Spoken English වැඩි දියුණු කරගන්න සබ් එක්ක ෆිල්ම් බලන එක නම් හරියන වැඩක් කියල මන් නම් හිතන්නෑ. ෆිල්ම් එක බලනකොට අපේ අතින් ඒ දෙබස් කියවෙන්නේ නෑනේ. අපිට English ගැන යම් දැනුමක් ලැබෙනවා බට් කට ඇරලා කවුරු හරි එක්ක English වලින් කතා කරන්න ගියාම වචන හරියට උච්චාරය වෙන එකට, ස්ටක් වෙන්නැතුව කතා කරන එකට ෆිල්ම් විතරක් බලලා තේරුමක් නෑ. මන් English ඉගෙන ගන්න කරේ English පත්තර or පොත් මහ හයියෙන් කියවපු එක. එහෙම කියවනකොට දන්නැති වචනයක් සෙට් උනොත් ඩික්ශනරි එකෙන් බලලා වෙනම පොතක වචනයයි, ඒකේ තේරුමයි, pronounce වෙන විදියයි ලියා ගන්නවා. ඊට අමතරව audiobook ඇහුවා, ෆිල්ම් බැලුවා.