The Legend of MAHASONA

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
when somebody sees a unknown black dog in fount of there house and soon get disappeared, that house can never have a dog. dogs die in a young age or run away without a reason.

bear head story is in a Sinhala textbook of grad 4 or 5. as i remember after the head get kicked off by Gotayimbara, bear head is fixed for it in a reverse positions.

Yeah I've the first statement somewhere.. hmm.. creepy :lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රිටිගල ජයසේන කියන්නේ යක්ක ගෝත්‍රික නායකයෙක්...පසුව ගෝඨයිම්බර අතින් මරණයට පත් වූ පසු මහසෝනා(යකෙක්_අ‍ම‍නු‍ෂ‍්‍ය‍) ලෙස හදුන්වන්නේ..

මම ටි‍ක‍ක්‍
මේ‍ ගැ‍න‍ හොයලා බැලුවා..මට මෙහෙම කතාවක් දැන ගන්න ලැබුනා..' රිටිගල හත් රජ්ජුරුවනේ' යනුවෙන් විපතකදී පවසා කොළ අත්තක් එල්ලීමෙන් පිහිට පැතීමේ සම්ප්‍රදායක් ඇති බවට(අය්යනායක දෙවියන්ට සේම).

ස‍ම‍හ‍ර‍ තැ‍න්‍ ව‍ල‍ ඔ‍හු‍ ද‍ස‍ම‍හා‍ යෝ‍ධ‍ය‍න්‍ ගෙ‍න්‍ එ‍කෙ‍කු‍ ලෙ‍ස‍ත්‍ හැ‍දි‍න්‍ වෙ‍න‍වා‍ ඕක ඇත්තටම controversial (සමහරවිට දසමහා යෝදයන් අතර ඉන්න මහාසෝන සමඟ පැටළිමක් වුනාද දන්නෑ.. සාමන්‍ය පෙළ සිංහල භාශාව පොතක එහෙම සදහන් වුනා)

ගෝටයිම්බරගේ රූමත් බිරියට නොමනා විහිළු කළ නිසා ඔහු හා ගැටුමක් ඇතිකර ගත්තු බවක් තමයි ඒ‍කෙ‍ තියෙන්නේ(සමහරු කියන්නේ ජයසේන ඇයට ආරූඩ වෙලා කරදර කළා කියලා) වෙළා තියනවා..

This is a famous demon of Sri Lanka who it is claimed uses a black dog as the vehicle( මේ කියන්නේ මහාසෝනා යක්ශයා ගැන). When it's influence is felt, people see the apparition of a black dog and faint off; some have the hand print on the body where the apparition struck. Mythological history claims that two warriors of the warrior king Dutugemunu (Circa B.C. 100) had a duel. One kicked the head of the other out of joint effectively decapitating the victim. Since the dead warrior was a champion bear-hunter, he was buried with the head of a bear. This is claimed to be the "Mahasona" apparition.( මේ ඒ සම්බන්ධ රිටිගල ජයසේනගේ පුරාවෘතය)

In the village of Hundarivapi there lived a man named Tissa, who had eight sons. The youngest was named Sona and later became known as Maha Sona. It is said that when Mahasona was seven years old, he had the strength to tear young palms with his bear hands. When he was ten, he could uproot palm trees.

The King of Rohana, Khavantissa, who was looking for brave young men for his army, heard of the this young boy's strength and sent his men with gifts to his parents, requesting them to send their son to the royal court. After seeing him, the King enlisted him into the service of Prince Gemunu who was building up his army.
(මේ ටිකේ කියවෙන්නේ මහාසෝන කියන දසමහා යෝධයන් ගෙන් එකෙකු ගැන)


http://www.lankalibrary.com/myths/mahasona.html
මහාසෝන

මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 45-48) අනුව මහාසෝන යෝධයා, කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරිවාපි ග්‍රාමයේ තිස්ස නමැත්තාට දාව අටවැනි පුතු ලෙස උපත ලබා ඇත. ‍එකල සෝන ලෙස හැඳින්වුනු ‍දස වියැති කොළුවා, ‘විසල් තල්-ගස්’ මුලිනුදුරා දැමීමට තරම් ශක්තිමත් වූ බවත්, පසුව ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය දැරූ බවද කියැවේ.


http://si.wikipedia.org/wiki/

ම‍හ‍සෝ‍නා‍ ගැ‍න‍ මං‍‍ ලි‍ය‍පු‍ ක‍වි‍ය‍ක්‍....


 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මහසෝනා හරියටම කවුද කියන එක මටත් පැටලිලි සහගතයි. පොඩි කාලෙ අපි අතර ප්‍රසිද්ධ කතාවක් තමයි, දුටු ගැමුණු රජතුමාගෙ යෝධයින් වන ගෝඨයිම්බර සහ මහාසෝණ අතර සටනක් ඇති වුනාය කියන එක. නමුත් දසමහ යෝධයන් අතර සිටි මහාසෝණත්, රිටිගල ජයසේනත් පුද්ගලයින් දෙදෙනෙකු බවයි මගේ විශ්වාසය. ගෝඨයිම්බර සමග සටනෙදි වෙන්වුණ හිස සොයාගන්න බැරි උන නිසා කදේ ප්‍රාණය නිරුද්ධ වෙන්න කලින් හදිස්සියට වලස් ඔලුවක් ගෙනත් ඒකත් අනික් අතට සවි කරපු නිසා ජයසේනට ඉන් පස්සෙ මිනිස්සු බය වුණු බව කියැවෙනව. ඉන් පස්සෙ ගමෙන් ඉවත් වෙලා සොහොන් වල වාසය කරපු බැවින් මහසොහොන් කියන නම පටබැදුනලු..... ඔය කතාව තමයි පරණ සින්හල භාශාව අච්චු පොතේ තියෙන්නෙ.

ඒ වගේම රිටිගල ජයසේන කියන්නෙ ධනවත්, වoශවත් පවුලක කුමාරයෙක් බවත්, ඔහු උපන් වෙලාවට අනුව යකෙක් වෙන බවත් නක්ෂත්‍රකරුවන් පවසා තිබුණලු. ඒ නිසා දෙමව්පියො ජයසේනව උඩුමහලෙ සිරකරල තැබුවලු නියමිත දවස් කිට්ටු වෙනකොට. ඒත් නක්ෂත්‍රකරුවො කියපු දවසෙ, ඒ වෙලාවෙ හූ තියල සදලුතලෙන් බිමට පැනපු ජයසේන කැලයට දිව්ව කියල රසවත් කතාවක් මන් අහල තියෙනව. සුරන්ගනා කතාවක් වගේ උනාට බොහෝදුරට මෙය ජන කතාවක් විය හැකියි.

ගෝඨයිම්බර සහ රිටිගල ජයසේන අතර යුද්ධයට හේතුව ගෝඨයිම්බරගේ බිරිදට ජයසේන ආරූඩ වීම බවයි මට අහන්න ලැබිල තියෙන්නෙ. ඒ වගේම ජයසේන හා යක්ශ පරපුර අතර නෑකම් තියෙන්නට පුලුවන්. රිටිගල ආශ්‍රිත ප්‍රදේශය යක්ශ ගෝත්‍රිකයන් එකල විසූ ප්‍රදේශයක් බව මේ වන විට තහවුරු වී ඇත.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රිටිගල ආශ්‍රිතව විසූ ජයසේන යක් පරපුරේ අපේ ආදිතමයෙක් විය හැක. ඔහු විරූපී අමනුෂ්‍යයෙකු ලෙස චරිතය විකෘති වන්නට ඔහුගේ යක් කුලය බලපෑවා විය හැක. මන්දයත්, විජයාවතරණයට පෙර විසූ හෙළයන් මිනීමස් කන අමනුස්සයන් ලෙස වoශකතා කරුවා හදුන්වාදී ඇති බැවිනි. එබැවින් රිටිගල ප්‍රදේශයේ විසූ ජයසේන කුමරු පිලිබදවද මෙවන් කතාවක් ගොතා ඉතිහාසයට ඇතුලත් කලා විය හැක. ජයසේන කුමාරයා දක්ෂ සටන් කාමියෙකු බවත් පුරාවෘත වල කියැවෙන අතර, ඔබු බෙහෙවින් රූමත් වූ බවද සදහන් වේ.

