Sri Lankan Team Eka Gana හතුරුසිංහ kiyana de

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,011
    113
    Sri Lankan Team Eka Gana හතුරුසිංහ kiyana de

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස ගැන හතුරුසිංහ කතාකරයි

    INNN(4).jpg

    ශ්‍රී ලංකා කණ්‌ඩායම තුළ මෙතරම් විශාල වෙනසක්‌ කළ යුතු වූයේ නම් එය කළ යුතුව තිබුණේ මීට වසර තුනකට හෝ හතරකට පමණ පෙර බව පවසන බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලෝක කුසලාන තරගාවලියක්‌ වැනි සුවිශේෂී වූ තරගාවලියක්‌ අභියස කණ්‌ඩායම තුළ මේ ආකාරයේ විශාල වෙනසක්‌ සිදුකිරීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගැනීමට ඇත්තේ අවම ඉඩකඩක්‌ බව අවධාරණය කර සිටියි. මෙහි “ලොතරැයියක්‌ ඇදෙන ආකාරයේ වේගයකින් නවක ක්‍රීඩකයන්ගෙන් දක්‌ෂතා බලාපොරොත්තු විය නොහැකි බවද ඒ මහතා සඳහන් කරයි.

    ”ඇත්තටම දැන් සිදු කරලා තියෙන විශාල වෙනස අපිට කරන්න තිබුණේ වසර තුනකට හෝ හතරකට කළින්. මම එහෙම කියන්නේ කණ්‌ඩායමට එකතු කරලා තියෙන නවක ක්‍රීඩකයන්ගේ හරි ප්‍රතිපල ලබාගන්න කාලයක්‌ යන නිසා. ලොතරැයියක්‌ ඇදෙනවා වගේ නවකයන්ගෙන් එක පාරටම දක්‌ෂතා බලාපොරොත්තු තබා ගන්න බැහැ ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී. ඒක නිසා මම හිතන්නේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න කාලයක්‌ යයි කියලා”යි හතුරුසිංහ මහතා පවසයි.

    ‘දිවයින’ සමග විශේෂ සාකච්ඡාවකට එකතුවෙමින් ඉහත අදහස්‌ පළ කර සිටි හතුරුසිංහ මහතා ”වැරැද්ද වුණේ දැන් නොවෙයි. මීට වසර තුන හතරකට කලින්. අපේ සැලසුම්වල” යි පැවැසීය.

    ”ඇත්තම කියනවා නම් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. කියන එක එහෙමත් නැත්නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගන්නවා කියන එක අපි කල් තියාම දැනගෙන හිටිය දෙයක්‌. ඒත් අපි ඒකට කල්තියාම හරි සැලසුමක්‌ තිබුණාද කියන එකයි මම දකින්නේ” යි හතුරුසිංහ මහතා පවසයි.

    චන්දික හතුරුසිංහ මහතා ඉකුත් 2014 වසරේ සිට බංග්ලාදේශ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව මේ දක්‌වා වූ කාලසීමාවේදී කැපි පෙනෙන දක්‌ෂතා දක්‌වමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්‌ඩායම සමත් විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මෙන්ම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්‌තාන යන ප්‍රබල රටවල් පරදවා අවසන් මහ තරග වරම දිනා ගැනීමට බංග්ලාදේශ පිල සමත්ව සිටියි.

    මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර විශ්‍රාම යැමත් සමග ශ්‍රී ලංකා පිලේ කඩා වැටීමක්‌ සිදුවී තිබිම ඉකුත් තරග සහභාගිත්වය කෙරෙහි බැලීමේදි පැහැදිලිවම දැක ගත හැකිය. කෙසේ වෙතත් එම තත්ත්වයෙන් ගොඩ ඒමට කුමක්‌ කළ යුතුද යන්න හතුරුසිංහ මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් ”දැන් සිදුකරගෙන යන්නේ කොයි වගේ වැඩපිළිවෙළක්‌ද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ මෙතන ඉඳලා උඩට යන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. කොහොම වුණත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට තව කාලයක්‌ ඉවසන්න වේවි”යි සඳහන් කර සිටියේය.

    මේ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා ආරාධනා කර සිටියහොත් එය පිළිගන්නේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමේදී වැඩ කිරීම සඳහා වාතාවරණයක්‌ නොමැති නම් කිසි විටෙකවත් එම ආරාධනය පිළිනොගන්නා බව සඳහන් කර සිටියේය. චන්දික හතුරුසිංහ මහතා සමග කරන ලද දීර්ඝ සාකච්ඡාවක්‌ මෙම සති අන්තයේ ඉරිදා දිවයින සංග්‍රහයේ පළවනු ඇත.

    චමිල කරවිට බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ සිට

    උපුටා ගැනීම – දිවයින පත්තරෙන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ ඔය මනුස්සයට දැන් කරන වැඩේ හරියට කරගන්න ලැබේව කියල. අපේ උන්දැල ඔය මනුස්සය මෙහෙ ගෙනල්ල රස්සාවත් එපා කරවල තමයි නතර වෙන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,011
    113
    හපොයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ ඔය මනුස්සයට දැන් කරන වැඩේ හරියට කරගන්න ලැබේව කියල. අපේ උන්දැල ඔය මනුස්සය මෙහෙ ගෙනල්ල රස්සාවත් එපා කරවල තමයි නතර වෙන්නෙ.

    :lol::yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    aneeeeeeee ban mona magulakda oiiiiiiiiiiiiiiiiiiii..oya mahela ,sanga hitiya kaaleth onataram match paradune,indiawata guu yanna kawe...:shocked::no::no: dan wath oya wahal maanasikathwen midennakooooooo....me team eka hodai..match 5ine paradune...hariyata mahela sanga inna kale gahapu hama ekama dinnawagena ban hamogema kathawa..:growl::growl::(:(
     
    :(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    aneeeeeeee ban mona magulakda oiiiiiiiiiiiiiiiiiiii..oya mahela ,sanga hitiya kaaleth onataram match paradune,indiawata guu yanna kawe...:shocked::no::no: dan wath oya wahal maanasikathwen midennakooooooo....me team eka hodai..match 5ine paradune...hariyata mahela sanga inna kale gahapu hama ekama dinnawagena ban hamogema kathawa..:growl::growl::(:(

    sunsilkdreamsoftsmoothshampoo.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aneeeeeeee ban mona magulakda oiiiiiiiiiiiiiiiiiiii..oya mahela ,sanga hitiya kaaleth onataram match paradune,indiawata guu yanna kawe...:shocked::no::no: dan wath oya wahal maanasikathwen midennakooooooo....me team eka hodai..match 5ine paradune...hariyata mahela sanga inna kale gahapu hama ekama dinnawagena ban hamogema kathawa..:growl::growl::(:(

    සංග මහේල දිල්ශාන් මාලිංග ඔක්කොම ඉඳලත් ෆයිනල් කීයක් පරදුනාද :sorry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ලංකාවට කොහොමත් හරි යන්නේ විදේශ coach ලා තමයි. අපේ අය ලංකාවේ coach ලගේ කරේ යනවා. කළ යුතු වන්නේ head coach හැටියට ෆෝඩ් තියාගෙන දෙවනියා හැටියට හතුරුසිංහ ගන්න එකයි.
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Mu mona pakayekda? Onna balapan ape kollo WC eke di weda dana vidiya. Bangaliyonta epath neth wenawa me para WC ekedi.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,011
    113
    සංග මහේල දිල්ශාන් මාලිංග ඔක්කොම ඉඳලත් ෆයිනල් කීයක් පරදුනාද :sorry:

    :yes:මචන් උබට මතකද මහේල කැප්ටන් වෙලා ඉන්න කාලේ තමා බංගලියෝන්ට මුලින්ම අපි පැරදුණේ.මහේල එදා ඇඩුවා දුක වැඩි කමට.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    සංග මහේල දිල්ශාන් මාලිංග ඔක්කොම ඉඳලත් ෆයිනල් කීයක් පරදුනාද :sorry:

    :yes:මචන් උබට මතකද මහේල කැප්ටන් වෙලා ඉන්න කාලේ තමා බංගලියෝන්ට මුලින්ම අපි පැරදුණේ.මහේල එදා ඇඩුවා දුක වැඩි කමට.

