මම ඇපල් එකට මාරු උනා මාස දෙකකට කලින්, මගේ ළඟ අන්ද්රොයිඩ් එකත් තවම තියෙනවා. personally මමනම් තවම prefer කරන්නේ Android මචන්, මොකද මගේ ෆෝන් දෙකේම කිසිම ලැග් එකක් නෑ. Stock Android තියෙන හින්දා වෙන්නත් පුළුවන්. අනිත් එක ios වල පොඩි සීන් ටිකක් තියෙනවා මට අල්ලන්නේ නැති. ගොඩක් ඇප්ස්වල වෙනස් කරන්න ඕනේ දේවල් තියෙන්නේ වෙනම. උදාහරනෙකට Instagram එකේ කමෙන්ට් එකක් ඩිලීට් කරන්න ඕනෙනම් උඹ Android වල long press කරා ඩිලීට් කරා. හැබැයි ios වල උඹට manage comments ගිහින්ම ඒක ඩිලීට් කරන්න ඕනේ. ඔය වගේ පොඩි පොඩි සීන් තියෙනවා මට සෙට් වෙන්නේ නැති ගොඩක්. files transfer කරන ඒවා අනන් මනං ඉතින් කොමන් ප්‍රශ්න. අනිත් එක back button එකට පුරුදු වෙලා හිටිය මට ඒක නැතුව මල කරුමයක්. අනිත් එක මම ගොඩක් Google services පාවිච්චි කරනවා. Gmail, Google docs,Google photos, Google drive, Google maps,Google ads. සාමාන්යෙන් මේවගේ ගොඩක් මගේ Android phone එකේ stock එන ඒවා. ඒත් iphone එකට මම ආයේ මුල ඉඳන් මේවා download කරන්නත් උනා. ඒ download කරත් Google ecosystem එක වගේ ලස්සනට වැඩ ටික වෙන්නේ නෑ. සමහරවිට මේ ප්‍රශ්න ඔක්කොම ඉස්සරහට විසන්දෙන්නත් පුළුවන්. කොහොම නමුත් ෆෝන් එකේ කැමරාව, battery life එහෙම හොඳයි. තව අපිට ෆොටෝ වීඩියෝ ස්ටොක් ඇප් එකේම හොඳට එඩිට් කරන්න පුලුවන්කමත් සෑහෙන වාසියක්.
මගේ උපදෙසනම් උඹ ගොඩක් Google ecosystem එකේ ඉඳලා තියෙනවනම් Apple වලට යන එක මෝඩකමක්. හැබැයි උඹට Apple ecosystem එක පුරුදුනම් එකට විශේෂ උන දේවල් ටිකකුත් තියෙනවා. උදාහරනෙකට මම podcast අහනවා දැන්. මම ගොඩක් productivity පැත්තේ දේවල් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන හින්දා වෙන්න පුලුවන් මට මෙහෙම හිතෙන්නේ. ඒ නිසා දෙපැත්ත බලලා හරි තීරණයක් ගනින්. මමනම් දැන් දෙපැත්තේම තියෙන වාසි අවාසි විදගෙන ඉන්නවා.

Last edited: