අවුරුදු 12 කට කලින් මගේ මිනිය හම්බ වෙන්න තිබ්බ තැන මෙතන!!
මම රටටත් අලුත් නිසා අසරණ කමට Suicide කරගන්න තත්වෙටම ආවා, අවශ්‍ය දේවල් අතේ තියෙද්දි මගේ පවුලෙ අයව මතක් වෙලා මම ඒක නැවැත්තුවා.. තප්පර ගානක් එහා මෙහා වුනානන් අද මෙහම කතාවක් නෑ..
මම හිතුවා කොහොම හරි මගේ අසරණ කම නැති කරගන්නව කියල . මම UK සිවිල් නීතිය සහ තව ගොඩක් දේවල් ඉගෙනගත්තා. අයිතිකාරයො එක්ක රංඩු කරන්න ගත්තා උන්ගේ නිතිවිරෝදී වැඩ හෙළි කරනව කිව්වා.. සාක්ෂි එකතු කරගත්තා. මගෙන් නිති විරෝදී ලෙස වැඩ ගත්තා කියල Complain කරනව කියල අයිතිකාරයන්ට තර්ජණය කරල මගේ පඩි සල්ලිත් අරන් යන තරමට ශක්තිමත් වුනා..
මාව හිරකාරයෙක් වගේ තියාගන්න හදපු මෙතන තිබ්බ මිල අධික Washing machines ඔක්කොම විනාස කරා යද්දි
" මම අයින් වුනාට පස්සෙ අයිතිකාරයන්ව නීතියට අහු වෙලා දඩ ගෙවල, උන් උන් රංඩු වෙලා නඩු කියාගෙන.. Business එක විකුනන්න වෙලා, අයිතිකාරයන්ගෙ ගෙවල් පවා නැති වෙලා.. පාඩු පියවන්න ගිහින්.
මේ අත්දැකීමෙන් පස්සෙ කිසිම මනුස්සයෙක් විශ්වාස කරේ නෑ.. කාටවත් මාව අන්දන්න බෑ.. හැමෝටම නිහතමානීව කතා කරාට, ගරු කරාට කාටවත් බයත් නෑ.. හැමෝම කවුද කියල දැනගෙන ආශ්‍රය කරන්නෙ. ජීවිතේ අතහරින්නෙත් නෑ.. කාටවත් ඔන විදියට ජීවත් වෙන්නෙත් නෑ..
මාව පල්ලෙහාට දාපු උන්ට වඩා සෑහෙන්න උඩට ආරක්ශාකාරීව නැග්ග
මම අද මෙතනට ගියේ මට එදා තිබ්බ මූසල හැඟීම ආයෙත් එයිද බලන්න. " නෑ .. මට අද සතුටුයි අවුරුදු 12කට පස්සෙ මෙතනට එන්න මම ජීවත් වුන එක ගැන.
එදා මම ලංකාවෙ IT කරල UK වලට ඇවිත් ඉගෙනගන්න ගමන් අනුන්ගෙ ඇදුම් හෝදපු එකෙක්. අද UK Degree 2ක් තියෙන 3 වෙනි එකත් කරන ගමන් ඉන්න UK Professional Qualifications ගොඩක් තියෙන Skilled Specialist Engineer කෙනෙක්.
මේ හැමදේමත් කරගත්තෙ ප්‍රශ්න ගොඩාක් මැද, දියුණු වෙන්න අමාරු රටක ඉදන්. මීටත් වඩා දරුණු ප්‍රශ්න මැද. අලුත් ප්‍රශ්නත් එක දිගට එනව,නවතින්නෙ නෑ.. මට මේ දේවල් කියන්න ලැජ්ජාවක් නෑ.. බොරු මාන්නය, සෝභනය නෑ. ලැජ්ජ වෙන දේවල් මම කරල නෑ.. තමුන් විදපු දුක ගැන කාටවත් කියන්න ලැජ්ජ නම් තමුන් ලෝකෙන් Reject වෙයි කියල හිතන භය, දුර්වල චරිතයක්.
මම මේක දැම්මෙ ලොකු කමකටවත් අනුකම්පාව ගන්නවත් නෙමෙයි. මට ඒ කිසිදෙයක් වැඩක් නෑ. මට ඕන වුනේ ප්‍රශ්න වලින් ඉන්න හැමෝටම කියන්න!!
**** " අද ඔයා විඳවන ප්‍රශ්න තාවකාලිකයි. සමහර ප්‍රශ්න විසදෙන්න අවුරුදු ගනන් යනව, සමහර ඒව විසදෙන්නෙ නෑ, ඒවා ඔක්කොම ඔයාව ශක්තිමත් කරනව. අදට වෙනකන් ඔයා ලොකු ලොකු ප්‍රශ්න පහුකරන් ආවා වගේම මේකත් පහු කරනවා.. අනිවාර්යයෙන් ඔයා ප්‍රශ්න එක්ක සටන් කරොත් ශක්තිමත් වෙලා දවසක දිනනවා !! ඔයා ගැනම සතුටු වෙයි එදාට
(මරණාසන්න රෝගීන් ඉන්නවා, ඔයාටත් වඩා ප්‍රශ්න තියෙන ජීවිතයක් හරි ක්මක් නෑ ඒගොල්ලොන්ට දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන...
තව දෙයක්,
අනේ ඇයි මට විතරක් මෙහෙම ප්‍රශ්න කියල හිතන්නෙපා! ලෝකෙ බලවත්ම මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනව ඔයා නොදන්න...
කාටවත් ඊරිසියා කරන්න එපා, හානිය ඔයාගෙ මනසට විතරයි වෙන්නෙ!.
මිනිස්සුන්ට ලොකු කම් පෙන්නන්න එපා! දවසක පොඩි මිනිස්සු අතින් සමච්චල් වෙයි.
කාවවත් පහතට අදින්න එපා ඔයාව පහතට වැටෙයි.
නරක කරල හොද බලාපොරොත්තු වෙන්න එපා !
"හොද" වපුරන්න, අස්වැන්නත් "හොද"ම වෙයි.. "
ජය වේවා !
- සදරුවන් තිලකරත්න.
තව වැදගත් වෙන රසවත් ඇත්ත සිද්ධි දැනගන්න ඕනෙ නම් මාව Follow කරන්න හෝ Sri Londoners එකට යන්න.. කාටහරි වැදගත් වෙන දේවල් Share කරනව අද ඉදල.