    man kiyanne boruda ban.....team eken pension giya ewunwa thawa form kerenna epaa ban....attema kiyanawanam maththews,thisara,siriwardena,chandimal,chameera,kapugedera,shehan la sira poraal..thawa chance denna ona........chance nodi mahela,sangala gana kiyawa kiyawa inna eka wadak na ban..un thawa uda yayi ethakota....:growl::growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,011
    113
    man kiyanne boruda ban.....team eken pension giya ewunwa thawa form kerenna epaa ban....attema kiyanawanam maththews,thisara,siriwardena,chandimal,chameera,kapugedera,shehan la sira poraal..thawa chance denna ona........chance nodi mahela,sangala gana kiyawa kiyawa inna eka wadak na ban..un thawa uda yayi ethakota....:growl::growl:

    :yes:උබ කියන එක ඇත්ත..හතුරුසිංහ දැන් අපේ රටට අයිති එකෙක් නෙමේ..මිනිහා අපේ උන්ව මානසිකව වට්ටලා බංගලියොන්ව උඩ තියන්න හදන්නේ.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :yes:උබ කියන එක ඇත්ත..හතුරුසිංහ දැන් අපේ රටට අයිති එකෙක් නෙමේ..මිනිහා අපේ උන්ව මානසිකව වට්ටලා බංගලියොන්ව උඩ තියන්න හදන්නේ.

    :sorry::sorry::)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    දැන්, ලංකාවේ ක්‍රිකට් දුර්වල වෙන්න එක හේතුවක් තමයි පාසැල් ක්‍රිකට් දුර්වල වීම. අර්ජුන, අරවින්ද, හෂාන්, මහානාම, ගුරුසිංහ, සංගා, මහේල, මාවන්, මුත්තයියා ආදී කිවූ නොකී බොහෝ ක්‍රීඩකයින් පැමිණියේ පාසල් ක්‍රිකට් වලදී හොද දස්කම් පෙන්වා අයින්වූ විගසයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හතුරු කියල තියෙනදේ තේරුම් ගන්න බැරි තොපි වගේ එවුන් දන්න ක්‍රිකට් කියල තමයි මටනම් හිතෙන්නෙ. ආයෙම හොඳට කියවල බලල තේරුම් ගනිල්ල බන්. අපොයි තොපිනම්..................:rofl::P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම අද පත්තරේ දැක්කා අපේ එවුන් වල්ඩ් කප් එකට යන්න කලින් සුබ පැතීමේ උළෙලකට ලක්ෂ 400 ක්‍රිකට් බෝර්ඩ් එකෙන් වෙන් කරලා තියනවා කියලා .. මේවා නිකන් ජෝක් වැඩ බං .. මේ සල්ලි වලින් ඔය ඈත් පිටිසර ඉස්කෝල වල ළමයිට හරියට පහසුක්ම් තියන තැනක් කොච් කෙනෙක් බෝලයක් බැට් එකක් අරන් දෙන්න බැරිද ඔන්න දිනලා ආවාම ඔහොම වියදම් කරාට අවුලක් නෑ අනේ මන්ද බන් මේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න අපතයෝ ටික පන්නලා දාන්න බෑ නේ :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අද පත්තරේ දැක්කා අපේ එවුන් වල්ඩ් කප් එකට යන්න කලින් සුබ පැතීමේ උළෙලකට ලක්ෂ 400 ක්‍රිකට් බෝර්ඩ් එකෙන් වෙන් කරලා තියනවා කියලා .. මේවා නිකන් ජෝක් වැඩ බං .. මේ සල්ලි වලින් ඔය ඈත් පිටිසර ඉස්කෝල වල ළමයිට හරියට පහසුක්ම් තියන තැනක් කොච් කෙනෙක් බෝලයක් බැට් එකක් අරන් දෙන්න බැරිද ඔන්න දිනලා ආවාම ඔහොම වියදම් කරාට අවුලක් නෑ අනේ මන්ද බන් මේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න අපතයෝ ටික පන්නලා දාන්න බෑ නේ :dull::dull:
    උන්ට සල්ලි වැඩි බන් එකයි නිකන් හම්බෙන එකේ අගයක් නෑ :(