින් හමුවන Airport එකේදී වගේ අපට දකින්න පුළුවන් Iron Man ගේ ෆොටෝස් සහ චිත්‍ර. මෙයින් පැහැදිලි වෙනවා Iron Man ව මුළු ලෝකයම වීරයෙක් ලෙස පිලි අරගෙන් ඇති බව.


    0uW7j5M.jpg


    කනස්සලෙන් ඉන්න Peter හමුවීමට එන Mysterio දැන ගන්නවා Peter හට මේ අවස්ථාවේ අවශ්‍ය දේ ගැන


    F3sTdcf.jpg


    තම යහළුවන්ට ආරක්‍ෂිත ස්ථානයක් සුදානම් කරන Peter, Carnival of Lights වලට පැමිණෙන Molten සමග Mysterio හා සටන්කරනවා.

    Oscorp Industries scientist කෙනෙක් වෙන Mark Raxton යි අපට කොමික් වලදී හමුවෙන Molten. කොමික් වල එන Elementals කෙනකු වන Hellfire වෙනුවටයි Molten, MCU එකේදී Elementals කෙනකු වෙන්නේ.


    fOJRykX.jpg


    මේ සටනේදී Molten විනාශ වෙන අතර Spider-Man ට ඔහුගේ යහළුවන්ද බේරාගැනීමට හැකි වෙනවා.

    මෙතනට Fury සහ Hill පැමිණෙන කාර් එකේ number plate එක වන්නේ ASM28965. Molten අපට කොමික් වලදී මුලින්ම හමුවන්නේ Amazing Spider-Man #28 එකේ. එය නිකුත් වී තිබෙන්නේ 1965 දියි.


    j9LWSVV.jpg


    Molten ව විනාශ කිරීමට තම ජීවිතය පුදදීමට උත්සහ කල නිසා Peter තමා සතුව තිබු E.D.I.T.H. එක Beck හට ලබා දී Avenger කෙනෙක් විදියට පිලිගන්නවා


    imnINeI.jpg


    Peter ගෙන් E.D.I.T.H. එක ලබා ගත Beck සහ ඔහුගේ කණ්ඩායම් ඔවුන් ලද ජයග්‍රහණය සමරනවා


    rcLrb37.jpg


    Beck මතක් කර දෙනවා ඔහුගේ කණ්ඩායමට ඔවුන්ට Tony Stark සමග තිබු ද්වේෂය ගැන ඒ වගේම් ඔවුන්ගේ තාක්ෂනය සහ E.D.I.T.H.සමග ලොව හොදම superhero, Mysterio බවට පත් කරන්න

    Beck සහ ඔහුගේ කණ්ඩායම Stark Industries වලින් ඉවත් කරපු විදිය ගැන අපට දැනගන්න පුළුවන් වෙනවා වගේම මේ සියලු දෙනාම ඉන්නේ Tony සමග තරහකින් බව අපට තේරුම් ගන්න පුළුවන්. Stark නිසා මේ වගේ MCU එකේ villain කෙනෙක් වුන පලවෙනි කෙනාත් නෙවේ Mysterio කියන්නේ.


    hPJqrbq.jpg


    ඇති වුන සටන නිසා Europe school trip එක අවලංගු වී නැවත යාමට පාසල් කණ්ඩායම සුදානම් වෙනවා.


    2SwZsSL.jpg


    Peter සහ Michelle එළියේදී හමුවෙන අතර එහෙදී Michelle, Peter Spider-Man ලෙස තහවුරු කරගන්නවා

    Michelle, Peter Spider-Man කියලා සැක කරන්නේ Spider-Man: Homecoming වල Washington Monument සිදුවීමේ ඉදලයි. Spider-Man: Homecoming වලත් Michelle අවසානයේ Peter ගෙන් සැකෙන් අහනවා මොනවද හංගන්නේ කියලා. ඉතින් අපට දැනගන්න පුළුවන් Michelle මේ සැකය මුල ඉදන්ම තිබිලා තියෙනවා කියල. මේ නිසා Michelle, Peter ගැන හොද අවධානයෙන් ඉදලා තියෙනවා.


    shEy2xf.jpg


    මෙතනදී Michelleඅහුලා ගත් projector උපකරණයක් බිම වැටීමෙන් එයින් Cyclone නිර්මාණය වී යනවා

    අපට මෙතැනදී තමයි Cyclone මුලින්ම දකින්න ලැබෙන්නේ. නමුත් මේ වනවිටත් Mysterio, Cyclone කරලා ඉවරයි. අපිට එක මේ movie එකෙන් දකින්න ලැබෙන්නේ නෑ. Mexico වල Sandman සමග සටනින් සතියකට විතර පස්සේ Nick Fury සහ Maria Hill ගේ උදව්වෙන් Cyclone ව පරාජය කරනවා.


    vnmX18i.jpg


    Peter තේරුම් ගන්නවා Elemental යනු බොරු මායාවක් බවත් Beck තමාව රවටා ඇති බවත්

    Beck මේ යොදාගන්න illusion system එක හැදින්වෙන්නේ B.A.R.F. විදියටයි. ඔහු Stark Industries වල සිටින කාලයේයි මෙය නිර්මාණය කරන්නේ. Captain America: Civil War බලපු ඇයට මතක ඇති Tony Stark මේ ගැන හැදින්වීමක් කරනවා එක් සමුළුවක්. අපි flashback එකකිනුත් ඒ සිදුවීමේ කොටසක් කලින් දැක්ක.


    4Wycvlu.jpg


    Beck සුදානම් වෙනවා E.D.I.T.H. තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින් London නුවර Elemental Fusion සමග සටනක් ඇති කිරීමට


    kcSpj7q.jpg


    මෙතනදී Beck දැනගන්නවා ඔවුන්ගෙන් එක projector එකක් නැති වී ඇති බවත් ඒ projector එක Peter හැර හමුවී ඇති බවත් E.D.I.T.H. ගෙන් මාර්ගයෙන් සොයා ගන්නවා


    NSbt0fC.jpg


    Hotel room එකට එන Peter, stealth suit එක ඇදගෙන Fury හමුවීමට සුදානම් වෙනවා


    BPBg18t.jpg


    ජර්මනියේ Berlin වලට පැමිණෙන Peter එහිදී Fury හමුවෙනවා

    Fury මෙතනට පැමිණෙන කාර් එකේ number plate එක වන්නේ MTU83779. Fury සහ Peter කොමික් වලදී මුලින්ම team-up වෙන්නේ Marvel Team-Up #83 එකේදියි. එය නිකුත් වන්නේ 1979 යි.


    L5LHqY2.jpg


    Peter, Beck ගේ සැලසුම හෙළිකිරීමට යාමේදී දැන ගන්නවා Beck එතනට පැමිණ බව
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    xzw1FPN.jpg


    Fury හට පහරක් එල්ල කර Beck විසින් Peter ව illusions කීපයක සිර කරනවා

    ඒ අතර Zombie Iron man වත් දකින්න පුළුවන් Marvel Zombie Comic වලදී වගේ . Marvel ඉදිරියේදී Disney + මගින් නිකුත් කිරීමට නියමිත What If TV Series එකේදී Zombie හදුවදීමට නියමිතව තිබෙනවා. ඒ වගේම 2002 Spider-Man movie එකේ MJ ප්‍රපාතයකට වැටෙන ආකාරයට වගේම කොමික් වල සහ The Amazing Spider-Man movie එකේ Gwen ප්‍රපාතයකට වටෙන විදියට මෙහෙඉදී MJ illusions එකේ ප්‍රපාතයට වටෙන අවස්ථාවක් දකින්න පුළුවන්.


    K5es6ky.jpg


    මේ illusions තුලදී Spider-Man සහ Mysterio අතර සටනක්ද ඇති වෙනවා

    කොමික් වලත් අපට මේ වගේ සටන් දැකගන්න පුළුවන් Spider-Man සහ Mysterio අතර . Gaint Mysterio විදියට, Spider-Man විශාල ප්‍රමාණයක එකතුවක් වගේ දේවල් ත් අපට කොමික් වලදී දකින්න පුළුවන් වෙනවා.


