ඔය මැට් වගේ පේන්නෙ ස්ප්‍රේ එකේ දැල්ල විතරයි වැදිල තියෙන්නෙ...
ස්ප්‍රේ ගන් එක එජස්ට්මන්ට් ටිකක් තියෙනව කරගන්න...
යට තියෙන ඇණෙන් හුළං ටිකක් අඩු කරගන්න. හුළං වැඩි වුනාම හරියට වදින්නෙ නෑ.
පැත්තෙන් තියෙන ඇණෙන් සප්‍රේ එක වදින ඒරියා එක හදන්න පුලුවන්...
ඒක ගොඩක් විහිදිලා තිබුණම දැල්ල ගතිය තමයි වදින්නෙ... අඟල් 10ක 12ක විතර දුර ඉඳන් ස්ප්‍රේ කරනකොට අඟල් හත අටකට දැල්ල විහිදෙන විදිහට හදාගන්න...
ස්ප්‍රේ නොසල් එකේ දෙපැත්තෙ හතරැස් කට්ට දෙකක් තියෙනව.
ඒ දෙක උඩටයි යටටයි හිටින විදිහට කරකවල තියෙනවනං, ගන් එකෙන් ස්ප්‍රේ කරන්න පුලුවන් වර්ටිකලි විතරයි...
වම දකුණ විදිහට හොරිසොන්ටල් පැට්න් එකකට ස්ප්‍රේ කරනවනං, ඒ කට්ට දෙක දෙපැත්තට හිටින විදිහට නොසල් එක කරකවල හදාගන්න...