Storemate pos system

BAASU

Junior member
  • Aug 19, 2020
    31
    70
    18
    ශ්‍රී ලංකාවේ POS System වල ගණන් යන්නේ රු 25,000 එහාට. ගොඩක් ඒවා 25000, 50,000, 75,000, 100,000... ඔය වගේ ගණන්.

    නමුත් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ වගේ ගානක් එක පාර දාන්න අමාරුයි. එයා හිතනවා මීට වඩා හොඳයි මම බිල් ටික අතින් ලියල ඒ ගානත් Business ආයෝජනය කරානම් හොඳයි කියලා.

    ඉතින් මේකට විසඳුමක් විදිහට අපි තීරණය කරා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඒගොල්ලොන්ට දරාගන්න පුළුවන් ගානට POS System එකක් කරන්න. මේක පටන් ගන්නෙ රුපියල් 500ට ලොකු මුදලක් එක පාර දන්නේ නැතුව. මේක කියපු ගමන් ඔලුවට එන්නේ මේ software එක රුපියල් පන්සීයට විකුණනවා වගේ. නමුත් එහෙම එකක් නෙවෙයි එතන තියෙන්නේ. මේක වෙනමම Concept එකක්.

    අපි මේ රුපියල් 500 මාසික මුදලක් ගෙවන්න වෙනවා කියන්නේ, ප්‍රධාන හේතු කිහිපයක් නිසා.

    1. සොෆ්ට්වෙයා එක Online තියෙන නිසා ඕනම තැනක ඉඳලා සිස්ටම් එකට access කරන්න පුළුවන් ෆෝන් එකෙන් වුණත්.
    2. computer එකට මොකක් හරි වේලාව හානියක් වුණත් data ටික නැති වෙන්නේ නෑ
    3. computer එකේ slow ගතිය හිර වෙන ගතිය කිසිම විදියකට බලපාන්නෙ නෑ
    4. මේක run වෙන්නේ තනිකරම chrome එකේ
    5. වැදගත්ම දේ තමයි අපිට ඔයාලට support එක දෙන්න ලේසියි. මොකද ඔයාලගේ Permission ඇතුව ඔයාලගේ සිස්ටම් එක access කරලා ඔයාලට උදව් කරන්න පුළුවන්

    ඉහත Services වලට අමතරව අපි මේ පහත services කරලා දෙනවා රුපියල් 5000 ට. මේක එක පාරක් ගෙවන්න තියෙන එකක්. මාසිකව නෙවෙයි.

    හැබැයි මේක අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා එකක් නැහැ. අපේ youtube channel එකක් තියෙනවා. user manual එකක් තියෙනවා. මේවා බලන ඔයාලට මේ පහල දේවල් ඔයාලටම කරගන්නත් පුලුවන්.

    1. ඔබගේ වර්තමාන Product සහ services සියල්ල upload කර දීම. (up to 10,000 products)
    2. වත්මන් Stock Balance එක upload කර දීම.
    3. පවතින පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සියල්ල upload කර දීම
    4. පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ opening balance එක upload කර දීම
    5. Storemate මෘදුකාංග පිළිබඳ උපදෙස් ලබා දීම.
    6. ඔබේ කැමැත්ත පරිදි පාරිභෝගික බිල්පත් / Invoices සකසා දීම.
    7. Printer එකට අනුව Invoice customize කිරීම
    දැනට තියෙන industry ප්‍රශ්නයක් තමයි සිස්ටම් එක දැම්මට පස්සේ දාපු කට්ටිය හොයාගන්න නැති එක. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි මාසික මුදලක් අරන් එයාලට හැමදාම Support එක දෙනවා. ඉතින් අපේ business model එකේ විදියට අපි පොඩි ගානක් ගත්තත්, මේ වගේ පොඩි ගණන් ගෙවන අය ලංකාව පුරා විහිදිලා ඉන්න හින්දා අපිට වෙනම Team එකක් Maintain කරන්න පුළුවන්.

    මේ සිස්ටම් එක අපිම හදපු එකක් නෙවෙයි. අපි මේක licence වලට ගෙවලා ගත්ත එකක්. නමුත් ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට අපි මේක customize කරනවා.

