දෙයක් ඇහුවම එකට අදාලව උත්තර දියන්...කියන්න දේවල් නැත්තම් මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉදපන්...

උබට මේවා බොරු කියල ඔප්පු කරන්න තියෙන සාක්ෂි දාපන් වැල් බයිලා ගහන්නේ නැතුව අම්මල ගැනයි තාත්තල ගැනයි...උබද මමද සක්කිලි කියල උබේ කමෙන්ට් එක කියවන උන්ට පේනවනේ..

උබ නැහැ කියනවනම් එකට අදාලව නැහැ කියල සාක්ෂි දාපන්..නිකන් මීහරක කියල මෙතන තප්පුලන්නේපා..

තේරෙනවා නිකන් කටට එන දේ කියන පොරක් කියල..කට මිස වැඩ නැත...කෝ ඉතින් සාක්ෂි?
shakshi mamada yako danna ona thread eka dapu ekane shakshi danna ona
prashne shakshi vala neme athi sokthiyen kiyana dewal pili ganna umbala vage harak vadi eka umbalane pili ganne barack obama security eke inneth lankawe un kiyala umbala gana dukayi ban okkotama vadiya me rata gana
umbala wage harakta thamayi me news thiyenne idaa kiyawapan 

"බින් ලාඩන් මරන මෙහෙයුමේ මහා මොළකරු ශ්‍රී ලාංකිකයෙක්!!.." මවුබිම ඉරිදා සංග්‍රහයේ මුල් පුවත බොරුවක්...
මවුබිම පුවත්පතේ මේ මුල් පුවත පාඨකයා නොමග යවන්නට සත්‍යය විකෘති කරමින් පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමට යොදන ලද බොළඳ උපායක් පමණක්ම බව වගකීමෙන් ප්‍රකාශකර සිටිමු!
මව්බිම පුවතේ උපුටා ගැනීමක් පහත දැක්වේ...මෙහි ඇති අසත්‍ය කරුණු රතු පැහැයෙන් දක්වා ඇති අතර නිවැරදි තොරතුරු පහතින් දක්වා ඇත.
ලෝකයේ මෙතෙක් බිහි වූ භයානකම ත්රස්තවාදියා ලෙස සැලකෙන [1] ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන්ය. යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන [2] මහාචාර්යවරයා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් 'වෙනස්කමේ විශිෂ්ටයා' ලෙස නම්කර තිබේ.
මේ කරුණු හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන්හි පිහිටි ධවල මන්දිරයේදී ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ශිවලිංගම් සිවනාදන් මහතා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා [3] වූ ඔසාමා බිල් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. ඊට යොදාගත් නයිට් විෂන් තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර ඇත්තේද මහාචාර්යවරයා විසිනි.
[1] සත්‍ය කරුණු :
ඔසාමා පාකිස්ථානයේ සිටිනා බව සොයාගත්තේ සී.අයි.ඒ සංවිධානයයි. ඔසාමාගේ විශ්වාසවන්තම පණිවුඩ කරුවෙකු ගත් දුරකථන ඇමතුමකට රහසේ සවන්දී ඒ ඔස්සේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙනි. ඔසාමා සිටිනා ස්ථානය සැක හැර දැනගත් සී.අයි.ඒ සංවිධානය අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුම් මූලස්ථානයේ (Joint Special Operations Command-JSOC) අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් විලියම් මැක්රවෙන් හට මේ පිලිබඳව නිළ වශයෙන් දැනුම් දුනි.
