නියමයි මල්ලි. නව යුගයට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම තරම් වටින දෙයක් නැ.
අනිවා, මාත් ඒක තදින්ම විශ්වාස කරනව. ඒ නිසාම තමයි Off grid එකක් ගහල, Solar On grid ගහල, EV එකක් අරගෙන, අඩුවකට තිබ්බ ලොකුම දේ මේ කනෙක්ෂන් එක. ඒකත් හරි
පාවිච්චි කරන්නෙ නැති වෙලාවට (රෑ නිදියන්න යද්දි වගේ) off කරොත් ආයෙ on කරනකොට ගොඩක් වෙලව යනවාද connect වෙන්න? Solar නම් අවුලක් නෑ, නැත්නම් නිකන් 50W නාස්තිවෙන එක අපරාදෙ හින්දා
හොඳ ප්‍රශ්නයක්, මම ඒක උනන්දුවෙන් බැලුවෙ නෑ. හැබැයි මම වෙලාවකට Restart කරල බලන්නම් කොච්චර වෙලා යනවද කියල. දවසක් පාන්දර 3ට Software update එකක් ගිහිල්ල Restart උනා. ටිකක් වෙලා ගියා හැබැයි. මේකෙ අප්ඩේට් වෙන ටයිම් එක අපිට සෙට් කරල තියන්න පුලුවන්. එතකොට ඒ ටයිම් එකට අප්ඩේට් යනව මොනවහරි තිබ්බොත්.
මට මතක විදියට ඔන් වෙන්න විනාඩි 2ක් 3ක් වගේ යනව බං. හරියටම බලල කියන්නම්.
හැබැයි Idle තියෙද්දි වොට් 50ක් නම් යන්නෙ නෑ. 30න් වගේ යන්නෙ.
වැඩිපුර ගෙවන්න වුන ඒවා Mars mission එකට donate කරා කියලා සතුටුවෙන්න*
*මෙය ආර්ථික ඝාතකයා විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද්දකි
Starlink package speed limit ekak ekka hari podi price walata awanam .. eg 50mbps /100mbps , unta lankwe market eka sahenda allanna thibba , hardware cost eka ecchra feel wan na gewannath ganna puluwan nisa..
Siya hitiyanam mokak hari thawa wanna thibba
හැබැයි එහෙම උනොත් චොර වෙයි කියල හිතෙන්නෙ නැද්ද බං? ඊට පස්සෙ උන්ගෙ සැටලයිට් නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙයි කොල්ලයි බල්ලයි ඔක්කොම රිංගල, ඒ කොලිටි එක තියාගන්නද මංද මුං මේ ප්‍රයිස් එකට දෙන්නෙ. දැන් ඇත්තටම හොඳම කොලිටි එකෙන් කනෙක්ෂන් එකක් එනව නේ අපිට. හැබැයි ලංකාවෙ කට්ටිය තව එල්ලුනොත් මේක අවුල් යයිද කියල ෂුවර් නෑ
සුපිරි බ්‍රෝ!
------ Post added on Dec 7, 2025 at 7:43 PM
එල එල බ්‍රෝ
මචන් මමත් ඔය වගේ ප්‍රශ්නෙක තමයි මේ දවස් වල ඉන්නෙ එස්.එල්.ටී එන්න එන්නම චොර බන් එන්න එන්නම අඩු වෙනවා ස්පීඩ් එක විෂේශයෙන් අපේ ෆයිබර් යූස් එක එරියා එකේ ගොඩක් වැඩි වුනා පි.යෝ ටීවී තියෙන හැමෝටම ෆ්‍රී ෆයිබර් දීලා දැන් කනෙක්ශන් එක සමාන්යෙන් මේ වගේ වෙලාවට පට්ටම ස්ලොව් 100 වලටත් වඩා අඩුවෙන් එන්නෙ මචන් එපා වෙලා ඉන්නෙ
View attachment 259944
මම මේ ගැන සෑහෙන හොයල බැලුවා බැලුවම මචන් අපේ විතරක් නෙවෙයි දැන් ගොඩක් එරියා වල වැඩියෙන් යූස්වෙන ටයිම් එකේ ස්ලෝ වෙනවා කියල 1212 පැමිණිලි එනවා වැඩියම කිව්වොත් යූටියුබ් 720 බලන්න බැහැ මචන් කෙළම සීන් එක
මටත් බං මේ SLT Service අවුල් ගිය තමයි ලොකුම ප්‍රශ්නෙ. හොඳට තිබ්බ කම්පැනි එකක් බලාගෙන ඉද්දි කෙලඋනා. මගෙත් ෆයිබර් රවුටර් එකෙන් පවර් එක -30ට වගේ බැස්ස. මුංට කම්ප්ලේන් කරාට ගනං ගන්නෙ නෑ. මේ මාසෙ කැඩුන, ඔක්තෝබර් මාසෙ කැඩුන. ඔක්තෝබර් කැඩුන වෙලාවෙ AGMටත් කෝල් කරල තමයි ගෙන්නගත්තෙ. මම ඒ ආපු එකාටත් බැන්න එවෙලෙ, ඔයාල මෙහෙම නම් සර්විස් දෙන්නෙ ඇත්තටම තේරුමක් නෑ කියල. මොකද කනෙක්ෂන් ස්ටේබල් උනත් වැඩක් නෑ Reliable නැත්නම්, කැඩුනම හදන්න දවස් ගනං ගන්නව නම් කිසිම තේරුමක් නෑ. මොකද දැන් අර කරන්ට් එක, වතුර වගේ අතශවශ්‍ය දෙයක් වෙලා ඉන්ටර්නෙට්. ගෙදරක ගේට්ටුවක් ඇගන්න බැරි වෙනව මේව නැති උනාම. අපේ ගෙදර ස්මාට් ඩිවයිස් 20ක් විතර රවුටර් වලට කනෙක්ට් වෙලා ඇති. මෙලෝ දෙයක් කරගන්න බෑ බං ඉන්ටර්නෙට් ගියාම. මේක ලොකු ප්‍රශ්නයක්. අනිත් එක රුපියල් 15,000ක් විතර බිලක් ගෙවන එකෙක්ගෙවත් දවසක් යන්න කලින් කනෙක්ෂන් එක හදන්න බැරි නම් මොකටද බං එහෙම සර්විස් එකක්?
