The House (2022)

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk

    ️​

    මේක “ Stop Motion Animation ” ඛාණ්ඩයට අයත් වන සිනමාපටයක්.ඒවගේම මේ සිනමාපටය නිකුත්වෙලා තියෙන්නේ 2022 ජනවාරි මස 14 වනදා “ Netflix ” ඔස්සේ.Fantasy, Horror සහ Thriller ගනයට අයත් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paloma Baeza, Emma De Swael ඇතුළුව තවත් අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්ගේ අතින්.කොහොම නමුත් කියන්න උවමනා වැදගත්ම කාරණේ තමයි මේ ෆිල්ම් එක එකම කතා තේමාවක් ඔස්සේ ගලා නොයන එකිනෙකට වෙනස් කතා ත්රිත්වයක් අඩංගු සලරුවක්. ගොඩදෙනෙක් දන්න විදියට කියුවොත් මේක “ Anthology ” වර්ගයේ සිනමාපටයක්. ඔයාලා “ Sin City, Lust Stories, Wild Tales, Amores Perros ” වගේ සිනමාපට රසවිදලා තියෙනවනම් මේ ගැන හොදින්ම දන්නවා ඇති.මේක හඩ දායකත්වයෙන් “ Mia Goth ( Pearl, X, ), Matthew Goode ( The Imitation Game, Wachmen, The King’s Man) ඇතුවව තවත් බො‍හෝ පිරිසක් එක්ව තිබෙනවා.අපි කව්රුත් දන්න IMDB මීටරෙන් මේ සිනමාපටයට 6.8/10 අගයක් ලැබිලා තියෙනවා.රේටින් ටිකක් අඩුයි තමා.එහෙමයි කියලා මේක අත අරින්න එපා.මොකද මේ සිනමාපටය අපේ ජීවිත වලට වටානා පාඩමක් කියා දෙන අපූරු සිනමා සිත්තමක්.
    කතාව ගැන මම ලොකුවට කියන්න යන්නෙ නෑ. මොකද එහෙම වුනොත් කතාව Spoil වෙන්න පුළුවන් නිසා.කෙටියෙන් සාරාංශ කරලා ඒ ගැන කියුවොත් මේ සිනමාපටයේ තියෙන කතා ත්රීත්වයටම මුල් වෙන්නෙ මිනිස් සංහතියේම හිසට සහන සැලසූ නිවස පිළිබදවයි. අපේම හිසට සහනයක් සැලසූ නිවස අපේම ජීවිත වලට කෙසේ බලපෑම් කරයාද? ඒකට උත්තර හොයන්න ඔයාලා මේක බැලිය යුතුමයි..
    ඉතිං ඒ වගේම කියන්න ඕන මේ උපසිරැසි ගැන්වීමේ තියෙන අඩුපාඩු හොද නරක හැම දෙයක්ම පහත කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා හොදේ. ඒක මට ලොකු උදව්වක් වෙයි ඊළග උපසිරැසිය තවත් හොදින් සිදුකරන්න.එහෙනම් ඉතිං තවත් සිනමාපටයකින් හමුවීමේ බලාපොරොත්තවෙන් දැනට මම සමුගන්නම්.

    Watch Now - Click Here
     
    • Like
    Reactions: NRTG and kinkon