ඔසාමා මරාදැමූ Operation Neptune's Spear නම් කොමාන්ඩෝ මෙහෙයුම සැළසුම් කොට ක්‍රියාත්මක කරවූ "මහ මොළකරු" මව්බිම පත්තරේ කියන පරිදි ඉලිනොයි විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිවලින්ගම් සිවනාතන් නම් දැන් අමෙරිකානු පුරවැසිකම ගෙන ඇති ශ්‍රී ලාංකිකයා නොව, අමෙරිකානු විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් විලියම් මැක්රවෙන්ය.
[2] සත්‍ය කරුණු :
මහාචාර්ය සිවලින්ගම් සිවනාතන් 'වෙනස්කමේ විශිෂ්ටයා' (Champions of Change) ලෙස නම්වූ සම්මානයකින් පුදලද බව සැබෑය. ඒ ඔසාමා මෙහෙයුමේ මහ මොළකරු වීම නිසා හෝ එම මෙහෙයුමට අවශ්‍ය තාක්ශණික උපකරණ නිපදවූ නිසා නොවන බව වගකීමකින් කියන්නෙමු.
චැම්පියන්ස් ඔෆ් චේන්ජ් සම්මානය ලැබූ සියගණනක් පුද්ගලයින්ගේ තොරතුරු අමෙරිකානු ධවල මන්දිර වෙබ් අඩවියේ සඳහන්ය. මෙම සම්මානය ලබාදෙන්නේ අමෙරිඅකාව වෙත සංක්රමණයවී අමෙරිකාවේ දියුණුවට උරදුන් සංක්රමිණිකයින්ගේ දායකත්වය ඇගයිම සඳහාය. ආචාර්ය සිවනාතන් එවැනි ඇගයිමට ලක්වුනු සංක්‍රමණිකයෙකි. ඔහුට එම සම්මානය ලැබුණේ "Mercury cadmium telluride" නම් තාප සංවේදක සංයෝගයක් පිලිබඳව සිදුකල පර්යේෂණ මාලාවක් නිසාය. මෙම සංයෝගය යුධ හමුදා භාවිතා කරන නයිට් විශන් උපකරණ සෑදීමට මෙන්ම තාප සංවේදක මිසයිලවල සංවේදක උපකරණය නිර්මාණය සඳහා යොදාගනී. එමෙන්ම ඩ්‍රෝන යානාවල ඇති අතිසංවේදී නයිට් විශන් කැමරාවලද මෙම සංයෝගය භාවිතාවේ.
සිවනාතන් ගේ පර්යේශණ නිසා අමෙරිකානු හමුදාවලට ඉතා හොඳ නයිට්විශන් උපකරන හා ඩ්‍රෝන යානා කැමරාවලට ඉතා හොඳ නයිට් විශන් හැකියාව ලැබීමට උපහාරයක් ලෙස ඔහුට මේ සම්මානය ලැබී ඇත.
[3] සත්‍ය කරුණු :
මහාචාර්ය සිවනාතන් ඔසාමා මෙහෙයුමේ තාක්ශණ හා උපකරණ නිර්මාණය කලා නොව එම උපකරණ නිර්මාණයෙහිලා උපයෝගීවන තාක්ශණය නිර්මාණය කිරීමට පාදකවන මූලික සිද්ධාන්තමය පර්යේශණ සිදුකල විද්‍යාඥයෙකි.
මහාචාර්ය සිවනාතන් විශිෂ්ඨයෙකු බව සැබෑය, එහෙත් ඔහු ඔසාමා මෙහෙයුමේ මොළකාරයා යයි කියනවා නම් රේඩියෝ සම්ප්‍රේශණය පිලිබඳව මුල්ම සාර්ථක පර්යේශණ සිදුකල මාර්කෝනි ලොව සියලු යුධ මෙහෙයුම්වල මොළකරුවා විය යුතුය. ඒ රේඩියෝ පණිවුඩ හුවමාරු තාක්ශණය නොමැති නම් ලොව කිසිදු යුධ මෙහෙයුමක් සිදුකල නොහැකි නිසාය.
මේ තර්කය තවත් ඉදිරියට ගෙනයනවානම්, ශ්‍රී ලංකා හමුදාවන්ද ප්රභාකරන් ත්රස්තවාදියා විනාශකිරීමේ මෙහෙයුම්වලට නයිට් විශන් උපකරණ භාවිතා කලේය. එනම් ප්රභාකරන් මරාදැමීමේ මෙහෙයුමේ මහ මොළකරුවාත් ඇමරිකාවේ පදිංචි මහාචාර්ය සිවලින්ගම් සිවනාතන්ද?