    මාසික මුදල ගෙවන්න ලේසි වෙන්න Payhere Connect කළ තියෙන්නේ එකෙන් ඔයාලගේ Debit හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. Bank Deposit වුණත් පුළුවන්.

    මේකේ තව packages අපි හදල තියෙනවා. රු.500 ට දෙන්නේ එක user කෙනෙක්ට. සාමාන්‍ය ෂොප් එකක් කරන එක්කෙනෙකුට මේක හොඳටම ඇති. නමුත් ඊට වඩා user accounts ඕනි නං රුපියල් 1000, 2000 වගේ Packages තියෙනවා. https://storemate.lk/pricing/

    කාට හරි මේක මාසෙකට ගෙවන්න අමාරුනම් එකපාර අවුරුද්දටම ගෙවන්නත් පුළුවන්. එතකොට මාස දෙකක Discount එකකුත් හම්බෙනව. කාට හරි මේක Online කරන්න අමාරු නම් මේකේ offline version එකකුත් තියෙනවා. කාට හරි මේක ඔන්ලයින් lifetime ගෙවන්න ඕනේ නම් එහෙම පැකේජ් එකකුත් තියෙනවා.

    මේ සිස්ටම් එක ලංකාවේ ගොඩක් ශොප් වලට use කරන්න පුළුවන්.

    - සාමාන්‍ය දෘඩාංග සාප්පු, තීන්ත සාප්පු, යන්ත්‍ර උපකරණ, නියෝජිතයින් සහ බෙදාහරින්නන්
    - පාවහන් ප්‍රදර්ශනාගාර, පාවහන් නියෝජිතයින් සහ බෙදාහරින්නන්
    - විලාසිතා වෙළඳසැල්, රෙදි සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන්
    - පොත් සාප්පු, සන්නිවේදන, නියෝජිතයින් සහ බෙදාහරින්නන්
    - ගෘහ විදුලි සාප්පු, පරිගණක සාප්පු, ජංගම දුරකථන සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන්
    - සිල්ලර බඩු, මිනි සුපර් මාකට්
    - සාමාන්‍ය ෆාමසි, වෛද්‍ය බෙහෙත් ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන
    - පේස්ට්රි සාප්පු, බේකරි, යුෂ බාර්

    දැන් ඔයා හිතන්න පුළුවන් ඔයාට තියෙන්නේ services බිස්නස් එකක්, මගේ බිස්නස් එකේ stock කතාවක් නෑ කියලා. ඔව් ඒකත් මේකෙන් manage කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Beauty Saloons, service stations වගේ දේවල්.

    මේ සිස්ටම් එකට මේ වගේ දේවල් කරන්න පුළුවන්

    - POS Terminal & Billing - විකුණුම් බිල්පත් සැකසීම, විවිධ ගෙවීම් ක්‍රම මගින් විකුණුම් බිල් කිරීම, වට්ටම් සහ පාරිභෝගික තොරතුරු ද ඇතුලත් කරමින් invoice print කිරීමේ හැකියාව

    - Stock Management - සෑම විටම තොග මට්ටම කලමණාකරණය කරමින් තොග ගැලපුම් කිරීම සහ නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය දනගැනීමේ හැකියාව

    - Barcode Printing - ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව

    - Bar Code Scanning - ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, නිෂ්පාදනවල මුද්‍රණය කර ඇති barcodes read කරමින් invoice සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව

    - Expenses & Cash Flow - ඔබගේ ව්‍යාපාරයේ සිදුවන මූලික වියදම් (සේවක වැටුප්, බිල්පත් වියදම් ආදිය) සටහන් කිරීමටත් ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිලිබදව දැන ගැනීමේ හැකියාව

    - Cash & Credit payment handling - අත්පිට මුදලට හා ණයට සිදු කරන විකුණුම් මෙන්ම ගැණුම් invoices සකසමින් ඊට අදාල සියලු ගෙවීම් සිදුකිරීමේ හැකියාව

    - Monthly Reports - ව්‍යාපාරයේ ගනුදෙනු පිලිබදව මාසික වාර්තාවන් සහ දෛනික වාර්තාවන් ඔබටම බලා ගැනීමේ හැකියාව

    - Multi Stores Management -
    ඔබගේ ව්‍යාපාර කීපයක් හෝ එකම ව්‍යාපාරයේ ශාඛා කීපයක් එකම system එකක් තුළ වෙන වෙනම manage කරමින් තොග පාලනය ද සිදු කිරීමේ හැකියාව

    - Product Warranty - ඔබ කැමති කාල සීමාවක් තෝරාගෙන භාණ්ඩ සඳහා වගකීම් සහතික නිකුත් කරමින් Invoices තුළ එය සටහන් කිරීමේ හැකියාව

    - Product Expiry - නිශ්පාදිත දිනය සහ කල් ඉකුත්වන කාලය ඇතුළත් කළ පසු කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම සීමා කිරීමට ඇති හැකියාව

    - Alerts - තොගය නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය, ගනුදෙනුකාර පාර්ශ්වයන් හට ගෙවිය යුතු ගෙවීම් හා ඔවුන්ගෙන් ලැබිය යුතු ලැබීම් පිලිබදව පෙර දැනුම් දීම්

    - Customer Groups - ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් විවිධාකාරයෙන් වර්ගීකරණය කරමින් සුවිශේෂී විකුණුම් මිලක් සහ වට්ටම් ලබාදීමට ඇති හැකියාව

    - Product Discounts - භාණ්ඩ සඳහා වට්ටම් මෙන්ම භාණ්ඩ කීපයක් සඳහා එකවර වට්ටම් ලබා දෙමින් විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව

    - Purchasing & Purchase return - සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීම් හා භාණ්ඩ ආපසු හරවා යැවීම් සටහන් කිරීමේ හැකියාව

    - Sales & Sell returns - භාණ්ඩ විකුණුම් සහ නැවත භාණ්ඩ ලැබීම් සටහන් කරමින් තොග කළමනාකරණය කිරීමේ හැකියාව

    - SMS/Email Notifications - ගනුදෙනුකාර පාර්ශ්වයන් හට SMS සහ EMAIL පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව

    - Payment Options - විවිධ ගෙවීම් ක්‍රම මගින් සියලු ගනුදෙනු කිරීමට ඇති හැකියාව

    - Sales Commissions - විකුණුම් කොමිස් නියෝජිතයන් වෙනුවෙන් Invoice අගය මත ව්කුණුම් කොමිස් මුදලක් ලබාදීමට ඇති හැකියාව

    - Trending Products - ව්‍යාපාරයට අනාගත ප්‍රතිලාභ ලබාදෙන භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ඔබටම බලාගත හැකිවීම

    - Dashboard - ව්‍යාපාරයේ කාර්‍යසාධනය සරලව නිරූපණය කර පෙන්වන බැවින්,එය ව්‍යාපාරයේ තීරණ ගැනීමට පහසුවක් වීම

    - Auditable Accounts - ඔබේ ව්‍යාපාරයේ ගිණුම් වාර්තා පිරික්සමින්, සියලු ගිණුම් කටයුතු ඔබටම කරගෙන යාමේ හැකියාව

    - Stock Adjustments - තොග ගැලපුම්, හුවමාරු කිරීම් ආදිය සිදු කරමින් තොග පාලනය සහ කළමනාකරණය පහසුවෙන් කරගත හැකි වීම

    - Customizable Invoice Layouts - ඔබ කැමති ආකාරයට ඔබගේ invoice layout එක ඔබටම design කරගැනීමට හැකිවීම

    - Bundle/Combo Products - භාණ්ඩයක් සමග සේවාවක් සපයන සෑම විටම combo products යන feature එක භාවිතා කිරීමෙන් විශේෂ වාසි අත්පත් කරගැනීමට හැකිවීම

    https://storemate.lk/features/

    මේ සිස්ටම් එක use කරන්නෙ කොහොමද කියලා අපි Youtube Channel එකකුත් කරගෙන යනවා. එතකොට ඒකෙ System එක පාවිච්චි කරන්න ඕනි කොහොමද කියලා සිංහලෙන් කියලා දෙන tutorials ගොඩක් තියෙනවා.

    youtube channel

    සිස්ටම් එක දුවන්න අවශ්‍ය hardware ත් අපි ළඟ තියෙනවා. සිස්ටම් එක ගන්නවනං ඩිස්කවුන්ට් එකකුත් දෙන්න අපි ලෑස්තියි.

    https://storemate.lk/hardware/

    දැනට අපිට මේ සිස්ටම් එකට කස්ටමස්ලා 100 විතර මුළු ලංකාව පුරා ඉන්නවා. අපි සිංහලෙන් වගේම English and Tamil සපෝර්ට් එකත් දෙනවා.




    මේ වගේ system කරන කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා. සමහරවිට මේ සිස්ටම් එකම කරන අය ඉන්නත් පුළුවන්. මොකද මේක ඕන කෙනෙක්ට මිලදී අරන් විකුණන්න පුළුවන්නේ. එකේ කිසි තහනමක් නෑ. නමුත් අපේ main focus එක හොඳ customer service එකක් දෙන එක. එයාගේ බිස්නස් එක කරගෙන යන්න මේ සිස්ටම් එක උදවු කරන්නේ කොහොමද කියල එයාලට කියල දෙන එක. එක එක practical ප්‍රශ්න ආවම ඒවට විසඳුම් කොහොමද දෙන්නෙ කියලා කියලා දෙන එක. එයාලගේ බිස්නස් එක තව තව වැඩි කරගන්න, තව තව දියුණු කරගන්න, මේ සිස්ටම් එකේ දෙන සපෝට් එක පැහැදිලි කරල දීල, කාලය ඉතුරු කරලා දීලා, අනවශ්‍ය වියදම් කපා හැරලා, ඒ මුදලත් බිස්නස් එකට ආයෝජනය කරලා තව තව දියුණු කරලා දෙන එක තමයි අපි ප්‍රධාන අරමුණ.

    මේ System එක 2021 ඉවර වෙනකොට Most Popular POS System Brand in Sri Lanka කරන එක තමයි අපේ target එක. ළඟදීම Google එකේ 1st result එකටත් ගන්නවා. කිසිම බොරුවක් කරලා නෙවෙයි. තනිකරම Customers ලට සුපිරි service එකක් දීල.

    මොනා හරි අඩුපාඩුවක් වැරද්දක් මෙතන තියෙනවා නම් කෙලින්ම කියන්න. එක අපිට මාර වැදගත්.

    එල එහෙනම් මොන හරි දෙයක් කියන්න තියෙනවා පහලින් දන්න. පුළු පුළුවන් විදියට උත්තර දෙනවා. බැන්නත් අවුලක් නෑ. 😂

    පුළුවන් නම් Bump එකක් දාගෙනම යන්න. 🙏


    අපේ Web Site එක - https://storemate.lk
    ඔක්කොම Features ටික - https://storemate.lk/features/
    මිල ගණන් - https://storemate.lk/pricing/
    Hardware - https://storemate.lk/hardware/
    නිතරම අහන ප්‍රශ්න - https://storemate.lk/faq/
    Privacy Policy - https://storemate.lk/privacy-policy/
    Terms & Conditions - https://storemate.lk/terms-conditions/
    අපේ Facebook page එක - https://www.facebook.com/storemateinventory
    Youtube Channel එක - https://www.youtube.com/channel/UCFkX9Fa-Qe6Qi4V5f0RcfSA
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,541
    14,111
    113
    yako api POS gahanne 150,00 wage
    kela wena eka ahannat deyak da me wage 500 ta wikunanakota
    පොඩි කඩ කාරයන් ට 150 දීලා ගන්න පුළුවන් ද බං? ඔය ගාන හොඳයි ලොකු කඩ වලට.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,008
    3,728
    113
    invoke db "Injected Memory"
    මමත් කම්පැනි එකක් කරන කෙනෙක් විදියට මම නම් හරිම කැමතියි රුපියල් 500 ට සිස්ටම් දාන අයට,
    මොකද සිස්ටම් එක 500 උනාට Hardware ටික ගන්න කස්ටමර් ලක්ශ ගානක් වියදම් කරන්න ඕන,

