The Mosquito |මදුරුවා ගැන විස්තර ටිකක්...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    The Mosquito |මදුරුවා ගැන විස්තර ටිකක්...

    . The Mosquito

    Due to malaria carrying parasites transferred by the mosquito, it is responsible for the deaths of more than two million people per year. In addition, Mosquitos are estimated to transfer diseases to more than 70 million people per year. Even in countries such as the UK, New Zealand, and Japan, where the more temperate climate has reduced mosquito bites to mostly an annoyance, they still cause some deaths every year. [Wikipedia Article]

    මේ තරම් සුන්දර සතෙක් මන් හිතන්නේ මුළු ලෝකේම නැතුව ඇති.



    වෙන රටවල් ගැන නම් මන් දන්නේ නැහැ හැබැයි ලංකාවේ නම් හැමැ පළාතකම වගේ සුලබව දකින්න පුළුවන් සතෙක් තමා මදුරුවා කියන්නේ. අනික් පළාත්වලට සාපේක්ෂව සීතල පළාත් වල ටිකක් අඩු උනත් මදුරුවො නම් නුවර එළියේ උනත් නැත්තේම නැහැ.

    හරක්, ඌරෝ, කුකුල්ලු වගේ සත්තු හදල මසට හරි කිරි, බිත්තර විකුනලා හොයන සල්ලියට වඩා සල්ලියක් මිනිස්සු මදුරුවන්ගේන් හම්බ කර ගන්නවා ඇති.:lol:
    නිදහසේ නිදාගන්නවත් නොදී අන්තිමේ මිනිස්සුන්ව වල පල්ලට යවන්න තරම් මදුරුවා කියන සතා දරුණු වෙලා තියෙන්නේ ඇයි කියලා මන් නම් දන්නේ නැහැ.

    කනට මිහිරි වාදනයකින් සුව නින්දකට අපිව පත්කරන ගමන් චීන කටු චික්සාවක් වගේ පුංචි රිදුමක් එකක් නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා අපේ සෞඛ්‍ය රැක දෙන්න තරම් මදුරුවා හරිම කාරුනිකයි.:lol:

    ඉස්සර නම් අපේ ගෙදර එච්චර මදුරුවො හිටියේ නැහැ ඒත් ලස්සන මල් ගසුත් එක්ක වතුර පිරිච්ච් පෝච්චි වල මදුරුවෝ අපිම ඇති කලා නැත්තනම් පාළු හින්දා. අපේ සීයලෑ ගෙවල් වල එහම නම් මඩ පුවක් එක්ක තමා මදුරුවෝ හදන්නේ. එහෙ ඉන්න උන් නම් පොඩි සයිස් කුරුල්ලෝ වගේ.

    කොච්චර සුන්දර සතෙක් උනත් මදුරුවො ඈත් කරන්න මිනිස්සු විවිධ දේවල් කරනවා. මාත් ඔය එක එක දේවල් කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ සාරථකම විදිහ තමා මදුරු දැල්. මදුරු කොයිල්, මැට් සහ වෙනත් බෙහෙත් ජාතිවලින් නම් කිසිම වැඩක් නැහැ. මාසෙකට සැරයක් විතර සමහර නගර සභාවලින් ඇවිත් රුපියල් දහයක විස්සක සපෝර්ට් එකක් අරන් ගහන් මදුරු තෙලත් , තෙලක් ද නැත්නම් වතුරක් ද මන්දා. මොකෝ එදාට වෙනදටත් වඩා මදුරුවෝ ඉන්න නිසා. පොල් තෙල් පිඟාන, මදුරුවෝ මරන විදුලි රැකට් එක කොච්චර සාර්ථක උනත් රෑ එළි වෙනකම් වන වනා ඉන්න කෙනෙක් හොයා ගන්න එක එච්චර ලේසි නැහැ.

    සමහර ගෙවල් වල නම් කජු ලෙලි පත්තු කරනවා. ඒ දුම නම් මදුරු කොයිල් තරම් අප්‍රසන්න නැති ඇත්තටම මදුරුවෝ එලවන දුමක්. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. මදුරු වදේ ගැන කියන්න ටීවී එකේ පත්තරේ නම් ලොකු ලොකු අය ලොකු ලොකු කතා කියන්වා ඒත් මුළු රටේම මිනිස්සු මදුරු වදෙන් දුක් විඳිනවා.

    හැබෑටම මදුරුවන්ට කරන්න දෙයක් නැද්ද? අර දීපාල් සිල්වා කියන මල් පැණි බොන්න පුරුදු කරනවා වගේ ඉස්තරම් පිළියමක්.

    ඡායාරූපය මෙතනින්

    http://blogs.geegain.com/post/1902/මදුරුවා

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැනට සොයා ගෙන ඇති මදුරු වර්ග 2700 අතරෙන් දහවල් කාලයේ දෂ්ට කරන්නේ වර්ග කිහිපයක්‌ පමණි. අනෙකුත් වර්ග දෂ්ට කරන්නේ ඇඳිරි වැටීගෙන එන වෙලාවේ හෝ රාත්‍රී කාලයේදීය.

