කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනවනම් රේචල් කියන්නේ මොසාඩ් ඔත්තු සේවය මගින් ටෙහ්රාන් වල සිටින ව්‍යාපාරිකයෙක්ව හසු කර ගන්න බඳවාගන්න ඔත්තුකාරියක්. ඇය ඊශ්‍රායලයට යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහටයි. ඇයව මේ මෙහෙයුමට බඳවගන්නේ තෝමස් නැමති මෙහෙයවන්නෙක් හෙහවත් handler කෙනෙක් විසින්. ඔහුට තියෙන්නේ රේචල්ගෙන් තොරතුරු ලබාගෙන ඔවුන්ගේ මෙහෙයුම අවසන් වූ පසු හෝ අවසන් වෙන්න පෙර රේචල් ගැන හෙළිදරව් උනොත් ඇයව එම මෙහෙයුමෙන් ඉවත් කර ගන්න එකයි. එහෙම ඉවත් කර ගැනීමට යම් කේතයක් තියෙනවා. එ් කේතය තමයි “ඔබේ පියා මියගියා“ කියන එක. කතාව පටන් ගන්නේ එතනින්.
“සාමාන්‍ය විදිහේ ගණුදෙනු“ නමින් හඳුන්වන මේ මෙහෙයුමේ යෙදී සිටිය රේචල් එක පාරටම අතුරුදහන් වෙනවා. කාලෙකට පස්සේ හදිසියේම තෝමස් ට රේචල්ගෙන් දුරකථන ඇමතුමක් එනවා “මගේ පියා මිය ගියා – ආයෙත්“ කියලා.. කොහොමද එහෙම වෙන්නේ? එක පුද්ගලයෙක් දෙපාරක් මිය යන්න පුළුවන්ද? නැත්නම් එකම කේතය දෙවරක් භාවිතා කරලද? ඇයි මෙහෙම රේචල්ගෙන් හදිසි ඇමතුමක් තෝමස් ට එන්නේ? මේ ඔත්තුකාරිය පෙමින් බැඳෙන්නේ කාත් එක්කද? ඇය ඇගේ මෙහෙයුම සාර්ථකව නිම කරාවිද? නැත්නම් ඇය ටෙහ්රාන් වල සිටින ව්‍යාපාරිකයා විසින් හඳුනාගනීවිද? එහෙමත් නැත්නම් මෙහෙයුම අවසානයේ මොසාඩ් ඔත්තු සේවය ඇයව මේ ලොකයෙන් තුරන් කරලා දාවිද? කියලා කතාව බලලම දැනගන්න.
Download
Torrent
Sinhala Sub
Click Here