    XDBbD6K.jpg


    illusions එක තුලින්ම Fury ලෙස පැමිණෙන Beck ඔහුගේ සැලසුම ගැන Peter ගේ යහළුවන් දැන සිටින බව හෙළි කරගන්නවා

    Fury, illusion එකක් විදියට Peter, Berlin වලින් රැගෙන එන අවස්ථාවේම සිටම සිටි බවට අපට තේරුම් ගන්න පුළුවන් මෙයින්. Beck ඔවුන් සිටි තැන Hill විතරක් illusion එකෙන් ඉවත් කරලා Fury ව illusion එකේ තබා ගන්නවා. මොකද Peter, Fury ව විශවාස කරන නිසාත් Beck ගැන දාන්න අය Peter ගෙන් දැනගැනීමට හැකි වෙන නිසාත්.


    aslzAvN.jpg


    illusions එක අවසානයේ Peter දුම්රියකට හසුවන අතර පසුව ඔහු නෙදර්ලන්තයේ සිරමදුරෙන් අවධි වනවා


    TA0QhDR.jpg


    සිරමදුරෙන් පැන යන Peter කෙනකුගෙන් දුරකථනය ඉල්ලා ගෙන Hogan හට තම ඉන්න ස්ථානය පිළිබද දැනුම් දෙනවා

    Peter ට Hogan ගේ phone number එක මතකයේ තිබිලා තියෙනවා. මතක Spider-Man: Homecoming එකේ Peter, Hogan හට මිලියන ගණන් Text, Calls යවපු හැටි.


    6PQTaEF.jpg


    Hogan පැමිණෙනවා Peter ව රැගෙන යාමට. Peter පැහැදිලි කරලා දෙනවා Hogan හට Beck සහ සිදුවුණා දේ පිලිබදව


    aBW7fqY.jpg


    Peter සුදානම් වෙනවා Beck සමග යලි සටන් කල E.D.I.T.H. එක නැවත ලබා ගැනීමට. මේ සදහා Peter අලුත්ම Spider-Man suit එකක් නිර්මාණය කිරීමට පටන් ගන්නවා

    Peter මෙතනදී නිර්මාණය කරන්නේ Spider-Man Upgraded Suit එකයි. කලින් කිසිම Spider-Man එකක් නොතිබුන කළු සහ රතු පහන් තමයි මෙය නිර්මාණය කරන්නේ. නමුත් කොඉක් වල දකින්න ලැබුනා. ඒවගේම මේ Suit එකේ Capabilitie විදියට Taser Webs, Web Wings,Spider-Drone සහ Parachute එකක්ද ඇතුලත් කරනවා.


    NQCIwJD.jpg


    Fury සහ Hills හට පණිවිඩයක් ලැබෙනවා London නුවරින් තවත් Elemental කෙනක් පැමිණෙමින් පවතින බවට. මේ අතර පාසල් කණ්ඩායම London වලට පැමිණෙනවා නැවත නිවස් බලා යාමට


    MiToS5m.jpg


    London වලට පැමිණෙන Beck සහ කණ්ඩායම සුදානම් වෙනවා Elemental එකක් නිර්මාණය කිරීමට සහ Mysterio සුදානම් වෙනවා Elemental සමග සටනට


    JFDDnLK.jpg


    මේ අතර Fury සහ Hill ද, Peter ගේ යහළුවන් ද London නුවර මධ්‍යට පැමිණෙනවා


    cX8Pir7.jpg


    Beck, Peter යහළුවන් සහ Fury, Hill ඉලක්ක කර ප්‍රහාර සැලසුම් කර අභ්‍යවකාශයේ Stark Industries Satellite එක මගින් Drones මුදා හරිනවා


    qKd6qt1.jpg


    Hogan, Fury හට රහස් පණිවිඩයක් එවන අතර Fury යොදවනවා Hill ව ඔවුන්ගේ ආරක්ෂාවට පෙර සුදානමක් විදියට


    QoF6j5b.jpg


    Elemental Fusion, London නුවරට පහර දීමට පටන් ගන්න අතර Mysterio එය සමග සටන් කිරීමට පටන් ගන්නවා.

    Elemental Fusion කියන්නේ අපි කලින් කතා කල Elemental සියල්ලගේම එකතුවක්. මේ Fusion එක කලින් Elemental වගේ සිය ගුණයක් විශාල වෙනවා. කොමික් වලදී මෙය නිර්මාණය කරන්නේ Diablo යි. ඒ වගේම කොමික් වලදී මේ කණ්ඩායම හදුන්වන්නේ Elementals of Doom නමින්.


    OOVQIsx.jpg


    මේ සමගම Spider-Man ද මෙතනට පැමිනෙන අතර Elemental එක තුලට යාමට හැකි වෙන ඔහුට Drones දැකගැනීමට හැකි වෙනවා.


    urgjyRg.jpg


    Drones කීපයක් විනාශ කිරීමට හැකි වෙන Spider-Man, එයින් illusions ඉවත් ව යනවා.


    yvhuQ10.jpg


    Peter ගේ යහළුවන් බේරාගැනීමට එන Hogan drones මගින් යානාව විනාශ වූ නිසා ඔවුන් සමග vault එකට ඇතුළු වෙනවා.


    P1KeaAh.jpg


    Spider-Man සහ Drones අතර සටන තවදුරටත් ඇති වුන අතර පසුව Beck ව අල්ලා ගැනීමට ඔහුට හැකි වෙනවා.

    web shoot නොමැති අවස්ථාවකදී Spider-Man, EMP Generator එකක් සමග පැමිණෙන අවස්ථාව බොහෝ සෙයින් සමන් වෙනවා Captain America, mjolnir මගින් Thanos ට පැහැර එල්ල කරන්න යන අවස්ථාවට.


    wuHuXfG.jpg


    මෙහිදී Beck විසින් Spider-Man ව නැවතත් illusions එකක සිර කිරීමට උත්සහ කරන නමුත් ඉන් illusions එකේ Drones සියල්ල විනාශ කිරීමට Spider-Man සමත් වෙනවා.

    මෙතනදී Spider-Man peter-tingle එක මගිනුයි Drones සමග සටන් කරන්නේ. Aunt May, peter-tingle කියලා කිව්වේ Spidey-sence වලට කියලා මතක ඇතිනේ. Spider-Man, illusions මග අරින්න ඇස දෙක වහගෙන Spidey-sence පාවිච්චි කරලා drones විනාශ කරන්නේ.


    DxwYp8c.jpg


    Beck ගේ illusions එකෙන් මිදෙන Spider-Man, E.D.I.T.H. එක Beck ගෙන් ගලවාගෙන Drones සියල්ල අක්‍රිය කරනවා.

    hallway fight එකක්. ඇස් නොපෙනී. මේ සිදුවීමත් එක්ක තව කෙනක් මතක් වුනාද. Marvel Netflix Series බලපු අයට අලුත් අත්දැකීමක් නෙවේ. Daredevil අවස්ථා තුනකම මේ වගේ hallway fight එකක් තිබුනා මතක ඇති.


    yjeUilF.jpg


    මෙහිදී Drone එකක් මගින් වැදුණු වෙඩිල්ලක් නිසා Beck මිය යනවා.


    CeKn2eH.jpg


    නැවත London Tower Bridge එකේදී Spider-Man සහ Michelle හමුවෙනවා

    London Tower Bridge එකේ කාර් එකක අපට දකින්න පුළුවන් TASM143 plate number එක. කොමික් වලදී Peter සහ MJ මුලින්ම කිස් කල අවස්ථාව දකින්න පුළුවන් වෙන්නේ The Amazing Spider-Man #143 එකේදියි.


    txHndIM.jpg


    Fury, Hill හමුවන Hogan පවසනවා ඔවුනට Spider-Man අවශ්‍යනම් ඔහු ඔවුන්ව අමතයි කියා. ඒ වගේම Europe school trip එක අවසන් කල කණ්ඩායම නැවත New York වලට පැමිණෙනවා


    PugbjDq.jpg


    Michelle සමග date එකකට Spider-Man New York විදි තුලින් පැමිණෙනවා.

