ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය වගේ රටවල් සුපිරි මෝටර් රථ නිෂ්පාදනය කරනවා. ඒ රටවල් සංවර්ධිත රටවල්. හැබැයි ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න හදනවා කිව්වොත් ඔයාලට ඒක විශ්වාස කරන්න පුළුවන්ද ?
ඔව්.. ශ්‍රී ලංකාව වගේ රටකත් සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය වෙනවා.
“වේගා” ඒ සුපිරි මෝටර් රථයයි. මේක රේසිං කාර් වර්ගයට අයත් එකක්. මේ මෝටර් රථය ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන්න සුදානම් වෙන්නේ කෝඩ්ජන් (CodeGen) සමාගමයි.
සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරලා අපේ රටේ නම බබළවන්න හදන මේ සමාගමේ ප්‍රධානියා හර්ෂ සුභසිංහ මහතා. මේ ව්‍යාපෘතියේ කළමණාකරු ලෙස කටයුතු කරන්නේ ආචාර්ය බේශාන් කුලපන මහතා.
තාක්ෂණයෙන් නිර්මාණය වන සුපිරි නිර්මාණ හොයාගෙන යන Gossip Tech අපි මේ සුපිරි “වේගා” කාර් එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලන්න ඒක හදන තැනටම ගියා. ඉතිං මේ ගැන අපි හැම විස්තරයක්ම ආචාර්ය බේශාන් කුලපන මහතා කිව්වා.
gossipking

video eka balapan
srilaankeeya apay dream car eka bola hadissi nedda? 





