SriLankan Umpire Out
අශෝකද සිල්වා ලෝක කුසලාන තරග විනිසුරුකමින් ඉවතට
ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් තරග විනිසුරු අශෝක ද සිල්වා මහතා මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තීරණාත්මක තරග 2 ක විනිශ්චය කටයුතුවලින් ඉවත්කර තිබේ. ඔහු අද පැවැත්වෙන කොදෙව් එංගලන්ත තරගයේදී පිටියේ ප‍්‍රධාන විනිසුරුවෙකු ලෙස කටයුතු කිරීමටත් ඉන්දියාව සහ කොදෙව්වන් අතර ලබන ඉරිදා පැවැත්වෙන තරගයේදී තෙවන විනිසුරු ලෙසත් කටයුතු කිරීමට නියමිතව තිබුණි. මේ තරග දෙකෙන්ම ඔහු ඉවත් කර ඒ සඳහා බෲස් ඔක්සන්ෆෝඞ් මහතා යෙදවීමට තීරණය වී තිබේ. තරගාවලිය තුළ වඩාත් සාර්ථකව සිටින විනිසුරුවන්ට තීරණාත්මක තරගවලදී අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කරන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සාමාන්‍යාධිකාරී ඬේව් රිචඞ්සන් කියාසිටියි. අශෝක ද සිල්වා මහතා ලබාදුන් තීරණ කී‍්‍රඩකයින් විසින් වැඩි අවස්ථා ගණනකදී අභියෝගයට ලක්කළ අතර ඉන් 50% කට වැඩි ප‍්‍රමාණයක් විසඳුනේ කී‍්‍රඩකයින්ට වාසිසහගත අයුරිනි. ඒ අනුව අභියෝගයන්ට ලක්වු තීරණ ලබාදීමේදී මෙම තරගාවලියේදී වඩාත් අසාර්ථක වු තරග විනිසුරුවරයා වන්නේ ද අශෝක ද සිල්වා මහතාය.
ගත්තේ lankacnews

Last edited: