මචන් දවසක් මම ගෙදර ඉන්නකොට මම දන්න අයියා කෙනෙක් කෝල් කරලා මල්ලි අපි සිරීපාදේ යනව
එනවද කියලා ඇහුවා.

සල්ලි ගන්නේත් නෑ ඔක්කොම නිකන්ම වාගේ ලැබෙන නිසා මම එක පයින්ම වැඩේට කැමති උනා..

ගමන යනවා කිව්වේ දවස් තුනකින්..
ඔය මම දෙවැනි පාරට සිරීපාදේ යන එක.

රෝසා බස් එකකට බඩු ටික පටවගෙන කට්ටිය ලක්ශපාන පැත්තෙන් ගියේ.
එදා හරිම ලස්සනට ඉර පායලා තිබ්බ ලස්සන දවසක්!

මට ඒ මතකයන් අද මෙන් මතකයි..

සිරිපා අඩවියට ලගා වෙනකොට පොලීසීයෙන් වාහන චෙක් කරලා අරක්කු බෝතල් හොයන්න ගත්තා.

අපි කිසිම වැරදි ක්‍රියාවකින් තොරව ගමන් කරන්න පටන් අරන් හිටපු නිසා අවුලක් උනේ නෑ..
අපේ නඩේ ගුරා විදිහට හිටියේ වයසක මනුස්සයෙක්, එයා තමා ඔක්කොම ගමනේ අධීක්ශන කටයුතු කරේ,
අපි දැන් හවස 2 ට විතර එහාට ගියේ..පස්සේ වාහනේ නතර කරලා ගිමන් නිවාගන්න තීරනය කරා..
පස්සේ පොඩි නින්දක් දැම්මා කට්ටියම එකතු වෙලා හවස නගිමු කියලා.
මහන්සි නිසා නින්ද ගියා ඉක්මනට බස් එක ඇතුලේ..
පස්සේ හවස 5 ට විතර ලොකු අකුනු සද්දයක් එක්ක තිගැස්සිලා ඇහැරුනා..

බලනකොට අහස ඔක්කොම කලු කරන් වහින්න යන සලකුනක් පෙන්නුම් කරා..
මම මගේ ජීවීතේ කවදාවත්ම ඒ විදිහට වැහි වලාකුලක් දැකලා නෑ ඒ තරමට කලුයි විශාලයි ඒ පැත්තම වගේ වෙලාගේ තිබ්බේ.

අතරින් පතර අකුනුත් ගහනවා..සිතට පොඩි බයකුත් දැනෙනවා..ගෙදර කවුරුවත් මා එක්ක නැති නිසා..
කෙමෙන් කෙමෙන් අනෙක් අයගේ කතා බහෙන් බිය පහව ගියා.
ඔන්න දැන් හවස 6 වෙලාව අපි නගින්න පටන් ගත්තා..
අපි ටික දුරක් යනකොට වහින්න ගත්තා මාර හයියෙන් ...

මගේ ලග ජැකට්/ජර්සි එකක් තිබ්බට මම අම්මට ලොකු සීන් පෙන්නලා අරන් ගියේ නෑ..

මොකද බලාපොරොත්තු නොවූ විදිහට කාලගුනය වෙනස් උනා..
මම කර වටේට තුවායක් දාගෙන හිටියේ පිස්සා වගේ කලබලවෙලා ජර්සි නැතුව..

කඩේ තිබ්බත් මට ගන්න උවමනාවක් ආවේ නැ..

අපි පටන් ගත්ත තැන් ඉදන් දිගටම දන්සැල්, ඒ කියන්නේ ලොකු ලොකු කම්පැනි වලින් ආපු අනුග්‍රහාක බවතුන් ..

එයාලා කරන්නේ , එදා සෙනග වැඩි දවසක් නිසා එක එක පහසුකම් සලසන එක..
මුලින්ම හම්බ උනා ලයිෆ්බෝයී එක.. එයාලා දුන්නා පොඩි සබන් කැටයක්

ඊට පස්සේ ටික දුරක් ගියාම සිග්නල් එක හම්බ උනා - එයාලා පොඩි ටූත්පේස්ට් පැකට් එකක් දුන්නා.

ඔහොම ඔහොම කදු නැගන් ඉස්සරහට යනකොට අයොඩෙක්ස් එකෙන් ඉන්නවා හෙන තඩි බැරල් අරන්..
එයාලා ලගට ගියාම අයොඩෙක්ස් හෙඩ් ෆාස්ට් පොඩි කුප්පියක් දෙනවා අතට - ඊට පස්සේ නලලේ උගුරේ වෙනම ආලේප කරලා අතුල්ලනවා..

ඒකත් කරන් කූල් එකේ තුවායත් බෙල්ලේ දවටන් පිස්සා වගේ යන්න පටන් ගත්තා..

ඔන්න දැන් ටික ටික ලං වෙනවා වගේ දැනුනා..ලයීට්ස් දාලා තිබ්බ නිසාත් ලං උනා වගේ තිබ්බ නිසාත් කෙනෙක් ගෙන් ඇහුවා නිකමට දුරද කියලා..
තව ගොඩක් දුර යන්න තියෙනවා කිව්වා..

