ඇයි අනාගතයේ අයම algorithm එක හොයන්නෙ නැත්තෙ?
මොකද අනාගතයේ ඉන්න tenet කණඩායම් මේකට ඉඩ දෙන්නෙ නෑ. ඉතින් හොදම විකල්පය තමයි අතීතයේ ඉන්න කෙනෙක් දාල මේක අරගන්න එක.
ඉතින් සේටෝර්ගෙ රාජකාරිය තමයි මේ කොටසක් නමය හොයලා Stalks-12 නගරයේ උමගකට දාලා ඒක වැහෙන්න බෝම්බයක් පුපරවලා ඒ උමග වහලා දාන එක. සේටෝර් අැල්ගොරිතම් ඒක එතන වැලලුවාම අනාගත මිනිස්සුන්ට අනාගතයෙදි ඒක ගන්න පුලුවන්. ඉතින් මේක වැලලුවා කියලා සේටෝර් අනාගත මිනිස්ස්සුන්ට දෙන signal එක තමයි සියදිවිනසා ගන්න එක. සේටෝර් අනාගත මිනිස්සු එක්ක communicate කරන එක නවත්තපු ගමන් අනාගත මිනිස්සු දන්නවා සේටෝර් ඇල්ගොරිතම් එක වලදාලා කියලා.
ඉතින් ඇයි සිග්නල් එක විදියට සේටෝර් සියදිවි හානි කරගන්නෙ?
මන් කලින් කිව්ව මතකනේ මෙයාගෙ නගරයේ න්‍යෂ්ටික අවියක් පුපුරනවා. මෙකෙ විකිරනවල බලපැම නිසා සෙටෝර්ට පිලිකාවක් හැදෙනවා. ඉතින් කෝම කරත් මෙයා මැරෙනවා. ඉතින් එයාට ඕනෙ එයා මැරෙන දවසේ ලෝකෙත් එක්කම මැරෙන්න. (එයා මැරුන ගමන් අනාගත අය ඇල්ගොරිතම් එක අරන් ලෝකෙම විනාශ කරන නිසා)
ඇයි අනාගත මිනිස්සු වර්තමානෙ විනාස කරන්න හදන්නෙ?
අනාගතයෙදී පෘථිවිය ජීවත් වෙන්න අමාරු වෙන තැනටම දූෂිත වෙලා. වර්තමානෙ ඉන්න මිනිස්සු කරපු පරිසර විනාශය නිසා තමයි මේක වෙලා තියෙන්නෙ. ඉතින් අනාගත මිනිස්සු හදන්නෙ වර්තමානෙ ඉන්න අයව නැති කරලා පරිසර විනාශය නවත්තන්න.
දැන් තියෙන ගැටලුව තමයි වර්තමානයෙ ඉන්න මිනිස්සු මැරුනොත් අනාගතයේ ඉන්න අය ඉපදෙයිද?
(නිකන් හිතන්න ඔයා අතීතෙට ගිහින් ඔයාගෙ සීයාව මැරුවොත්, ඔයා ඉපදෙන්න විදියක් නෑනෙ. මොකද සීය නැත්තං ඔයාගෙ තාත්තා නෑ. තාත්ත නැත්තම් ඔයත් නෑ ) ඔය මන් කිව්වෙ grandfather paradox සංකල්පයේ කොටසක්.
ඔය ප්‍රශ්නේ ජෝනුත්, නීල්ගෙන් අහනවා. ඒකට දෙන උත්තරේ තමයි මේක.
Neil: එයාලට වෙන විකල්පය්ක් නෑ. මේ ක්‍රමය උත්සාහ කරල බල්න්න එයාලට ඕනෙ. මොකද අනාගත මිනිස්සු කෝමත් මැරෙන්න ඉන්නෙ. එයලගෙ පරිසරය විනාශ වෙලා. (time travel නිසා මැරුනත් අනාගතයෙ පරිසර විනාශය නිසා මැරුනත් එකයි කියලා කියන්නෙ )
ඔන්න ඉතින් ඔය කතාවෙන් පස්සෙ නීල්, සහ ජෝන්, කැට්ව අරන් යනවා. Oslo free-port එකට. එතනදි තමයි අපිට දකින්න පුලුවන් වෙන්නෙ අර මුලින් ජෝන් එක්ක fight කරපු කලු අැදගත්තු agent ජෝන්ගෙම අනාගත version එකක් කියලා. (මේ නිසා තමයි නීල් ඇවිත් මෙයාව මරන්න එපා කියලා ජෝන්ට කියන්නෙ ) ඔන්න ඉතින් කැට්ව සුව කරගන්න පුලුවන් වෙනවා. (හැබැයි සේටෝර් දන්නෙ නැ කැට් බේරුනා කියලා)
ඔන්න ඉතින් දැන් සේටෝර් ගාව ඇල්ගොරිතම් එකේ කොටස් නවයම තියෙනවා. සේටෝර් මේක වලදාන්න හිතන් ඉන්නෙ ෆිල්ම් එක පටන් ගනිද්දි පෙන්නපු ඔපෙරා හවුස් එකේ සිද්දියට තවස් 14කට විතරක් කලින්.
ඇයි සේටෝර් එහෙම සති දෙකක් අතීතයට ගියේ?
මතකනෙ මන් කිව්වා, ඇල්ගොරිතම් එක වලදාල බෝම්බයම පිපුරුව ගමන් සේටොර් ජීවිතෙ නැති කරගන්න ඉන්නෙ. ඉතින් තමන්ගෙ අන්තිම මොහොතෙ බිරිද එක්ක ආදරෙන් ගත කරපු දවසට යනවා. (අර වියට්නාම සවාරිය )
ඔන්න ඔතනට තමයි මේ වෙඩිල්ලෙන් බේරුන අනාගත කැට් සම්බන්ද වෙන්නෙ. ජෝන්, නීල් සහ ටෙනෙට් ටීම් එක, එයාලගෙ ෆයිනල් මිශන් එක ඉවර කරනකන්, සේටෝර්ව පන පිටින් තියාගන්න එක තමයි මේ කැට්ට පැවරෙන රාජකාරිය. ඉතින් කැට් කාලය හරහා ආපස්සට ගිලිල්ල පරන කැට් වගේ රගපාලා සේටෝර් ජීවිතේ නැති කරගන්න එක පහු කරනවා. මේ බෝටුවේ සිද්ධියයි stalks-12 වල යන මිශන් එකයි එකම වෙලාවෙ සිද්ධ වෙන්නෙ.
එහෙනම් යමු ඒ මිශන් එක පැත්තට.
ජෝන්, නීල් සහ tenet ටීම් එක සේටොර්ගෙන් Algorithm එක අරගන්න ප්ලෑන් කරනවා. මේකට මෙයාල පාවිච්චි කරන්නේ Temporal Pincer කියන ක්‍රමය.
මිලටරි භාෂාවෙන් පින්සර් කියන්නෙ එකවර දෙපත්තකින් පහර දීමට. ඉතින් ටෙම්පෝරල් පින්සර් කියන්නෙ කාලයෙ දෙපත්තකින් පහර දීම.
ඒ කියන්නෙ ටීම් දෙකක් ඉන්නවා. එක ටීම් එකක් කාලය හරහා ඉස්සරහට යනවා. අනිත් ටීම් එක කාලය හරහා පිටිපස්සට යනවා.
(( තේරෙන විදියකට කියනවා නම් හිතන්න, ඔයා ගේම් එකක් ප්ලේ කරන්න හිතාගෙන ඉන්නෙ කියලා. ඔයා ගේම් එක පටන් ගන්න කලින්, ඒක පිටිපස්සෙ ඉදන් ප්ලේ කරපු යලුවෙක් ඔයාට ඇවිත් කියනවා වෙච්ච දේවල්. ඒ විතරක් නෙමේ එයා පිටිපස්ස්සෙ ඉදන් ඉස්සරහට එද්දි හිටපු එනෙමියොත් මරාගෙන එන්නෙ. මේ නිසා ඔයාට දැන් කිසි අවුලක් නැතුව ගේම් එක ඉවර කරන්න පුලුවන්./// මේ ඉස්සරහට සහ පිටිපස්සට ගේම් එකතු ප්ලේ කිරීම සිද්ද වෙන්නෙ එකම මොහොතෙ ))
මේ අන්තිම මිශන් එකේදි රතු ටීම් එක ඉස්සරහට යනවා. මේකෙ තමා ජෝන් සහ අයිව්ස් ඉන්නෙ.
