කොහොමත් ඉතින් මේ වගේ ගනන් වලට තමයි බන් යන්නේ.පහල තියෙන එක නම්(කළු පාට එක ) ටිකක් හොදයි වගේ. රට මෑද්දේ දුවපුවා නම් මම එච්චර ගන්න කෑමති නෑ.මොකද කදු එහෙම නිතර දෙවේලේ ලෝ ගියර් වල දුවනවා කියන්නේ ඉතින් මට නම් කේස් යාලුවන්ගේ එහෙම එක්ස්පීරියන්ස් එහෙම අහලා තියෙන නිසා.කේස් නෑති ඒවත් ඈති.ඉතින් හොදට හොයලා බලලා තමයි ගන්න ඕනේ.(එහෙම කිව්වාම කට්ටිය අහයි තොට පිස්සුද කියලා)
over 50,000Km දුවලා කියන්නේ අනිවා ශොක් මවුන් චේන්ජ් කරන්න ඕනි මචන්.ඕක ස්විෆ්ට් වලට පොදු දෙයක්.මම චෙන්ජ් කලා ගිය සතියේ.බලපන් ඒවා චේන්ජ් කරලාද කියලා.ඕකේ ඩ්‍රයිවර් ස්යිඩ් එකේ තියෙන එන්ජින් මවුන්ට් එකත් මාර ඉක්මනට සවුත්තු වෙනවා.ඒකත් චෙක් කරපන්.ඕවා චෙක් කරලා ගනන් ටිකක් නෙගොෂියේට් කරපන් පුතා. මෙහෙමයි මම ඉස්සෙල්ලාම ගන්න කාර් එක.ටිකක් අඩු කරලා දෙන්න කියලා.ක්න්ඩෙම් කරන්න නම් යන්න එපා මචන්.බලපන් ක්ල්යිමේට් කන්ට්‍රොල් ඒසී ද කියලා, 2007න් වගේ උඩ ආවෙ ක්ල්යිමේට් කන්ට්‍රොල්. කීලස් එන්ට්‍රි එහෙම තියෙනවා නම් තවත් හොදයි.ජය.ගත්තාම කියපන්.