මේක සාපේක්ෂයි. රජයේ සාමාන්‍ය රස්සාවල් ගැන කියල වැඩක් නෑ ඒත් පරිපාලන සේවය වගේ විධායක රැකියා ගැන වචනයක් කියන්නම්. මේවගෙ වැඩ කරන්නෙ ඇත්තටම පඩියට නෙවේ. උදාහරණයක් ලෙස සහකාර ලේකම් කෙනෙක් සහකාර කොමසාරිස් කෙනෙක්ට එතරම් පඩියක් නෑ ඒ වුණත් ලැබෙන වර්ප්‍රසාද හා තත්වය ආර්ථිකවාසියකට හරවා ගැනීම හරිම පහසුයි. මම දන්න සහකාර ඉඩම් කොමසාරිස් කෙනෙක් ඉන්නවා. වැටුප ගොඩක් අඩුයි.සාමාන්‍ය රජයේ සේවකයන්ට වඩා වැඩියි. කිසොම අල්ල්සක් ගන්නෙ නෑ. ගන්නවනම් එහෙම ගන්න තියෙන අවස්තා අසීමාන්තික්‍යි. නෛතික කොමිස් ලෙස වසටකට අමතර. ලක්ෂ 15 වගේ ලැබෙනවා පඩියට අමතර. ඒත් ඒ සේරටම වඩා මේ අයට සුකෝපභෝගී ජීවිතයක් ගතකරන්න පඩියෙන් මුදල් යන්නෙ නෑ. අපි දවසට 25000 ගානෙ දීල ඉන්න හොටෙල් වල මෙයාල පවුල් පිටින් ගිහින් සති ගණන් ඉන්නව සතපහක් නොගෙවා. ඒ කෑම කනවා. ප්වුල් පිටින් අවුරුද්දට 3 වතවක් වත් ආණ්ඩුවේ වියදමින් රට යනවා. හොර බිල් ඒව ඕන්නම් දාල තව ගනන් කපා ගන්න පුලුව්න්. ඒත් මූ එහෙම කරන්නෙ නෑ. සේඉරම නෛතික ආදායම් විට්ගරයි ලබන්නෙ. ඉතින් ඒවගෙ වැටුප් සම්පූර්ණයෙන් ඉතුරුයි. ඉන්නෙ රජයේ නිවාසයක වාහනේ දෙනවා තෙල් ලීටර් ගාණට සල්ලි දෙනවා. ඊට අමතරව තියෙන බලය නිසා ලැබෙන අවස්ථාවන් ආයෙ මොන දීපංකරේ කොහෙ ගියත් ලබන්න බෑනෙ. පාරකදි පොලිස් කාරයො දැනගඝ්තම සැලියුට් කරනවා. නිකන්ම ආට් උපාදියක් තියෙන්නෙ දැක්කම එපා වෙනවා ඉතින්.