මට නම් එපාම උනා.
ස්ටර් ලින්ක් එකේ මචන් කචල් එක එකේ සෑහෙන මචන් රූල්ස් සහ රෙගියුලේශන් තියෙනවා බන් පොඩ්ඩක් දරාගන්න අමාරුයි සීඩර්ස් එකෙන්වත් ෆිල්ම් එකක්වත් බාන්න බැහැ කොපිරයිට් මෙටිරීයල් සීන් එක නිසා
මම අහල තියෙන්නෙ Torrent download කරොත් කියල මචං, සීඩර්ස් වලින් නම් මම දැන් Over 100GB වගේ ඩවුන්ලෝඩ් කරා, මේ දවස් දෙක තුනට. තාම නම් අවුලක් වැටුනෙ නෑ හැබැයි.
දැන් තමයි මේක මාත් දැක්කෙ
පට්ට review එකක්. වටිනව ගන්න ඉන්න අයට. ඔයා IT side ද කරන්නේ නැත්නම් online service ද?
IT Side තමයි බං. එයිට අමතරව web server එකක් රන් වෙනව Cloudflare වලින්, ඒක ෆයිබර් වලින් අප් කරල තියෙනව ඒකට ඩේට වැඩිය යන්නෙ නෑ. හැබැයි ඒකත් Starlink secondary connection එක විදියට දුන්න මොනවහරි වෙලා SLT කෙලඋනොත් ඒකට මාරු වෙන්න.
අප්පට සිරි මම හිතුවෙ මට විතරක් කියල, හවස 6 න් 7 න් පස්සෙ ගන්නම දෙයක් නෑ... මොකද කරන්නේ මේකට users විදිහට අපි
------ Post added on Dec 7, 2025 at 7:58 PM
මේව කම්ප්ලේන් කරත් වැඩක් නෑ බං. හදන්නෙ නෑ. ඒ තරම්ම උං අවුල් ගිහිල්ල තියෙන්නෙ. සර්විස් අන්තිමයි.
කිහිප සැරයක්ම SLT කතා කරා configuration changes කලා කිව්ව වැඩක් නෑ
ඔව් ඒ රික්ස් එක තියෙනවා එෆ්.බී ගෲප් වල බලන්න තියෙනවා මේල්ස් එහෙම ඇවිල්ල වොර්නින් උන් නම් කියන්නෙ උන් සීඩර්ස් එකෙන් එහෙමයි ටොරෙන්ට් ඩිරෙක්ට් කරේ කියලා (ශුවර් නැහැ ). මම දන්න කෙනෙක් ඉන්නවා පොර වී.පී.එන් දාගෙන තමයි ටොරෙන්ට් එහෙම බාන්නේ.
ඒක තමයි පොඩ්ඩක් ලංකාව වගේ පයිරෙට් ප්‍රඩක්ට්ස් රිසෝසස් යූස් කරන කන්ට්‍රි එකක අයට ස්ටාර්ලින්ක් ගැටලුවක් ආවොත් එන්නෙ මමත් මේ දවස් වල ෆුල් ඇනලයිස් එකක් දෙනවා මොකද කරන්නෙ කියලා
අනික සිංගර් එකෙන් ගන්නවා නම් ක්‍රෙඩිට් කාර්ඩ් පහසුකම තියෙනවා එහෙම නැත්නම් ඩිරෙක්ට් ඕඩර් කරන්න පුලුවන් රෙෆල් ලින්ක් එකෙන් ගත්තොත් ක්‍රෙඩිට් සීන් එකකුත් තියෙනවා ෆ්‍රී ඇඩ් වෙන.
තාම බලනවා මොකද කරන්නෙ කියල ඩිශිශන් පෙන්ඩින්
එහෙම ඉන්නකොට තමයි මේ ත්‍රෙඩ් එක අද දැක්කෙ
ආයිත් හිතන්න දෙයක් නෑ ගන්න මචං. කනෙක්ෂන් එක සුපිරියි. මමවත් මෙච්චර Expect කරේ නෑ. මම හිතුවෙත් Fiber stability එකට කිට්ටු වෙන්වත් බැරිව ඇති කියල ඒත් මට නම් Fiber එකට වැඩිය මේක සෑහෙන හොඳයි. අප් එක විතරමයි පොඩි ඉෂූ එකකට තියෙන්නෙ.
මම අර Seedr සීන් එක බලල කියන්නම් මොකද දැනටමත් මම හොඳටම ඒකෙන් ඩවුන්ලෝඩ් කරල ඉන්නෙ. කේස් එකක් වැටෙනව නම් දැන් වැටෙන්න ඕන.
මට වැඩේ හදිස්සි නිසා සිංගර් එකෙන් ගත්තෙ බං. මම යද්දිත් එක බ්‍රාන්ච් එකක 3ක් තිබිල 3ම ඉවර වෙලා, වෙන තැනකින් තමයි අරගෙන දුන්නෙ.