ado ubalata kochchara kiwath ahan na ne.meke kollo kochchara thread dala tibbada owukun gana pc house gana kiyala.ewa ekakwath ubala ganan gan na ne.
මචන්ලා ලංකාවේ ලොකු ගානක් දීලා ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න කොට මෙව්වා බලපල්ලා.. ගොඩක් අය කලින් අහලා ඇති. දන්නේ නැති උන්ට දැනගන්න ඔන්න දැම්මා..
1- අදාළ භාණ්ඩය සදහා ලංකාවේ සිටින අලවි නියෝජිතයාගෙන්ම(Agent) ගන්න
අලවි නියෝජිතයෝ කියන්නේ "බලය ලත් අලවි නියෝජිත" කියලා බෝඩ් ගහගෙන ඉන්න හැම එකාම නෙවෙයි.DELL ලැපක් ගන්නවානම් DELL වෙබ් සයිට් එකේ අලවි නියෝජිත list එක බලලා එකේ ඉන්න එකෙක් ගෙන් ගනිල්ලා. අනිත් තැන වලට වඩා 5% ක් 10% ක් ගැන වැඩි වෙන්න පුළුවන්. හැබැයි කිසි කරදරයක් නැතුව වොරන්ටි ක්ලෙම් කරනවා.සේර්විස් එක හොදයි.
Dealers ලා ගේ ගාන ගොඩක් වෙලාවට agent ගේ ගානට වඩා අඩුයි. එත් Agent ගෙන්ම ගන්න එක ඇගට ගුණයි.
2-කොයි තරම් කිව්වත් manufacturer ගේ වෙබ් site එකේ නැත්තන් Agent කෙනෙක් ,dealer කෙනෙක් කියලා විස්වාශ කරන්න එපා. අම්මා මුත්තා දිවුරලා ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා කිව්වත් ගන්න නම් එපා.. උන් දෙන්නේ නෑ..
3-Agent කෙනෙක් ,dealer කෙනෙක් වුනත්....
සමහර චාටර් තැන් තියෙනවා "Authirised Dealer" කියලා බෝඩ් ගහගෙන, refurbished බඩු , පාර්ට්ස් මාරු කරපු බඩු විකුණන... තමන් උපකරණය ගන්න හිතාගෙන ඉන්න තැන ගැන එලකිරියෙන් අහපල්ලා.. ගුණ දොස් අහ ගන්න පුළුවන්.
4-පිට රටකින් බඩු ගෙන්වනවානම්
ගන්න දේට ලංකාවේ service Agent කෙනෙක් ඉන්නවාද කියලා බලපන්. එහෙම ඉන්නවානම් උන් ඉන්ටෙර්නැෂනල් වොරන්ට් ක්ලෙම් කරනවාද කියලා අහල බලපන්. උන් එහෙම ක්ලෙම් කරන්නේ නැත්තන් , අවුලක් උනොත් ආපහු රට පටවන්න වෙනවා.
Agent කෙනෙක් හිටියත් උන් හැම මොඩල් එකකටම සපෝට් කරන්නෙත් නැ. ඉන්ටෙර්නැෂනල් වොරන්ටි තිබුනත් , service charges ගෙවන්න වෙනවා. උන්ගාව නැති මොඩල් එකක් නම් , service එක දෙන්නත් මාස ගානක් යනවා.
5-චාටර් වෙළෙන්දෙකුට අහුවුණොත්
*මෙච්චර කියලත් තුට්ටු දෙකේ ලාබේ බලාගෙන චාටර් එකෙකුට අහු වෙලා උන් වොරන්ටි ක්ලෙම් කරන්නේ නැතිනම්, පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරනවා කියලා කියපන්. හැබැයි එහෙම පැමිණිලි කරන්න උබ ලග සාක්ෂි තියෙන්න ඕනේ. බිල් ටිකයි බඩු ටිකයි ඔක්කොම උන් ලග තියලා , ගොන් විදියට කතා කරන්න එපා.
*උන් කියන කියන විදියට සල්ලි දීලා තව කෑලි ගන්න යන්න එපා.. ගන්න දෙයක් වෙන තැනකින් ගනින්. උන්ගෙන් තව කොච්චර ගත්තත් ඔච්චරම තමයි.
*එහෙම වත් මොකුත් කර ගන්න බැරි නම් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්. සමහර විට උබට සැහෙන කට්ටක් කාලා යමක් කරගන්න පුළුවන් වෙයි.
ටීකාව..
යුනිටි එකේ කොහෙන් ගත්තත් එකයි, උන් ලග නැති දෙයක් නම් අල්ලපු කඩෙන් තමා ඉල්ලගෙන එන්නේ. උන් ගොඩක් වෙලාවට අලුත් බදු කියලා විකුනන්නේ refurbished බඩු. ගොඩක් අය ලංකාවේ බඩු වලට වඩා පිට රට බදු හොදයි කියලා හිතාගෙන ඉන්නේ මේහේ ඉන්න හොර හැතිකරේ refurbished බදු විකුණන හින්දා තමා.
factory refurbished කියන්නේ කොලිට් චෙක් වලින් ෆේල් වෙන , අවුල් තියෙන බඩූ ඈපහු හදලා විකුණන ඒවාට. මේවට manufacturer ගේ වොරන්ටියක් හම්බෙන්නෙ නැ.. හැබැයි ගාන අලුත් එකක් ගන්නවට වඩා ගොඩක් අඩුයි. ebay එකේ මේවා අඩුවට ගන්න පුළුවන්. ලංකාවේ හොරු ටිකක් මේවා අඩුවට අරගෙන , වොරන්ටිය අවුරුදු දෙකයි තුනයි කියාගෙන විකුනනවා. අපේ සම හරක් දෙදාහේ ,පන්දාහේ ලැබේ බලාගෙන ඇම ගිලිනවා.
ඔය අතරේ කනාවට හොද බඩු සෙට් වෙන වෙලාවලුත් තියෙනවා, එතකොට තමයි සමහර උන කගහන්නේ මම මැෂින් එක අරගෙන අවුරුදු මෙච්චරයි , තාම නම් අවුලක් උනේ නෑ.. එතන බදු හොදයි කියලා.. ඒවා ඉතින් වෙලාව තමා .
මොකක් හරි අවුලක් වෙලා උස්සගෙන ගියාම තමා දෙලෝ රත් වෙන්නේ. කඩ කාරයා දෙනවා කිව්වට වොරන්ටිය දෙන්නේ නෑ. අයි? manufacturer ගේ වොරන්ටියක් නැති නිසා දෙන පාර්ට් එකක් , උන්ගේ අතින් දෙන්න වෙන නිසා. එහෙම දුන්නත් දෙන්නේ ආපහු refurbished එකක් හරි used එකක් හරි තමා. නමුත් Agent කෙනෙක් ගෙන් ගත්තානම් උන් ඇත දිග ඇරලා parts replace කරනවා. මොකද manufacturer thamayi පාර්ට් එක දෙන්නේ , එක නිසා Agent ගේ අතින් වියදම් වෙන්නේ නෑ . Manufacturer මහා පරිමාණයෙන් බඩු හදන නිසා ඔය එක පාර්ට් එකක් හදන්න යන්නේ , එක වෙලදපොලේ විකුණන ගානය වඩා ගොඩාක් අඩු ගානක්. එක නිසා උනුත් අවුල් තියනවා කියලා Agent complain කරනකොටම අදාළ පාර්ට් එක බය නැතුව දෙනවා.. ඔන්න ඕක තේරුම් අරගෙන
softlogic,samson IT,metropolitain වගේ නම් දරාපු කොම්පනියකින් ගනිල්ලා ගන්න දෙයක් ..
චාටර් shops වල ලිස්ට් එකක් හදන්න පුළුවන් නම් හොදයි. මේ ත්‍රෙඩ් එකේම වුනත් කමක් නෑ..
) අපි ගාවට මේ කඩ ඇරපු උන් එවිල්ල අඩා වැටෙනවා උන්ට ඩීලර් ශිප්/ Authorized reseller Certificates දෙන්න කිය කියා.බොහොම කලාතුරකින් තමා එකෙක්ව Accept කරන්නේ
. ඒ උගේ වටපිටාව සහ සියලු දේ බලලා
.මොකද එන එන හැම එකාටමදී පුවාම මොකද වෙන්නේ කියලා ඔන පොඩි එකෙක්ට තෙරෙනවානේ 
. පස්සේ උන් අපේ නම විකුන විකුන කනවා. අපේ System eke එහෙම Dealer ඇත්තෙත් නහැ
. 
1919 , පාරිභෝගික කටයුතු එකේ පැමිණිලි කරපන් , හොදටම වැඩ කරනවා අත්දුටුවයි ප්රත්යක්ශයි





මේකේ ඉන්න උන්ට කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලින් බඩු ගන්න එපා කියලා.......
කොහෙද අහන එකක්යෑ......
![]()
රු.500ක 1000ක අඩුවට, අපේ උන් කරන්නේ, ගිහින් තම්බියටම පුදලා එනවා........ ඈවිත්, වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන අපිට කියනවා......![]()



ubalata kata kadenakan kiyanawane machan unity eken laptop oya wage high end machine ganna epa kiyala
poddak ganak wediyen dila genuine dealer kenekgen ganin...
MC eke redline eka hodai kiyanawa highend pc's walata![]()


kohoma unath mama kiyanne ne techzone hodai kiyala.... kohoma unath mama monitor ekak aran Hoda kattak kewa abans eken thama aluth replacement ekak nethuwa den masa 2i menna ethakota dapu thread eka http://www.elakiri.com/forum/showthread.php?t=1587453


kotanada bn thyenne?matale town nan inne waren... Plus Vision Pc....sinhala kadeking ganing...18 years experience... great warranty....Good customer service...