The Mosquito |මදුරුවා ගැන විස්තර ටිකක්...
. The Mosquito
Due to malaria carrying parasites transferred by the mosquito, it is responsible for the deaths of more than two million people per year. In addition, Mosquitos are estimated to transfer diseases to more than 70 million people per year. Even in countries such as the UK, New Zealand, and Japan, where the more temperate climate has reduced mosquito bites to mostly an annoyance, they still cause some deaths every year. [Wikipedia Article]
මේ තරම් සුන්දර සතෙක් මන් හිතන්නේ මුළු ලෝකේම නැතුව ඇති.
වෙන රටවල් ගැන නම් මන් දන්නේ නැහැ හැබැයි ලංකාවේ නම් හැමැ පළාතකම වගේ සුලබව දකින්න පුළුවන් සතෙක් තමා මදුරුවා කියන්නේ. අනික් පළාත්වලට සාපේක්ෂව සීතල පළාත් වල ටිකක් අඩු උනත් මදුරුවො නම් නුවර එළියේ උනත් නැත්තේම නැහැ.
හරක්, ඌරෝ, කුකුල්ලු වගේ සත්තු හදල මසට හරි කිරි, බිත්තර විකුනලා හොයන සල්ලියට වඩා සල්ලියක් මිනිස්සු මදුරුවන්ගේන් හම්බ කර ගන්නවා ඇති.
නිදහසේ නිදාගන්නවත් නොදී අන්තිමේ මිනිස්සුන්ව වල පල්ලට යවන්න තරම් මදුරුවා කියන සතා දරුණු වෙලා තියෙන්නේ ඇයි කියලා මන් නම් දන්නේ නැහැ.
කනට මිහිරි වාදනයකින් සුව නින්දකට අපිව පත්කරන ගමන් චීන කටු චික්සාවක් වගේ පුංචි රිදුමක් එකක් නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා අපේ සෞඛ්‍ය රැක දෙන්න තරම් මදුරුවා හරිම කාරුනිකයි.
ඉස්සර නම් අපේ ගෙදර එච්චර මදුරුවො හිටියේ නැහැ ඒත් ලස්සන මල් ගසුත් එක්ක වතුර පිරිච්ච් පෝච්චි වල මදුරුවෝ අපිම ඇති කලා නැත්තනම් පාළු හින්දා. අපේ සීයලෑ ගෙවල් වල එහම නම් මඩ පුවක් එක්ක තමා මදුරුවෝ හදන්නේ. එහෙ ඉන්න උන් නම් පොඩි සයිස් කුරුල්ලෝ වගේ.
කොච්චර සුන්දර සතෙක් උනත් මදුරුවො ඈත් කරන්න මිනිස්සු විවිධ දේවල් කරනවා. මාත් ඔය එක එක දේවල් කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ සාරථකම විදිහ තමා මදුරු දැල්. මදුරු කොයිල්, මැට් සහ වෙනත් බෙහෙත් ජාතිවලින් නම් කිසිම වැඩක් නැහැ. මාසෙකට සැරයක් විතර සමහර නගර සභාවලින් ඇවිත් රුපියල් දහයක විස්සක සපෝර්ට් එකක් අරන් ගහන් මදුරු තෙලත් , තෙලක් ද නැත්නම් වතුරක් ද මන්දා. මොකෝ එදාට වෙනදටත් වඩා මදුරුවෝ ඉන්න නිසා. පොල් තෙල් පිඟාන, මදුරුවෝ මරන විදුලි රැකට් එක කොච්චර සාර්ථක උනත් රෑ එළි වෙනකම් වන වනා ඉන්න කෙනෙක් හොයා ගන්න එක එච්චර ලේසි නැහැ.
සමහර ගෙවල් වල නම් කජු ලෙලි පත්තු කරනවා. ඒ දුම නම් මදුරු කොයිල් තරම් අප්‍රසන්න නැති ඇත්තටම මදුරුවෝ එලවන දුමක්. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. මදුරු වදේ ගැන කියන්න ටීවී එකේ පත්තරේ නම් ලොකු ලොකු අය ලොකු ලොකු කතා කියන්වා ඒත් මුළු රටේම මිනිස්සු මදුරු වදෙන් දුක් විඳිනවා.
හැබෑටම මදුරුවන්ට කරන්න දෙයක් නැද්ද? අර දීපාල් සිල්වා කියන මල් පැණි බොන්න පුරුදු කරනවා වගේ ඉස්තරම් පිළියමක්.
ඡායාරූපය මෙතනින්
http://blogs.geegain.com/post/1902/මදුරුවා