නිල් ටීම් එක පිටිපස්සට යනවා. මේකේ තමා නීල් ඉන්නෙ.
රතු ටීම් එක බෝම්බෙ පිපිරෙන්න කලින් ඇල්ගොරිතම් එක උමගෙන් ගන්න තමයි යන්නෙ. නිල් ටීම් එක බෝම්බෙ පිපිරෙන මොහොතෙ ඉදන් මිශන් එක පටන් ගන්න තැන දක්වා යන්නෙ. එයාල කරන්නේ රතු ටීම් එකට මිශන් එක ලේසි වෙන්න සේටොර්ගෙ සෙබලු මරල, මාර්ගය clear කරලා දෙන එක.
ඉතින් විනාඩි දහයක් ඉස්සරහට සහ විනාඩි දහයක් පිටිපස්සට යන ටීම් දෙක නිසා තමයි film ඒකට tenet කියලා දාලා තියෙන්නේ. ඉංග්‍රිසියෙන් දහය නැත්තම් ten වචනය ඉස්සරහය සහ පිටිපස්ස ලිව්වම ඒන්නේ
Ten+neT = TeneT. අපි කලින් දාපු පෝස්ට් ඒකේ ඉස්සරහට දහයයි පිටිප්සසට දහයයි කියලා දැම්මෙ ඔන්න ඔක නිසා.
ඔන්න අයිව්ස් සහ ජෝන්, ඇල්ගොරිතම් එක තියෙන උමගට ඇතුල් වෙනවා. හැබැයි සේටෝර්ගෙ සෙබෙලෙක් මේ උමගෙ අැතුලු වෙන තැනට බෝම්බයක් හයි කරනවා, ඒ නිසා කවුරුහරි ඇතුල් උනොත් දොර වැහිලා එලියට එන්න බැරි වෙනවා. මේක රිවස් වෙලා ඉන්න නීල් දකිනවා. ඒ නිසා නීල් මේ camp එකේ තියෙන turnstile එකකින් කාලයේ ඉස්සරහ පැත්තට (රතු ටීම් එක්කෙ පැත්තට) හැරිලා යනවා, මේ උමං දොරේ තියෙන බෝම්බේ ගැන ජෝන්ට කියන්න. හැබැයි ඒ යද්දි අයිව්ස් සහ ජෝන් උමග ඇතුලට ගිහිල්ල ඉවරයි. (ජෝන්, අයිව්ස් මුලින්ම ඇතුලට දුවද්දි පිටිපස්සෙන් පෙන්නන, හෝන් ගහන ජීප් එකේ ඉන්නෙ නීල්). ඉතින් දැන් නීල් මේ දෙන්නව ගොඩට ගන්න විදියක් කල්පනා කරලා උමගේ උඩින් ඇරෙන දොර ගාවට යනවා.(මේ යන්නෙ අන්තිමට ජෝන්ලව බේර ගන්න කඹය දාන්න)
ඔය අතරෙ උමග ඇතුලෙන් ගිහින් Algorithm එක තියෙන තැනට ජෝන් සහ අයිව්ස් යනවා. හැබැයි එතන ලොකු දොරක් තියෙනවා. ඒක අරින්න පුලුවන් ඇතුලෙන් විතරයි. ඒ වගේම දොර ලග වැටිල ඉන්නවා නිල් ටීම් එකේ සෙබලෙක්. මෙයාගෙ බෑග් ඒකේත් තියෙනවා. රතු පාට ටැග් එකක්. (හරියට අර ඔපෙරා හවුස් එකේදි ජෝන්ව බේරගත්ත කෙනාගෙ වගේම ටැග් එකක්). දොරෙන් ඇතුලෙ ඉන්න සේටොර්ගෙ මැරයා ජෝන්ට වෙඩි තියන්න එද්දිම අර නිල් ටීම් එකේ සෙබලා ඇතුලෙන් දොර ඇරල, වෙඩිල්ල ඉස්සරහට පැනල ජෝන්ව බේරගන්නව. (මේක රිවස් ඒකට අපිට පෙන්නන්නෙ ) ඉතින් මැරුණු නිල් සෙබලා දොර ඇරපු නිසා ජෝන් ඇතුලට ගිහින් අර සේටොර්ගෙ මැරයා මරලා ඇල්ගොරිතම් එක ගන්නවා. ඒත් මතකනේ උමගෙන් ඇතුලුවෙන තැන වැහිලා ජෝන්ට එලියට යන්න විදියක් නෑ. එතකොටම නීල් ඇවිත් කඹයක් දාලා ජෝන්වයි අයිව්ස් වයි එලියට ගන්නවා. ඔන්න ඉතින් මෙහෙයුම සාර්තකයි.
