Starlink එකක් ගත්ත - පොඩි Review එකක් (ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මම 2007 ඉඳල SLT ඉන්ටර්නෙට් එක්ක ඉන්නෙ, 2007 Prepaid Dialup connection එකකින් පටන්ගෙන, පස්සෙ ADSL වලට මාරු උනේ 2008, එතැන ඉඳල 2016 වෙනකල්ම ADSL එක්ක ඉඳල ෆයිබර් වලට මාරු උනේ. එතැන ඉඳල මේ වෙනකල් ෆයිබර් තමයි යූස් කරන්නෙ. ඒත් දැන් ඉන්ටර්නෙට් එකත් එක්ක තියෙන අවශ්‍යතා වැඩි වෙද්දි ඒකම නැතුවම බැරි දෙයක් වෙලා, පැයක්වත් ඩ්‍රොප් උනොත් හරිම අමාරුයි කරගන්න. අතක් පයක් කැඩුන වගේ. ඒත් මේ ළඟකඳි ඉඳල SLT එකේ සර්විස් පට්ටම අවුල් ගියා. කනෙක්ෂන් එකක් කැඩුනම හදන්න අනිවාර්යෙන් පැය 24කට වඩා යනව. ඒකෙ ඉන්න උඩම ලොක්කො හම්බවෙලා කතා කරත්, TRCSL එකට පැමිණිලි කරත් එවෙලෙට විසඳුමක් ලැබෙනව විතරයි, ආයිත් Permanent solution එකක් නෑ. මොකද ෆයිබර් කියන්නෙ කොච්චර හොඳ කනෙක්ෂන් එකක් උනත් කැඩුනම පුලුවන් ඉක්මනට හදල දෙන්නෙ නැත්නම් ඒක Reliable නෑ. මේ ළඟදිත් කනෙක්ෂන් එක කැඩිල කම්ප්ලේන් කරාම දවසක් යනකල් ආවෙ නෑ. ඊළඟ දවසෙම සිංගර් එකට ගිහිල්ල Starlink package එක ගත්ත, ඔන්න ඔය සිද්දිය තමයි ස්ටාර්ලින්ක් වලට මාව අරං ගියේ. කොහොමහරි ඒ වෙලාවෙ ස්ටොක් තිබ්බ නිසා අරගෙන ආව. 119,000ක් උනා කිට් එක. ටිකක් බරයි, Box එකත් ටිකක් ලොකුයි. ගෙදර අරගෙන ඇවිල්ල Unbox කරා, ඒකෙ අමුතු Unboxing experience එකක් තියෙන්නෙ, ඇපල් අයි ෆෝන් එකක් අන්බොක්ස් කරනව වගේ. පැකේජ් එකේ තියෙනව Dish එකයි, රවුටර් එකයි, මීටර් 15ක් දිග Cable එකක්, ඒක Dish එකයි රවුටර් එකයි කනෙක්ට් කරන්න. Network cable එකක් වගේ පෙනුනත් එයින්ම එකක් නෙමෙයි වගේ එයිට වඩා හයිය හොඳ කේබල් එකක්. තව තඩි පවර් ඇඩැප්ටර් එකක්. පොතක්, කාඩ් බෝඩ් එකක කනෙක්ට් කරන විදිය ඇඳපු ලොකු කොලයක්. ඔය ටික තමයි පැකේජ් එකේ තිබ්බෙ. මම හිතුවෙ Configure කරන්න ගොඩක් අමාරු ඇති කියල, උළු වහලෙ මුදුනෙම ගහන්න ට්‍රයි කරා, වැඩේ හරි ගියේම නෑ. ඒක Flat surface එකක තියන්නම ඕන. මුහුණත උතුරු දිශාවට හරවන්න ඕන. වහලයි, ස්ලැබ් එකෙයි දෙකේම පිරෙන්න සෝල ගහල තියෙන නිසා හරිම අමාරු උනා තැනක් හොයාගන්න. කොහොමහරි උළු වහලෙ වැඩේ හරි ගියේ නෑ. ඒ නිසාම සෝල නොගහපු පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් තිබ්බ ඒකෙ ගහන්න තීරණය කරා. ඒක උඩ ඩිෂ් එක තියල Starlink ඇප් එකක් එනව, ඒක WiFi කනෙක්ට් කරාම Auto ඩිටෙක්ට් කරනව. මාරම ලේසියි Configuration process එක. Dish එක Rotate & Tilt කරද්දි ඇප් එකේ Live පෙන්නනව. Flat surface එකක තිබ්බම Tilt එක ගැන හිතන්න දෙයක් නෑ. ඊට පස්සෙ උතුරට Rotate කරාම ඇප් එකේම පෙන්නනව හරියට Align උනා කියල. වැඩේ එච්චරයි. ඊට පස්සෙ විනාඩි 50කටද කොහෙද ටෙම්පරි කනෙක්ෂන් එකක් ආව ඔක්කොම Setup කරන්න, එතැනදි විස්තර ඔක්කොම එන්ටර් කරල, කාඩ් එක ඇඩ් කරල පේ කරා. Residential Lite එකට ගියේ, 9200ක් කැපුන. හරියටම අපි ඉන්න ලොකේෂන් එක ඇප් එකට දෙන්න ඕන Setup කරද්දි නැත්නම් Connection එක Restrict කරනව. කොහොමහරි Configuration process එක හරිම ලේසියි. ඊට පස්සෙ ඇප් එකේම තියෙනව Obstruction map එකක්. ඒකෙ පෙන්නනව Link වුන සැටලයිට් වල විස්තරය. Obstructions තියේ නම් හරියටම පෙන්නනව රතු පාටින්. ඩිෂ් එකේ Surface එක උතුරට තියෙන නිසා ඒ පැත්තෙ කිසිම Obstruction එකක් තියෙන්න බෑ, ඒ වගේම දකුණ දිශාවටත් අංශක පොඩි ගානක කෝණයක මුකුත් තියෙන්න බෑ, බටහිර & නැගෙනහරි පැත්තෙන් ලොකු අවුලක් නෑ. ළඟම මොකුත් නොතිබ්බොත් ඒ ඇති. මගේ නම් බටහිර ගස් දෙකක් තිබිල පොඩි Obstructions වගයක් අහු උනා ඒත් ඒක එච්චර අවුලක් නෑ කියල ඇප් එකේම පෙන්නනව. ඇප් එකෙන්ම Speed test එකක් දාන්න පුලුවන්. හැබැයි එයිට වඩා ස්පීඩ් යනව වගේ Speedtest එකෙන් දැම්මම. කොහොමරි ටෙස්ට් එකක් දැම්මම මටම පුදුමයි පට්ට ස්පීඩ්. 450+Mbps යනව. ඊට පස්සෙ දවසක්ම වෙන් කරගෙන කේබල් ඇද්ද, ඒක නම් මාර කට්ටක් කෑව. SLT Fiber එකයි Starlink එකයි Separate වෙන්නම කේබල් ඇද්ද, ස්ටාර්ලින්ක් එකට WiFi Access Point දෙකක් කනෙක්ට් කරා තට්ටු දෙකේ තියෙන, තව කම්පියුටර් වලට Cable ඇද්ද 8 Port Gigabit Switch එකක් හරහා. දැන් දවස් 4ක් වෙනව කනෙක්ෂන් එක අරගෙන, පට්ටම ස්පීඩ්, Average අනිවා 250+Mbps යනව, ගොඩක් වෙලාවට Over 350+Mbps යනව, ඊයෙ ඩවුන්ලෝඩ් එකක් දැම්ම ඒකට නම් එක දිගටම 450+Mbps ස්පීඩ් ආව, Maximum 500Mbps ගියා. අප්ලෝඩ් එක නම් ටිකක් අවුල් හැබැයි ඩවුන්ලෝඩ් එකට සාපේක්ෂව, 40+Mbps යන්නෙ, 60Mbps වගේ තමයි මට උපරිම අහු උනේ. හැබැයි අනිවා 25Mbps+ Stable යනව. ඒක ලොකු අවුලක් උනේ නෑ. හැබැයි අර තරම් ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් එකට සාපේක්ෂව අප් එක අඩුයි. තව හොඳම දේ Power consumption එක, අපේ ගෙදර Ongrid + Offgrid solar තියෙන නිසා පවර් එක ගැන පොඩ්ඩක්වත් වොරි වෙන්නෙ නෑ, ඒත් මම Consumption එක මොනිටර් කරා කට්ටිය ගොඩක් කියල තිබ්බ නිසා. කොහොමහරි Average 44W වගේ කරන්ට් එකක් යනව. මම නෝට් කරා හොඳට අප්ලෝඩ් කරද්දි පවර් එක ටිකක් වැඩියෙන් යනව වගේ, 74W වලටත් ගියා, නිකං තියෙද්දි Around 32W වගේ යන්නෙ, යූසේජ් එකත් එක්ක Power consumption එහා මෙහා යනව, කොහොමහරි Heavy user කෙනෙක් නම් Average consumption එක 45-55W වගේ කියල හිතුව නම් හරි. ඒ කියන්නෙ දවසකට යුනිට් එකක් වගේ යනව. ගෙදර මාලු ටැංකියක් තියේ නම් අන්න ඒකෙ මොටර් වලට යනව වගේ ගානක් යන්නෙ කරන්ට් එක. ලොකුවට හිතන්න දේකුත් නෑ හැබැයි හිතන්නෙ නැතුවත් බෑ වගේ, මටසෝල තියෙන නිසා අවුලක් නෑ,සෝල නැති කෙනෙක් නම් මේක Consider කරන්න. හැබැයි අපි බලල නැති උනාට SLT Fiber router එකකටත් වොටි 15ක්වත් යනව ඇති නේද?
    දැන් කෙනෙක්ෂන් එක අරගෙන දවස් 4ක් වගේ වෙනව. 240+GB යූස් කරල තියෙනව. හැබැයි Heavy use කරනව කියල තාම ස්පීඩ් අඩු උනේවත් එහෙම කිසිම දෙයක් දැනුනෙ නෑ. ඊට පස්සෙ කට්ටිය කියල තිබ්බ වැස්සෙදි අනං මනං අවුල් යනව කියල. මේක ගත්තට පස්සෙ එක දවසක් තද වැස්සක් වැටුන හොඳටම අහස කළු කරගෙන, ඒ වෙලාවෙදි ඇප් එකේ Log එකෙත් වැටුන Weather interference කියල. ඒත් ස්පීඩ් එක ආව 150+Mbps වගේ. පොඩි අඩුවීමක් තිබ්බ ඒත් ලොකු අවුලක් නෑ. කිසිම Internet disconnect වීමක් උනේ නෑ. කනෙක්ෂන් එක මාරම ස්ටේබල්, Reliability එක ගැනත් ඉතිං කියන්න දෙයක් නෑ නේ. කැඩෙන්න හේතුවක් නෑ නේ. ඇත්තටම හොඳ Experience එකක්. Video calls, Meetings වගේ දේවල් වලදිවත් කිසිම Delay එකක් තේරුනේ නෑ. ආහ් අනිත් වැදගත්ම දේ Ping එක, ටිකක් වැඩියි 80ms වගේ යනව. හැබැයි ඒ ලංකාවෙ සර්වර්ස් එක්ක පින් කරද්දි. ඒත් එච්චර ලොකු ඉෂූ එකක් නම් වෙලා නෑ මට. මේක ඔන්ලයින් ගේම් ගහන අයට හෙම කොහොම බලපායිද දන්නෙ නෑ. හැබැයි කනෙක්ෂන් එක ගැන මට නම් පට්ට සැටිස්.

    ඊට පස්සෙ SLT ෆයිබර් එක ගැන කියනව නම්, මම ඒකෙ යූස් කරේ අර Unlimited family එක, 100Mbps & 1TB Data quota එකක් දෙන එක. අපේ Peo TV Connection දෙකකුත් තියෙන නිසා බිල එනව 14,000කට කිට්ටුව. මම ඒකට කරේ අද Request කරා Trio Vibe එකට මාරු කරන්න, ඒක 3530ක් වෙන්නෙ, Peo TV එකක් ෆ්‍රී දෙන නිසා එතැන ලොකු ඉතුරුවක් තියෙනව, කොහොමහරි අනිත් කනෙක්ෂන් එකත් එකතු වෙලා අලුත් බිල් එක රුපියල් 6000කට අඩුවෙන් එයි. ස්ටාර්ලින්ක් එකේ ගානත් ආවම ආයිත් දෙකටම රුපියල් 15,000ක් වගේ යයි. ඇත්තටම ගානෙ ලොකු වෙනසක් උනේ නෑ. පරන ගානටම වගේ දැන් කනෙක්ෂන් දෙකක් ගත්ත. දැන් ෆයිබර් එක තියාගෙන ඉන්නව Backup කනෙක්ෂන් එකක් විදියට මොනවහරි උනොත් යූස් කරන්න, Starlink එක Primary කනෙක්ෂන් එක විදියට යූස් කරනව. මුලින් Hardware වලට ගිය 119,000 ගාන තමයි ටිකක් දැනෙන ගානකට ගියේ.

