Spoken English Fluency

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,897
    2,836
    113
    Spoken English Fluency උබල හදාගත්තේ කොහොමද? එක එක්කෙනාගේ අදහස් කියාගෙන යමු. රට ඉද්දි දැක්ක දෙයක් තමා , ලංකාවේ උන්ට කතාකරද්දි සැහෙන හිරවෙනවා. ග්‍රැමර් දන්න එකයි English Fluency කියන එකයි දෙකක්. කියවන්න,ලියන්න පුලුවන් උනාට කතා කරද්දි become fluent in English එක වෙනම සින් එකක්. ඒ අතින් කොච්චර අපේ උන් පිලිගන්න අකමැති උනත් ඉන්දියන් බහුතරයකට ඕක පුලුවන්. ඉංග්‍රිසි කතා බලල, ඩොකියුමන්ට්‍රි බැලුවටම spoken English Fluency එක හැදෙන්නේ මම හිතන්නේ. අදහස් කියමු
     

    nostalgia

    Junior member
  • Sep 29, 2026
    40
    51
    18
    Another Universe
    මාත් කරන්නේ Tv series බලනවා . මටත් Reading and Writing අවුලක් නෑ. කතා කරද්දි ගොත ගැහෙන සීන් එක තියෙනවා . අපි Daily use කරන් නැති නිසා වෙන්නැති . අපි සිංහල වගේම කතා කරලා හිටියනම් හැදෙයි කියලා හිතෙනවා .
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,289
    3
    16,073
    113
    Spoken English Fluency උබල හදාගත්තේ කොහොමද? එක එක්කෙනාගේ අදහස් කියාගෙන යමු. රට ඉද්දි දැක්ක දෙයක් තමා , ලංකාවේ උන්ට කතාකරද්දි සැහෙන හිරවෙනවා. ග්‍රැමර් දන්න එකයි English Fluency කියන එකයි දෙකක්. කියවන්න,ලියන්න පුලුවන් උනාට කතා කරද්දි become fluent in English එක වෙනම සින් එකක්. ඒ අතින් කොච්චර අපේ උන් පිලිගන්න අකමැති උනත් ඉන්දියන් බහුතරයකට ඕක පුලුවන්. ඉංග්‍රිසි කතා බලල, ඩොකියුමන්ට්‍රි බැලුවටම spoken English Fluency එක හැදෙන්නේ මම හිතන්නේ. අදහස් කියමු
    කතා කරලම තමයි හදා ගන්න වෙන්නෙ. ලියල කියවල ඉංග්‍රීසි පුළුවන් වුණාම එන එක ලොකු අඩුවක් තමයි වචනවල උච්චාරණය වරදින එක. එක ලේසි වැඩක් තමයි ඉංග්‍රීසි Movie, TV series, YouTube video ඔය මොනවා හරි subtitles on කරගෙන එ‍්වා කියවන ගමන් බලන එක. එතකොට උච්චාරණය වචන එක්කම ඔලුවට යන නිසා වැඩේ ලේසියි.

    දැන් නම් AI ඕන තරම් තියෙන නිසා නිකන් ඉන්න වෙලාවට කතා කර කර හිටපන්කො. හරි ලේසියිනෙ. තමන් මොකක් හරි වැරදියට උච්චාරණය කරද්දි එ‍්ක මතක් කරන්න කියල දාලම තියා ගනින්. ඉංග්‍රීසි නෙවෙයි වෙන ඕනම ප්‍රසිද්ධ භාෂාවක් ඉගෙන ගන්න පට්ට ලේසියි AI වලින්. කාත් එක්ක හරි කතා කරනකොට වරදියි කියල බයක් වගේ තියෙනවා නම් එ‍්කට හොඳම විසඳුමත් AI.

    තව දෙයක් තමයි ඉංග්‍රීසි කතා කරන්ඩ ලංකාවෙ එකෙක් නැතිව අ‍ැත්තටම සිංහල බැරි කාව හරි හොයා ගනින්. සිංහල කතා කරන්ඩ පුළුවන් වුණාම ඕක ඉබේම එතනට වැටෙනවනෙ. කොච්චර කිව්වත් බලෙන් ඉංග්‍රීසි කතා කෙරිල්ලක් වෙන් නෑ. සිංහල බැරි එකෙක් වුණාම කොහොම හරි ඉංග්‍රීසි කතා කරන්ඩම වෙනවනෙ. එතකොට එ‍්ක නිකම්ම වගේ හැදෙනවා.

    අනික ඉතින් වැරදි වැරදි හරි ඉංග්‍රීසි කතා කරහන් එතකොට හරි. එ‍්කත් අර උඩ පරිච්ඡේදයට සම්බන්ධයි. ලංකාවෙ එකෙක් එක්ක කතා කරද්දි විශේෂයෙන්ම ලියල කියවල ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක්ට වෙන්නෙ උ‍ෟ කතා කරන එකේ Grammer වැරදි පේන්න ගන්නවා. අපි කතා කරද්දිත් වචනයක් වැරදුණොත් එ‍්ක හිතට යනවා. සිංහල බැරි එකෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරද්දි communication එකටනෙ මුල් තැන එන්නෙ. ඉතින් අර අවුල අයින් වෙනවා. ඕනවට වඩා හිතන එකයි, compare කරල නහින එකයි තමයි ඉංග්‍රීසි කතා කරන්න තියෙන ලොකුම හෙනේ.

    අනිත් දේ ඉතින් ඉංග්‍රීසි කතා කරා කියල සිංහල බැරි කරගන්ඩත් එපා. ඉංග්‍රීසි දන්නවා කියල පෙන්නන්ඩ සිංහල කතා කරද්දිත් චොර විදිහට වචන ඔබන්ඩ යන්ඩ එපා. හෙනම සාටර්. (So & Because 😁) සැබෑ හැකියාව ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් කතා කරල, සිංහල සිංහලෙන් කතා කරන එක.
     
    Last edited:
    • Like
    Reactions: nostalgia

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    895
    1,784
    93
    bro forget about the fluency, i can't even differentiate between these two rythms (british vs singhalese) and ? am I rhythm blind or smothig?

    Its not you. I can understand the difference very well because I live here and I speak with the British tone now (not British accent, the tone). Sri Lankan English is very monotonous so I'm sure you can't feel the difference.