සේටෝර්ගෙ බෝම්බය පිපිරුන නිසා එයාගෙ සෙබලු හිතන්නෙ Algorithm එක වැලලුනා කියලා. ඒත් ජෝන්, අයිව්ස් සහ නීල් ඇල්ගොර්තම් එක අරගෙන ඒක කොටස් තුනකට බෙදාගෙන හංගන්න තීර්ණය කරනවා.
ඒත් මතකයිනෙ නීල් එයාගෙ මුල් මිශන් එක බාගෙට නවත්තලා තමයි ජෝන්ව බේර්ගන්න ආවෙ. ඒ නිසා එයා තමන්ගෙ algorithm කොටසත් ජෝන්ට දිල කියනවා එයාගෙ මිශන් එක ඉවර කරන්න යන්න ඕනෙ කියලා. එතනදි අපිට පෙන්නවා නීල්ගෙ බෑග් එකේ අර රතු පාට ටැග් එක තියෙන්වා.
ඔව් ඔය නීල් යන්නෙ එයාගෙ මරණයට. එයා අයෙ රිවස් වෙලා අර දොර ඇරලා, වෙඩිල්ල ඉස්සරහට පැනලා ජෝන්ව බේරගන්න යන්නෙ.
මේක දන්න නිසා ජෝන් emotional වෙනවා. මෙතනදි ජෝන් ආයෙ අහනවා කවුද නීල්ව මේ tenet සංවිධානයට බදව ගත්තෙ කියල. අපිට දැනගන්න ලැබෙනවා නීල්ව සංවිදානයට ගත්තෙ ජෝන් මයි කියලා. ටෙනෙට් සංවිදානය ආරම්භ කරන්නෙත් ජෝන්මයි. ඒ වගේම මේ සම්පූර්න ෆිල්ම් එකම Temporal pincer මිශන් එකක් කියලා නීල් කියනවා. අනාගතේ තැනකදි ජෝන්, නීල්ව tenet එකට බදවාගෙන එයාව කාලය හරහා පිටිපස්සට එවලා. ඒ එවල තියෙන්නෙ අතීතයෙ ඉදන් ඉස්සරහට යන ජෝන්ට උදව් කරන්න. (මේ ෆීල්ම් ඒකේ අපි දකින ජෝන්ට උදව් කරන්න.)
(අර ගේම් උදාහරණයට දාල කිව්වොත්, ඔයා අනාගතේදි නීල් කියන යාලුවාව අතීතෙට එවනවා, ඔයාගෙම අතීත ස්වරූපයට ගේම් එක ගහන හැටි කියලා දෙන්න )
නීල් සහ ජෝන් හොදම යලුවො දෙන්නෙක්, එයාලගෙ කතාව පටන් ගන්නෙ අනාගතයෙදි. ඒක ඉවර වෙන්නෙ නීල් මැරෙන වර්තමානයෙදි.
ඔන්න ෆිල්ම් අන්තිමට අපිට පෙන්නනව ප්‍රියා සිං කැට්ව මරන්න ලැස්ති වෙලා ඉන්න බව. මොකද කැට් මේ මිශන් එක ගැන තොරතුරු දන්න්වානෙ. ඒක tenet එකට ලොකු අවධානමක්. ඒත් ජෝන් ඒක කරන්න දෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා ප්‍රියාව මරනවා. ඔන්න ඔතනින් ෆිල්ම් එක ඉවරයි.