Tharindu Offset Printers ආයතනයට ගියෙමි.
උපුටා ගැනීමකි - ඉන්ද්‍රනාථ තේනුවර සර්ගෙ මුහුණු පොතින්
පළමු ව ඔබට මේ ලිපිය සිහිකැඳවනු කැමැත්තෙමි.
https://web.facebook.com/search/top/…
පසුගිය මාර්තු 15වන දා මම අම්පාරට ගියේ වෙනත් රාජකාරියකට ය. නමුත් ඒ අතරතුර ලද ඇසිල්ලෙක මම මගේ පැරණි අතිජාත මිත්‍රයකු වන මෙත්තානන්ද රූබසිංහ මහතා හමු වන්නට ඔහුගේ Tharindu Offset Printers ආයතනයට ගියෙමි.
ආගිය කතාබහින් පසු, මා මිත්‍රයා පත් ව සිටින ත්ත්වය ගැන මම මහත්සේ විස්සෝප වීමි.
මුද්‍රණ යන්ත්‍රයට අත හසු ව, කෝටි ගණනක් වටිනා යන්ත්‍රය කපා සේවක මුණසිංහ මහතාගේ ජීවිතය බේරා ගත් මේ මහා මනුෂ්‍යයා අද පත් ව සිටින්නේ බරපතල ඛේදවාචකයක් අබිමුඛ ව ය. ඒ ඔහුගේ දේපොල සියල්ල අත්පත් කර ගන්නා අවසන් අවස්ථාවකට ම එළැඹ ඇති නිසා ය. මේ සිද්ධිය දැන ගත් මොහොතේ සමස්ත ජනතාව ම මේ මේත්තානන්ද මහතාගේ මෙහෙවර බොහෙවින් අගය කළ බව මට මතක ය... ඔහුට සුබ පතමින් පෝස්ට් දහස් ගණනක් පළවිය. ඒ නිසා ම ඔහුට ගෞරව සම්මාන ද පුද කරනු ලැබිණි. නමුත් අද ඒ කිසිවෙක් නැත...!!!
රක්ෂණය අහක බලාගෙන ය...!
බැංකුව සිරිත්පරිදි ගොරවමින් සිටියි..!!
ඔවුන්ට මේ මනුසත්බව තඹයකට වටිනා ක්‍රියාවක් නොවේම ය...!!
සිද්ධිය වන අවස්ථාවේ දී මෙම යන්ත්‍රෙයන් මුද්‍රණය කොට අවසන් ව තිබූ කැලැන්ඩර ලක්ෂ ගණනක් ම විනාශයට පත් වීම නිසා රූබසිංහට සිය වෙළෙඳ අරමුණ සාක්ෂාත් කර ගත නොහැකි විය. එයින් ගොඩ එන්නටනම් තවත් අවුරුද්දක් ම බලා සිටිය යුතු ය. ෙදෙනික රාජකාරිවලින් උපයන සියලු මුදල් බැංකුවේ තැන්පත් කළ ද, එයින් හිඟ ණය වාරික ගෙවී යන්නේ නැත. ලැබෙන හැම වත්කමකින් ම ණය ගෙවූව ද, ඒ මහා ණය කන්ද පාමුලවත් තබන්නට ඒවා සමත් වන්නේ ද නැත. මන්ද මේ ණයට එකතු ව ඇති පොලී මුදල ද අතිමහත් නිසා ය.
සිය සේවකයන්ගේ සුබසිද්ධිය සඳහා කැප වන ව්‍යාපාරිකයන් අතිශයින් හිඟ මේ කාලයේ, සිය අවදානම් ආර්ථිකය තඹයකට නොගෙන, මහා මිනිස්කමකින් ක්‍රියා කළ මිනිසකුගේ උත්තුංග මෙහෙවරක් අගය කරන්නට ද, එමෙන් ම මෙවැනි අතිශය මානව හිතවාදී ක්‍රියාවන් කොට සිය සේවක ජනයා රකින ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නට ද මේ මොහොතේ අප සැම ශක්ති ප්‍රමාණයෙන් එකතු විය යුතුයැයි මම විස්වාස කරමි.
එ් ඔබගේ දයාර්ද්‍ර බව කිසියම් මුදලක් එකතු කොට දීමට එහා ගිය ශක්තිමත් මහජන මතයක් ගොඩනංවන එකක් වනු ඇතැයි ද මම සිතමි.
#samapathbank #ceylincoinsurance