සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්
නිවා දැමූ ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ නුඹ රැඳී දෑසේ
තවම මා නොදුටූ සිනා කැන් හමු නොවූ යාමේ
කඳුල මට කරුනා කරන්නැයි අයෑදිමි නිබඳේ
රචනය: ප්‍රේමකීර්ති ද. අල්විස්
සංගීතය: ස්‌ටැන්ලි පීරිස්
ගායනය: ටී. එම්. ජයරත්න