    ඉතින් ඔය ක්ලවුඩ් දාලා ටික දවසකින් හිර උනාම කස්ටමර් අනිවාර්යෙන් හොද සිස්ටම් එකක් හොයනවා, ඒ වෙලාවට කස්ටමර් ලග Hardware තියෙන නිසා සිස්ටම් එකට ලක්ශ කීයක් ගියත් අව්ලක් නැ, ඇබරෙන්නෙ නැතුව දාගන්නවා, සාමන්යෙන් හොද සිස්ටම් එකක් නම් ලංකාවෙ 25,000 ට ගන්න නැ, අඩුම ලක්ශ එක හමරෙන් 2න් උඩ තියෙන්නෙ,

    සිස්ට්ස්ම් ගැන මුකුත් ම දන්නෙ නැති කෙනෙක් ගොඩක් කැමතියි 500 යි සිස්ටම් වලට, ඒත් ටිකක් සබ්ජෙක්ක්ට් එක ගැන දැනගත්තම ඒයාලා කැමතියි හොද සිස්ටම් එකක් දාගන්න,

    ඒ නිසා 500 ට 1000 ට සිස්ටම් දාන අය ඉන්න එක මාකට් එකේ පැවැත්මට ලොකු උදව්වක්,

    සිස්ටම් එකක් දාන්න ගිහ්න්, PC ටික සෙට් කරලා Network කරලා, කේබල් මැනේජ්මට් කරන්න තමයි ඇත්තටම ලොකුම මහන්සියක් යන්නෙ, අනිත් එක මුල ඉදන් බේසික් කියලා දෙන එකට ලොකු මහන්සියක් යනවා,

    ඒක 500 යෙ කම්පැනි කරල දෙන නිසා Standalone system එකක් දාන කෙනාට තියෙන්නෙ software එක Install කරලා, Cloud system එකෙන් Products ටික Import කරලා දෙන්න විතරයි, ඒක ලොකු සපොර්ට් එකක් අනිත් කම්පැනි වලට.
     

    BAASU

    Junior member
  • Aug 19, 2020
    31
    70
    18
    yako api POS gahanne 150,00 wage
    kela wena eka ahannat deyak da me wage 500 ta wikunanakota

    ඔව් මචන් එහෙම seen එකක් තියෙනවා. But බලහන්කො Quickbooks වගේ ඒවත් $5 ඉදන් තියෙනවා. මේක අපි නොකරත් මොකෙක් හරි කරනවා. එක නවත්තන්න බෑ. ඉතින් එහෙම වෙනකොට තමයි අලුත් concept එන්නේ. අලුත් අලුත් දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ. අන්තිමට රටත් දියුණු වෙනවනේ බන්.

    ඉතින් ඒවට negative වෙන්නේ නැතුව අලුත් දෙයක් කරන්න බලමු. එතකොට තමයි ජාතියක් වශයෙන් අපි ගොඩ යන්නේ. නැත්තන් හැමදාම එකම ටොපිය කකා ඉන්න එකනේ.
     
    • Like
    Reactions: RLT4U and Smartm

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,149
    1
    16,395
    113
    Black Pearl
    Good solution cloud is the way to go :)
    Backend eka infra hariyata cluster karala resources manage karanna haduwanam ona tharam scale wenna puluwan
     

    BAASU

    Junior member
  • Aug 19, 2020
    31
    70
    18
    ඔව් මචන් මන් එක උඩ කියල තියෙනවා. අපේ තියෙන්නේ වෙන concept එකක්. කොච්චර System තිබ්බත් ඒවා මිනිස්සුන්ට use කරගන්න Support එකක් නැත්තන් වැඩක් නෑ.

    මමත් කම්පැනි එකක් කරන කෙනෙක් විදියට මම නම් හරිම කැමතියි රුපියල් 500 ට සිස්ටම් දාන අයට,
    මොකද සිස්ටම් එක 500 උනාට Hardware ටික ගන්න කස්ටමර් ලක්ශ ගානක් වියදම් කරන්න ඕන,

    ඉතින් ඔය ක්ලවුඩ් දාලා ටික දවසකින් හිර උනාම කස්ටමර් අනිවාර්යෙන් හොද සිස්ටම් එකක් හොයනවා, ඒ වෙලාවට කස්ටමර් ලග Hardware තියෙන නිසා සිස්ටම් එකට ලක්ශ කීයක් ගියත් අව්ලක් නැ, ඇබරෙන්නෙ නැතුව දාගන්නවා, සාමන්යෙන් හොද සිස්ටම් එකක් නම් ලංකාවෙ 25,000 ට ගන්න නැ, අඩුම ලක්ශ එක හමරෙන් 2න් උඩ තියෙන්නෙ,