ඔහොම ඔහොම ගියා ගොඩක් දුරට..
ඔහොම ඔහොම යනකොට එක තැනක තියෙනවා නෙස්ටෝමෝල්ට් ලොරියක් ගහලා..
එයාලත් උනු උනුවෙන්ම නොමිලේ නෙස්ටෝමෝල්ට් දෙනවා..

ඒ වෙලාවේ හැටියට ඒක සුපිරි..
ඔන්න ඔය විදිහට නගින්න පටන් ගත්තා ඉස්සරහටත්
ටික දුරක් යනකොට තියෙනවා සිද්දාලේප බිල්ඩින් එකක්..
ඒකේ ලක්පේයාව නොමිලේ බොන්න දෙනවා.

තව නලලේ උගුරේ සිද්දාලේප ගාලත් දෙනවා..

ඒ ටිකත් කර ගත්තා..
කරන් දිගටම නැග්ගා..
ඒ දවස් වල උඩ කඩේක නිකන් තේ එකක් රු.100 යි.

කොකාකෝලා ලීටරේ ප්ලාස්ටික් බෝතල් එකක් රු.900 යි.

වතුර කෝප්පයක් රු. 50 යි.

ඔය වගේ ගනන්.
ඒ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ ඒ බඩු උඩට ගෙනියන්න..

ඒ නිසා තමා ගාන වැඩී..
ඔහොම ඔහොම යනකොට සීත ගගුල කියලා තැනක නතර උනා මතකයි..

අන්න ඒ වතුරින් මූන දොවා ගන්න කියලා තමා කට්ටිය කීවේ..

ඔන්න ඔය වෙලාවේ එක් කෙනෙක් එතන වතුර වල වගේ තියෙන එකට ඇදගෙන වැටුනා.

කෙල්ලෙක් වැටුනේ.. අවුරුදු 25 ක් විතර කෙනෙක්..

කට්ටිය හිටුවේ ලිස්සලා වැටුනේ කියලා එහෙම..
පට ගාලා කට්ටිය ඇදලා ගත්තා..වතුරත් මාර විදිහට සීතලයි..
ටික වෙලාවකින් විනාඩියක් විතර ගියාට පස්සේ අර කෙල්ල මායම් වෙලා වගේ කැරකෙන්න ගත්තා.

සේරම අය බලාගෙන හිටියේ..මමත් කුතුහලෙන් හිටියේ වෙන්නේ මොකක්ද බලන්..
පස්සේ මොන මොනවද කියන්න ගත්තා එක දිගට..

අපිත් එක්ක ගිය වයසක සීයා කෙනෙක් කෙල්ලගේ ඔලුවට අත තියලා මොනවද කීවා..

කෙල්ල සයිලන්ට් උනා එහෙම්මම..

හිතා ගන්නවත් බැරි උනා මොකද උනේ කියලා..
අර සීයා අර කෙල්ලගේ පැත්තේ කට්ටියට මොන මොනවදෝ කීවා පැත්තකට අරන් ගිහින්.
මම ඇහුවාම කීවේ ක්ලාන්තයක් විතරයි කියලා- ඒක බොරුවක්
පස්සේ සීයා වෙන කෙනෙක් එක්ක කතා කරනවා මම අහගෙන හිටියා..

එයා මොකක් හරි එකකට බය වෙලා තියෙනවා කියලා කීවේ.

මොකක්ද ඒ කියලා එයා දන්නවා නමුත් කීවේ නෑ අනිත් කෙනා එක්ක.
ඔන්න දැන් අපි උඩට නගින්න ආසන්නයි..
පඩිපෙල තනි කෙලින් උඩට තිබ්බේ එතකොට..
බාගයක් ගිහින් පස්ස බැලුවාම බය හිතෙනවා මාර විදිහට..

ඔන්න ඔය වෙලාවේ ලොකු තෙරපීමක් එනවා එතන.
ගොඩක් අය ඉන්නේ ඇගේ ගෑවීලා..
කොල්ලේ ඉන්නවා කෑලී ටෝක් කරන බොරුවට ඒකේ අස්සේ රින්ගලා..
අපි උඩටම ආවා , සිරිපාදය බලන්න දුන්නේ නෑ ලොකුවට ..වැදගෙන අයින් වෙන්න කියලා කීවේ..

වැදන් එහෙම්මම එලියට ආවා..මාර සීතලයි ගල් ගැහෙන්න වගේ..

ලංකාවේ අය ඔක්කොම ඔලුවේ ඉදන් පොරවගෙන ඉන්නේ..
ඒ අතරේ හිටියා කපල් එකක්..පිටරට යුවලක්..

එයාලා නිකන් කොට කලිසමයි ටී ශර්ට් එකයි විතරයි..

කට්ටිය බලන් ඉන්නේ ඒක දිහා අමුතු විදිහට..
මොකද ඒ සීතල එක්ක ඉන්න අමාරු නිසා..
අපි තිරනය කරා උඩ නතර වෙලා ඉර සේවය බලන්නත්..

ඒක කරන්න හම්බ උනේ නෑ සෙනග වැඩී කියලා බහින්න කිව්වා..

ඔය බහින අතරේ සෙනග ගොඩේ ලොකු සීන් එකක් වෙලා..
රත්නපුරේ පැත්තෙන් ආපු සෙට් එකක් ලක්සපාන පැත්ත පාරෙන් බැහැලා

ලක්ස්පාන ආපු සෙට් එකක් රත්නපුරෙන් බැහැලා.

එතන එනවුස් කරනවා හෝ ගාලා.

පොඩි ලමයෙක් තනියම අඩනවා..

උඩට ෆෝන් සිග්නල් තියෙන්නේ ඩයලොග් විතරයි ඒකත් කටු 2 යි..

ඒකත් එන්නේ පොඩි ෆෝන් වලට විතරයි..
අතරමං වෙලා පස්සේ එලිවෙනකම් ඉන්න කීවා එයාලට..
අපේ සෙට් එක එකිනෙකා අත් අල්ලන් නූලක් අල්ලන් හිටියේ අතරමං වේවී කියලා..

ඒ නිසා බේරුනා නැත්තම් බඩු හම්බ වෙනවා..
ඔහොම ඔහොම සිදුවීම් වෙලා අන්තිමට පල්ලම් බැස්සා.
අපිට කිසිම අවුලක් උනේ නෑ..
එච්චර සෙනග ඉදලත් අර කෙල්ලට මොකද උනේ කියලා හිතා ගන්න බෑ අදටත්..

ඒ දවස්වල සිරීපාදේ උඩ ඉදන් යටට එනකොට සමහර තැන් වල විදුලිය නෑ..

ටෝච් එහෙම අරන් යන්න ඕනී..
අනික කරන්ට් එක යන්නත් පුලුවන්නේ..
වැස්ස ලොකු උනාට උඩට යනකොට වැස්ස නැති උනා...
පස්සේ පල්ලම බහින කොට නැතිම උනා..
ඒ කාලේ ලොකුවට පඩි පෙලවල් නෑ ,

මඩ ගොඩේ යන්න තියෙන්නේ... මම දාන් ගිය ටොම්බා සෙරෙප්පු දෙකෙත් මඩ එකයි..

අමාරුවෙන් බැහැන් එනකොට හිතුවෙ නැති විදිහට කරන්ට් එක ගියා..

ඉස්සරහා ගියපු වෙන නඩේක මැදි වියේ මනුස්සයෙක් ලිස්සලා රොකට් එක වගේ ගියා පල්ලෙහාට..

කට්ටිය ටෝච් ගහනකොට අරූ යනවා මඩේ ලිස්සන් වේගයෙන් , ගිහින් ගහක අත වැදිලා නතර උනා..
නොහිතූ සිදුවීම්.. පස්සේ කරන්ට් එක එනකොට අරූ අත කඩාගෙන කෙදිරි ගගා ඉන්නවා.

ඔක්කොම අය වටවෙලා..පව් ඉතින්..
අපි ඔක්කොම ඉදලත් ඇයි අපි ලිස්සන් නොගියේ..එතන ගැටලුවක්..
ඔහොම ඔහොම සිදුවීම් වෙලා අන්තිමට බස් එක ලගට ලගා උනා..

පස්සේ ලයිෆ් බෝයි එකෙන් නාන කාමර ගහලා පල්ලෙහා නාන තොටුපලේ ශවර් එක්ක

එතනින් නාලා පිරිසිදු වෙලා ගෙදර ආවා..
අමතක නොවන සිදුවීම් පෙලක් කඩින් කඩ ඇති වූ ගමනක්..
කතාව මුලින් පටන් ගත්ත තැන් ඉදන්ම ලියලා තියෙන්නේ මේක කියවන කෙනෙක් වේ නම් එයාගේ පහසුව හා මගේ ගමනේ මතකයන් ඔබේ මතකයෙත් රැදවීමට ගත් උත්සාහයක් ලෙස..

අවසානය එසේ සිදු විය..

මතකයන් අතර අමතක නොවන සිදුවීමක් එය..

ඊට පසුව තුන් වතාවක් ගිහින් තියෙනවා නමුත් එවැනි වූ අත්දැකීම් වත් , නොමිලේ ලබා දෙන බාන්ඩ වත් ලබා ගැනීමට අවස්තාවක් මෙතෙක් උදා වී නොමැත..

කියවලා බලන්න මම ඒ සිදුවීම් ඒ විදිහටම ලිව්වා..
සමහර කොටස් අඩු කරා එච්චර ලියන්න අමාරුයි මචන්..
ගුඩ් නයිට් මචන්!

කියවපල්ලා මගේ අත්දැකීම්.. දැන් මට වයස 28 ක් ඒ කාලේ ගොඩක් පොඩී..

මතකයේ රැදෙන සිදුවීම් තියෙන්නේ පොඩ්ඩයි අනිත් ඒවා අමතක වෙලා යනවා..