    කලින් ආව හැම Spider-Man movie frenchise එකකම, Spider-Man Animation Movies වල, Spider-Man Animation Cartoon වල, Spider-Man Games වල දකින්න ලැබුණු කලින් MCU Spider-Man movie එකෙ දකින්න නොලැබුණු scene එකක් තමයි අපට මෙතැනදී දකින්න ලැබෙන්නේ. Spider-Man New York streets වලින් web slinging යන විදිය. අවසානයේ MCU movie එකකත් ඒ විදියට දකින්න ලැබුණා. Spider-Man PS4 game එකේ දකින්න ලැබුණු Photo mode එකේ විදියට Spider-Man photo එකක ගන්න විදියත් අපට මෙතනදී දකින්න පුළුවන් වෙනවා.
    මෙතන Spider-Man, MJ ව හමුවන තැන පිට්පස්සේ construction site එකේ බෝර්ඩ් එකක් දකින්න පුළුවන් 'We're excited to show you what comes next' Phase 1 -> Phase 2 -> Phase 3 -> ?. අපි හැමෝම දන්නවා Spider-Man: Far From Home අවසන් වෙන බව. ඊළගට එන එක ගැන අපි හැමෝම ඉන්නේ අවදානයෙන්.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    FbqnQTR.jpg


    New York නගර මධ්‍ය සිටින Spider-Man දකිනවා J. Jonah Jameson විසින් ඉදිරිපත් කරන වීඩියෝවක්. ඉන් Beck මිය යාමට පෙර Spider-Man ගේ රහස් අනන්‍යතාවය මුළු ලොවටම හෙළි කරනවා.

    Spider-Man movie එකක තිබුන ලොකු අඩුපාඩුවක් තමයි mid credit scene එකේදී සම්පුර්න වුනේ. කොමික් වල Peter ගේ බොස් වෙන The Daily Bugle එකේ J. Jonah Jameson MCU එකටත් සමබන්ධ වෙනවා. ඒ විතරක් නෙවේ මේ චරිතයට යොදාගෙන තියෙන්නේ Spider-man trilogy එකේ J. Jonah Jameson ලෙස සිටි J.K. Simmons මයි. J. Jonah Jameson ව Spider-Man: Homecoming මගින් පැමිණීමට නියමිතව තිබුනත් පසුව එය ඉවත් කර තිබුනා. Kevin Feige එක අවස්ථාවක පැවසුවේ J. Jonah Jameson නියම අවස්ථාවක එලියට පැමිණෙන ඇති බවයි. Movie Frenchise දෙකක එකාම චරිතය වෙනුවෙන් පෙනී සිටි එකම රංගන ශිල්පිය බවට J.K. Simmons මේ සමගම පත් වෙනවා.
    ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් මෙතැනදී සිදුවෙනවා. කලින් Spider-Man කිසිම් දෙයක් නොවුණු Spider-Man ගේ සබැ අනන්‍යතාවය හෙළි වීම. අපි දන්නවා MCU එකේ secret identity එකක් තිබුන එකාම super-hero තමයි Spider-Man කියන්නේ. එයත් මේ අවස්ථාවේ හෙළි වෙනවා. නමුත් MCU TV Series එකත් එක්ක බලද්දී තව එකම එක super-hero කෙනයි ඉන්නේ secret identity එකත් එක්ක. ඒ Daredevil.


    7ZCk1RK.jpg


    Nick Fury ලෙස Maria Hill ලෙස මුළු කාලයම පෙනී සිටි Talos සහ ඔහුගේ බිරිද, Fury හා සම්බන්ධ වන අතර Fury, Skrull spaceship එකක විවේකිව කාලය ගත කරනවා.

    Talos මේ මුළු කාලයම පෙනී සිටින්නේ Fury විදියටයි. ඒ වගේම Talos ගේ බිරිද Hill විදියටයි. අපි සැබෑ Fury අවසාන වශයෙන් දකින්නේ Tony ගේ Funaral එකේදියි.

