SUSTAIN - පැය දෙකක් ඇතුලත ලොව ඕනෑම තැන..

mic

Member
Nov 24, 2006
1,333
553
0
SUSTAIN - පැය දෙකක් ඇතුලත ලොව ඕනෑම තැන..

SUSTAIN - පැය දෙකක් ඇතුලත ලොව ඕනෑම තැනකට හමුදා ඛණ්ඩයක් යැවිය හැකි අමෙරිකානු අභ්‍යවකාශ යුධ සැළස්ම

SUSTAIN හෙවත් Small Unit Space Transport and Insertion යනු අමෙරිකානු මැරීන් හමුදාව (United States Marines - USMC) විසින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යුධ සැලැස්මකි. මේ සැලැස්මට අනුව ලොව ඕනෑම තැනකට, කුඩා සන්නද්ධ කොමාන්ඩෝ භට ඛන්ඩයක් යැවීමේ හැකියාව ඇමරිකාවට ලැබෙනවා.

සස්ටේන් සැලැස්මේ මූලික අංගය වන්නේ අමෙරිකානු මහද්වීපයේ හමුදා කඳවුරක සිට ගුවන් ගත කල හැකි කුඩා අභ්‍යවකාශ ගුවන්යානයක්. දැනට සැළසුම් කොට ඇති පරිදි සන්නද්ධ කොමාන්ඩෝ භටයින් 13ක හා ඔවුන්ගේ අවිආයුධ හා උපකරණ ගෙනයා හැකි ලෙස මෙම අභ්‍යවකාශ ගුවන්යානය නිර්මාණය කෙරෙමින් පවතිනවා.


spacemarines_485.jpg


පැය දෙකක් වැනි කෙටි කාලයක් තුල ලොව ඕනෑම තැනකට ගමන් කිරීමට සාමාන්‍ය ගුවන් යානයකට නොහැකි වන්නේ වායුගෝලීය ඝර්ශණය එම යානය ගමන්කල හැකි වේගය සීමා කරන බැවිනි. මෙයට විසඳුමක් ලෙස මැරීන් හමුදාව යෝජනා කරන්නේ ගුවන් කඳවුරේ සිට සෙබලුන් අභ්‍යවකාශය වෙත කක්ශගත කොට පෘථිවිය වටා අභ්‍යවකාශ යානයක් මෙන් ගමන් කරමින් සතුරු ගොඩබිම ඉහලින් යනවිට කක්ශයෙන් ඉවත්වී අවශ්‍ය ස්ථානය වෙත ගොඩ බැසීමයි. කක්ශයේදී සැතපුම් 20,000-30,000ක වේගයකින් ගමන්කල හැකි නිසා පැය දෙකේ සීමාව තුල ලොව ඕනෑම තැනකට ගොඩබැසිය හැකිබවට මැරීන් හමුදාවේ අභ්‍යවකාශ යුධ විශේෂඥයින් ගණන් බලා තිබෙනවා.

spacemarines_ss_2.jpg


සස්ටේන් අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මෙසේයි...

spacemarines_ss_3.jpg


STAGE 1 - පලමුවැනි පියවර වන්නේ මැරීන් කොමාන්ඩෝ භටයින් රැගත් යානය අභ්‍යවකාශගත කිරීමයි. මෙම යානය කුඩා බැවින් එයට තම බලයෙන් අභ්‍යවකාශ ගත විය නොහැකියි. මේ නිසා එය කැරියර් ගුවන්යානයක් (carrier aircraft) ලෙස හඳුන්වන අති විශාල ගුවන්යානයක යට බඳෙහි රඳවා එය ධාවන පථයකින් ගුවන්ගත කොට කිලෝමිටර් 10ක් පමණ ඉහල අහසට ගෙන යනවා. මෙම සීමාවේදී අභ්‍යවකාශ ගුවන් යානය කැරියර් යානයෙන් නිදහස්වී සිය ස්ක්‍රැම් ජෙට් නම් සුපර්සොනික් ජෙට් එන්ජින් වර්ගය ක්‍රියාත්මක කරමින් කිලෝමිටර් 30ක් ඉහල අහසට යනවා.

STAGE 2 - ජාත්‍යන්තර සම්මතය අනුව අභ්‍යවකාශය ආරම්භවන්නේ පෘථිවියට කිලෝමීටර් 50ක් ඉහල අහසේදීයි. යානයේ ස්ක්‍රැම් ජෙට් එන්ජින් ක්‍රියාත්මක වීමට කිලෝමීටර් 30කට වඩා ඉහල අහසේදී යාගුගෝලියා ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් මෙම සීමාවේදී යානය සිය රොකට් එන්ජින් ක්‍රියාත්මක කරගෙන කක්ශගත වෙනවා.

STAGE 3 - පෘථිවි කක්ශයේ ගමන් කරමින් ගොඩබැසිය යුතු භූමිප්‍රදේශයට ඉහලින් ස්ථානගත වන අභ්‍යවකාශ ගුවන්යානය සිය ප්‍රති-රොකට්ටු (retro-rockets) දල්වාගෙන කක්ශයෙන් ඉවත්ව සාමාන්‍ය ගුවන්යානයක් මෙන් ධාවන පථයකට, නැතහොත් මහාමාර්ගයකට ගොඩබසිනවා
.

spacemarines_ss_4.jpg


උපුටාගැනීම
http://vidya-gaweshana.blogspot.com/2012/12/sustain.html
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මුන් අපේ රටත් අල්ලයි ද දන්නේ නෑ
     
    • Like
    Reactions: mic