The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

maleemsg

Member
freednbeing said:
මට තේරෙන දේ තමයි ආදරය කියන්නේ මල විකාරයක් මිනිස්සු ශිෂ්ඨ කරපු. ඒත් දැන් අපිට ආපහු අශිෂ්ඨ වෙන්න බෑනේ. ඒ නිසා මිනිස් සම්බන්ධ පවත්වාගන්න ආදරය නම් නිර්මිත සංකල්පය ඉතාම වැදගත්. ඒක විශ්වීය ලෙසම පොදු දෙයක් වුණාට අපි ඒක විවිධ ඛණ්ඩ වලට කඩාගෙනයි විඳින්නේ. ඒක ගැටළුවකුත් නෙවෙයි තමයි. කොහොමත් බුදු වීම හෝ ඒ සම්බන්ධ කිනම් තත්ත්වයක් වුණත් ඔය විශ්වීය ආදරය පදනම් කරගෙනයි තියෙන්නේ. ඒක තේරුම්ගත්ත නම් ඔය කොයිකත් හරි සිම්පල් ඇති කියල මට හිතෙනව.

ඔව් ආදරේ කියන්නෙත් මල විකාරයක් තමයි ඒකත් අර ආගම් සංස්කෘතීන් වගේ මිනිස්සු හිරවෙන්න හදා ගත්තු දෙයක්! ඒක ඇතුලට වෙලා බොහෝ විට දුක් විදිනවා ඇරෙන්න අවංකවම ඒ සතුට විදින අය බොහොම ටිකයි ඉන්නේ මං හිතන්නේ
 
Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    maleemsg said:
    ඔව් ආදරේ කියන්නෙත් මල විකාරයක් තමයි ඒකත් අර ආගම් සංස්කෘතීන් වගේ මිනිස්සු හිරවෙන්න හදා ගත්තු දෙයක්! ඒක ඇතුලට වෙලා බොහෝ විට දුක් විදිනවා ඇරෙන්න අවංකවම ඒ සතුට විදින අය බොහොම ටිකයි ඉන්නේ මං හිතන්නේ

    ..
     
    මේක ගැන කතා කරල ගුටි නොකා බේරුණොත් ඇති.:lol:
    xp ගෙ වැලි මිරිකීම මේකට තවත් එක ලින්ක් එකක් තමයි. මේ බොහොම නිදහස් හැඟීමක්. ඒක කවදාවත් කියාගන්න නම් පුළුවන්ද මන්දා. ඒක ඒ තරම් අපේ භාෂාවේ වචන වලින් දුරස්ව වෙනම තැනක තියෙන දෙයක්. ගැහැණු පිරිමි ආදරය නම් අර කපන්න බැරි නිසා අත ඉඹිනවා වගේ වැඩක් කියල මට හිතෙනවා...
     
    :dull: :dull: හේතු සාධක *සෙවීම සදහා චර්මපත්ර මහතාගේ සාධාරණවාදය පරිශීලනය කරනු යහපති. එහි කවියට පසුව ඇති විස්තර කථනයෙහි දක්වා ඇති පරිදි මිනිස් සිතෙහි ඇතිවන්නා වූ සිතිවිලිම එයට හේතු වේ :dull: :dull:
     
    maleemsg

    Member
    freednbeing said:
    සින්දු ගැන කතාකරන්නත් ඕන.:)

    කාලවේලාව පිළිබද ගැටළුවක් නිසා මට නම් සිංදු දෙකම එක පාරයි අහන්න ලැබුනේ...අමතක වීම නිසා පෑනට දමා ගැනීමටද නොහැකි විය...මම සිංදු දෙකම තේරුම් ගත්තේ නෑ හරියට මං හිතන්නේ.....වික්ටර් එන්න කියන දේ නොකර පරම පිවිතුරු ආදරයකට එන්න කියලා අනිත් කෙනා කියන එකද ඒ* සිංදු දෙකේ අන්ත දෙක?:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවදත් හරවත් අර්ථවත්,යමක් කරන නුඹට.... මා පැසසුම් කරමි. :)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    සින්දු ගැන කතාකරන්නත් ඕන.:)

    සිංදුවල link මට වැඩ කරන්නෙ නෑනෙ:( පොඩ්ඩක් බලනු මැනවි
     
    maleemsg said:
    :dull: :dull: හේතු සාධක *සෙවීම සදහා චර්මපත්ර මහතාගේ සාධාරණවාදය පරිශීලනය කරනු යහපති. එහි කවියට පසුව ඇති විස්තර කථනයෙහි දක්වා ඇති පරිදි මිනිස් සිතෙහි ඇතිවන්නා වූ සිතිවිලිම එයට හේතු වේ :dull: :dull:
    යහපති යහපති! චර්මපත්ර මහතාගේ අති විශිෂ්ඨ:rofl: වියමන හමුවේ විතර්ත නොමැත!
     
    tharinda76 said:
    කවදත් හරවත් අර්ථවත්,යමක් කරන නුඹට.... මා පැසසුම් කරමි. :)
    එසේය එෂේය! ඔබටද මා අතිශයින් ස්තූතිවන්ත වන අතර මාගේ අඩු නුහුඩුකම් පෙන්වා දිය හැකිනම් අගය කොට සලකමි.:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    දැන් සිංදු ගැටළුව හරි...මගේ ගැටළුවක් වෙන්න ඇති:)
     
    sampath312 said:

    සිංදුවල link මට වැඩ කරන්නෙ නෑනෙ:( පොඩ්ඩක් බලනු මැනවි
    විය නොහැක විය නොහැක. මා මෙය zSHARE දැමුවේ Adrive සම්බන්ධතාවයේ දෝෂ නිසාමයැ. තව වරක් උත්සාහ කරනු මැන.

    මෙය අමුණන අතරවාරයේ ගැටළුව විසඳී ඇති හැඩයි!:):)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    විය නොහැක විය නොහැක. මා මෙය zSHARE දැමුවේ Adrive සම්බන්ධතාවයේ දෝෂ නිසාමයැ. තව වරක් උත්සාහ කරනු මැන.

    මෙය අමුණන අතරවාරයේ ගැටළුව විසඳී ඇති හැඩයි!:):)

    සමා වනුව සමා වනුව....මට ස්වල්ප වෙලාවක් ලබා දෙන්න track එකට වැටෙන්න:)
     
    maleemsg said:
    කාලවේලාව පිළිබද ගැටළුවක් නිසා මට නම් සිංදු දෙකම එක පාරයි අහන්න ලැබුනේ...අමතක වීම නිසා පෑනට දමා ගැනීමටද නොහැකි විය...මම සිංදු දෙකම තේරුම් ගත්තේ නෑ හරියට මං හිතන්නේ.....වික්ටර් එන්න කියන දේ නොකර පරම පිවිතුරු ආදරයකට එන්න කියලා අනිත් කෙනා කියන එකද ඒ* සිංදු දෙකේ අන්ත දෙක?:eek:
    මේ සින්දු වෙන වෙනම යුග දෙකකදී ආදරය ගැන කියවුණ ඒවා. වික්ටර් කියන වර්ගයේ පෙම් ගීත තමයි වැඩිපුර තියෙන්නේ. ඒත් කිත්සිරි කියන එක නම් අතිශය නූතන ව්යවහාරයක ලියවුණු එකක් නේ. ඒ වෙනස තමයි අන්ත දෙක. වික්ටර් කියන්නේ ෂමුගැන්මක් ගැන. කිත්සිරි කරන්නේ ඇරයුමක්. එතනත් තියෙන්නෙ එක්වීම හෝ නොවීම කියන අන්ත දෙක තමයි නේ?
     
    :shocked: :shocked: ඒකනේ කියන්නේ එක පාරක් අහලා දෙයක් හිතන්න බෑ කියලා.... රෑ පානේ හෙවනැලි වලටත් හොරෙන් ඇවිද යන්න එන්න කිව්වම මම හිතුවේ වෙන දෙයක් :shocked: :baffled: :baffled: හපොයි මම හෙටම අදහස් දක්වමි!