    කටු සහිත පිහාටුද, පාද කිහිපයක්‌ හා සෑම අතටම විහිදුණු ස්‌පර්ශකයන් ඇති ගැහැනු මදුරුවා අසාමාන්‍ය අහස්‌යානාවක හැඩය ගනී. ඉතා වේගයෙන් පියාසර කිරීමේ හැකියාවක්‌ මදුරුවා සතුව පවතී. පියාසලමින් අවකාශයේ එකතැන නැවතී සිටීම, සිරස්‌ අතට පියැඹීම, ක්‍ෂණයකින් වේගය අඩු වැඩි කිරීම අතුල් පහර වළක්‌වාලමින් ඉවතට පියඹා යැම, ඉදිරියට මෙන්ම පසුපසට හා පැත්තට පියාසර කිරීම ආදී විශේෂ හැකියාවන් මදුරුවා සතුව පවතී. කෘමි විශේෂඥයෙක්‌ වන ඡේ. ඩී. ගිලට්‌ පවසන අන්දමට සමහර මදුරුවන් වැස්‌සට නොතෙමී වැහි බිඳු වලින් වැළකී, සිරුර වියළිව තබාගෙන තම ගමනාන්තය කරා යැමේ හැකියාවකින්ද යුක්‌ත වේ.


    ගැහැණු මදුරුවෙක්‌ ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක්‌ පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත ර¹ පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙස කරවීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක්‌ ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවන තෙක්‌ ඒවා ඉබේම සංකෝචනය වී ලිහිල්ව පවතී.


    රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්‌පර්ශකයන් දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්ස්‌ හි රූට්‌ග්ස්‌ සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ඡේ. ක්‍රෑන්ස්‌ පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක්‌ ඔබව සොයා ගන්නේ ඔබ ප්‍රාශ්වාස කරන කාබන් ඩයොක්‌සයිඩ් ගන්ධයේ ඉවෙනි. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත.


    මෙම ශබ්දය ඇය වෙතින් නිකුත් වන්නේ වේගයෙන් කරන පියාපත් ගැසීමත් සිරුර මැද කොටසේ ඇති මාංශපේශීන්ගේ කම්පනයත් නිසාය. මෙලෙසින් ඔබ වටා කිහිප වරක්‌ කැරකෙමින් ඔබේ සිරුරේ තෙතමනය, උෂ්ණත්වය සහ දහදිය තත්ත්වය පිළිබඳ කිසියම් නිරීක්‍ෂණයක යෙදේ. ඒ ඔබ ගොදුරක්‌ කර ගැනීමට සුqදුස්‌සෙක්‌ දැයි නිෂ්චය කර ගැනීම පිණිසය. මෙලෙසින් කෙරෙන සමීප පරීක්‍ෂාවකින් පසු ඔබ නුසුදුස්‌සෙක්‌ බව හැඟී ගියහොත් ඔබ අසල නිදා සිටින අනික්‌ තැනැත්තා ඒ සඳහා තෝරා ගනී. ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම ර¹ පවත්නේ ඔබේ ශාරීරික තත්ත්වයට ඇය දක්‌වන ප්‍රතිචාරය මතය.
    2011042902.jpg


    ඇය ඔබ ගැන සෑහීමකට පත්වූයේ නම් සිරුරේ සුදුසු ස්‌ථානයක්‌ මත සෙමින් වසයි. සමහරවිට එය ඔබට නොදැනෙන්නට පිළිවන. ඒ තරමටම මදුරුවාගේ පාදයන් සැහැල්ලුය. එක්‌ මදුරු විශේෂයකට මකුළුවකුට නොදැනෙන සේ මකුළු දැලක්‌ මත වැසීමේ හැකියාව පවතී. ඇය ඔබේ සිරුර මත වසා ඇති බව ඔබට දැනෙන්නේ ඔබේ ශරීරය සූක්‍ෂම ලෙස සිදුරු කරන විටය.


    මදුරුවාගේ ඇස්‌වලට යටින් පිටතට නෙරා ඇති, කෙස්‌ ගසක්‌ තරම් සියුම් තියුණු හොටය, එකක්‌ නොව තියුණු හොට හයක එකතුවකි. මින් එකක්‌ රුධිර ලබාගැනීමටත්, එකක්‌ ෙ€ටය නිකුත් කිරීමටත් උපයෝගී කර ගැනේ. විදීම සඳහා යොදා ගන්නා කටු දෙකක්‌ද, දැති සහිත උල් දෙකක්‌ද මෙයට අයත් වේ. මේ සැමෙකක්‌ම ආරක්‌ෂා වන පරිදි කොපුවකින් ආවරණය වී තිබේ. අවසානයේ බැම්මකින් මේ සියල්ල එකට වෙළී ඇත. මදුරුවා ඔබ හමුවට පැමිණෙන්නේ මේ භයානක ආයුධයෙන් සන්නද්ධවය.


    සිරුර මත වැසූ මදුරුවා එකට ඇති හොට හයම එකවර ඔබේ ශරීරයට ඇතුල් කරයි. දින දෙකක්‌ වයසැති රැවුල් ගසක දිග තරම් දුරකට එය ඔබේ සම පසාරු කරගෙන යයි. මෙවැනි සාර්ථක සිදුරුකර ගැනීමකින් පසු ප්‍රමාණවත් ආහාර වේලක්‌ ලබාගැනීමට ඇයට ගතවන්නේ මිනිත්තුවක පමණ කාලයකි. ඇය ඔබේ රුධිර උරාගැනීමට මත්තෙන් ෙ€ටය ස්‌වල්පයක්‌ද ඔබේ ශරීරගත කරයි. මෙය රුධිර නාළය හා මදුරු හොට අතර ලේ කැටි ගැසීම වළක්‌වාලීමට උපකාර වේ.


    මෙසේ ලබාගන්නා ආහාර වේලකින් ඇගේ උදරය රත්පැහැගෙන ප්‍රමාණයෙන් විශාල වේ. මෙවැනි වේල් 15-20 ක්‌ පමණ රුධිර බිංදුවකට සමාන වේ. මදුරුවෙක්‌ සිරුර සිදුරු කළ විට එම ස්‌ථානයේ කසන්නේ ඇය ඔබට දායාද කළ ෙ€ටයේ ඉතිරිව ඇති ෙ€ට ප්‍රමාණය නිසාය. ඔබ අතුල් පහරක්‌දී එම ස්‌ථානය කසන විට, ප්‍රමාණයට වඩා බඩු පටවාගත් ගුවන් යානාවක්‌ මෙන් මදුරුවා ඔබෙන් බේරී ඉවතට ගොස්‌ හමාරය. දැන් මදුරුවාට විවේකය අවශ්‍ය වේ. ඔබේ රුධිරයෙන් කුස පුරවාගත් ඇය බිත්තියක්‌ හෝ ශාක පත්‍රයක්‌ මත වසන්නේ ඒ නිසාය. ඉන් අනතුරුව එළඹෙන නිහඬ දින කිහිපය, මදුරු බිත්තර සිය ගණනක්‌ දැමීම සඳහා ඔබෙන් ලබාගත් රුධිර බිංදුව උපයෝගී කර ගනී.


    පළමු රුධිර ආහාරවේල ගැනීමට ප්‍රථමයෙන් ඇගේ පියාපත් වලින් නික්‌මෙන ශබ්දයේ පිහිටෙන් පිරිමි සහකරුවෙක්‌ ඇය වෙත ආකර්ෂණය කරගෙන ඔහු සමග සංවාසයේ යෙදේ. මෙම එක්‌වීම ඇය ජීවත්වන මාසය හෝ දෙක කාලය තුළදී හතරපස්‌ වතාවක්‌ බිත්තර දැමීමට ප්‍රමාණවත් වේ. ඇය බිත්තර දැමීමට සූදානම් වන හැම අවස්‌ථාවකම ඇගේ සිරුර තුළ ගබඩා කර ඇති පිරිමි බීජයෙන් ඇය විසින්ම ඒවා පොAෂණය කරයි.


    සෑම මදුරුවෙක්‌ම ජලයේදී හෝ ජලය ආශ්‍රිතව බිත්තර කීටයා හා පිලවා ආදී වශයෙන් ඔවුන්ගේ නොමේරූ අදියරයන් පසුකරයි. සියලුම බීජයන්ට රැකීමේ කාර්යය සඳහා ජලය අවශ්‍ය වේ. සමහර බීජ දින කිහිපයකින්ද, තවත් සමහරක්‌ ශීත සෘතුවේද, සමහරක්‌ වියලි කාල පරිච්ඡේදයකට පසුවද පුපුරයි. ගංවතුර සමයේදී දස දහස්‌ ගණනින් දමන බිත්තර ඇතැම් විට වසර පහක්‌ පමණ, කීට උත්පාදනය සඳහා තවත් ගංවතුරක්‌ පැමිණෙන තෙක්‌ වියළිව පවතී. විශාල වර්ෂාවන්ගෙන් පසු මදුරුවන් බහුල වශයෙන් බෝවන්නේ මේ නිසාය.


    ගැහැනු සතෙකුගේ කීට හෝ පිලවු අවස්‌ථාවෙන් පසු ගොදුරු වශයෙන් මිනිසෙක්‌ සොයා යැම අවශ්‍යයෙන්ම සිදු නොවේ. සමහර මදුරු වර්ග අලි හෝ මීයන් සොයා යයි. නිව් ජර්සිහි එක්‌තරා මදුරු විශේෂයක්‌ කැස්‌බෑවන්ගේ කටුව විද රුධිරය උරා බොති. තවත් අප්‍රිකානු මදුරු වර්ගයක්‌ කුහුඹු විශේෂයක්‌ තම ගොදුරු කරගෙන උන්ගේ මුවෙන් රුධිරය නොව මීපැණි උරා බොති. තවත් මදුරු විශේෂයක පිරිමි සතුන් මල් පැණි මතම යෑපෙන අතර මෙමගින් පරාග පෝෂණයේ ලා වැදගත් කාර්යභාරයක්‌ ඉටුවේ.


    තවමත් මදුරුවන් වැඩිහරියකගේ ප්‍රධාන ගොදුරු බවට පත්ව ඇත්තේ මිනිසුන්ය. අතීතයේ ග්‍රීසියේ ධනවත් නගර ජනශුන්‍ය කිරීමට තරම් මදුරුවන් ප්‍රබල විය. සමහර සංචාරකයින් තම ලැගුම් හල් හැරයැමට තරම් මෙය වසංගතයක්‌ බවට පත්ව තිබිණි. ඇලස්‌කාවේ මදුරු වංසගතය මිනිසුන් සිහි විකල් කිරීමට පමණක්‌ නොව සිය දිවි නසාගැනීමට පෙළඹවීමට තරම් ප්‍රබල විය.


    දීර්ඝ කාලයක සිට මදුරුවා කරදරකාරී සතෙක්‌ පමණක්‌ නොව විවිධ රෝග පතුරුවන්නෙක්‌ බවට ද පත්ව තිබේ.


    රෝග පාලනය පිළිබඳ ජාතික මධ්‍යස්‌ථානයට අනුව ලෝක සංවර්ධනයට අහිතකර බලපෑම් කරන්නා වූ භයානකම රෝගය මැලේරියාවය. අතීතයේදී මේ වසංගතය ශ්‍රී ලංකාවේ ග්‍රීසියේ සහ රෝමයේ ජනගහනය පහත හෙළීමට සමත් විය.


    කහ උණටද මේ සම්බන්ධ ඉතිහාසයේ වැදගත් ස්‌ථානයක්‌ හිමිවේ. 1793 දී ෆිලඩෙල්ෆියාවේ 55000 ක්‌ වූ ජනගහනයෙන් 12000 ක්‌ පමණ රට හැර ගියේ මේනිසාය. මෙම පිරිස්‌ අතරට ජනාධිපති වොෂින්ටන්ද අයත් වේ. දෙමසක්‌ තුළදී එය 17000 කට පමණ වැළඳී 5000 ක්‌ දෙනා මරණයට පත් කළේය.


    මදුරුවන් නිසා හටගන්නා රෝග දැනටත් සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. නිවර්තන කලාපය ආශ්‍රිතව ඩෙංගු උණ හා බරවා රෝගය තවමත් භයානක රෝග බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගන්නා ලද පියවර මගින් සංවර්ධිත රටවල් බොහොමයකින් මැලේරියා රෝගය තුරන් කර හෝ බොහෝ දුරට පාලනය කර හෝ ඇත. බොහෝ අවස්‌ථාවල මේ රෝගයට ගොදුරුවන වැඩිහිටියන් මිය නොගියත් ඔවුන් බෙලහීන තත්ත්වයට පත්ව වෙනත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි කරයි.


    එන්සෆලයිට්‌ස්‌ නම් රෝගය කෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්කිරීමට හෝ මොළයට ස්‌ථිර වශයෙන් හානි පැමිණවීමට හෝ සමත් වේ. මදුරුවා මෙම රෝගය පක්‌ෂීන්ගේ මාර්ගයෙන් මිනිසාට බෝ කරයි. මදුරු කරදරයෙන් හා මදුරුවන් නිසා හට ගන්නා රෝගාබාධයන්ගෙන් වැළකී සිටීම සඳහා මදුරුවන් අකමැති දෑ උපයෝගී කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියයි රූට්‌ගර්ස්‌හි කීට විද්‍යාඥයෙක්‌ වූ ඩොනල්ඩ් සුදලන්ඩ් පවසා තිබේ. මෙවන් ද්‍රdවයන් සම මත ආලේප කිරීමෙන් මදුරුවාගේ සංවේදකයන් ව්‍යාකූල තත්ත්වයට පත්කර ඔබට දෂ්ට කිරීම වළක්‌වා ගත හැකිය. ලා පැහැති ඇඳුම් වලටද සමහර මදුරු වර්ග අප්‍රියතාවක්‌ දක්‌වයි.

    එලෙසින්ම ක්‍රමවත්ව යෙදූ දොර රෙදි හා ජනෙල් රෙදි මගින්ද ඔවුන් නිවෙස්‌ තුළට ඇතුළුවීම වළක්‌වා ගත හැකිය. තවද මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන ඔබ ගෙවත්තේ හෝ ගෙතුළ ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් මෙම උවදුර සාර්ථක ලෙස මැඩපැවැත්විය හැකිය. ඉවත දමන ටින්, කෑන්, පොල්කටු හා වෙනත් භාජන තුළ මෙන්ම ටයර් තුළද ජලය එකතුවූ විට සතියක්‌ තුළ මදුරුවන් දහස්‌ ගණනක්‌ බෝ විය හැකිය.


    මෙය ඔබට වළක්‌වා ලිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත්නම් පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට මේ බව දන්වන්න.


    ඔබ කුමන ක්‍රියාමාර්ග ගත්තත්, මදුරුවාට කොතරම් වේගයකින් පහර දුන්නත් ඌ ඔබට කෙසේ හෝ දෂ්ට කිරීමට මානබලමින් සිටී. :lol:

    මදුරුවෙක්‌ ඔබව දෂ්ට කළ හොත් ඔබ කළයු ත්තේ එම ස්‌ථානය මත මද්‍යසාරය ස්‌වල්පයක්‌ ආලේප කර ඒ අප්‍රසන්න හඬ නැවතත් ඔබේ කන වැකේදැයි පරීක්‍ෂාකාරීව බලා සිටීමය.


    රීඩ"ර්"ස්‌ ඩයිජස්‌ට්‌ සඟරාවේ පළවූ ලිපියක්‌ ඇසුරෙනි
    කේ. එන්. ඕ. අමරදාස
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!!

    ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!!


    ඩෙංගු මාරාන්තික යැයි අපි කියමු. එබැවින් මේ රෝගය වළක්වා ගත යුතු යැයි ද අපි කියමු. ඒ වෙනුවෙන් ගම් මට්ටමෙන් කමිටු ද ජාතික ඩෙංගු මර්දන ඒකක ද එතැනින් නොනැවතී ජනාධිපති කාර්ය සාධක බලකායන් ද පිහිට වූයෙමු. එහෙත් ඩෙංගු මදුරුවා ඒ කිසිවකින් මට්ටු වූයේ නැත. ඌ වඩා හොඳින් ව්‍යාප්ත වෙමින් පරිසරයට අනුව වෙනස් වෙමින් සිය පැවැත්ම තහවුරු කර ගනිමින් සිටින හැඩකි.

    ඩෙංගු මදුරුවා පරාජය කළ නොහැකි වූ තැන අපි එකිනෙකාට චෝදනා නඟා ගනිමින් සිටිමු. සියල්ලෝ එකිනෙකා මත වගකීම් බාර කරමින් සිටිති. ලොව දරුණු ම ත්‍රස්තවාදියා පරාජය කිරීමට අපට හැකි විය. එහෙත් ඩෙංගු මදුරුවා පරාජය කර ගැනීමට තවමත් අපට හැකියාවක් ලැබී නැත. කුමක් හෝ වරදක් සිදුවී තිබේ ද?


    සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, ඩෙංගු මර්දන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය; ඩෙංගු මර්දනය සඳහා වගකීම පැවරෙන ආයතනයන්ය.

    එහෙත් ඇතැම් මහජන නියෝජිතයන් ඩෙංගු උවදුර මැඬලීමේ වගකීම ඍජුව හෝ වක්‍රව පවරන්නේ මහජනතාවටය. ආණ්ඩුව හා ජනතාව යනු ආයතන දෙකක් නොව එකක් යැයි කිව නොහැකිද?


    ඩෙංගු උවදුරට මේ තරම් මහජනයාට වින කරන සාහසික තත්ත්වයක් ලැබුණේ කෙසේ ද?
    මේ ගැටලුවට ප්‍රථමයෙන් පිළිතුරු දෙනු ලැබුවේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතාය. ඔහු පවසන්නේ තුන්වන ලෝකයේ රටක් හැටියට මේ වසංගතය අපට ක්ෂණිකව පිටු දැකිය නොහැකි බවය. එමෙන්ම වර්ෂාව සමයේදී ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය වැඩිවන බව ද එබැවින් රෝගීන්ගේ ගණන ඉහළ යන බව ද හෙතෙම පවසයි. එහෙත් ඉහළ යන රෝගීන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු බව ද ඊට අවශ්‍ය ප්‍රතිකාර මැනවින් ලබා දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
    dengu.jpg
    සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි යුද්ධය ජය ගතිමු. ඩෙංගු මදුරුවා යනු ප්‍රභාකරන්ට වඩා ලෙහෙසියෙන් පරාජය කළ හැකි සතුරෙකි. අනෙක් පැත්තෙන් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම හෝ ප්‍රතිකාර ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම හෝ මීට නිසි විසඳුම ද නොවන්නේය. වර්ෂාව අධික වූ විට මදුරුවන් වැඩිවීම ස්වාභාවික තත්ත්වයක නොවීමට වගබලා ගැනීම අත්‍යවශ්‍ය අනෙක් සාධකයයි.

    වර්ෂාව ඇති නැති කාල දෙකේදී ම ඩෙංගු මදුරුවා පරිසරයෙන් තුරන් කරලීමට අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් නොවේද? මේ සියලු කාරණා නැවත අප නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ ගැටලුය. ඔහු ඒ වෙනුවෙන් දුන් පිළිතුරුයි මේ.
    කියුබාව, සිංගප්පූරුව වැනි රටවල් ඩෙංගු ඉතා හොඳින් මර්දනය කළ රටවල්. ඒ ආදර්ශය අපට ගත නොහැකි ඇයි?


    ඒ රටවල් සම්පූර්ණ ලෙස සංවර්ධිත රටවල්. ඒ නිසා අතිසාර්ථක ඩෙංගු මර්දනයකට යෑමට ඔවුන්ට හැකි වී තිබෙනවා.
    එහෙත් අපි තවමත් පැල්පත් ගැටලුවට මුහුණ දෙනවා. නිසි නඩත්තුවකින් යුතු විධිමත් කාණු පද්ධතියක් හෝ අපට නැහැ.

    ඩෙංගු මර්දනය කිරීමේදී ඇති වන බාධක ජය ගැනීමේ හැකියාවක් නැති බවද ඔබ පවසන්නෙ?


    අපි මැලේරියාව ජය ගත්තා. ප්‍රතිශක්තිකරණයෙන් සියයට අනූ නවයක් අපි සාර්ථකයි. ඕනෑම ක්‍රියාවලියක අඩුපාඩු තිබෙනවා. ඩෙංගු මර්දනයෙත් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. ත්‍රස්තවාදීන්ගේ යුද්ධය වුවත් ජයගත්තෙ අවුරුදු තිහකට පස්සෙ. එය ජය ගැනීමත් පහසු වුණේ නැහැ.

    ඩෙංගු මර්දනයටත් පැහැදිලි වැඩ පිළිවෙළක් තිබෙනවා.

    ඩෙංගු මර්දනය වෙනුවෙන් පත් කළ කමිටු, ඒකක, බලකාය ආදියෙන් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවලියක් දියත් වූ බව ඔබ සිතනවාද?


    පැහැදිලිව ම ඔව්. ඔවුන් ඒ සඳහා සක්‍රීයව දායක වී තිබෙනවා.

    එහෙම නම් ඩෙංගු ව්‍යාප්තිය හා ඊට සාපේක්ෂව රෝගීන් වැඩි වී ඇත්තේ ඇයි?

    ක්ෂණිකව විසඳුම් දිය හැකි ගැටලුවක් නොවෙයි මේ. වර්ෂා කාලයට ඩෙංගු මදුරුවන් වැඩි වෙනවා. රෝගීන් වැඩි වෙන්නෙ ඒ නිසයි. එහෙත් මරණ සංඛ්‍යාව අවම මට්ටමකට ගෙන ඒමට හැකි ප්‍රතිකාර දියුණුවක් අපට තිබෙනවා.

    වර්ෂා කාලයට ඩෙංගු ව්‍යාප්තිය වැඩි නොවීමට නොවේද වගබලා ගත යුත්තේ?

    ඒ වෙනුවෙන් කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඇතැමකු චෝදනා කරනවා වර්ෂා සමයට පමණයි ඩෙංගු මර්දන කටයුතු සිදුවෙන්නෙ කියලා. එහෙත් අපි අඛණ්ඩව මේ කටයුත්තෙ නියැළෙනවා.

