The Miracle on the Han River...

sika2

Well-known member
  • Nov 15, 2013
    3,572
    2,367
    113
    නිධානයක් උඩ
    දුප්පත් කමින් පීඩිතව කිසි දිනෙක දියුණු විය නොහැකි රටක් ලෙස හැදින්වූ වසර 60ක් තුල ලෝකයේ 14 වෙනියට විශාලතම ආර්ථිකයක් සහිත රටක් වූ කොරියාවේ ආර්ථිකය ගැන කෙටි සටහනකි මේ..
    1945දී ජපන් අධිරාජ්යයෙන් නිදහස ලබා එහි නිදහස් සුව විදීමටත් පෙර 1950 දී කොරියානු යුද්ධය ආරම්භ විය. ලෝකයේ එවකට බලවත් ජාතීන්ගේ යුධ පිටිය වුයේ කොරියාවයි. මේ යුද්ධය අවසන් වුයේ ලක්ෂ ගණනකට මරු කැදවමින් මිලියන 50කත ආසන්න පිරිසක් ආබාධිත කරමිනි.

    CENTER]7W.jpg


    ආර්ථික අතින් පහත්ම මට්ටමේ සිටි කොරියන් ජනතාව ක්‍රමයෙන් නැගිටීම ඇරඹිණි. ඔවුහු ආහාර වලට වියදම් කිරීමට පෙර දරුවන්ගේ අධ්යාපනයට වියදම් කලෝය. කුඩා දරුවන් ජලය පමණක් පානය කර සැතපුම් ගණන් දුර ප්රාථමික අධ්යාපනය සඳහා ඇවිද ගියෝය. මේ අධ්යාපනය සඳහා වූ උනන්දුව කොරියාවේ සාර්තකත්වයේ අඩිතාලමයි.
    කිසිදු ආදායමක් නොමැතිව සිටි කොරියාවේ ආර්ථිකය ආදායමින් 90%ක්ම විදේශ ආධාර මත රදා පවතිනි.
    තත්වය මෙසේ තිබියදී 1961දී හමුදා කුමන්ත්රිණයකින් පාර්ක් චුන්ග් හී බලයට පත්විය. හමුදා ප්‍රධානියකු වූ ඔහු ඊට පෙර ප්‍රාථමික පාසල් ගුරුවරයෙකි. මොහුගේ පාලන සාමය තුල විරුද්දවාදීන් මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද දරුණු ප්‍රශ්න තිබුනද කොරියන් ආර්ථිකයේ පියා ලෙස අදටත් ජනපති පාර්ක් සලකනු ලබයි. ආඥාදායකයෙකු වූ පාර්ක් වසර 5 බැගින් වූ ආර්ථික සංවර්ධන අදියර කිහිපයකින් යුත් සැලැස්මක් ක්‍රියාත්මක කරවිය. මොහු එම සැලැස්ම සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික සංවර්ධන මණ්ඩලයක් පිහිටවනු ලැබීය.

    wgbhO8Y.jpg


    1962 සිට ඇරඹි පලවන අවුරුදු පහේ සැලැස්ම කොරියාව විසින් ලෝකයට ඉදිරිපත් කළේය. ඒ සඳහා මුදල් ආධාර ඉල්ලීමේදී අමෙරිකාවෙන් හොඳ ප්‍රතිචාර ලැබුනේ නැහැ. ඔවුන් මේ සැලැස්ම සාර්ථක නොවනු ඇතැයි ප්‍රකාශ කළා. ඉන් අධෛර්යට පත් නොවූ පාර්ක් බටහිර ජර්මනියෙන් ආධාර ලබා ගත්තා. ඔහු ඒ වෙනුවෙන් කොරියන් පතල් කම්කරුවන් හා හෙදියන් ජර්මනියේ සේවය සඳහා විදේශ ගතකලා. ඔවුන් හරහා විශාල විදේශ විනිමයක් කොරියාවට ලැබුණි. එසේම රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත ඇතිකරවුවා. එවකට ලොව අංක එකේ ඇඟලුම් අපනයන කරුවීමට කොරියාවට හැකිවිය. 1960 ගණන් වලදීම විවුර්ත ආර්ථිකයට පිවිසි කොරියාව මීලගට යොමුවූයේ වානේ කර්මාන්ත, ගල් අගුරු වැනි කාර්මික නිෂ්පාදන කෙරෙහිය. ඔවුන් විශාල වානේ කම්හලක් ආරම්භ කලේ දියුණු රටවල් පවා එවැනි කර්මාන්ත ශාලාවකට ආයෝජනය කිරීමට බිය වූ වකවානුවකය. අදවන විට ලොව හතර වෙනියට විශාලම වානේ නිශ්පාදකයා කොරියාවයි. වානේ සදහා අමුද්‍රව්‍ය ආනයනය කරනු ලබයි.