    මේකෙ මට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නෙ,
    1. Starlink hardware cost එක ටිකක් වැඩි නිසා කොච්චර මේක Durable ද කියන එක ලොකු Concern එකක්. මොකද SLT Fiber නම් උන් මොනවහරි උනොත් Router free replace කරල දෙන නිසා. මේකෙ ඒ Unit එක මොන තරම් Durableද කියන එක හිතන්න ඕන. මට Global review වලින් නම් අහු උනේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් වැඩ කරනව කියල.
    2. මේ පැත්තෙ වඳුරො ඉන්න නිසා පොඩි දෙගිඩියාවක් තියෙනව උන් අනං මනං කරයි කියල. තාම නම් හැබැයි අවුලක් නෑ ඇවිල්ල වටේ කැරකිලා යනව දැක්කෙ නෑ වගේ. ඒත් ෂුවර් නෑ ටිකක් අවදානෙන් ඉන්නෙ.
    3. දැන් අපි Residential Lite plan එකේ නේ ඉන්නෙ රුපියල් 9200කට. කට්ටිය තාම වැඩිය නැති නිසා මේ තරම් ස්පීඩ් එනවද කියල ෂුවර් නෑ. හොඳට කට්ටිය මේක ගත්තොත් ස්ලෝ වෙයිද වගේ අවුලක් තියෙනව. හැබැයි ඒත් Global review තියෙන්නෙ Residential Lite Plan එකත් 150Mbps පල්ලෙහාට එන්නෙ නෑ කියල.
    4. Upload එක Download එකට සාපේක්ෂව ගොඩක් අඩු නිසා ඒ ගැන හිතල බලන්න Heavy upload කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්.


