SSL & TLS 💻 කියන්නෙ මොනවද?

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,646
    6,958
    113
    United States
    🔰 SSL

    1623488664685.png


    අපි කලින් කතා කරානෙ HTTP & HTTPS ගැන. එතනින් HTTPS, ගොඩක් safe කියලා ඔයාලා දැන් දන්නවා. SSL (Secure Sockets Layer) කියන්නෙ HTTPS වලදි , Data secure කරන්න use කරන protocol එකක්. අපි බලමු ඒක වැඩකරන්නෙ කොහොමද කියලා. 😋

    SSL තියන Site එකකට යනවනම්...මුලින්ම වෙන්නෙ අපි use කරන්න web browser එක, site එකේ server එකට කියනවා.."මට උඔගෙ අනන්‍යතාවය පෙන්නපන් 😌 " කියලා. අන්න එතකොට ඒ website server එකෙන් අපේ browser එකට උගෙ SSL certificate එකේ කොපියක් එවනවා. Browser එක Digital Certificate එක check කරලා බලනවා මේක sure කරන්න පුලුවන් site එකක්ද කියලා. 🧐 අවුලක් නැත්තන් browser එකෙන් server එකට කියනවා "හරි මට උඹව ශුවර් 🙂" ... ඔය විදිහට server එකයි browser එකයි අදුරගන්නවා. ඒකට අපි කියනවා Handshake එකක් කියලා. ඊට වඩා දේවල් ටිකක් handshake එකක වෙනවා..mainly වෙන්නෙ ඔය දේ...සම්පූර්ණ handshake එකක steps පල්ලෙහයින් බලාගන්න පුලුවන් 🤤 හරි.. ඊටපස්සෙ web server එකයි අපේ device එකයි අතර Encrypted data හුවමාරු වෙන්න පටන් ගන්නවා. 😍

    1623488850965.png


    ඔන්න ඕකයි SSL වලදි වෙන්නෙ. සරලවම කිව්වොත් SSL කියන්නෙ සහතිකයක්..ඒකෙ අදාළ සයිට් එක ගැන Details තියනවා..ඒවා browser එකෙන් check කරාට පස්සෙ දෙන්නා අතර Encrypted data exchange වෙන්න පටන් ගන්නවා. ✨

    🔰 TLS

    1623489058329.png


    TLS (Transport Layer Security) කියන protocol එකෙන් කරන්නෙත් SSL එකෙන් කරන දේමයි. ලොකු වෙනසක් නෑ.😅 හැබැයි SSL එකට වඩා TLS Secure වැඩියි. මොකද SSL පරණයි සහ අලුත්ම protocol එක TLS වෙන හින්දා. මේකෙදිත් SSL වල වගේම Web server එකයි Brower එකයි අතර සැක ඇරගන්න සීන් එකක් යනවා. නැත්තන් Handshake එකක් වෙනවා. මේ තියෙන්නෙ steps ටික.. 😙

    1.The 'client hello' message
    2.The 'server hello' message
    3.Authentication
    4.The premaster secret
    5.Private key used
    6.Session keys created
    7.Client is ready
    8.Server is ready
    9.Secure symmetric encryption achieved

    මේ කාලෙ වෙනකොට ගොඩක්ම සුදුසු වෙන්නෙ TLS... මොකද ඒක Modern protocol එකක් හින්දා.. ❤️මේ විදිහට තමා protocols ටික release වුණෙ..

    SSL 1.0 – never publicly released due to security issues
    SSL 2.0 – released in 1995
    SSL 3.0 – released in 1996
    TLS 1.0 – released in 1999
    TLS 1.1 – released in 2006
    TLS 1.2 – released in 2008
    TLS 1.3 – released in 2018

    හිතනවා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා..හැමෝටම සුභ දවසක්...😗

    Credit : S.T.U.F.F.
    https://t.me/STUFFuckthesystem
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    සුපිරි මචෝ..

    zeoSSL (sslforfree) ඇරුණාම තව මොනවද තියෙන්නේ මචන් අපිට ෆ්‍රී Certificates දාගන්න.?
     
    • Like
    Reactions: Stimulus mind

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක English වලින් කියවලා තිබ්බට මෙහෙම තේරුනේ නෑ.

    TSL version update වෙන්න ගොඩක් කල් ගිහින් තියෙන්නේ ඇයි?
     
    • Like
    Reactions: Stimulus mind