thigh terrorism / කළවා ත්‍රස්තවාදය (Must Read )

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    thigh terrorism / කළවා ත්‍රස්තවාදය (Must Read )

    මෙය උපුටා ගන්නා ලද්දේ http://reargate.blogspot.com බ්ලොග් අඩවියෙන් වන අතර මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය එම බ්ලොග් අඩවිය සතුවේ

    මෙම ලිපිය ලිවීමට මූලිකම හේතුව වනුයේ මා විසින් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව කරන ලද වැදගත් සොයාගැනීමකි. එනම් අප රජයේ උගත් ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අඩවියේ පළවන අගනා අදහස් සීරුවෙන් අධ්‍යයනය කරන බවයි. මෙය සාක්ෂි සහිතව සනාථ කල හැකි කදිම නිදර්ශනයක් පසුගිය දිනවල ඔබ දකින්නට ඇත. ‘ටී.බී. ගේ කොට ගවුම් කචල් එක’ යනුවෙන් ජන වහරේ හැඳින්වෙන මෙය, සත්‍ය වශයෙන්ම මා විසින් කලකට ඉහතදී යෝජනා කරන ලද ‘ශෘංගාර කලාප පාලක’ හෙවත් ‘ශෘ.ක.පා. කොමිසමයි’. (මෙතෙක් කියවා නැතිනම් කියවා ආවත් කමක් නැත). එහි නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සම්මාන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද කටයුතු කිරීම මා හට සැබවින්ම ආශ්වාදයකි.

    ශෘ.ක.පා. කොමිසමේ නිර්මාතෘවරයා වශයෙන් මේ අවස්ථාවේදී මෙම කොමිසමේ කාර්ය භාරය සහ අනාගත අභියෝග පිළිබඳව යම් අදහසක් පළ කිරීම මගේ ජාතික වගකීමක් බව ඔබද පිළිගන්නවා ඇත. ඇත්තෙන්ම මෙම කොමිසමේ කාර්ය භාරය වනුයේ අප රට තුළින් මෙතෙක් සොයාගත් දරුණුම ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය හෙවත් ‘පිරිමි අපි’ සූදානම් කිරීමයි. අප විසින් පරාජය කරන ලද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙන් සිය දහස් ගුණයක් බරපතළ මෙම ත්‍රස්තවාදය ‘කළවා ත්‍රස්තවාදය’ ලෙස මා නම් කරමි. මෙහි මූලික ලක්ෂණ පහත පරිදි වේ.

    · අප දන්නා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙහෙයවනු ලැබුයේ උතුරු හා නැගෙනහිර දෙමළ ජාතික සුළුතරයක් විසිනි. එහෙත් මෙම ත්‍රස්තවාදය ගෙනයන්නේ පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව වන ආතල් එක පිණිස (සහ අප වර්ගයා බෝ කර ගැනීම පිණිසද) අප විසින් කවා පොවා ඇති දැඩි කරනු ලබන කාන්තාවන් නම් බහුතර සත්ව විශේෂයයි.

    · එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සාහ දරනු ලැබූයේ අප මාතෘභූමියෙන් කොටසක් අල්ලා ගැනීමටයි. එහෙත් මෙම කළවා ත්‍රස්තවාදය සෘජුවම මැදිහත් වන්නේ විදේශීය ආක්‍රමණිකයන්ට පවා විනාශ කල නොහැකි වූ පිරිමි අපගේ උතුම් සංස්කෘතිය සහමුළින්ම විනාශ කිරීමටයි.

    · එල්.ටී.ටී.ඊ. කාරයින් තම යුද්ධය සඳහා විවිධ සැහැල්ලු සහ බර ආයුධ මෙන්ම ගුවන් යානාද භාවිතා කරන ලදී. මේවා කොතෙක් භයානක වුවද ප්‍රති ප්‍රහාර දී විනාශ කල හැකි යාන්ත්‍රික මෙවලම්ය. එහෙත් මෙම කාන්තා ත්‍රස්තවාදීන් ආයුධ වශයෙන් භාවිත කරන්නෙ කලවා, බුරිය,කිහිළි වැනි ශාරීරික අංගෝපාංගයන්ය. කොටින්ට මෙන් නොව, මේවාට ප්‍රතිප්‍රහාර දුනහොත් අපට පව් සිද්ධ වන බැවින් ආරක්ෂා වීම හැර වෙනත් විකල්පයක් නැත.

    · කොටි ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මරණය හෝ විවිධ තුවාල අපට සිදුවුවද ඒවා ශාරීරිකය. එහෙත් මෙම ප්‍රහාරයන් කෙළින්ම මොළයට හානි කරයි. උදාහරණයක් ලෙස කලවා වලින් කරන පහර දීමකදී පිරිමියෙකුගේ මොළයට වන හානිය, තොලකට වෙව්ලීම, දිව වියලී තිබියදී කටේ පැත්තකින් කෙල බේරීම වැනි විකාර රෝග ලක්ෂණයන්ගෙන් මනාව විශද වේ.

    · මෙම ත්‍රස්තවාදයේ අවසන් අරමුණ ලාංකීය ජාතිය වන ‘පිරිමි අපි’ ඇවිදින මළකඳන් බවට පත් කොට කාන්තාවන් විසින් අප මතෘභුමියේ බලය අල්ලා ගැනීමයි. පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව ආතල් එක බව ඔබ දනී. මෙය දන්නා කපටි කාන්තා ත්‍රස්තවාදීන් කරන්නේ, අපගේ ආතල් පිණිස අප විසින් චිරාත් කාලයක් තිස්සේ වසා දමා තිබූ ඔවුන්ගේ රහසිගත ප්‍රහාරක කලාපයන් ප්‍රසිද්ධියේ විවෘත කිරීමයි. ලෙහා දැමූ මල්ලක ඇති කුතුහලයක් හෝ දෙවේලේ දකින කරමලයක ඇති වර්ණයක් හෝ නොමැති බව න්‍යායික සත්‍යයකි. එහෙයින් ඔවුන් මේ විනාශ කරන්නේ අප මෙතෙක් ඔවුන්ගෙන් විඳි ප්‍රමෝදයයි. එය නැති තැන අප සංකේතීයව මියගොස් බටහිර පර සුද්දන් මෙන් නිවට නියාළු ජාතියක් බවට පත්වීම අනිවාර්යයකි.

    මා කළින් සඳහන් කල පරිදි මෙය මිහිපිට පහළ වූ දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය බව දැන් ඔබ පිළිගන්නවා ඇත. මෙම ව්‍යසනයෙන් ගැලවිමට අප කල යුත්තේ කුමක්ද? මෙය අප මාතෘභූමියේ අයිතිය වෙනුවෙන් පිරිමි අප සැම එක්සිත්ව නැගී සිටිය යුතු මොහොතකි. නියපොත්තෙන් කැඩිය යුතු දෙය පොරොවෙන් කැපිය යුතු නොවේ. පහත යෝජනා ඒ වෙනුවෙනි.

    · මුළින්ම කල යුත්තේ සම්මත ශෘංගාර කලාප පනත උල්ලංඝනය කරන කාන්තාවන් අල්ලා නීති මගින් කටයුතු කිරීමයි. නීතිය සහ සාමය රැකීම සදහා සිටින්නේද අති බහුතරයක් පිරිමින් බැවින් මෙය අපට වාසිදායකය.

    · මෙයට අමතරව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන එවන් ත්‍රස්තවාදීන් ඉලක්ක කොට දිගු දුර විහිදුම් දැලිපිහි සහ බ්ලේඩ් බලකායක් ස්ථාපිත කල හැකිය.

    · මෙම කාන්තා ත්‍රස්තවාදීන්ගේ මොරාල් එකට හානි කිරීම සඳහා ශාස්ත්‍රාලීය ආයතන පරිශ්‍රයන් තුල පෝස්ටර් ව්‍යාපාරයන් ඇරඹිය හැකිය.

    · ‍මෙම ත්‍රස්තවාදය සඳහා විදේශීය සහයෝගය ලැබීම අවම කිරීම සඳහා ජාත්‍යන්තරය දැනුවත් කිරීමට, වැඩි වැඩියෙන් දේශප්‍රේමී ෆේස්බුක් ගිණුම් සහ වෙබ් අඩවි ඇරඹීම උචිත යයි සිතමි.

    · මෙම කාන්තා ත්‍රස්තවාදීන් අතර සිටින අපගේ චින්තනය සහිත හෝ අපටත් වඩා දේශප්‍රේමී කාන්තා ශරීර ඇතියන් භාවිතා කොට ශක්තිමත් බුද්ධි අංශයක්ද නිර්මාණය කල හැකිය.

    · එමෙන්ම පිරිමි අප අතරම හිඳ මෙම ව්‍යාපාරයන්ට සහාය දෙන විකිලීක්ස් කාරයින්ට සම්බුව දීම සඳහා දිවයින වැනි පුවත්පත් ඇතුළු සියළු දේශප්‍රේමී මාධ්‍ය සීරුවෙන් තැබිය යුතුය.

    · අපගේ අභිමතාර්ථ ප්‍රකාරව තම ශරීරය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අඩු වයස් කාන්තා ජීවීන්ගේ මොළ ශෝධනය සඳහා අපගේ ප්‍රමිතීන් උපක්‍රමශීලීව පාසල් විෂය මාලාවට ඇතුලත් කල යුතුය.