    මේකෙ අනිත් වැදගත් කරණා ටික,
    1. මේ රවුටර් එකේ WiFi 6 එනව. ඒක මාර ස්පීඩ්, Up to 1Gbps වගේ ලින්ක් වෙනව(ඉන්ටර්නෙට් ස්පීඩ් නෙමෙයි WiFi speed එක) හොඳ WiFi device එකක් කනෙක්ට් කරොත්, හැබැයි ලොකුම අවුල ස්පීඩ් හොඳ උනාට Range එක නම් හොඳටම මදි. ඇත්තටම Range එක නම් පට්ටම අවුල්. ටිකක්හරි දුරට යද්දි කනෙක්ෂන් එක අවුල් යනව. ඒ නිසා මේකට එන රවුටර් එකේ Inbuilt WiFi ගැන එච්චර Depend වෙන්න එපා. මට නම් WiFi Access Point දෙකක් තියෙන නිසා මේක එච්චර ලොකු ඉෂූ එකක් නෙමෙයි. ඒත් ගන්න ඉන්න කෙනෙක් මේ ගැන හිතන්න.
    2. පවර් වැඩියෙන් යන නිසා සෝල නැති කෙනෙක් හෙම ටිකක් හිතන්න, ගෙදර යන යුනිට් ගානට වඩා මේකට Power backup එකක් හෙම හොයන්න ගියොත් ටිකක් අමාරු වෙයි කියල හිතෙනව.
    3. කට්ටිය කියනව වගේ කනෙක්ෂන් එකේ Stability issues අනං මනං ඇත්තටම මට තාම දැනුනෙ නෑ. මට නම් Fiber එකට වඩා පට්ටයි. ඒකෙ 100Mbps නේ කොහොමත් ආවෙ අර අන්ලිමිටඩ් පැකේජ් එක නිසා, එයිට වඩා 4, 5ගුණයක් වේගෙන් මේකෙ ඩේට එනව. ඒ වගේම Truly Unlimited නිසා ඒ Freedom එක නම් උපරිමයෙන් Enjoy කරනව. SLT එකේ තියෙන අඩුම Unlimited එකත් 9700ගානක් ටැක්ස් එක්ක. ඒකෙත් 100Mbps Speed limited & 1TB Data cap එකක් තියෙනව, මේකෙ ඒ මුකුත් නෑ. Unlimited & Speed වැඩියි. ඒ නිසා ඒ රේන්ජ් එකේ ඉන්ටර්නෙට් ගන්න කෙනෙක්ට මේක සුපිරිම ඔප්ෂන් එකක්.
    4. මේකෙ Reliability එක උපරිමයි කියල මට හිතෙනව. මොකද ගංවතුරක් ආවත්, මුහුදු 7ක් ගොඩ ගැලුවත්, මොනවගේ විනාසයක් උනත් මේක Satellite වලින් වැඩ කරන නිසා වැඩ කරයි. මම වගේ Up time එක උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක් වේවි.

