Super, Gold, Smart නම්_තහනම්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Super, Gold, Smart ආහාර වෙළද නාම තහනම් ඉදිරි මාස ඇතුළත නම් වෙනස් කරන්නලු

    collage.png


    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් අවුරුදු 15 ක් පැරණි රෙගුලාසියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආහාර නිෂ්පාදකයින්ට ‘super’, ‘smart’, හෝ‘gold’ යන වෙළඳ නාම තහනම් කර තිබෙනවා.

    1980 අංක 26 දරණ ආහාර පනත යටතේ නිකුත් කරන ලද අසාමාන්‍ය ගැසට් පත්‍රය යටතේ 2005 ආහාර රෙගුලාසි මේ වන විට මාස තුනක සහන කාලයක් සහිතව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා.

    මෙය රයිගම්, මැලිබන් සහ මන්චි වැනි විශාල වෙළඳ නාම සඳහා දැඩිව බලපානු ලබයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අතිරේක සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ පවසන්නේ විද්‍යාත්මකව ඔප්පු කර නොමැති නම් පාරිබෝගිකයන් නොමග යවන ලෙස ආහාර නිෂ්පාදනවල නම් යොදා නොගන්නා ලෙසයි.

    තම නිෂ්පාදන වල තියෙන සුපිරි බව සනාථ කිරීමට හෝ නිෂ්පාදනවල නම් වෙනස් කිරීමට මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.


    Source: Gossiplanka
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෝසි ආච්චි;25100165 said:
    දැන් එතකොට අපි මෙච්චර කල් රත්තරන් නෙවේද කාලා තියෙන්නේ :angry::oo:
    ස්මාට් ක්‍රීම් ක්‍රැකර් කියල එකකුත් තියේ නේහ් බං?:confused::confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගමන්ම වෙළඳ දැන්වීම් වල කියන ඒවත් විද්‍යාත්මකව තහවුරු කරලද තියෙන්නෙ කියල බැලුවොත් හොඳයි :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ගමන්ම වෙළඳ දැන්වීම් වල කියන ඒවත් විද්‍යාත්මකව තහවුරු කරලද තියෙන්නෙ කියල බැලුවොත් හොඳයි :yes:

    How to Lie with Statistics
    Book by Darrell Huff
    ඕක කියවන්න. ඔය කියන දේ කරන්න බැරි වැඩක්. උන් කියන දේවල් විද්‍යාත්මකව තමා කියන්නෙ. කෝ සාක්ශි ඇහුවොත් පෙන්නන්න කරපු පරීක්ශණ ප්‍රතිඵලත් තියෙනව. සාම්පල් පොඩි කරල උන්ට ඕනෙ ප්‍රතිඵලේ එනකං කරල ඒක දානව දැන්වීම් වලට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    How to Lie with Statistics
    Book by Darrell Huff
    ඕක කියවන්න. ඔය කියන දේ කරන්න බැරි වැඩක්. උන් කියන දේවල් විද්‍යාත්මකව තමා කියන්නෙ. කෝ සාක්ශි ඇහුවොත් පෙන්නන්න කරපු පරීක්ශණ ප්‍රතිඵලත් තියෙනව. සාම්පල් පොඩි කරල උන්ට ඕනෙ ප්‍රතිඵලේ එනකං කරල ඒක දානව දැන්වීම් වලට.
    උන් පෙන්නන එක හුස්‌ ගාල පිළිඅරන් හරියන්නේ නෑ පුළුවන් තරං ගැට දාල හිරකරන්න ඕනේ වැඩේ අමාරු වෙන්න.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් පෙන්නන එක හුස්‌ ගාල පිළිඅරන් හරියන්නේ නෑ පුළුවන් තරං ගැට දාල හිරකරන්න ඕනේ වැඩේ අමාරු වෙන්න.

    ඕක හිතන තරං ප්‍රායෝගික නෑ. එහෙම කලොත් උන්ට තඩි raw data sheet තමා පෙන්නන්න වෙන්නෙ දැන්වීම් වලට :rofl: උඹල ඒව කියෝනවද ? :rolleyes: නෑනෙ. ඔහොම කරන්න ගියොත් expire date එකවත් ගහන්න බැරුව යනව :sorry: