Suzuki GN125H නඩත්තු කටයුතු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    Suzuki GN125H නඩත්තු කටයුතු

    125CC-Gn-Cruiser-GN125H-.jpg



    *බයිසිකල් එකේ සර්විස් එකනම් හරියටම 3000km වලින් කරන්න.SUZUKI GN 125H එකේ Recommended oil එක 10w 40.ඒත් ඒ ඔයිල් එක මාකට් එකේ හොයාගන්න අමාරු නිසා 20W40 ඔයිල් එක දාන්න.ඔයිල් ගන්නකොට අනිවාර්යයෙන් සීල් කෑන් ඔයිල් එකක්ම ගන්න.මිල අඩුනිසා ලූස් ඔයිල් දාන්න එපා.අනිත් එක තමයි කවදාවත් ඔයිල් කඩේකින් එන්ජින් ඔයිල් එකක් ගන්න එපා.එන්ජින් ඔයිල් ගන්නකොට බයිසිකල් පාට්ස් විකුණන කඩේකින් ගන්න.මොකද හුගක් වෙලාවට එයාලා බඩුගන්නෙ agent ගෙන් විතරයි.ඒක නිසා බඩු ශුවර්.හැම සර්විස් එකේදිම ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕනෙ නෑ.එන්ජින් ඔයිල් ෆිල්ටර් ගන්නකොට මිල අඩු චයිනා ෆිල්ටර් දාන්න එපා.TVS Apache එන්ජින් ඔයිල් ෆිල්ටර් එක GN එකට හරියටම හරි.අනික ඔරිජිනල් TVS ෆිල්ටර් එක 210/= වගේ වෙන්නෙ.ඒක 6000 km කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන්.එ කියන්නෙ සර්විස් එකක් ඇර එකක් ඔයිල් ෆිල්ටර් එක මාරු කරාම ඇති.

    *මතක ඇතුව බයික් එකේ එන්ජින් ඔයිල් මූඩියට පිත්තල කැප් එකක් දාලා පොඩි ඉබ්බෙක් දාන්න.බයික් පාට්ස් කඩවල පිත්තල කැප් එක තියෙනවා.80/= වගේ වෙන්නෙ.එන්ජින් ඔයිල් මූඩිය ඇළුමිනියම් නිසා පට්ටලේකින් හිලක් විද ගන්න.ඒ දාන ඉබ්බගෙ එක යතුරක් බයික් එකේ කී ටැග් එකටම දාලා තියන්න.නැත්නම් සර්විස් එකට ගියාම ඉබ්බගෙ යතුර ගේන්න ආයෙ ගෙදර යන්නවෙයි.අනිත් එක තමයි බයික් එකේ යතුරට බර කී ටැග් දාන්න එපා.එතකොට කී ටැග් එකේ බරට යතුරුකට කැපෙනවා.අලුත් යතුරුකට දානකොට පෙට්‍රල් ටෑන්ක් මූඩියයි ,හෙල්මට් හෝල්ඩර් එකයි එක්ක සෙට් එකම අලුතෙන් දාන්නවෙයි.

    *ඒ වගේම තමයි Air Cleaner එක.හුගක් අය කියන දෙයක් තමයි GN එකේ පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියන එක.අව්ල තියෙන්න බයික් එකේ නෙවේ නඩත්තුවෙ.සර්විස් එකේදි air filter එක හොදට හෝදලා සුද්ද කරනවනම් අනිවා 40-45අතරෙ තෙල් කරනවා.අනික බයික් එකට එන ස්පාක් ප්ලග් එක බාල එකක්.12000km වගේ පැදපු බයික් එකක ස්ටාට් අවුලනම් NGK හරි Champion වගේ හොද ප්ලග් එකක් දාලා බලන්නකො වෙනස,උදේට එක පාරින් ස්ටාට්.

    *බයික් එකේ චේන්,ස්පොකට් ගැන පොඩ්ඩක් සැලකිලිමත්වෙන්න.GN එකේ chain guard එකක් නැතිනිසා වැලි දූවිලි චේන් එකේ බැදෙනවා වැඩියි.එතකොට ඉක්මණින්ම චේන් ස්පොකට් කැපිලා අලුතෙන් දාන්න වෙනවා.බයික් එක 500km වගේ පැදලා chain cleaning spay එකකින් චේන්, ස්පොකට් එහෙම සුද්ද කරලා lubricant කරන්න.නැත්නම් අගලෙ පින්සලකින් බූමිතෙල් දාලා සුද්ද කරන්න.චේන් ස්පොකට් පිරිසිදු කරලා තියෙන තරමට ඒවල ආයු කාල‍යත් වැඩි වෙනවා.

