Sorry if repost..
Got it from WhatsApp....
කාලයත් එක්ක හුරුවෙච්ච ජීවන රටාවෙ ටීවී බලන්න ඉඩක් ඇත්තෙම නැති ගානයි. වෙලාවක් ලැබුණු හැම වෙලාවෙම එක්කො ලැප්ටොප් එකේ නැත්තන් පොතක එහෙමත් නැත්තන් සනීපෙට කොට්ටෙක මූණ ඔබාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්න එක පොඩ්ඩකට වෙනස් වුණා අද උදේ, කෑම පිඟානත් බෙදාගෙන ඇවිත් වාඩිවුණා සාලෙ මැද්දෙ තියෙන ටීවී එක ඉස්සරහා.
අමුතු විදියේ වැඩසටහනක් දැක්ක නිසා ටිකක් උවමනාවෙන් බැලුවා මේ සමයම මොකද්ද කියලා. එක අම්මෙක් වේදිකාවක උඩ පැන පැන නටනවා පොඩි පුතෙක් එක්ක, තව අම්මෙක් බිම පෙරලීගෙන නටනවා දුවෙක් එක්ක. මොකද්ද මේ බැලින්නං තෝරනවා "සුපර් මම්"!!
අපි ජීවත් වෙන්නෙ එතකොට අම්මා ළමයාව බදාගෙන උඩ දාගෙන නැටුවම සුපර් මම් වෙන රටකද එතකොට? මමත් දැකලා තියෙනවා සුපර් මම්ලා ඕනතරම්, හැබැයි මගේ සුපර් මම් එකේ ඩෙෆිනිෂන් එක මීට වඩා ගොඩාක් වෙනස්.
උදේ පාන්දර නැගිටලා ළමයි දෙන්නා කන්න කැමති කැමති එක එක විදියට ව්‍යාංජන හතරක් පහක් හදලා ළමයි දෙන්නව නැගිට්ටවලා මූණ කට හෝදවලා ඇඳුම් අන්දවලා කොන්ඩ කරලුත් ගොතලා බතුත් කවලා ඉස්කෝලේ යවලා තමනුත් ලෑස්ති වෙලා සාරියකුත් දඩ බඩ ගාලා පටලවාගෙන රතු ඉර වදින්න කලින් ඔපිස් එකටත් දුවපු සුපර් මම් කෙනෙක්.
ආයෙමත් ඔපිස් ඇරිලා ක්ලාස් එක ලඟට ගිහින් ළමයාවත් අරන් රෑට රෑ වෙලා ගෙදර ඇවිත් ඇඳගෙන ගිය ඇඳුම් පිටින්ම රෑට කෑමත් උයලා කන්නත් දීලා මහන්සි ඇරගන්න පුටුවකින් වාඩිවෙලා රිදෙන අතපය තනියෙම අතගාගත්තු සුපර් මම් කෙනෙක්.
(උදේ නැගිටලා දඩබඩ ගාලා ලෑස්ති වෙලා අන්තිම තත්පරේ ඔපිස් දුවන මම අද තාමත් කල්පනා කරනවා මගේ සුපර් මම් අච්චර හරියක් උදේට කරේ කොහොමද කියලා.)
ගොඩාක් නිවාඩු නැති ෆ්ලෙක්සි අවර්ස් නැත්තටම නැති රස්සාවක් අකුරටම හරියටම කරන ගමන් ළමයින්ගෙ ඉස්කෝලේ වැඩ පේරන්ට්ස් මීටින් අර කොන්සර්ට් මේ ඉවේන්ට්ස් එකී මෙකී නොකී හැම කෙලියකටම වෙලාව හොයාගත්තු සුපර් මම් කෙනෙක්.
ඔය ඔක්කොමත් අස්සෙ නෑදෑයන්ට යුතුකම් ඉෂ්ට කිරීම්, මරණ ගෙවල් මගුල් ගෙවල්, අවුරුදු චාරිත්‍ර, ගමන් බිමන් ඔක්කොමත් සමබරව මඟ නොහැර ඉටුකරන සුපර් මම් කෙනෙක්.
පොත් කියවන්න කොච්චර කැමති උනත් ගෙදර තියෙන තඩි පොත් රාක්කෙ දිහා වත් බලන්න වෙලාවක් නැති, සුන්දර කිවිඳියක් උනත් කවිපදයක් ලියාගන්න පෑනක් අල්ලන්නවත් වෙලාවක් නැති, එහෙම වෙලාවක් තිබ්බත් ඒ වෙලාවත් පවුල වෙනුවෙන් යමක් කරන්න වෙන්කරපු සුපර් මම් කෙනෙක්.
ගමේ පන්සල් දෙකේම දාන මාන පින්කම් නොවරදවා ඉටුකරන, පුංචි හාමුදුරුවරුන්ට අම්මෙක් වෙච්ච, යන තැනට පින් ඇතිතරම් එකතු කරගත්ත, මෙලෝ රහක් නැතුව ඔහේ ඉන්න ළමයි දෙන්නාවත් බලෙන්ම පන්සල් ඇදගෙන යන, තාත්තාටත් පින්කම් ඔක්කොම මතක් කරලා පන්සල් යවන සුපර් මම් කෙනෙක්.
ඒ තමයි මගේ ජීවිතේ සුපර් මම්. මගේ වොන්ඩර් වුමන්.
අර වගේ වේදිකාවක් උඩට එක්කන් ගිහින් නටන්න කිව්වාට නටාගන්න බැරිවෙයි, මයික් එකක් අතට දුන්නට තාලෙට සින්දුවක් කියාගන්නත් බැරිවෙයි. කොටින්ම කිව්වොත් එහෙම වේදිකාවකට එක්කන් යන්නත් බැරිවෙයි. හැබැයි ඒ හැම සුපර් මම් කෙනෙකුටම වඩා සිය ගුණයකින් වටින හැබෑම සුපර් මම් තමයි මගේ සුපර් මම්..