When it comes to Buddhist scriptures Historical criticism has proved that the original teachings of Buddha can never be known. It seems that Gautama Buddha?s teachings were memorized by his disciples. After Buddha?s death a council was held at Rajagaha so that the words of Buddha could be recited and agreed upon. There were differences of opinion and conflicting memories in the council. Opinion of Kayshapa and Ananda who were prominent disciples of Buddha were given preference. A hundred years later, a second council at Vesali was held. Only after 400 years, after the death of Buddha were his teachings and doctrines written down. Little attention was paid regarding its authenticity, genuineness and purity.
කිසිදු දහමකට කාලයත් සමඟ එය මුලින් පැවති සුපිරිසිදු තත්ත්වයේ ම පැවතිය නොහැක. මන්ද විවිධ පුද්ගලයින් ඊට තමතමන්ගේ මතවාද එක් කරන බැවිනි. මේ ගැටලුවට මහ ථෙරවරු අපූරු ප්‍රතිකර්මයක් යෙදුවෝ ය. එනම් කාලයෙන් කාලයට ලෝකයේ සිටින ප්‍රධානතම ථෙරවරුන් එක්ව ධර්මය සාකච්ඡා කිරීම යි. "ධර්ම සංගායනා" නැතහොත් "ධර්ම සංගීති" යනුවෙන් හැඳින්වෙන්නේ මේවායි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පවත්වන ලද ධර්ම සංගායනා 7 කි.
1.සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසුව අජාසත් රජුගේ අනුග්‍රගයෙන් දඹදිව රජගහ නුවර පැවති ප්‍රථම මහා ධර්ම සංගානයාව.
2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් හරියටම වසර 100කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් දඹදිව විශාලා මහනුවර පැවති දෙවන මහා ධර්ම සංගායනාව.
3.සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පසුව ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් දඹදිව පාටලීපුත්‍රයේ පැවති තෙවන මහා ධර්ම සංගායනාව
4.සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 400 කට පසුව වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් මාතලේ අලුවිහාරයේ පැවති සිව්වන මහා ධර්ම සංගායනාව. බුදු දහම ග්‍රන්ථාරූඪ කෙරුණේ මෙහිදී ය.
5.මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව. 1151 දී පැවති ධර්ම සංගායනාව. මෙය ප්‍රධාන ධර්ම සංගායනා අතරට නොගැණේ.
6.ක්‍රි.ව.1871දී බුරුමයේ මින්ඩොන් මහ රජුගේ අනුග්‍රහයෙන් බුරුමයේ මැණ්ඩලේ හි පැවති පස්වන මහා ධර්ම සංගායනාව.
7.ක්‍රි. ව. 1954දී බුරුම රජයේ අග්‍රාමාත්‍ය යූ නූ ගේ ආරාධනයෙන් රැන්ගුන් හි කාබා ආයේ හි පැවති සයවන මහා ධර්ම සංගායනාව.
බොහෝ දෙනා සිතා සිටින්නේ ධර්ම සංගීතියක් යනු භික්ෂූන් වහන්සේලා සමූහයක් එක්ව ධර්මය සඣ්ඣායනා කරන අවස්ථාවක් කියා ය. මෙය මුළුමනින්ම වැරදි මතයකි. ධර්ම සංගීතියකදී සිදුවන්නේ එවකට පැවතගෙන එන ධර්මයේ (සූත්‍ර, විනය, අභිධර්ම පිටක වල) වචනයෙන් වචනය ගෙන සාකච්ඡා කිරීමයි. එහිදී එම ථෙරවරුන් අතර එම වචනයන්හි තේරුම් පිළිබඳව වාද විවාද ඇතිවේ. බොහෝ වචන පිළිබඳව සැක මතු නොවුණද සියලු දෙනාට එක සේ එකඟවිය නොහැකි ස්ථානයක් වෙතොත් ඒ ගැන ඉතා ගැඹුරට සාකච්ඡා වීම සිදුවේ. සංගායනාව අවසන් වන්නේ සෑම වචනයක් පිළිබඳව ම පොදු එකඟතාවක් ථෙරවරුන් අතර ඇති වූ විට පමණි.
මේ අතරින් ඉතාම මෑතකදී බුරුමයේ පැවති සයවන මහා ධර්ම සංගායනාවේදී එසේ විවාදයට ලක් වූ කරුණු බොහොමයකි. පාරාජිකාපාලියේ වේරඤ්ජා කාණ්ඩයේ එන 'පත්ථ පත්ථ පුලකං' යන පාඨය ඉන් එකකි. එම සංගායනාවේදී ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය නියෝජනය කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ඇතුලු භික්ෂු පිරිස කියා සිටියේ මෙම පාඨය නිවැරදි බවයි. නමුත් බුරුමයේ පොත්පත් වල සහ පස්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව ශිලා ලේඛනගත කළ පාරාජිකා කාණ්ඩ වල තිබුණේ 'පත්ථ පත්ථ මුලකං' කියා යි. එබැවින් මේ 'මුලකං' යන පාඨය වැරදි යැයි පිළිගැනීමට බුරුමයේ මහථෙරවරුන් කැමති වූයේ නැත. හලායුධ කෝෂාදී පැරණි සංස්කෘත ශබ්දකෝෂ වලට අනුව 'පුලාක' යනු 'යවසාල්' යන්නයි. (යවසාල් යනු අශ්වයන්ට ආහාරයට දෙන ධාන්‍ය වර්ගයකි). 'මුලක' යනු විෂ මුල් වර්ගයකි. නමුත් අවසානයේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ශුද්ධ මාගධී, අර්ධ මාගධී සංස්කෘත සහ ප්‍රාකෘත භාෂා වලින් උදාහරණ ගෙනහැර දක්වමින් මෙම පාඨය පැහැදිලි කිරීම නිසා සියලුම හිමිවරුන්ට, නිවැරදි කුමක්ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ලැබිණි. එම මහ ථෙරවරුන් මෙවන් සුලු කරුණු පිළිබඳව ද ඉතා ගැඹුරු ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම නිසා දැනට ලෝකයේ පවතින නිර්මල ථෙරවාදී ත්‍රිපිටක ග්‍රන්ථ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ වචන ම බවට කිසිදු සැකයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිගත හැක....
ධර්ම සංගායනා යනු බෞද්ධ දර්ශනයට පමණක් ආවේණික සංකල්පයකි. වෙනත් ආගම් වල ශාස්තෘවරයන් විසින් දේශිත ධර්මය නැවත සාකච්ඡාවට වරම් නැත. එම ආගම් වල දෙවියන්ගේ ධර්මය නැවත විචාරා සිටීම මහා පවකි. නමුත් බුදුරජාණන් වහන්සේ තම ධර්මය විචාරයෙන් තොරය පිළිනොගන්නා ලෙසට සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම දේශනා කළේ මෙසේ ය.
“මහණෙනි, දක්ෂ රන්කරුවකු උණූ කිරීමෙන් හා උරගලෙහි ඇතිල්ලීමේන් රන්වල නියම ස්භාවය දැනගන්නා පරිද්දෙන් විචාරාත්මක පරීක්ෂාවෙන් මිස මා කෙරෙහි ඇති ගෞරවය නිසා මාගේ ධර්මය පිළිනොගත යුතුය.”
බුදු දහමේ එන, විමර්ශනයේ වැදගත්කම හෙළිකරන තවත් මහඟු ධර්ම කොටසක් නම් නම් "කාලාම සූත්‍රය"යි. කාලාම නම් ජනපදයේ වැසියන් පැමිණ ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරක් ලෙස බුදුරජාණන්වහන්සේ මෙය දේශාකර වදාළ සේක. එම ගැටලුව මෙයයි.
"බුදුරජාණන් වහන්ස, නොයෙක් කාලයන් වල නානාප්‍රකාර ශාස්තෘන් වහන්සේලා පැමිණ අපට නානාප්‍රකාර ධර්ම දේශනා කර යති. නමුත් මෙම සිය ගණනක් වූ ධර්මයන් අතරින් නිවැරදි කුමක්දැයි අප නිර්ණය කරන්නේ කෙසේද?"
ලොව මෙතෙක් පහළ වූ අනෙක් සෑම ශාස්තෘන් වහන්සේ නමක්ම මෙවන් අවස්ථා වලදී දුන් පිළිතුර නම් තමා දේශනා කරන ධර්මය පමණක්ම නිවැරදි බවත් අනෙක් ධර්මයන්ට සවන්දීම වත් නොකරන්න යන්න ය. වෙනත් ධර්මයන්ට සවන්දීම පමණක් නොව සිතීම ද පාපයක් ලෙසයි ඔවුන් ප්‍රකාශකර සිටියේ. බුදුරජාණන්වහන්සේට ද කාලාම වැසියන් තමාට අවනත කරගනු පිණිස තම ධර්මය පමණක් නිවැරදි යැයි කියා සිටිය හැකි වුවද උන්වහන්සේ එසේ නොකළේ ය. ඒ වෙනුවට උන්වහන්සේ ඉහත පැනයට දේශනා කොට වදාළ පිළිතුර අන් සෑම ආගමික ශාස්තෘන්වහන්සේ නමකටම ආදර්ශයකි. එනම්,
කාලාමයෙනි,
යම් දහමක් ඇසූ පමණින් පිළි නොගන්න.
පරම්පරාවෙන් පැවත එන නිසා (දෙමාපිය, නෑදෑයන් ඇදහූ නිසා) පිළි නොගන්න.
පොත්පත් වල තිබූ පමණින් පිළි නොගන්න.
වඩාත් තර්කානුකූල වූ පමණින් (ප්‍රබලම තර්කය ඉදිරිපත් කළ පමණින්) පිළි නොගන්න.
නමුත්,
තම බුද්ධි ප්‍රමාණයෙන් ගැඹුරින් සළකා බලා බුද්ධියට ගෝචර වේ නම් පමණක් පිළිගන්න........






) mama kathara gama giya welawe mama dakka athi tharam senaga puuja watti aragena yanawa wandana maana karanna (dan mama mokada ehe giye kiyala ahanna epa). anika oya siri paade yaddi kiyanawa neda saman kiyala devi kenek gana? mata thiyena prashne ai Buddhist aya devi gollanta wandanna maana karanne kiyana eka ewitharak neme dan pansal walath thiyenawa neda podi kovi kaali?