    ඩෙංගු මර්දනය සඳහා වසරකට රුපියල් මිලියන 250 ක් පළාත් ආයතනවලට ලබා දෙන බවත්, එහෙත් ඒ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න අධීක්ෂණය කිරීමට අමාත්‍යාංශයට බලයක් නැති බවත්, පළාත් ආයතනවල ඇතැම් නියෝජිතයකු එම මුදල් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවන බවත්, ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරියකු පවසා තිබිණි. මේ පිළිබඳව ද නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ නමුත් ඔහු පවසා සිටියේ එය අසත්‍යයක් බවය. අමාත්‍යාංශය මේ පිළිබඳ නිසි අධීක්ෂණයක යෙදෙන බවත් පළාත් ආයතන ඩෙංගු මර්දන ක්‍රියාවලිය සිදු කරන බවත් ඔහුගේ පිළිතුර විය.

    පළාත් පාලන ආයතන අධික්ෂණය කිරීමට පළාත් පාලන අමාත්‍යාංශයට බලයක් නැතිද? ඩෙංගු මර්දනය සම්බන්ධයෙහිලා සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමාන බරක් ගත යුතු තවත් ප්‍රධන අමාත්‍යාංශ දෙකකි. පළාත් පාලන අමාත්‍යාංශය ඉන් එකකි. පළාත් පාලන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙනු ලබන රුපියල් මිලියන 250 ඩෙංගු මර්දනය සඳහා විධිමත් ලෙස වැය කරනවාද?

    මේ තරම් මුදල් කන්දරාවක් වැය කරද්දීත් ඩෙංගු වඩා හොඳින් ව්‍යාප්ත වන්නේ ඒ විධිමත් බව නොමැති බැවින් ද? අප මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතාගෙනි. ඒ සම්බන්ධයෙන් ඔහු දුන් පිළිතුරු මෙලෙසය.

    ”ඩෙංගු මර්දනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය අපට හා පළාත් පාලන ආයතනවලට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව අපිත් මේ ආයතන දැනුම්වත් කර තිබෙනවා. මේ ක්‍රියාවලියේදී සමහර ආයතනවල දුර්වලතා තිබෙන බව පෙනෙනවා. ඒත් ඊට මැදිහත් වෙන්න අපට අමාරුයි. අපි මෙතැනදි කරන්නේ උපදෙස් දීම හා සම්බන්ධීකරණ කටයුතුයි.

    එහෙත් මේ ආයතනවල ක්‍රියාකාරිත්වයේ වගකීම පැවරෙන්නේ විෂය භාර ඇමැතිවරුන් වෙතයි?

    අපිට පුළුවන් මේ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඔවුන් දැනුම්වත් කිරීමටයි. විශේෂයෙන් කැළි කසල බැහැර කිරීම පළාත් පාලන ආයතන සතු ප්‍රධාන කාර්යයක්. මෙවැනි කටයුතු විධිමත් කිරීමට අප ක්‍රියාත්මක වී තිබෙනවා.
    කැළි කසළ ඉවත් කිරීමේදී මෙන් ම විශේෂයෙන් ම ප්‍රතිචක්‍රීයකරණ කටයුත්තේදී නිශ්චිත වැඩපිළිවෙළක් පළාත් ආයතනවල නොමැති බවට ඩෙංගු මර්දන බලධාරින්ට නගන චෝදනාවක්?

    කැළි කසළ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි. ඒත් එය විසඳීමට ගෙන ඇති පියවරවල දියුණුවක් තිබෙනවා. මෙහිදී පරිසර අමාත්‍යාංශයටත් විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන් ම කසළ ප්‍රතිචක්‍රීයකරණයේදී මධ්‍යම පරිසර අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ප්‍රතිචක්‍රීයකරණය වැනි විශාල වියදම් යන ව්‍යාපෘතිවලට පළාත් පාලන ආයතන යොමු වී නැතත් කොම්පෝස්ට් පොහොර අංගන තැනීම වැනි ක්‍රියාවලියකට දායක වී තිබෙනවා.

    කසළ ප්‍රතිචකීයකරණය! ඩෙංගු මාරයා මර්දනය කිරීමෙහිලා අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයකි. දිනකට ප්ලාස්ටික්, පොලිතින් කෙතරම් නම් ප්‍රමාණයක් නම් කසළවලට එකතු වන්නේ ද? මේවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ගෙන ඇති විධිමත් පියවරක් තවමත් ක්‍රියාවේ යොදවා නැත.

    කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ තම ආයතනයට ඇති වගකීම ගැන එහි සභාපති චරිත හේරත් මහතා දරන්නේ මෙවැනි අදහසකි.
    ”කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වගකීම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට. අපි කරන්නෙ ඒ ආයතනවල විධිමත් ක්‍රියාකාරිත්වය උදෙසා නීති පැනවීම, මුදල් හා තාක්ෂණය ලබාදීමයි. එහෙම නැතිව කසළ එකතු කරන්න ගියොත් අපිව හිරේ දමන්නත් පුළුවන්. මොකද ඒක අපේ කාර්යයක් නොවේ.

    කසළ පිළිබඳ ගැටලුවේදී වගේම සමස්ත පරිසරය ගැන පුද්ගල ආකල්පවල වෙනසකුත් අවශ්‍ය බවයි මගේ හැඟීම.”