    *18000km විතර පැද්දම චක චක සද්දයක් එනවා පිටිපස්සෙන්.ආයෙ බලන්න දෙයක් නෑ ඉතින්,චේන් එක ගෙවිලා.චේන් එක අලුතෙන් දාපුගමන් සද්දෙ නැතිවෙනවා.හැබැයි ඉක්මණට Spocket shaft එකේ ස්පොකට් එක ඉක්මණට ගෙවිලා ඒකත් දාන්න වෙනවා.ඒක හින්දා චේන් එක මාරු කරනකොට ඉස්සරහ ස්පොකට් එකත් අලුතෙන්ම දාන්න.හැබැයි අනිවා ජපන් ස්පොකට් වීල් එකක්ම දාන්න.මොකද මිල අඩු වීල් දාපුවම ස්පොකට් ශාෆ්ට් එක ඩැමේජ්වෙලා මළකෙලියක් වෙන්නෙ.ඉස්සරහ පොඩි ස්පොකට් වීල් එකේ ජපන් එක රුපියල් තුන්සීය ගාණක් වෙන්නෙ.පිටිපස්සෙ ස්පොකට් එකත් ගෙවුනම ස්පොකට් වීල් දෙකයි චේන් එකයි අලුතෙන් දාන්න.කම්පැනි චේන් ස්පොකට් සෙට් එක 3000/= විතරවෙනවා.ඒක නිසා ස්පොකට් ශාෆ්ට් වීල් එක ජපන් එකක් දාලා,චේන් එකයි පිටිපස්සෙ ස්පොකට් එකයි තායිවාන් වගේ එකක් දාන්න.ඒක සාක්කුවට වාසියි.ඒ වගෙම තමයි චේන් එකේ ප්ලේ එක.අපි චේන් එක ඇජස් කරන්නෙ මේන් ස්ටෑන්ඩ් එක ගහලනෙ.ඒ උනාට බයික් එක දෙන්නෙක් දාලා පදිනකොට ඇජස් කරපු ගාණට වඩා චේන් එක තදවෙනවා.එතකොට චේන් එකේ තෙල් හිටින්නෙ නෑ.අනික චේන් එක තද වැඩිඋණාම ස්පොකට් ශාෆ්ට් එකටත් හොද නෑ.ඒක නිසා චේන් එක ඇජස්කරාට පස්සෙ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා චේන් එකේ ප්ලේ එක හරියට තියෙනවද බලන්න.

    *බයික් එක උදේට ස්ටාට් කරලා අයිඩ්ල් එකේ විනාඩියක් විතර තියෙන්න අරින්න.එතකොට බෝර් එකටයි හෙඩ් එකටයි ඔයිල් හොදට වදිනවා.ස්ටාට් කරපුගමන් රේස් කරාම පිස්ටන් එක තෙල් නැතුව තත්පර ගාණක් බෝර් එකේ වට ගාණක් උඩ පහළ යනවා.ඒක එන්ජින් එකට හොද නෑ.ඒ වගේම තමයි ලෝඩ් එක නැතුව බයික් එක high Rpm වල රේස් කරන්න එපා.කාලයක් එහෙම කරනකොට inner clutch hub එකෙන් සද්දයක් එනවා.එහෙම උනොත් ක්ලච් හබ් එක අලුතෙන්ම දාන්න වෙනවා.රිවට් කරලා රෙපෙයාර් කරාට වැඩිකල් දුවන්න බෑ.

    *බයික් එක රෑට නවත්තලා තියෙනකොට මේන් ස්ටෑන්ඩ් එකෙ ගහල තියන්න.සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා කාලයක් යනකොට වම්පැත්තෙ පිටිපස්සෙ ශොක් එක අවුල් යනවා.ඊට පස්සෙ ටයර් එක පැත්තට ගෙවෙනවා.

    *පාවිච්චියෙ හැටියට කාලයක් යනකොට ස්විම් ආම් බුෂ් අවුල් යනවා.කම්පැනි බුෂ් සෙට් එකට දානවට වඩා හොදයි පට්ටලේකින් නයිලෝන් වලින් බුෂ් දෙකක් ලියවලා දාන එක.

    *බ්‍රේක් ලයිනර් දාන එකනම් පට්ට නඩුවක්.කම්පැනි එන පිටිපස්සෙ ලයිනර් සෙට් එක 2100/= වගේ වෙනවා.ඉස්සරහ බ්‍රේක් පෑඩ් දෙක 1200/= වගේ වෙනවා.හැබැයි මිල අඩු බ්‍රේක් පෑඩ්ස් තියෙනවා.ඔරිජිනල් බඩු ගන්න අමාරුනම් තායිවාන් වගේ සාමාන්‍ය ගාණකට තියෙන සෙට් එකක් ගන්න.හැබැයි 150/= වගේ තියෙන අඩුම මිල බඩු දාන්න එපා.බ්‍රේක් පෑඩ් එකට කලින් ඩිස්ක් එක කැපිලා ඒක දාන්න වේවි.

    *මුහුදු හුළං වදින පැතිවල ඉන්න අය බයික් එක සති දෙකකට පාරක්වත් හොදට හෝදලා ඔයිල් පාරක් අල්ලන්න.නැත්නම් නම් හොද වැක්ස් එකක් ගාන්න.සමහර සර්විස් වලින් ඔයිල් ගහනකොට පිච්චුන එන්ජින් ඔයිල් ගහනවා.ඒව ගැහුවම රබර් අවුටර්,වයර් එහෙම කරවෙනවා.පේන්ට් එකටත් හොද නෑ.ඒක නිසා ඔයිල් ගහනකොට පොඩ්ඩක් බලන්න හොද ඔයිල්ද ගහන්නෙ කියලා.