    තව මතක් උනොත් ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්නම්, ඒ වගේම ෆොටෝස් ටිකක් දාන්නම් Speed test results හෙම.
    Overall මට නම් මාර Satis connection එක ගැන.
    මොනවහරි ප්‍රශ්නයක් තියේ නම් අහන්න...
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    පාවිච්චි කරන්නෙ නැති වෙලාවට (රෑ නිදියන්න යද්දි වගේ) off කරොත් ආයෙ on කරනකොට ගොඩක් වෙලව යනවාද connect වෙන්න? Solar නම් අවුලක් නෑ, නැත්නම් නිකන් 50W නාස්තිවෙන එක අපරාදෙ හින්දා :unsure:

    වැඩිපුර ගෙවන්න වුන ඒවා Mars mission එකට donate කරා කියලා සතුටුවෙන්න* 🥲
    *මෙය ආර්ථික ඝාතකයා විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද්දකි
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    Starlink package speed limit ekak ekka hari podi price walata awanam .. eg 50mbps /100mbps , unta lankwe market eka sahenda allanna thibba , hardware cost eka ecchra feel wan na gewannath ganna puluwan nisa..

    Siya hitiyanam mokak hari thawa wanna thibba 🙃
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මමත් ඔය වගේ ප්‍රශ්නෙක තමයි මේ දවස් වල ඉන්නෙ එස්.එල්.ටී එන්න එන්නම චොර බන් එන්න එන්නම අඩු වෙනවා ස්පීඩ් එක විෂේශයෙන් අපේ ෆයිබර් යූස් එක එරියා එකේ ගොඩක් වැඩි වුනා පි.යෝ ටීවී තියෙන හැමෝටම ෆ්‍රී ෆයිබර් දීලා දැන් කනෙක්ශන් එක සමාන්යෙන් මේ වගේ වෙලාවට පට්ටම ස්ලොව් 100 වලටත් වඩා අඩුවෙන් එන්නෙ මචන් එපා වෙලා ඉන්නෙ

    1765116952844.png


    මම මේ ගැන සෑහෙන හොයල බැලුවා බැලුවම මචන් අපේ විතරක් නෙවෙයි දැන් ගොඩක් එරියා වල වැඩියෙන් යූස්වෙන ටයිම් එකේ ස්ලෝ වෙනවා කියල 1212 පැමිණිලි එනවා වැඩියම කිව්වොත් යූටියුබ් 720 බලන්න බැහැ මචන් කෙළම සීන් එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ස්ටර් ලින්ක් එකේ මචන් කචල් එක එකේ සෑහෙන මචන් රූල්ස් සහ රෙගියුලේශන් තියෙනවා බන් පොඩ්ඩක් දරාගන්න අමාරුයි සීඩර්ස් එකෙන්වත් ෆිල්ම් එකක්වත් බාන්න බැහැ කොපිරයිට් මෙටිරීයල් සීන් එක නිසා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාවිච්චි කරන්නෙ නැති වෙලාවට (රෑ නිදියන්න යද්දි වගේ) off කරොත් ආයෙ on කරනකොට ගොඩක් වෙලව යනවාද connect වෙන්න? Solar නම් අවුලක් නෑ, නැත්නම් නිකන් 50W නාස්තිවෙන එක අපරාදෙ හින්දා :unsure:
    Sleep schedule
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,264
    10,089
    113
    ස්ටර් ලින්ක් එකේ මචන් කචල් එක එකේ සෑහෙන මචන් රූල්ස් සහ රෙගියුලේශන් තියෙනවා බන් පොඩ්ඩක් දරාගන්න අමාරුයි සීඩර්ස් එකෙන්වත් ෆිල්ම් එකක්වත් බාන්න බැහැ කොපිරයිට් මෙටිරීයල් සීන් එක නිසා
    what ? seriously?
     
  • Feb 1, 2014
    1,947
    394
    83
    කොළඹ
    පට්ට review එකක්. වටිනව ගන්න ඉන්න අයට. ඔයා IT side ද කරන්නේ නැත්නම් online service ද?

