STF GUNS_පාතාලෙට කොහෙන්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    STF GUNS_පාතාලෙට කොහෙන්ද?

    අමානුෂික ලෙස සිදු කළ ද්විත්ව ඝාතනයේ හිසට හිස තබා යයි - වෙඩි තබා ඇත්තේ STF භාවිතා කරන ගිනිඅවිවලින්


    ඌරගස්මන්හන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා, කපා කොටා ඝාතනය කිරීම රාත්‍රි 7.30 ත් 8.00 ත් අතර කාලය තුළදී සිදු වන්නට ඇති බව ඌරගස්මන්හන්දිය පොලීසිය පවසවනවා.

    මෙසේ ඝාතනය කර ඇත්තේ ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ ඉහළ මාලවල, රන්තොටුවිල ලිපිනයේ පදිංචි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) නැමැති ඥාති සහෝදරයින් දෙදෙනෙක්.

    ඝාතනයට ලක් වූ දෙදෙනා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ විසින් සිද්ධිය වූ ස්ථානයේදීම ඊයේ රාත්‍රි 10.00 ට පමණ සිදු කර තිබෙනවා.

    පශ්චාත් මරණ පරීක්ෂණයන් අද (01) දිනයේදී ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

    ඝාතනයන් සිදුකර ඇත්තේ ඝාතනයට ලක් වූ චමිල දීපාල් රණසිංහ (37) නැමැති අයගේ නිවසේදීයි. චමිල දීපාල් රණසිංහ (37) නැමැති අය සිය නිවස ඉදිරිපිට ඇති කුරුදු වාඩියේ සමන් සුරේෂ් (30) නැමැති අය සමග කතාපහ කරමින් සිටියදී ඝාතකයින් පැමිණ ඝාතනයන් සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

    මොවුන් දෙදෙනා ඉඩ ලද සෑම විටකම පාහේ මෙසේ කුරුදු වාඩියේ කතා කරමින් සිටින බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

    සමන් සුරේෂ් (30) නැමැති අය ඝාතනය කර ඝාතකයින් ඔහුගේ හිස කඳින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් තිබුණා. ඝාතකයින් චමිල දීපාල් (37) නැමැති අයගේද හිස කඳින් වෙන් කරන්නට උත්සාහ දරා ඇති බවත් පොලිසිය සඳහන් කළා. හිස කඳින් වෙන් වෙන්නට ආසන්නව තිබියදී චමිල දීපාල් (37) නැමැති අයගේ මළසිරුර ඝාතනයන් සිදුකළ ස්ථානයේම දමා ගොස් තිබුණා.

    ඝාතකයින් විසින් ඝාතනයට ලක්වූවන්ට වෙඩිපහර 25 ක් හෝ 30 ක් පමණ එල්ල කර ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. සෑම දිශාවකටම පාහේ වෙඩි තබා තිබෙන බවත් සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතුරම් කොපු 26 ක් පොලිසීය විසින් සොයාගත් බවත් ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. මෙම හිස් පතුරම් කොපු 26 ම එම්-36 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කරන පතුරම්වල කොපු බවත් පතුරම් කොපු විසිරී ඇති ආකාරය අනුව අවම වශයෙන් එම වර්ගයේ ගිනි අවි දෙකක් වත් භාවිතා කරන්නට ඇතැයි අනුමාන කලහැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා. මෙම වර්ගයේ ගිනි අවි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් භාවිතා කරන ඒවා බවද ඌරගස්මන්හන්දිය පොලිසිය සඳහන් කරනවා.

    ඝාතනයට ලක් වූ දෙදෙනාගේ ශරීරවල වෙඩි පහරවල් 20 ක් පමණ තිබූ බවත් වෙඩි තැබීමෙන් පසු දරුණු ලෙස කපාකොටා තිබූ බැවින් වෙඩි පහරවල් ප්‍රමාණය නියත වශයෙන් කිව නොහැකි බවත් ඝාතනයන් සිදුවන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ ඝාතයට ලක් වූ දෙදෙනා පමණක් බවත් පොලීසිය පවසනවා.

    චමිල දීපාල් (37) නැමැති අය අවිවාහකයෙකු වන අතර ඔහුගේ මව, පියා හා නැගණිය අසල්වැසි නිවසකට ගොස් තිබු බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. සමන් සුරේෂ් (30) නැමැති අය මීට වසරකට පමණ පෙරදී විවාහ වී තිබෙන බවත් ඔහුට දරුවන් නොමැති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළා.

    මෙම ඝාතනයන් වසර ගණනාවක් පුරා දෙපාර්ශවයක් අතර තිබෙන කෝන්තරයක් නිසා සිදුව තිබෙන බව පොලිසිය විශ්වාස කරනවා. මෙම කෝන්තරය නිසා මෙම ඝාතනයන් දෙකත් ඇතුළුව මේ වන විට ඝාතනයන් 05 ක් සිදුව තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලිසිය පැවසුවා. මෙම කෝන්තරය ඊයේ (30) ඝාතනයට ලක් වූ සමන් සුරේෂ් (30) නැමැති අය සහ කුඩාඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි ඉන්දික මහේෂ් රණවීර නැමැති අය අතර ඇතිව තිබෙන අතර ඒ නිසාම මෙම ඝාතනයන් දෙකද ඉන්දික මහේෂ් රණවීර නැමැති අය විසින් සිදු කරන්නට ඇතැයි ඌරගස්මන්හන්දිය පොලිසිය සැක පළ කරනවා.

    සමන් සුරේෂ් (30) සහ ඉන්දික මහේෂ් නැමැති අය අතර මීට වසර 05 කට පමණ පෙර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමේන් ඉන්දික මහේෂ් විසින් 2015 නොවැම්බර් මාසයේ දිනක සමන් සුරේෂ් (30) නැමැති අයගේ පාර්ශ්වයේ දෙදෙනකු ඝාතනය කර තිබුණා. මෙසේ ඝාතනයට ලක් වු එක් අයෙක් වන්නේ සමන් සුරේෂ් (30) නැමැති අයගේ බාල සහෝදරයායි.
    එයින් මසක් ඉක්ම යන්නට මත්තෙන් සමන් සුරේෂ් (30) සහ ඔහුගේ කණ්ඩායම විසින් ඉන්දික මහේෂ් නැමැති අයගේ පාර්ශවයේ අයෙකු 2015 දෙසැම්බර් මාසයේ දිනක කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනය කර ඇත්තේ සරත් කුමාර හෙවත් බොස් සරත් නමින් හදුන්වන අයෙකු බවත් ඔහු වැලිගොඩ දැමීමේ නිරතව සිටි අයෙකු බවත් ඌරගස්මන්හන්දිය පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

    සමන් සුරේෂ් (30) විසින් බොස් සරත්ගේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් තිබුණා. සමන් සුරේෂ් (30) ඝාතනය කර ඔහුගේ හිසද කදින් වෙන්කර ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස බවටද පොලීසිය විශ්වාස කරනවා.

    ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, පොලිස් සැරයන්වරුන් වන කොඩිතුවක්කු (58466) සහ ධනපාල (28634) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



    Code:
    http://nethnews.lk/article/58853
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාතාලය මර්දනය කරා කියල ඔය බෙරිහන් දෙන්නේ ලොක්කො දෙන්නා.... ඒත් දැන් එස්ටී එෆ් තුවක්කු නේද උන් පාචිව්වි කරන්නේ?.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මේ අපේ පැත්තේ සීන් එකක් බන්.. මේ කේස් එක ගොඩක් කල් තිස්සේ අැදෙන කේස් එකක් මම අහල තියෙන විදියට.. පිල් දෙකක එවුන් මේ මරාගන්නේ. :growl::growl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙම හිස් පතුරම් කොපු 26 ම එම්-36 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කරන පතුරම්වල කොපු බවත් පතුරම් කොපු විසිරී ඇති ආකාරය අනුව අවම වශයෙන් එම වර්ගයේ ගිනි අවි දෙකක් වත් භාවිතා කරන්නට ඇතැයි අනුමාන කලහැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා. මෙම වර්ගයේ ගිනි අවි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් භාවිතා කරන ඒවා බවද ඌරගස්මන්හන්දිය පොලිසිය සඳහන් කරනවා.



    Code:
    http://nethnews.lk/article/58853


    mokakda bn e gun eka ? :nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකට කලබල වෙන්ඩ එපා ස්නයිපර් අවියකුත් අතුරුදහන් වෙලා තියෙන්නෙ..
     

    Similar threads