    *අනිත් අව්ල තමයි සයිලන්සර් බෙන්ඩ් එක මළකඩ කන එක.එක තැනකින් මළකඩ ඩොට් එකක් ආවොත් ඒක මුළු බෙන්ඩ් එකේම පැතිරිලා සයිලන්සර් එක දිරනකම්ම මළකඩ කනවා.බෙහෙත තමයි බ්‍රාසෝ.සයිලන්සර් එක නිවිලා තියෙන උදේ වෙලාවක කපු රෙදි කෑල්ලකට බ්‍රාසෝ ටිකක් දාලා බෙන්ඩ් එක හොදට පිහිදාන්න.බෙන්ඩ් එක හොදට සුද්දඋනාම තව කපු රෙදි කෑල්ලකට හොද එන්ජින් ඔයිල් පොඩ්ඩක් දාලා ආයිත් හොදට ගාන්න.සතිදෙකකට වගේ පාරක් මෙහෙම කරනකොට සයිලන්සර් එකේ මළකඩ එන්නෙ නැත.

    *බයික් එකේ තියෙන්නෙ ඇසිඩ් බැට්රියක්නම් සතියකට දෙකකට පාරක් ඇසිඩ් ලෙවල් එක බලලා ,මදි ඇසිඩ් ලෙවල් එක පුරවන්න.බැට්රිය අප්සට්වෙලා සෙල්ෆ්ස්ටාට් වදින්නෙ නැත්නම් තල්ලු දදා ස්ටාට් කරන්න එපා.අලුතෙන් බැට්රියක් දාන්න.ඇසිඩ් ඕවර් ෆ්ලෝ බටේ බැට්රියට හොදට හයි කරලා,ඇසිඩ් බිමට වැටෙන විදියට තියෙද බලන්න.

    *හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හෙඩ් ලයිට් එකේ එළිය අඩුඑක.ලේසිම දේ තමයි Philips 35w35w හොල්ඩර් ටයිප් හෙඩ් ලයිට් බල්බ් එකක් අරගෙන දාන එක.ඒ බල්බ් එක 550/= වගේ වෙන්නෙ.නැත්නම් වයරින් එක වෙනස් කරලා පින් තුනේ හෝල්ඩර් එකක් දාලා සෙනන් බල්බ් එකක් හයිකරන එක. LED ලයිට් සෙට් එකක් දාන එකත් හොදයි.ඒත් දැන් තියෙන LED ලයිට් ඉක්මණට පිච්චෙනවා.ඒක නිසා පාවිච්චියෙ හැටියට ගැලපෙන දෙයක් කරන්න.

    මේ හැම දෙයක්ම තමන්ගෙ riding pattern එක,වේගය,ධාවනය කරන පාර,නඩත්තුවේ වෙනස්කම් එක්ක වෙනස්වෙන්න පුලුවන්.ඔයාලත් තමන්ට තියෙන අත්දැකීම් අනිත් අය එක්ක බෙදාගන්න කමෙන්ට් එකක් දාන්න.ජයවේවා!

    Suzuki GN125H Fans Club Sri Lanka 🇱🇰 facebook group
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගන්න ගොඩාක් ආසාවක් තිබ්බ බයික් එකක්. දැන් බයික් පදින කාලේ ඉවරයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චේන් එකනම් ගෙවෙනව ඉක්මනට.. bike එකට ආපු chain එක මගෙ 11 000 න් ගෙවිල මාරු කරන්න උනා..

    Bike එක නිතර පදිනවනම් සති 2 කට විතර සැරයක් chain එකට oil දාන්න.. ඒකට Diesel engine oil 50 වගේ එකක් දාන්න පුලුවන්නම් හොදයි.. ඒක වැස්සට ඔරොත්තු දෙනව..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    අලුතෙන් එන haojue gn 125 බයික් එකේ තිය වාසි අවාසි මොනවද
     

    Benzobee

    Member
    Jul 31, 2020
    4
    5
    3
    33
    Bandarawela
    චෝක් එක අතට දීලා තියනව, ස්ටාර්ට් කරන්න ක්ලච් එක අල්ලන්න ඕනි. පාස් ලයිට් ස්විච් එකක් තියනවා, EGR systemඑකක් තියනවා.
    IMG_20200817_212849.jpg
    IMG_20200817_212849.jpg
     
    Last edited:
    • Like
    Reactions: anusha.kumara

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අම්බෝ බන් උබලා බයික් එක බබෙක් වගේ බලාගන්නවා නේද ?
    සයිඩ් ඉස්ටෑන්ඩ් එකත් ගහන්න එපාලු අනේ අම්බෝ.
    බයික් එකක් ගන්නේ වැඩ ලේසි කරගන්න. ඕව කරන්න යනවට වඩා ලේසි තව ළමෙක් හදගාන්නවා.