TOYOTA Corolla AE110 (1998 Petrol Auto) කාර් එකේ Electrical Wiring සිස්ටම් එක හරියටම දන්න යාළුවෙක් උදව් කරන්න, Please !


මෙන්න මේ විදියේ Wiring එකක් තම ගොඩක් වාහන වල තියෙන්නේ..
![]()
Fan එක Control කරන්න පාවිච්චි කරන්නේ Temperature Sensitive Switch එකක්. ඒ කියන්නේ කලින් තීරණය කරපු උෂ්ණත්වයකදී මේ Switch එක On වෙනවා. ඒ හරහා Fan Relay එක On කරනවා.
Temperature Gauge එකට සිග්නල් එක දෙන්න වෙනම Sensor එකක් පාවිච්චි කරනවා.. මේකට පාවිච්චි කරන්නේ NTC (Negative Temperature Coefficient) වර්ගයේ ප්‍රතිරෝධකයක් (Resistor).
කලින් කිව්ව Switch එක (Sensor එක නෙමෙයි) වැඩ නැති උනාම ගොඩක් වෙලාවට Switch එක අලුතෙන් දානවා වෙනුවට ගොඩක් Electrical (මක) බාස්ලා Fan එකට Direct Supply එකක් දෙනවා. එතකොට ඉතින් Fan එක සදහටම වැඩ.
මුලින්ම Fan එකට Supply දීල තියෙන විදිය Check කරන්න. Direct Supply එකක් තියෙනවා නම් ඒක අයින් කරන්න.
වාහනේට coolant දලා නැත්තම් බය නැතුව Switch එක ගලවලා ගන්න. Coolant දාල තියෙනවා නම් Switch එක ගැලෙව්ව ගමන් එතන මොකක් හරි ක්‍රමයකින් වහල දාන්න coolant ලීක් වෙන්නේ නැති වෙන්න.
දැන් ඕනේ කරනවා මල්ටි මීටර් එකකුයි, වතුර භාජනෙකුයි, ලිපකුයි.
වයර් කෑලි දෙකක් අරන් Switch එකේ terminal දෙකට හෝ එක terminal එකයි නම් තියෙන්නේ අනිත් වයර් එක Switch body එකටයි Connect කරන්න.
දැන් මල්ටි මීටර් එකෙන් බලන්න terminal දෙක අතරේ Continuity තියෙනවද කියල. Continuity තියෙනවා නම් Switch එක අවුල්.
Continuity නැත්තම් වතුර භාජනේ නටන කල් රත් කරලා Switch එකේ terminal නැති පැත්ත විතරක් වතුරට ඔබල ටිකක් වෙලා තියල ආයෙම මල්ටි මීටර් එකෙන් බලන්න Continuity තියෙනවද කියල. Continuity නැත්තන් Switch එක අවුල්. Continuity තියෙනවා නම් Switch එකෙක් කිසිම ලෙඩක් නැහැ. වාහනයේ Wiring වල ගැටළුවක් තියෙන්නේ.
Switch අවුල් කියල තීරණය කරා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගිහින් Switch එකක් ගේන්න. මතක ඇතුව පරණ එක අරන් යන්න.
පස්සේ අලුත් switch එක දාල බලන්න Fan එක දිගටම වැඩද කියල. නැත්තන් ටික වෙලාවක් වාහනේ Start එකේ තියලා බලන්න රත් උනාම විතරද වැඩ කියල. රත් උනාම වැඩ නම් ලෙඩේ සනීපයි ඔන්න. (මතක් කරලා Direct Supply දීල තියෙනවා නම් ඒවා Disconnect කරලා ඉන්න මේ වැඩේට)
Switch එක අලුතෙන් දැම්මට පස්සෙත් fan එක දිගටම වැඩ නම් හෝ කලින් සැරේ switch එක ටෙස්ට් කරනකොට switch එකේ ලෙඩක් නැහැ කියල තීරණය කරා නම් වාහනයේ wiring වල ගැටළුවක් තියෙන්න ඕනි.
මුලින් මේ වැඩේ කරලා බලන්න. හරි ගියේ නැත්තන් ඊලගට මොකද කරන්නේ කියල බලමු.
මේ බෙහෙත පාවිච්චි කරලා ලෙඩේ හරි ගියේ නැත්තන් වහාම mahesh1297 වෙදාට PM එකක් දමා වැඩි විස්තර විමසන්න.![]()
සමහර අලුත් වාහනවල Temperature Sensor එකෙන් ECU එකට යන සිග්නල් එක පාවිච්චි කරලා Fan එක Control කරනවා. මන් හිතන්නේ නෑ ඔය වාහනේ එහෙම ක්‍රමයක් ඇති කියල.
ආහ්හ්.. අනික මේ වැඩේට (මක)බාස් කෙනෙක් ගාවට යන්න එපා. ඕක තනියම කරගන්න තරමට වටිනවා. coolant අපතේ නොයවා වැඩේ කරගන්න බලන්න.
අමතර : ඔක්කොටම කලින් වාහනේ A\C off කරලා ඉන්න. මොකද AC on නම් Fan එක දිගටම වැඩ කරන්නයි හදල තියෙන්නේ.
ගමේ හාදයා;16187162 said:mage car eke Thermostat sensor eke eka wire ekayi thiyenne. Relay ekath 4Pin (Normally-Closed Type)
Is the wire going to thermostat is of light green color? If so the other side of the wire should go to the AC pressure switch (search for it on the high pressure side of the AC before the expansion valve). If you find it, see if you have continuity between BLU/BLK and light green terminals. Also the 12V coming through the relay coil should appear on the BLU/BLK wire. Now remember all what I say could be wrong if the color code is something else.