ඒ කෙසේ නමුදු අදටත් බොහෝ නිවෙස්වල රිටිගල ජයසේන හෝ මහසෝනා යන නාමය කියනවාට පවා වැඩිහිටියන් කැමත් නැත. එතරම්ම මහසෝනා පිලිබදව ඔවුන් තුල ඇත්තේ බියකි. එසේ බියවන්නට හේතුව ඇත්තටම අමනුෂ්‍ය බලපෑමක්ද, එසේත් නැතිනම් කාලාන්තරයක් තිස්සේ ජන සමාජය විසින් අප හිත් තුල ජනිත කරන ලද බියක්ද යන්න පහැදිලිව වටහා ගැනීම අපහසු වන අතර මහසෝනාගේ අතවරයට ලක්ව මිනිසුන් ජීවිතක්ෂයට පත්වූ, විශාල තොවිල් නටා යන්තමින් බේරාගත් මෙන්ම මිනිසුන්ට විවිධ අවහිරතා ඇතිවූ සිද්ධි අප කොතෙකුත් අසා ඇත්තෙමු. මේ අතරම, පුරාණයේ මිනිසුන් හෘද්‍යාබාධ පිලිබදව දැනගෙන නොසිටි බවත්, එවන් මරණයක් මහසෝනා ගැසීමෙන් සිදුවූ බවට මිනිසුන් පිලිගත් බවත් කියමින් අද බොහෝ දෙනා මෙම මතය බැහැර කරති.

mahasona.jpg

http://www.lankalibrary.com/myths/mahasona.html

ඒ වගේම මට දැනගන්න ලැබුණු තවත් කරුණක් තමයි පැරණි හෙල බසට අනුව
මහා - ලොකු සහ සෝන - පුතා...... රිටිගල ජයසේන පවුලේ වැඩිමලා වූ බැවින් එසේ හැදින්නුවා විය හැක.
ඒ අනුව පැහැදිලි වෙන්නෙ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මහාසෝණ යෝධයා සහ ගෝඨයිම්බර සමග සටන් වැදපු මහසෝනා (රිටිගල ජයසේන) දෙදෙනෙකු බව නේද?
 
Last edited:

angamhoru

Member
Jun 4, 2011
1
0
0
The Truth of Rigitala Manasohon Angampora

angam_ritigala.jpg


ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව නැමති ගමේ නමින් සුමේධලාල් දොඩම්ගොඩ නමින් ප්‍රසිද්ධව සිටි මෙම පුද්ගලයා "අශෝක ධර්මප්‍රිය" යන කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වූෂූ මාස්ටර්ගේ ගෝලයෙකි. වූෂූ සටන් කලාව ප්‍රගුණ කරන සුමේධ කාලයක් ති‍ස්සේ අනුරාධපුර නගර මධ්‍යයේ "වූෂු සටන් පාසල" නමින් වූෂූ පන්තියක් පවත්වාගෙන ගිය අතර ඔහුගෙන් හා ඔහුගේ අනුගාමිකයන්ගෙන් වූෂු ඉගෙන ගත් දහස් ගණනක් සිසුන් ලංකාව පුරාම පැතිරී සිටියි. සාමාන්‍යයෙන් ලංකාවේ වූෂූ සටන් කලාව ගැන යම්බඳු අවබෝධයක් ඇති ඕනෑම අයෙකු සුමේධ නැමති වූෂූ සටන් ගුරුවරයා පිළිබඳව නොදැන සිටිය නොහැකි ය.

For more information on the truth of Rigitala Angampora please visit:

ritigalasumedha.blogspot.com