    oA3hIzj.jpg


    1973දී බොරතෙල් මිල වැඩිවීම කොරියානු ආර්ථිකය අඩාල කළේය. එම අවාසිය වාසියක් කර ගත්තේ කොරියානු ඉදිකිරීම් සමාගම් මැදපෙරදිග ඉදිකිරීම් ආරම්භ කිරීමෙනි. මෙලෙස තමන්ට අවාසිදායක අවස්ථා වාසියට හරවාගෙන ආර්ථිකය මෙහෙය වීම කොරියාවේ සාර්ථකත්වයට හේතුවකි.

    1979 වසරේ ජනපති පාර්ක් ඝාතනය වුයේ ඔහුගේ බුද්ධි අංශ ප්‍රධානියා අතිනි. ඉන්පසු ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට ලක්වූ කොරියාව 1988දී ඔලිම්පික් උළෙල පැවැත්වීමට සමත් විය. මෙය කොරියාවේ සමාජ සංස්කෘතික පෙරලියක් ඇති කළේය. එතෙක් කල් සාම්ප්‍රදායිකව ජීවත්වූ කොරියන් ජනතාව වඩාත් බටහිර කරණය වුයේ මින්පසුව බව කියවේ. ආසියානු මුල්‍ය අර්බුදය (1997) දී තරමක් කඩාවැටුණු කොරියන් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා IMF ආධාර ලබාගත් අතර අවුරුදු 3ක් ඇතුලත එම මුදල් ගෙවා දැමීය.

    Piui4WY.jpg



    qRyZu2J.png


    එක පුද්ගල ආදායම $100 (1960) සිට $20000 (2006) තෙක් වර්ධනය වීම, නාගරික ජනග්ර හණය 82.5% දක්වා වර්ධනයවීම, මෝටර් රථ නිෂ්පාදනයෙන් ලොව 5වෙනි තැන, ඉන්ධන පිරිපහදු කරණයෙන් ලොව 6 වෙනි තැන ලබාගැනීම වැනි විශාල ජයග්‍රහණ රාශියක් පසුගිය වසර 60 තුල කොරියාව ලබාගෙන ඇත.
    කොරියානුවන් බහුතරය නිර් ආගමික වන අතර කොරියානු භාෂාව ප්‍රධාන වශයෙන් භාවිතාවේ. ඉංග්‍රීසි භාවිතය අල්පය. කොරියානුවන් තම ආර්තික දියුණුව ගැන කතා කිරීමේදී ඔවුන්ගේ දෙමාපියන්ගේ පරම්පරාව ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි.” ඔවුන්ගේ කැපකිරීම නිසා අද අප සතුටින් සිටිනවා.”

    අද වනවිට කොරියාවේ ජනපති වන්නේ ජනතා චන්දයෙන් පත්වූ පාර්ක් ගෙඋන්-හයේ (Park Geun-hye) . ඇය පෙර ජනපති පාර්ක් චුන්ග් හී ගේ දියණියයි.

    ගල් අඟුරු හැරුනුකොට වෙනත් ප්රජධාන ස්වාබවික සම්පත් නොමැතිව, නිරන්තර උතුරු කොරියානු යුධ තර්ජන ලබමින් අද වන විට කොරියානුවන් අත් කරගෙන ඇති දියුණුව විශ්මය ජනක වේ.


    yOFCLYf.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හ්ම්ම් +8 ලංකාවෙ අපිට අනිත් රටවල් දිහා බලලා හූල්ලන්න තමයි තියෙන්නේ :(
     
    • Like
    Reactions: sika2

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ අපිට මේවා හීන විතරයි...ජනතාවට සේවය කරන්න වාහන ඕනේ ඇමතිවරු ඉන්නකන් ලංකාව හැමදාම මෙහෙම තමා :(
     
    • Like
    Reactions: sika2

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අපි ඉපදෙන්නත් කලින් ලංකාව දියුනු වෙමින් පවතින රටක් තව ගොඩක් කාලයකටත් ඒක එහේමම තමා . අපි මොනවද කරලා තියෙන්නේ? අවුරුදු ගානක බර ඉතිහාසයක් තියෙනවා කියලා ඒක විකුනන් කනවා . දේශපාලනය ගැන කතා නොකර ඉමු