Suzuki Wagon R Stingray Hybrid - Review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    Suzuki Wagon R Stingray Hybrid - Review

    14925248_1217951151604356_3803745051534680369_n.jpg


    වාහනේ අරගෙන මාස ගාණක් යනකම්ම මේ රිවීව් ත්‍රෙඩ් එක නොදා හිටියේ..... වාහනයක් ටික කාලයක් පැදලා බලන්නේ නැතුව රිවීව් එකක් ලියලා තේරුමක් නැති නිසා. වාහනේ ගන්නකොට 7Km තිබ්බත් මේ වෙනකොට 14000Km පැනලා මේක පැදපු නිසා සහ........

    මදෑ එකෙක් වැගන්ආර් එකේ රිවිව් දානකං අපි බලාගන හිටියා. :frown: වැගන් ආර් රීවිව් නෑ :P සුසුකි සන්නාමයට කඩේ ගියෙත් නෑ :P කව්ද දන්නේ අපිට වැගන් ආර් කියලා කිය කිය බඩා කුයිඩ් එකක් වත් ගත්තද කියලා. :rofl:

    හා... දැන්නම් ඕනේමයි :growl: නැත්තං උඹ කුයිඩ් එකක් අරං කියලා මේකේ කට කතාවක් පතුරවනවා :frown::frown:

    ඉහත ආකාරයට ලැබුණු තර්ජන ගර්ජන නිසාත්..... අද දවස ෆ්‍රී එකේ ඉන්න වෙලාවක් ලැබුණු නිසාත්..... රිවීව් එක ලියන්න තීරණය කරා.....!! :yes::yes: (නම්බර් ප්ලේට් රහිතව ඔච්චර දුර වාහනේ ගියපු හැටි බොලාට අදාලම නෑ හරිය......!! ) :yes:

    මුලින්ම ඉතින් කියන්න තියෙන්නේ.... මේ මාස කීපෙට මේ වාහනෙත් එක්ක ලබපු අත්දැකීම් ටික විතරයි කියන්න තියෙන්නේ.... :yes:

    මේක ගත්තේ දිනපතා එහේ මෙහේ දුවන්නම තමා..... :yes: ඒ වගේම Nissan FB15 :love::love: එකේ තියෙන සැප මේකේ නම් නෑ කියලත් කියන්න ඕනා.... පොඩි සනීපෙකට තියෙන්නේ මේකේ එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් එකක් නිසා FB15 එකට වඩා ස්ටියරින් එක නම් බටර් වගේ..... :D

    14947625_1217827354950069_4831048655912746530_n.jpg


    හරි දැන් මුල සිට සරලව...... :P

    මේ පාටෙන් වාහනේ හොයා ගන්න මම කඩුවෙල ඉදන් කුරුණෑගල.... එතනින් මාවතගම - ගලගෙදර හරහා නුවර සිට පෑලියගොඩ දක්වාත්...... කොළඹ සිට කොහුවල පැපිලියාන කඩවත වටේම ගිහින් අන්තිමේ මීගමුවෙන් තමා මේක සෙට් උනේ.... :D මතක හැටියට පල්සරේ කිලෝමීටර් 500ක් විතර මේ වෙනුවෙන් පැද්දා..... :yes::D

    2016 Manufacture එකක් මේක..... :yes: ඒ නිසා පොඩ්ඩක් ගාන නම් සැර උනා.... ඒත් සේල් වල බොරුවට තියෙන කිලෝමීටර් 100 - 150 දුවපු 2014 හෝ 2015 එකක් ගන්නවට වඩා විශ්වාසයක් තිබ්බා මට මේක 2016 එකක් නිසා..... ඒ වගේම මේ සේල් එකෙන් ඔක්කොම Documents ටිකත් පෙන්නුවා..... :yes::yes: ඒ එක්කම මේකට ස්ටර්ලින් වොරන්ටි එකකුත් තියෙනවා.... :D:yes:

    14980777_1217839731615498_5748397888903474486_n.jpg


    අළුතෙන් වැගන් ආර් ගන්න හිතන් ඉන්න අය ඉන්නවා නම්... සේල් වල ගියහම හොදට බලන්න Door Handle (පිටත) පේන්ට් එක හීරුම් තියෙනවද කියලා..... :yes::yes: කිලෝ මීටර් 100 - 150 දුවලා කියලා පෙන්වන වාහන වල ඩෝ හැන්ඩ්ල් ලග පේන්ට් එක පුදුම විදිහට ඉරි ඉරි..... ඕකට හේතුව ඇහුවහම සේල් වල ඉන්න අන්ඩපාලයෝ කියන්නේ ඔය හීරිලා තියෙන්නේ වාහන බලන්න එන අයගේ මුදු වලට හීරිලා ඇන්ඩ් බ්ලා බ්ලා..... :angry::angry: ඒ බොරු වලට අහු වෙන්න එපා.... :no::no: ඔය මීටර් කරකවපුවා..... :frown::growl: මේ කිලෝමීටර් 100 - 150 දුවලා ඔහොම හීරුම් එන්න බෑ.... :no: ඒ නිසා පුලුවන් තරම් Year Of Manufacture ලග එකක් ගන්න.... :D

    14915215_1217839664948838_2814664516360546288_n.jpg


    1500CC FB15 මැනුවල් ගියර් එකක් පැදපු එකෙක් විදිහට මේ 660CC Wagon R එක පදින එක මුල් දවස් වල හරිම අමාරු උනා...... :dull: අමතක වෙලා ක්ලච් එක පාගනවා..... ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක..... :baffled::rofl::P ටික දවසක් යනකොට හුරු උනා වාහනේ.... :D

    15027607_1217827364950068_4216623551745699114_n.jpg


    පොඩියට තිබ්බට JNCAP Ratings එහෙම හොද තත්වයේ තියෙන වාහනයක් මේක..... :yes::love:

    15027509_1217827804950024_7025110478902618218_n.jpg


    දැන් ඉතින් ඊළගට ලංකාවේ උන්ට වැදගත්ම දේ.... අපේ උන්ට ආරක්ෂාව කොහොම වෙතත් පෙට්‍රල් ලීටරේකින් කිලෝමීටර් 50ක් වත් යන්න පුලුවන් නම්....... අත් ට්‍රෑක්ටරයක් උනත් කමක් නෑ නේ ඉතින්...... :dull::baffled::P:rofl:

    14955862_1217827421616729_572387257135336370_n.jpg


    ජපානේ සුසුකි එකේ මාමලා නම් කියන්නේ මේක ලීටරේට 32.4 Km ද කොහේදෝ කරනවා කියලා තමා..... :yes: නමුත් පින්වතුනි මේක ඒ කියන විදිහට නම් පෙට්‍රල් කරන්නේ නෑ..... :no::no:

    කොළඹ දිවීමේදී :- 13Km/l - 15Km/l :baffled::dull:
    ගාළු හයිවේ එකේදි :- 15Km/l - 17Km/l :D
    නුවර මාතලේ කදු පැත්තක ගියොත් :- 16Km/l - 17Km/l :yes::)
    පොලොන්නරු ගියහම :- 20Km/l - 22Km/l :love::love:

    14937423_1217827448283393_8582831020755502247_n.jpg


    ජපානෙන් ඇවිත් තිබුනේ නම් සෙටප් එකක් නැතුව.... මෙහෙදි හයි කරපු එකක් තමා මේ තියෙන්නේ.... :yes:

    14947658_1217827898283348_6242634931171573345_n.jpg


    මල්ටිෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් තමා එන්නේ..... :yes: මේකේ හෝන් ස්විච් එක නම් මාර තදක් තියෙන්නේ..... තවම ඒ තද ගතිය නම් එහෙම්මමයි..... මොකද මම හෝන් ගහන්නේ ඉතාමත් අඩුවෙන් නිසා.... :D

    14915613_1217827944950010_8728472907470737665_n.jpg


    ඕක තමා ඉතින් මේකේ මෝල.... :yes: 660CC කිව්වට හරි ගාන 658CC :yes:

    14963359_1217827984950006_8856503612232819424_n.jpg


    14962571_1217828014950003_4079766706736983333_n.jpg


    ජපන් උනාට සුසුකි ජපන් මාමලා ලගකදි රෙනෝල්ට් ඉන්දියා කම්පැණියේ විසිට් එකක් දාලා තියෙන පාටයි..... :baffled:

    14947496_1217827924950012_1915342017376007579_n.jpg


    පේනවනේ වයර් එක තියෙන කැත...... එක පොඩි බටු මීයෙක් ඇති හොද පරිප්පුවක් සෙට් කරලා දෙන්න...... :angry::angry:

    ජපන් සුසුකි වැගන් ආර් මාදිලි තුනක් ආවා......

    Wagon R FZ :- මේකේ ලයිට් සෙට් එක... ඩෑෂ් බෝඩ් එක වෙනස්
    Wagon R Stingray :- මේකේ ලයිට් සෙට් එක තමා ගතිම...... නිල් පාට.... :love:
    Wagon R J Style :- මේකේ ඩෝ හැන්ඩ්ල්ස් සහ සයිඩ් මිරර් කප්ස් ගෝල්ඩ් කලර් එන්නේ සහ ටයර් සයිස් එක සහ ඇලෝයි වීල්, ස්ටින්ග්‍රේ එකට වඩා වෙනස්..... පොඩි ස්ටිකර් පාරකුත් යනවා බදේ..... ඊට අමතරව කාපට් වල J Style කියලා ගහලා තියෙනවා.... :yes:

    14947607_1217828078283330_5831272434550074414_n.jpg


    ඩිකියක් කියලා එකක් නම් නෑ වගේ තමා.... ඒත් පිටිපස්සේ සීට් දෙක ඉස්සරහට ගත්තහම ඩිකියේ සෑහෙන ඉඩක් ගන්න පුලුවන්.... :yes:

    14915621_1217828228283315_4244827922120356973_n.jpg


    හැබැයි එහෙම කරහම පිටිපස්සේ ලෙග් ස්පේස් එක නම් සෑහෙනන් අඩු වෙනවා..... ඔය ෆොටෝ එකේ නම් ගොඩාක්ම ඉස්සරහට අරන් තියෙන්නේ.... ඒකයි ඔය.... :yes:

    14907162_1217828248283313_627336827158326023_n.jpg


    එහෙම නැත්නම් පිටිපස්සේ සීට් එකේ යන අයට හොදට අත පය දිග ඇරලා යන්න ඉඩ තියෙනවා වාහනේ..... :yes: FB15 එකට වඩා ඉඩ නම් තියෙනවා.... ඒ උනාට සීට් නම් FB15 එකට සාපේක්ෂව සැප පහසුව අඩුයි.... !! :dull::dull:

    14947727_1217827698283368_5330276374375169719_n.jpg


    14947532_1217827778283360_7691668772555661745_n.jpg


    ලොකුම ප්‍රශ්නේ මේකේ ස්පෙයා වීල් එකක් එන්නේ නෑ..... රෙපයාර් කිට් එකක් තමා එන්නේ..... :baffled:

    14955836_1217828178283320_5683210075779303503_n.jpg


    හැබැයි මෙතන ඉඩක් නම් තියෙනවා.... බලන්න ඕනා ස්පෙයා වීල් කෑල්ලක් දාගන්න පුලුවන්ද කියලා..... :yes::yes:

    14962577_1217828168283321_7239893645070339516_n.jpg


    ජපනගේ දෙයක් නිසා විශ්වාසය තියන්න පුලුවන් උනාට.... මේ යකඩ කෑලි බෑලි ටික නම් ත්‍රී වීල් එකක බඩු වගේ..... :baffled::baffled:

    14993529_1217827628283375_291382492356376175_n.jpg


    15027411_1217827701616701_9136067231473085855_n.jpg


    14962790_1217835098282628_8700809129973966921_n.jpg


    15027570_1217835281615943_3622648054876021666_n.jpg


    පේනවනේ..... කෝටු ගැහුවා වගේ..... ජපනගේ දෙයක් නිසා ඉතින් බය වෙන්න දෙයක් නෑ..... ජපනා නිකන් කලින් දවසේ රෑ හීනෙන් පෙනුනා.... පහුවදාට හැදුවා වැඩ කරන්නේ නෑ නේ.... :D:D

    14980671_1217834954949309_7831481940810978237_n.jpg


    ප්ලාස්ටික් වලින් හරි එන්ජින් ගාඩ් කෑල්ලකුත් එවලා තියෙනවා..... :yes:

    14925357_1217834998282638_7843909429946976997_n.jpg


    මෙතන තමා ඔයිල් නට් එක තියෙන්නේ.... :yes: ඒ වගේම සම්ප් එක ප්ලාස්ටික් නෙවේ..... :no::P

    14906919_1217835061615965_1766588902220694004_n.jpg


    පෙට්‍රල් ටැංකිය නම් ටිකක් පාත වැඩීද කියලත් හිතෙනවා මට..... :baffled: මේකේ පෙට්‍රල් ටැන්කිය ලීටර් 30ක විතර එකක් තමා..... ගත්ත දවසේ ඔක්ටේන් 95 පෙට්‍රල් රු.3500 කින් ෆුල් උනා.... :D (ලීටරේ රු.128 නේ)

    1782118_1217835254949279_2820424027949847357_n.jpg


    මේකට එන්ජින් ඔයිල් දාන්න ඕනා SAE 0 20W වලින්..... මම නම් මොබිල් පාවිච්චි කරේ..... නිතර දුවන නිසා..... වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුලුවන් ඔයිල් එකක්ම දැම්මා ගාන ටිකක් වැඩි උනත්.... :yes:

    14947474_1217835454949259_3413724255509395217_n.jpg


    14947445_1217835394949265_4485553895906867425_n.jpg


    ස්ටර්ලින් වොරන්ටි නම් තියෙන්නේ..... ස්ටර්ලින් උන් අපිව උන් ගෙන්වන මයික්‍රෝ කියන ඔයිල් ෆිල්ටර් එක දාන්න පොළඹවනවා..... :angry:

    14963192_1217839484948856_370721856360445010_n.jpg


    මමත් මුල් පාර දැම්මා.... රු.800 ගානක්.... ඒත් ඊළග පාර නම් දැම්මේ VIC වලින්.... නොදන්න මයික්‍රෝ ෆිල්ටරේට වඩා දන්න VIC ෆිල්ටරේ හොදා කියලා හිතුනා.... ගානත් ලොකු වෙනසක් නෑ.... රු.895 ක් උනේ VIC එක... :yes:

    හරි දැන් එහෙනම් වටේ තැලුවා ඉවරයි.... දැන් මේකේ යෑම ගැන කතා කරමු නේහ්..... :D

    කලිනුත් මම කිව්වා වගේ.... 1500CC විතර වාහනයක් පැදපු කෙනෙක්ට මේක අතට ගත්තහම ටිකක් නුපුරුදු අමාරු ගතියක් දැනෙනවා තමා..... :yes: මොකද මේක 1500CC වාහනයක් වගේ යන්න බෑ..... :no: පිස්සෙක් වගේ පෑගුවොත් නම් වාහනේ මර හඩ දීගෙන යනවා යෑමක්.... හැබැයි ඊට සාපේක්ෂව තෙල් කිරිල්ලත් බහිනවා ලොවෙත් නැති වෙන්න..... :dull::baffled:

    වාහනයක් ඉස්සර කිරීමේදී පොඩ්ඩක් හොදට කල්පනා කරලා බලලා කරන්න ඕනා.... විශේෂයෙන් ඉස්සර කරන්න යන වාහනේ දිග වාහනයක් නම්...... :yes: ඉස්සර කිරීමේදී යන යෑම මදි වගේ නම් පොඩ්ඩක් ඇක්සලරේටර් එක අත ඇරලා ආයේ පෑගුවා නම් හරි.... එහෙමත් නැත්නම් ගියර් ලිවර් එකේ තියෙනවා බට්න් එකක්.... ඒක එබුවහම ස්පෝර්ට්ස් මෝඩ් එක ඔන් වෙනවා..... :yes::yes:

    පල්ලමක් බහිනකොට වාහනේ එන්ජිමෙන් බ්‍රේක් කරගන්නත් පුලුවන් ඔය ස්පෝර්ට්ස් මෝඩ් බට්න් එක ඔන් කරගත්තහම..... :P:P

    CVT ගියර් බොක්ස් එකක් තමා තියෙන්නේ..... ඒ නිසා ගියර් මාරු වීමක් වෙන බවක් දැනෙන්නේ වත් නෑ.... :no::D

    වාහනේ ස්ලෝ උනහම ආයේ ස්පීඩ් කරගන්න පොඩි වෙලාවක් යනවා..... ඒකත් ඉක්මනට කරගන්න පුලුවන් තදට පෑගුවොත් නම්.... ඒත් ඉතින් වාහනේකට ආදරේ කරන මනුස්සයෙකුට එහෙම තදට පාගන්න බෑ..... :no: මොක නමුත් ස්පීඩ් උනාට පස්සේ නම් යකා වගේ යනවා..... මම වැඩිම ගිහින් තියෙන්නේ 120Km/h ගාළු හයිවේ එකේ..... ඒත් FB15 එකේ 120ට යනවා වගේ නෙවේ මේකේ 120ට යනකොට ජීවිත ආශාව වැඩි වෙනවා..... :baffled::P හැබැයි හතර දෙනෙක් විතර දැම්මහම නම් ලොකුවට දැනෙන්නේ නෑ හයියෙන් යනකොට.... :yes:

    ගොඩක් අය කියනවා මේක කදු අදින්නේ නෑ..... හතර දෙනෙක් දාලා යන්න බෑ වගේ කතා...... :lol: එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.... මම නුවර - මාතලේ ගිහින් තියෙනවා හතර දෙනෙක් දාලා..... කිසි අවුලක් නැතුව කදු අදිනවා...... :yes::yes: ගාළු හයිවේ එකේ හය දෙනෙක් දාලා ගිහින් තියෙනවා.... ගානක්වත් නෑ..... :no::no: ඔය ඔක්කොම AC ත් ඔන් කරන්..... :yes: ඉස්සර කිරීමකදි වත් මම AC ඔෆ් කරලා ඉස්සර කරලා නෑ.... වාහනේ කිසි අවුලක් නැතුව යනවා AC එක්කම..... :yes::yes:

    ආයේ මේකේ මරු වැඩ කෑල්ලක් තියෙනවා රේඩාර් බ්‍රේක් සිස්ටම් කියලා...... ඒක වෙලාවකට හොදා..... ලංකාව වගේ ත්‍රී වීල් බයික් එහෙන් මෙහෙන් දාලා ඉස්සර කරන රටකට මාරම වටිනවා ඒ රේඩාර් බ්‍රේක් සිස්ටම් එක..... :yes: ඒක ඇක්ටිවේට් වෙන්නේ අපේ ඉස්සරහින් එක පාරට වාහනයක් දැම්මොත්.... මිනිහෙක් පැන්නොත් වගේ තමා..... ආයේ ඉස්සරහින් යන වාහනේ එක පාරට පැත්තකට හැරෙව්වොත් වගේ බ්‍රේක් වදිනවා එක පාරට..... ඒ බ්‍රේක් පාර නම් බොකු බඩවැල් එලියට එන්න වදිනවා හැබැයි.... :dull::baffled::angry: දවසක් මහරගමදි පාර හරහා බස් එකක් දැම්මා..... මේක ගැහුවා බ්‍රේක් පාරක් වාහනේ ඇතුලේ හිටිය තුන් දෙනාගෙම ෆෝන් සී සී කඩ.... පිටිපස්සෙන් ආව ත්‍රී වීල් එකේ ඩයල් එකට ඇඩ්‍රස් නෑ..... :baffled: ඌ මට බැන බැන යනවා..... මම මොනවා කරන්නද.... මම හිතලා බ්‍රේක් කරායේ..... :dull::dull: රේඩාර් බ්‍රේක් වදින එකත් නවත්තන්න පුලුවන් අපිට ඕනා නම්.... ඒකට ස්විච් එකක් වෙනම තියෙනවා....!!

    කොහොම නමුත් වාහනේ බ්‍රේක් නම් සුපිරි...... මහ රෑක හයිවේ එකේ පාර මැද සිය දිවි හානි කරගන්න හිතාගෙන හිටපු කොකෙක්ව බේරුවා මම.... වාහනේ පොඩ්ඩක්වත් ලිස්සලා ගියේ නෑ... එක තැන බ්‍රේක්..... :love::yes:

    කොළඹ ට්‍රෑෆික් එකේදි නම් මේකේ තියෙන අයිඩ්ලින් ස්ටොප් එක වෙලාවකට හරිම කරදරයි..... මොකද අගලෙන් අගලට ට්‍රැෆික් එක තියෙන නිසා වාහනේ නිතර නවතිනකොට එන්ජිම ඕෆ් වෙන නිසා.... AC Cool එක මදි වෙනවා.... ඒ නිසා කොළඹ ට්‍රෑෆික් එකේදි නම් මම අයිඩ්ලින් ස්ටොප් ෆන්ක්ෂන් එක ඕෆ් කරන් යන්නේ..... :yes: ඒකට වෙනම ස්විච් එකක් තියෙනවා.... :yes:

    කලිනුත් කිව්වා වගේ ස්ටියරින් වීල් එක නම් හරිම පහසුයි..... :yes: දවසෙන් කිලෝමීටර් 300ක් 400ක් පැද්දත් ගානක්වත් නෑ..... :love::yes: හැබැයි ඉතින් ඔටෝ නිසා ගියර් මාරු කරන්න නැති නිසා කම්මැලි.... :dull: මේ දවස් ටිකේම මේකම පැදලා, මට FB15 එක පැදගන්න බෑ.... :dull: ක්ලච් එක පාගන්න අමතක වෙනවා..... ගියර් මාරු කරන්න අමතක වෙනවා..... එක විකාරයයි.... :P

    ඔක්කොම දොරවල් පවර් ශටර්ස් තියෙනවා..... පිටිපස්සේ වීදුරුව තද කළුයි.... පිටිපස්සේ දොරවල් දෙකෙත් එහෙමයි..... ඉස්සරහා දොරවල් දෙකේ වීදුරු ලා කළු පාටයි.... මම මේ බයේ ඉන්නේ ලංකාවේ පොලිස් මාමලා කළු වීදුරු අල්ලනවලුනේ.... මේවා ඔරිජිනල් ආව හැටි කියලා ඒ ගොබිලන්ට කියලා දෙනවට වඩා ලෙහෙසියි එලුවෙක්ට අවකලනය කියලා දෙන එක.... :dull: :angry:

    ෆැක්ට්‍රි ෆිටඩ් සිකියුරිටි සිස්ටම් එකක් එනවා මේකේ..... :yes: ස්මාර්ට් කී එකක් එන්නේ.... යතුරක් එන්නේ නෑ.... :no: කොස්ට් කටින් කරන්න රිවස් ලයිට් එකක් එහෙම එවලත් නෑ.... :P රිවස් ලයිට් දෙකක්ම තියෙනවා..... රිවස් කැමරා එකෙන් බලාගෙන ඕනා තැනක ගින්නක් නැතුව රිවස් පාරක් ගහන්න පුලුවන් මහ රෑක උනත්..... :yes:

    ඒත් කෝකටත් පොඩ්ඩක් ප්‍රවේසමෙන් රිවස් කරගන්න ඕනා..... යාන්තම් කොහේ හරි වැදුනත් බොඩි පාට්ස් පට්ටම පට්ට ගණන්..... පිටිපස්සේ ඩිකි දොර ලක්ෂ 2.5ක් වගේ.... සයිඩ් දොරක් 75000ක් විතර.... පිටිපස්සේ සිග්නල් ලයිට් සෙට් එක 35000යි.... පස්සේ බෆර් එක 45000යි.... ඉස්සරහා බෆර් එක (ෆොග් ලයිට් දෙක නැතුව) 55000යි..... ඉස්සරහා එක පැත්තක් ලයිට් සෙට් එක 65000ක් විතර..... සයිඩ් කණ්නාඩියක් 30000ක් විතර..... ඒ වගේ මේ වැගන් ආර් වල බොඩි පාට්ස් පට්ටම පට්ට ගණන්...... ඒ නිසා ඉන්ෂුවරන්ස් එකත් ගිනි ගණන්..... :baffled::dull: ඒ නිසා මේකෙන් සෙල්ලම් දාන්න යන්න එපා..... බොඩි පාට්ස් ලොවෙත් ගණන්.... හේතුව නම් මම දන්නෙත් නෑ..... :no::no:

    14908277_1217839701615501_8372190165064877415_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    ඇති යන්තම් මේක දැම්ම . ඔන්න පලවෙනි කොමෙන්ට් එක මගෙන් . රේප් +

    :cool: වෙලාවක් තිබ්බේ නෑ..... :no: අනික රිවීව් එකක් දාන්න තරම් වාහනේ මම පැදලා තිබ්බෙත් නෑ...... ඔය ෆොටෝ ටික අරන් නම් දැන් මාස ගානක්..... ඒ කාලේ DX එකත් තිබ්බා.... :P
     
    • Like
    Reactions: IDG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    GT මාමේ.... මොකෝ කියන්නේ වැගන් ආර් වීඩියෝ රිවීව් එකක් කරන්නේ නැද්දෝ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    මේ ටික කාලෙට ඉස්සරහා බෆර් එක රවුම් කරගත්ත බවත්...... පැත්තේ දොරක් තලා ගත් බවත් කියන්න ඕනා.... :dull: බෆර් එක නම් අතින් හදා ගන්නවා..... දොරට නම් ක්ලේම් එක දැම්මා... මේ ටිකේ වැස්ස නිසා තවම පේන්ට් එක කරගන්න උනේ නෑ.... :(
     
    • Like
    Reactions: xxc

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,247
    3,263
    113
    හම්බන්තොට ඉඳලා එහෙනම් carrier trucks වල ගෙනෙන්න ඇති ඔහොම මයිලේජ් තියෙන්න. කීයකටද ගත්තේ බං?
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    ela machan. hoda review 1k... math gaththa FX ekak. eke shell eka wenas okata wada. 2016 model ekane. kohoma unath matanam wahane awulak na ban. math tama 1260 i pedala tiyenne. mama gannakotath 7KM tibbe. jevic certificate ekak tibbe.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    හම්බන්තොට ඉඳලා එහෙනම් carrier trucks වල ගෙනෙන්න ඇති ඔහොම මයිලේජ් තියෙන්න. කීයකටද ගත්තේ බං?

    :yes::yes: ඔව් මචන් උන් ගේන්නේ එහෙම තමා...... :yes::yes: 34.75ක් උනා බං.... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    ela machan. hoda review 1k... math gaththa FX ekak. eke shell eka wenas okata wada. 2016 model ekane. kohoma unath matanam wahane awulak na ban. math tama 1260 i pedala tiyenne. mama gannakotath 7KM tibbe. jevic certificate ekak tibbe.

    :D ඔව් ලගකදි ඉදන් FZ එක වෙනුවට එන්නේ FX එක මගේ හිතේ.... :yes:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    "ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක" meke theruma mokadda bn oke hand break kakulen pagannada thiyenne:baffled:? reviw ekanan balance hodayi:D. matanam oke black color eka thamayi lassana.:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    නියමයි මචන් :love::love: පරිස්සමින් පදින්න වගේම හොදට මේන්ටේන් කරන්න.
    vil-up2.gif
    vil-up2.gif