    සභාපතිවරයා කසළ ප්‍රතිචක්‍රීයකරණය ගැන දරන මතය එලෙසය.
    කෙසේ වුවද මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු හයක් වෙන්කර ඇත්තේ ඩෙංගු රෝගීන් සඳහාය. ඒ වාට්ටු හයටම දැඩි සත්කාර හයක් ද පිහිටුවීමට රෝහලට සිදුව තිබේ. ඩෙංගු ප්‍රතිකාර කාර්යක්ෂම කිරීම සඳහා විවිධ පියවර ගැනීමට ද රෝහලට සිදුව තිබේ. මේ සියල්ල අතර ළමා රෝහලේ පමණක් මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව නවයකි. ඩෙංගු! මර්දනය කිරීම මේ තරම් අපහසු වී ඇත්තේ ඇයි? අප මේ ප්‍රශ්නය යොමු කළේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ

    මහතා වෙතය.

    ”මේ සඳහා දායක විය යුතු සෑම අංශයකම උපරිම දායකත්වය නොලැබීමයි ඩෙංගු මර්දනය අඩපණ වීමට බලපා තිබෙන හේතුව වන්නේ. ඒ හැරුණාම තවත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් තිබෙනවා.

    ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළකට යෑමේදී ඒ ගැන ඇති කීට විද්‍යා දත්ත ඉතා ප්‍රයෝජනවත්. ඒත් ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය මානව සම්පත්වල හිඟයක් තියෙනවා. රජයේ ආයතනවල කීට විද්‍යාඥයන් සිටින්නේ හතර පස් දෙනයි. කීට විද්‍යා සහකාරවරුන් සිටින්නෙත් සුළු පිරිසක්. කොළඹ දිස්ත්‍රික්කයටම ඉන්නේ කීට විද්‍යා සහකාරවරු තුන්දෙනයි. මේ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට යාමට මේ නිලධාරීන් අවශ්‍ය වෙනවා. මේ වසරේදී එවැනි නිලධාරීන් පනස් දෙනකු බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. වසර තුනක් ඇතුළත නිලධාරීන් 150 දෙනකු බඳවා ගැනීමයි අපේ ඉලක්කය. එවැනි පිරිසක් නැතිව මේ පරීක්ෂණ නිසි ලෙස කරන්න බැහැ.
    මෙවැනි ජාතික අර්බුදයක් පැවතෙන අවස්ථාවකදී මේ 150 දෙනා එකවර බඳවා ගත නොහැක්කේ ඇයි?


    ඊට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්වල හිඟකම නිසයි එලෙස නොහැකි වෙන්නෙ.
    ඩෙංගු මර්දනයට ඇති වෙනත් බාධා මොනවාද?


    කසළ ප්‍රතිචක්‍රීයකරණය විධිමත් ලෙස සිදු නොවීම ඩෙංගු මර්දනයෙහිලා, බලපාන ප්‍රධාන ගැටලුවක්. මහජනයා ඉවත දමන ප්ලාස්ටික්, පොලිතින් නැවත ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙහිලා ක්‍රියාත්මක වැඩසටහන් ගැන කිසිදු සෑහීමකට පත් වෙන්න බැහැ.
    කියුබාව, සිංගප්පූරුව වැනි රටවල් ඩෙංගු මර්දනය කිරීමට ගෙන ඇති පියවර අපට ආදර්ශයට ගත නොහැක්කේ ඇයි?


    සිංගප්පූරුව වැනි රටක් ඉතාම නීතිගරුකයි. උපරිම ලෙස නීතිගරුකවීමත් කාර්යක්ෂම වීමත් එහි ඩෙංගු මර්දනයට හේතුව වුණා. අපේ රටේ මේ දෙකම නැහැ. කාර්යක්ෂමතාවය සියයට පහක්වත් නැහැ. කියුබාව වැනි රටක නායකයා කිව්වොත් අසවල් පැයේදී සියලු දෙනා එළියට බැස පරිසරය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි කියලා මුළු රටම එහෙම කරනවා. ඒ රටේ පාලන ක්‍රමයයි ජනතාවගේ හැසිරීමයි තමයි ඩෙංගු මර්දනයට බලපා තියෙන්නෙ.

    පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකයටවත් බලයක් නැද්ද?


    යම් පළාත් ආයතනයක් ආරාධනා කළොත් ඔවුන්ගේ වැඩපිළිවෙළට මැදිහත් වෙන්න කියලා අන්න එවිට අපට පුළුවන් ඩෙංගු මර්දනය උදෙසා උපරිම දායකත්වය ලබා දෙන්න. එවැනි ඉල්ලීමක් නොකළොත් අධීක්ෂණය කිරීමට අපට බලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාහිරව කටයුතු කිරීමේ බලයක් අපට නැහැ.
    මේ වන විට වැඩි වශයෙන්ම ඩෙංගු පැතිරී ඇති පළාත් මොනවාද?

    විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙක වැඩි අවදානමක් ගෙන තිබෙනවා. ඊළඟට සබරගමු පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කත් මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවලත් වැඩි වශයෙන් ඩෙංගු රෝගය පැතිරී තිබෙනවා. ඒ වගේම සෙසු ප්‍රදේශත් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා.
    ගම් මට්ටමින් පිහිටුවූ කමිටුවලින් සතුටුදායක ප්‍රතිඵලයක් තිබේද යන්නත් අපි ඔහුගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඇතැම් කමිටුවක් සක්‍රීයව දායකවී ඇති බවය.