    මචන් මමත් ඔය වගේ ප්‍රශ්නෙක තමයි මේ දවස් වල ඉන්නෙ එස්.එල්.ටී එන්න එන්නම චොර බන් එන්න එන්නම අඩු වෙනවා ස්පීඩ් එක විෂේශයෙන් අපේ ෆයිබර් යූස් එක එරියා එකේ ගොඩක් වැඩි වුනා පි.යෝ ටීවී තියෙන හැමෝටම ෆ්‍රී ෆයිබර් දීලා දැන් කනෙක්ශන් එක සමාන්යෙන් මේ වගේ වෙලාවට පට්ටම ස්ලොව් 100 වලටත් වඩා අඩුවෙන් එන්නෙ මචන් එපා වෙලා ඉන්නෙ

    View attachment 259944

    මම මේ ගැන සෑහෙන හොයල බැලුවා බැලුවම මචන් අපේ විතරක් නෙවෙයි දැන් ගොඩක් එරියා වල වැඩියෙන් යූස්වෙන ටයිම් එකේ ස්ලෝ වෙනවා කියල 1212 පැමිණිලි එනවා වැඩියම කිව්වොත් යූටියුබ් 720 බලන්න බැහැ මචන් කෙළම සීන් එක
    අප්පට සිරි මම හිතුවෙ මට විතරක් කියල, හවස 6 න් 7 න් පස්සෙ ගන්නම දෙයක් නෑ... මොකද කරන්නේ මේකට users විදිහට අපි
    ------ Post added on Dec 7, 2025 at 7:58 PM
     
  • Feb 1, 2014
    1,947
    394
    83
    කොළඹ
    පට්ට review එකක්. වටිනව ගන්න ඉන්න අයට. ඔයා IT side ද කරන්නේ නැත්නම් online service ද?


    අප්පට සිරි මම හිතුවෙ මට විතරක් කියල, හවස 6 න් 7 න් පස්සෙ ගන්නම දෙයක් නෑ... මොකද කරන්නේ මේකට users විදිහට අපි
    ------ Post added on Dec 7, 2025 at 7:58 PM
    කිහිප සැරයක්ම SLT කතා කරා configuration changes කලා කිව්ව වැඩක් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    what ? seriously?
    ඔව් ඒ රික්ස් එක තියෙනවා එෆ්.බී ගෲප් වල බලන්න තියෙනවා මේල්ස් එහෙම ඇවිල්ල වොර්නින් උන් නම් කියන්නෙ උන් සීඩර්ස් එකෙන් එහෙමයි ටොරෙන්ට් ඩිරෙක්ට් කරේ කියලා (ශුවර් නැහැ ). මම දන්න කෙනෙක් ඉන්නවා පොර වී.පී.එන් දාගෙන තමයි ටොරෙන්ට් එහෙම බාන්නේ.

    ඒක තමයි පොඩ්ඩක් ලංකාව වගේ පයිරෙට් ප්‍රඩක්ට්ස් රිසෝසස් යූස් කරන කන්ට්‍රි එකක අයට ස්ටාර්ලින්ක් ගැටලුවක් ආවොත් එන්නෙ මමත් මේ දවස් වල ෆුල් ඇනලයිස් එකක් දෙනවා මොකද කරන්නෙ කියලා

    අනික සිංගර් එකෙන් ගන්නවා නම් ක්‍රෙඩිට් කාර්ඩ් පහසුකම තියෙනවා එහෙම නැත්නම් ඩිරෙක්ට් ඕඩර් කරන්න පුලුවන් රෙෆල් ලින්ක් එකෙන් ගත්තොත් ක්‍රෙඩිට් සීන් එකකුත් තියෙනවා ෆ්‍රී ඇඩ් වෙන.

    තාම බලනවා මොකද කරන්නෙ කියල ඩිශිශන් පෙන්ඩින්
    එහෙම ඉන්නකොට තමයි මේ ත්‍රෙඩ් එක අද දැක්කෙ


    පට්ට review එකක්. වටිනව ගන්න ඉන්න අයට. ඔයා IT side ද කරන්නේ නැත්නම් online service ද?


    අප්පට සිරි මම හිතුවෙ මට විතරක් කියල, හවස 6 න් 7 න් පස්සෙ ගන්නම දෙයක් නෑ... මොකද කරන්නේ මේකට users විදිහට අපි
    ------ Post added on Dec 7, 2025 at 7:58 PM
    මචන් මෙයින්ලි ගොඩක් ක්ලවුඩ් සර්විස් යූස් කරනවා
    එම්.එස් ඇශුව සහ ඒ.ඩබ්.එස් වගේම සව්‍රිස් හෙවිලි යූස් වෙනවා

    එනි ටයිඩ් කනෙක්ශන් 4ක් තියෙනවා 4ම චොර එපා වෙනවා බන්

    ------ Post added on Dec 7, 2025 at 8:11 PM