    Marvel Cinematic Universe එකේ Phase 3 එක Avengers: Endgame එකෙන් ඉවර කරන්න තිබුනත් පසුව ඔවුන් තීරණය කළා එය Spider-Man: Far From Home එකෙන් ඉවර කරන්න. එත් සමගම Infinty Saga Storyline එකත් මේ movie එකත් එක්කම ඉවර වෙනවා. බොක්ස් ඔෆිස් අදායම් අතින් සාර්ථකම Spider-Man movie එක වන මෙය ගැන මීට සති කීපයකට කලින් තවත් කතා වෙන්න ගත්ත. ඒ මෙතෙක් Spider-Man චරිතයේ live-action සමගාමී අයිතිය තිබු marvel හට එහි අයිතිය අහිමි වීමයි. ගිවිසුමට අනුව Sony සමගම Spider-Man චරිත Marvel සමාගමට ලබා දුන්නේ Movies 5 කට පමණයි. ඒ අනුව marvel සමගම Spider-Man ව Captain America: Civil War, Spider-Man: Homecoming, Avengers: Infinty War, Avengers: Endgame සහ Spider-Man: Far From Home යන movies වලට යොදා ගත්ත. මේ movie එකෙන් පස්සේ ගිවිසුම (කලින් ගිවිසුමට අනුව Spider-Man යොදා ගන්නා Solo Movies වල අදායමෙන් 50% ක් ද, Crossover Movies වලින් 5% ක්ද Sony සමාගමට ලබා දිය යුතුයි) අලුත් කිරීමට නියමිතව තිබුනත් ඔවුන් අතර ඇති වුන පරස්පර හේතු නිසා Spider-Man ව තව දුරටත් MCU එකේදී අපට දකින්නේ ලැබෙන්නේ නෑ. සමස්තයක් විදියට ගත්තොත් අංගසම්පුර්ණ Spider-Man movie එකක් විදියට මේ Far From Home ගන්න පුළුවන්. රිවිව් රේටින්ග් එක 8/10 යි.
    Phase 3 ඉවර වීමත් එක්ක එළකිරි වෙනුවෙන් මම ලියන අන්තිම රිවිව් එකත් මේ රිවිව් එක වෙනවා. මේකට හේතු කීපයක්ම තියෙනවා. පල්ලෙහා තියන මාවල් ටැග් එකට ගියොත් බලාගන්න පුළුවන් phase 3 පලවෙනි movie එක සිවිල් වෝ එකේ ඉදන් හැම movie එකකටම රිවිව් දාල ඇති. එත් දැන් දැන් ලියන රිවිව් කියවන්න වැඩි කෙනෙක් උනන්දු වෙන්නේ නෑ. සමහර රිරිව් වලට comments 15 ක් වත් නැති තරම්. ඉතින් මේ මහන්සිය අපරාදයක් කියලා හිතෙනවා. ඒ වගේම මේ රිවිව් වලට දිගටම බැනල රෙප් කපන පිරිසකුත් ඉන්නවා. ඒ කව්ද කියන්න අපි හැමෝම දන්නවනේ. දෙයක් දැනගන්න තියෙනවනම් PM එකක් දාල අහන්න ඉස්සරහට රිවිව් ලියන්නේ නැති වුනත් එළකිරි එකෙන් යන්නේ නෑ. මැරෙනකම් ඉන්නවා. :D


     
    • Like
    Reactions: ryandok

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Phase 3 ඉවර වීමත් එක්ක එළකිරි වෙනුවෙන් මම ලියන අන්තිම රිවිව් එකත් මේ රිවිව් එක වෙනවා. මේකට හේතු කීපයක්ම තියෙනවා. පල්ලෙහා තියන මාවල් ටැග් එකට ගියොත් බලාගන්න පුළුවන් phase 3 පලවෙනි movie එක සිවිල් වෝ එකේ ඉදන් හැම movie එකකටම රිවිව් දාල ඇති. එත් දැන් දැන් ලියන රිවිව් කියවන්න වැඩි කෙනෙක් උනන්දු වෙන්නේ නෑ. සමහර රිරිව් වලට comments 15 ක් වත් නැති තරම්. ඉතින් මේ මහන්සිය අපරාදයක් කියලා හිතෙනවා. ඒ වගේම මේ රිවිව් වලට දිගටම බැනල රෙප් කපන පිරිසකුත් ඉන්නවා. ඒ කව්ද කියන්න අපි හැමෝම දන්නවනේ. දෙයක් දැනගන්න තියෙනවනම් PM එකක් දාල අහන්න ඉස්සරහට රිවිව් ලියන්නේ නැති වුනත් එළකිරි එකෙන් යන්නේ නෑ. මැරෙනකම් ඉන්නවා. :D



    මේ මොන විකාරයක් ද මේ.........

    මම යනවා පොලිසි...........

    අනෙ අයියෙ ලියන එක නවත්තන්න එපා..ෆිල්ම් එකක් බලලා මොලෙ අවුල් උනාම ඔයාගෙ රිවිව් එක බලලා තමා එක ක්ලියර් කරගන්නෙ..රේප් කපන එක සාමාන්‍යය දෙයක් නෙ..

    :love:+