බොලිවුඩ් නිළි 'සනී'ට පෙර වැරදි පරහට හිටලා
නැගී එන බොලිවුඩ් නිළියක් වන සනී ලියොන්ට (Sunny Leone) ජනපි‍්‍රය බොලිවුඩ් නිළියක් බවට පත්වීමට ඇති ඉඩකඩ ඇහිරී ඇතැයි වාර්තා වේ.
ඊට හේතුවී ඇත්තේ ඇයගේ පෙර වැරදි බවද පැවසේ.
සනී මීට පෙර අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ බව සිනමා ක්ෂේත්රය තුළ ප්‍රසිද්ධ රහසකි.
කෙසේවුවද ඈ පසුගිය කාලයේදී නිල් සිනමාවෙන් ඈත්වීමට තීරණය කර තිබිණි.
ඒ සනීට බොලිවුඩ් සිනමා පටයක රඟපෑමේ වරම් හිමිවීම නිසාය.
‘ජිස්ම් - 2’ බොලිවුඩ් සිනමා පටයේ රඟපෑමට ඇයට මෙලෙස ආරාධනා ලැබී තිබේ.
(මෙහි පළමු කොටස වනිජිස්ම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ බිපාෂා බාසුය)
මේ ආරංචියත් සමග මේ දිනවල සනී පෙනී සිටි අසභ්‍ය චිත්‍රපට අඩංගු ඩී.වී.ඩී. සහ සී.ඩී. තැටිවලට කොල්කටා නගරයේ වැඩි ඉල්ලුමක් ඇතිවී ඇතැයි පැවසේ.
ඒ අලෙවිය වැඩිවීමත් සමග සනී අපහසුතාවට ලක්ව ඇති බවද වාර්තා වේ.
බොලිවුඞ් නිළියක ලෙසින් තම ප්‍රතිරූපය ගොඩ නංවා ගන්නට සිහින පුරණ ඇයට එම සිහිනය සැබෑකර ගැනීමට මේ අනුව නොහැකි වනු ඇති බව සිනමා විචාරකයන්ගේ මතයවී තිබේ.