    සිස්ට්ස්ම් ගැන මුකුත් ම දන්නෙ නැති කෙනෙක් ගොඩක් කැමතියි 500 යි සිස්ටම් වලට, ඒත් ටිකක් සබ්ජෙක්ක්ට් එක ගැන දැනගත්තම ඒයාලා කැමතියි හොද සිස්ටම් එකක් දාගන්න,

    ඒ නිසා 500 ට 1000 ට සිස්ටම් දාන අය ඉන්න එක මාකට් එකේ පැවැත්මට ලොකු උදව්වක්,

    සිස්ටම් එකක් දාන්න ගිහ්න්, PC ටික සෙට් කරලා Network කරලා, කේබල් මැනේජ්මට් කරන්න තමයි ඇත්තටම ලොකුම මහන්සියක් යන්නෙ, අනිත් එක මුල ඉදන් බේසික් කියලා දෙන එකට ලොකු මහන්සියක් යනවා,

    ඒක 500 යෙ කම්පැනි කරල දෙන නිසා Standalone system එකක් දාන කෙනාට තියෙන්නෙ software එක Install කරලා, Cloud system එකෙන් Products ටික Import කරලා දෙන්න විතරයි, ඒක ලොකු සපොර්ට් එකක් අනිත් කම්පැනි වලට.

    සිරා කතාව. මේක 500ට දුන්නට මාරම advanced features මේකේ තියෙනවා. උබ කියන කතාව හරි. ගොඩක් උන් හිතන්නේ 500ට දුන්නම මේක මෙලෝ වැඩක් නැති software එකක් කියල. නමුත් අවුලක් නෑ. මොකද ඕනෑම රටක අලුත් concept එකක් එනකොට ඉස්සෙල්ලම කරන්නේ එකට බනින එක.

    හැබැයි ඒ එකක් වත් වැටුනේ නැනේ. අද හැමෝම හොඳ කියනවා.

    මේකත් එහෙම තමයි. මන් හිතන විදියට අලුත් දෙයකට මිනිස්සු බනිනවා නම් ඒ concept එක success වෙන්න තියෙනවා chance එක පට්ට වැඩි. එහෙම බනින්නේ එක උන්ට threat එකක් නිසා.

    අපිට hardware company කීපයක්ම කතා කරත් එක්ක එයාලත් එක්ක partnership එකකට යන්න.


    ඒ කියන්නෙම වැඩේ හොදයි කියන එකනේ.
    ------ Post added on Jan 15, 2021 at 1:41 PM

    BUMPER

    wadagath thread ekak mcn
    තැන්ක්ස් ෆෝ ද ෆස්ට් බුම්ප් 🙏
    ------ Post added on Jan 15, 2021 at 1:43 PM
     
    • Like
    Reactions: hodakolla

    BAASU

    Junior member
  • Aug 19, 2020
    31
    70
    18
    Good solution cloud is the way to go :)
    Backend eka infra hariyata cluster karala resources manage karanna haduwanam ona tharam scale wenna puluwan

    ඔව් මචන්. ටික දවසක් යනකොට ඒ Requirment එකත් එනවා. දැනට Load Balancer එකක් දාල, Manage Database එකක host කරලා තියෙන්නේ.
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,525
    464
    83
    ║█║™ - තමා
    මේක උබලාම හදපු සිස්ටම් එකක්ද නැද්ද කියන්න මම දන්නේ නම් නෑ. හැබැයි කන්සෙප්ට් එක මරු.
    අපිත් මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසාත් අපි ගහන සිස්ටම් වල ගණන් දන්න නිසාත් මේ වගේ සිස්ටම් එකක් පොඩි පොඩි බිස්නස් කරන අයට හොදයි.


    හැබැයි මේ සිස්ටම් එක උබලගේ එකක් නෙමේ කියලා මම දන්නවා. ;) උබලට ආෆ්ටර් සර්විසස් හරියටම කරන්න පුළුවන් නම්. කස්ටර්මර් ට එන ප්‍රශ්න ඒ වෙලේම විසදලා දෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