    ඩෙංගු! වැඩි වශයෙන්ම වැලඳෙන්නේ දරුවන්ටය. එබැවිනි එහි වගකීම වැඩි වශයෙන් දරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් යම් අදහස් විමසීමක් සිදු කෙරුණේ.
    ”ඩෙංගු මර්දනයෙහිලා අඛණ්ඩ වැඩපිළිවෙළක් නැතිවීමයි මීට ප්‍රධාන හේතුව වී තිබෙන්නෙ. උදාහරණයක් විදියට වාහනවල ආසන පටි පැලඳ ගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට යන විට ඇතමකු ප්‍රශ්න කළේ, ලංකාවේ එවැන්නක් කෙසේ කරන්නද යනුවෙන්. ඒත් දැන් ලොරි රියැදුරා පවා ඒ නීතියට අවනතයි.
    මෙහිදී විශේෂයෙන්ම දරුවන් සිටින පවුල් වැඩිහිටියන් මේ ක්‍රියාවලියට වැඩිවශයෙන් දායක කර ගත යුතු වනවා වගේ එහි නායකත්වය ඔවුන්ට පැවරිය යුතු බව මගේ හැඟීමයි. මොකද දරුවන් ගැන ඇති බිය නිසාම ඔවුන් මේ ඩෙංගු මර්දන ක්‍රියාවලියට ඉතා සක්‍රීයව දායක වෙනවා. ග්‍රාමීය මට්ටමෙන් එය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් වේවි.

    අනෙක ඩෙංගු මර්දනය කිරීමේදී අපට අතහැරිය යුතු ප්‍රදේශයක් නැහැ. නගරය මෙන්ම ගමත් ඩෙංගු මදුරුවා ග්‍රහණයට ගෙන හමාරයි. ඒ නිසා සියලුම තැන්හි ඩෙංගු මර්දනය අඛණ්ඩව සිදුවිය යුතුයි.

    ඩෙංගු රෝගයේදී විශේෂ අවධානය යොමු කළ ප්‍රධාන අවස්ථා මොනවාද?

    මෙහිදී ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ නවයක් ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මේ ලක්ෂණවලින් එකක් හෝ තිබේ නම් උණ වැලඳී දින තුනක් යාමට පෙර රෝහල් ගතකිරීමට කටයුතු කළ යුතුයි.

    අවධානය දැක්විය යුතු විශේෂ රෝග ලක්ෂණ

    එක් වරම උණ බැස යෑම හෝ ශරීරයට සනීපයක් හෝ ශක්තියක් නොදැනීම.
    වතුර බීමට ඇති අකැමැත්ත
    ආහාර අරුචිය
    තද පිපාසය
    බඩ කැක්කුම හෝ වමනය
    අතපය සීතලවීම
    වීදුරුමසෙන් ලේ ගැලීම
    පැය හයක් ඇතුළත මුත්‍රා නොකර සිටීම
    හැසිරීම් රටාවේ වෙනසක් (කලබල කිරීම්, දීර්ඝ ලෙස නින්දට යෑම් වැනි)
    යම් විදියකින් උණ රෝග තත්ත්වයක් ඇති වුවහොත් රෝහලෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රතිකාර ලබා ගත යුතුයි. එහිදී ඉක්මනින් උණ තත්ත්වය පහළ යන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුයි.

    මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් දින තුනකට පසුවත් උණ රෝගය පවතින්නේ නම් හෝ ඒ දින තුන ඇතුළත ඉහත රෝග ලක්ෂණවලින් එකක් හෝ දක්නට ලැබෙන්නේ නම් හැකි ඉක්මනින් රෝහල් ගත කර යුතු වෙනවා.” වෛද්‍ය හේවගේ ඩෙංගු රෝගීන් හඳුනාගැනීම හා ඔවුන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන පවසන්නේ එවැන්නක්.

    ජාතික අර්බුදයකදී එකිනෙකා අඩු වැඩි වශයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින් සිය වගකීම්වලින් හැකිතාක් නිදහස් වීමට මාන බැලීම ලංකාවේ ස්වභාවයකි. යුද්ධය සම්බන්ධයෙනුත් එවැනිම ක්‍රියාවලියක සිටියා නම් අපට එය ජයගැනීමට නොහැකි වනු ඇත.
    එහෙත් අතළොස්සක් හැර මේ රටේ සියලුම පාර්ශ්වයන්, යුද්ධය මෙහෙයවූ නායකත්වය වටා ඒකරාශී වූයේ ඒ නායකත්වය නිවැරැදි හා විධිමත් වූ බැවිනි. කිසිදිනෙක අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑමෙන් මිදී යුද්ධය හමාර කිරීමට අපට නොහැකි යැයි කී නමුත් ඊට නායකත්වය දුන්නෝ එය කළහ. එසේ නම් ඩෙංගු මදුරුවා මර්දනය කිරීම ඉදිරියේ ඇති අභියෝග බාධා ජයගැනීමට ඇති නොහැකියාව කුමක්ද?
    ඇතැම් දේශපාලනඥයකු හෝ නිලධරයකු පවසන්නේ මේ වසංගතය අමාත්‍යාංශයකට හෝ අමාත්‍යාංශ කිහිපයකට පමණක් මර්දනය කළ නොහැකි බවය. ඊට ප්‍රජාවේ සහාය අවශ්‍ය බවය. අපි නැවත කියමු. ප්‍රජාවේ සහය අත්‍යවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒ ප්‍රජාව නිසි ලෙස අඛණ්ඩ ලෙස මෙහෙයවන විධිමත් නායකත්වයක් ලැබෙන්නේ නම් කියුබාව, සිංගප්පූරුව මෙන් ඩෙංගු මර්දනය කිරීමේ හැකියාව ලංකාව ද සතු වන්නේය.

    silumina