Sri Lanka Vs Eng

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටයේ මහනුවර පල්ලකැලේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගය වූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 19 ක ජයක්‌ අත්කර ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අදාළ තරග වටයේ අපරාජිතව හිඳිමින් අර්ධ අවසන් පූර්ව තරග අවස්‌ථාවට තේරී පත්වීමට ඊයේ (01 ද) සමත්වූවේය.

පස්‌වරුවේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සහ නවසීලන්තය අතර තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ජය ගැනීම මත මෙම තරගයට පෙරම අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකිවිය. මෙවර තරග වාරයේ අර්ධ අවසන් තරග වටයට පළමුවෙන්ම සුදුසුකම් ලද කණ්‌ඩායම වූයේද සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමයි.

නවසීලන්තයට එරෙහි තරගය ජය ගැනීමට එංගලන්තය සමත්වී සිටීම මත අදාළ අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව සමග තරගයේ ජයද එංගලන්තයට අනිවාර්ය විය. එහෙත් එම තීරණාත්මක තරගයෙන් එංගලන්තය පරාජය වූ බැවින් ලබන 04 වැනිදා සහ 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමේ අවස්‌ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමට හිමිවිය.

එංගලන්ත නායක ස්‌ටුවර්ට්‌ බ්‍රොaඩ්ගේ ආආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්‌ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 169 රැස්‌ කරන ලද අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්‌ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක්‌ දැවී රැස්‌ කරගත හැකි වූයේ ලකුණු 150 ක්‌ පමණි.

කලකට පසු කැපී පෙනෙන පන්දු යෑවීමක නිරත වූ ලසිත් මාලිංග සිය පළමු පන්දුවාරයේදීම(තරගයේ යවන ලද තෙවැනි පන්දුවාරය) කඩුලු 3 ක්‌ දවා ගනිමින් එංගලන්ත පිලේ ආරම්භයම අසීරු අඩියකට ඇද දැමීමට සමත්වූවේය. එහිදී ප්‍රථමයෙන්ම ලුක්‌ රයිට්‌ගේ (12) කඩුල්ල දවා ගත් මාලිංග අනතුරුව පස්‌වැනි සහ හයවැනි පන්දුවලදී පිලිවෙළින් ජොනී බැරිස්‌ටෝ (02) සහ ඇලෙක්‌ස්‌ හේල්ස්‌ගේ (03) කඩුලු දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක ආසන්නයටම පැමිණියේය. එම පන්දුවාරය අවසානයේ මාලිංග යළිත් පන්දු යෑවීමට පැමිණියේ 14 වැනි පන්දුවාරයේ වුවත් යවන ලද පළමු පන්දුවෙන් කඩුල්ලක්‌ දවා ගැනීමට හෙතෙම අපොහොසත්වීම මත කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමේ අවස්‌ථාව මගහැරී ගියේය.

මාලිංග මෙම තරගයේදී ලකුණු 31 කට කඩුලු 5 ක්‌ දවා ගත් අතර එය පන්දුවාර විස්‌සයි-20 තරගවල ඔහුගේ හොඳම පන්දු යෑවීම වශයෙන් සටහන් විය. මීට පෙර මාලිංගගේ හොඳම පන්දු යෑවීම ලෙස නවසීලන්තයට එරෙහිව (2010 දී) ලකුණු 12 කට දවා ගන්නා ලද කඩුලු 3 සටහන් විය.

නවසීලන්තය සමග තරගයේදී තුවාල ලැබූ අකිල ධනංජය මෙම තරගයට සහභාගිවුණු අතර එහිදී එංගලන්තය පිල සතු ප්‍රභලම පිතිකරුවා වන එයන් මෝගන්ව සහ නායක ස්‌ටුවර්ට්‌ බ්‍රොaඩ්ගේ කඩුලු දවා ගනිමින් සිය පන්දු යෑවිම ලකුණු 26 කට කඩුලු 2 ක්‌ වශයෙන් අවසන් කළේය.

නිත්‍ය නායක මහේල ජයවර්ධන සහ ඔහුගේ සහායකයා වන ඇන්ජලෝ මැතිව්ස්‌ දෙදෙනාම මෙම තරගයට ක්‍රීඩා කළ නමුත් තරගය මෙහෙයවීමේ වගකීම හිටපු නායක කුමාර් සංගක්‌කාර විසින් සිදු කිරීම විශේෂත්වයක්‌ විය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී (සැප්තැම්බර් 29 දා) නියමිත වේලාවට වඩා වැඩි කාලයක්‌ පන්දුවාර 20 යෑවීම සඳහා ගත කිරීම මත නිත්‍ය නායක මහේල ජයවර්ධනට දඩයක්‌ පැනවීමට එම තරගයේ තීරකයා ලෙස කටයුතු කරන ලද ජවගල් ශ්‍රීනාත් පියවර ගත්තේය. ඒ අනුව අද තරග මෙහෙයවීමේදී එවැනිම දඩයකට මහේලට යටත්වීමට සිදු වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවේ නීති රීතිවලට අනුව ඊළඟ තරගය තහනමට ලක්‌වන අතර, එම අවධානම වළක්‌වා ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කර තිබේ. මහේලට තරගයක්‌ තහනමට ලක්‌වුවහොත් මෙම විස්‌සයි - 20 තරගාවලියේ අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අවස්‌ථාව අහිමිවේ.

එමෙන්ම පාකිස්‌තානයට එරෙහිව මේ වසරේ ජූනි මස 3 වැනිදා හම්බන්තොටදී පැවැති විස්‌සයි - 20 තරගයේ නායකයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ද මහේල මෙන්ම දඩයකට යඩත්ව තිබීම නිසා ඔහුද මෙම තරගය මෙහෙයවීමේ වගකීමෙන් ඉවත්ව සිටියේය.

පෙර තරගයේ පරිéම සාර්ථක ආරම්භයක්‌ ලබා දුන් මහේල සහ ඩිල්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී වේගවත් ලකුණු 35 ක්‌ එක්‌ කිරීමට සමත්වූ අතර එහිදී ඩිල්ෂාන් µsන්ගේ පන්දුවක්‌ හමුවේ ලකුණු 12 කට දැවී ගියේය.

ආරම්භ පිතිකරුවා ලෙස මෙම තරගයේදී යළිත් සාර්ථක වූ මහේල ජයවර්ධන පන්දු 38 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 8 ක්‌ සමගින් ලකුණු 42 ක්‌ ලබා ගත්තේය. හයේ පහරක්‌ සහ හතරේ පහර 5 කින් සමන්විත වූ මහේලගේ ඉනිම එයන් මෝගන්ගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ නිමාවට පත්වූවේය.

ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ජීවන් මෙන්ඩිස්‌ දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ගොඩනගන ලද ලකුණු 52 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිමෙන් වාර්තා වූ ඉහළම කඩුලු සම්බන්ධතාව විය. හයවැනි කඩුල්ල වෙනුවෙන් ළහිරු තිරිමාන්න සහ තිසර පෙරේරා දෙදෙනා එකතුව පන්දු 19 කදී ගොඩනගන ලද ලකුණු 36 ද ශ්‍රී ලංකා ඉනිමට ඉතාමත් වටිනා එකක්‌ වීය.
 
Last edited: