Srilankan !@#$%^&* (2)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද (20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම අද දිනයේදී කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිවූ අතර කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    කොරියානු රැකියා සදහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණි. කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් පනස් දෙදෙනෙක් මේ ආකාරයට පිටත්ව යාමට නියමිතව සිටි නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් අද දිනයේදී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.

    පසුගිය මැයි 23 වැනිදාද මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ්‍රශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම ශ්‍රමිකයින් ජුනි 4 වැනිදා කොරියාව බලා පිටත් යැවීමට කටයුතු කළ නමුත් එදිනද එම ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබ්නි.

    මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ප්‍රමාදයට පත්වීම බරපතල තත්වයක් වන අතර මේ නිසා කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.


    Srilankan !@$%^&* මෙතනින් බලන්න
    https://elakiri.com/threads/srilankan.2106564/

    lake pankawe airline eka
    ------ Post added on Jun 21, 2023 at 5:04 PM
     
    • Haha
    • Sad
    Reactions: Mugen and Ulti

    Similar threads