    · අවසන් වශයෙන් මෙම ‘මානුෂික මෙහෙයුම’ වඩාත් පහසුවෙන් සිදුකල හැක්කේ අප විසින් කාන්තාවන් ඇති දැඩි කරනු ලබන අපගේ නිවෙස් තුළදීය. සම්මත සංස්කෘතික නීතීන් අභිබවා යන කාන්තාවන් සඳහා අවම බලය භාවිතා කිරීමට දැනටමත් අපට අවසර ලබාදී ඇත. එමෙන්ම අඩු වයස් කාන්තා ජීවීන් පෝෂණය කරනු ලබන පියවරුන් නම් වන පිරිමින් හට විශේෂීත වගකීම් පැවරේ. කෙදිනක හෝ වෙනත් පිරිමියෙකු වෙත පාවා දීමට නියමිත එම අඩුවයස් ජීවියා, එකී පාවා ගන්නා පිරිමියා හට උපරිම ප්‍රයෝජන ගත හැකි වන පරිදි සම්පූර්ණයෙන්ම ආවරණය කොට ඇති දැඩි කිරීම ඔවුන්ගේ වගකීමකි.

    සැබවින්ම මෙම අභියෝගය හමුවේ අප වඩාත් තීක්ෂණ විය යුතුය. බලය බෙදා හැරීම වෙනුවට බලය මුදා හැරීම මගින් සියළු කාන්තාවන්ගේ දෑතේ මැණික් කටුවේ සිට දෙපයේ මැණික් කටුව දක්වා සියල්ල වසා දැමීම අප ඒකායන අරමුණ විය යුතුය. මෙහි අතිරේක මහඟු වාසියක් ලෙස, කාන්තා ශරීරයේ දෑතේ මැණික් කටුවේ සිට වැළමිට දක්වාද, අත් ගොබ ද, දෙපයේ බත් කෙණ්ඩා මෙන්ම දණීස් පොල්කටු ද නව ශෘංගාර ජනක කලාපයන් ලෙස සංවර්ධනය කොට අප නූපන් පරපුර වෙත දායාද කිරීමට අපට හැකිවනු ඇත. එන්න අප හා එක්වන්න. මේ ඔබේ ජාතිය (නැවත වරක්) වීරයන් සොයන කාලයයි.
    :lol: :lol:
    jkj.JPG


    uiui.JPG
     
    Last edited:
    • Like
    Reactions: jontyc

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    macha mata oke thiyana dewal walin 98%kata withara ekagawenna puluwan.habai anthimata thiyana tika "කාන්තාවන්ගේ දෑතේ මැණික් කටුවේ සිට දෙපයේ මැණික් කටුව දක්වා සියල්ල වසා දැමීම අප ඒකායන අරමුණ විය යුතුය."kiyana ekatnam ekaganaha
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ape ratatath deiyangema pihitai.....mekath madaperadiga karanna yanne....gaanuntath nidahasak kiyala deyak thiyenna one..... :P :P :(
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔය බ්ලොග් එක ලියල තියෙන්නේ වල්ගෙ පාග ගත්තු පොරක්. මෙන්න නිවැරදි පුවත.
    source

    dresscode.jpg

    මේ පුවත් වලින් නම් කියන්නේ වෙන එකක්

    Yahoo News (http://news.yahoo.com/s/afp/20110103/lf_afp/srilankasocietyfashionwomen)

    COLOMBO (AFP) – Sri Lanka said Monday it was considering banning mini-skirts following complaints about women wearing skimpy clothing in the conservative island nation.

    Nimal Rubasinghe, secretary of the Cultural Affairs Ministry, said the government had received representations calling for a ban on wearing revealing clothing in public, though he declined to name the groups involved.

    http://www.news24.com/World/News/Sri-Lanka-considers-mini-skirt-ban-20110103

    Colombo - Sri Lanka said on Monday it was considering banning mini-skirts following complaints about women wearing skimpy clothing in the conservative island nation.

    Nimal Rubasinghe, secretary of the Cultural Affairs Ministry, said the government had received representations calling for a ban on wearing revealing clothing in public, though he declined to name the groups involved.

    "There have been complaints from various quarters about mini-skirts, but we are only considering them and no final decision has been taken," Rubasinghe said.

    Rubasinghe was responding to a media report that said the government had asked a committee to prepare a dress code for public places to ensure that mini-skirts were outlawed.

    The Lakbima News newspaper said mini-skirts could be banned if the cultural ministry had its way under a "new era of moral purity".

    President Mahinda Rajapakse's government has recently ordered the removal of billboards featuring scantily-clad women and also launched a campaign to discourage the use of alcohol and tobacco.

    ada derana http://adaderana.lk/news.php?nid=11248
    Nimal Rubasinghe, secretary of the Cultural Affairs Ministry, said the government had received representations calling for a ban on wearing revealing clothing in public, though he declined to name the groups involved.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    "මුන්ට පිස්සු බං. මුං මේකත් තලේබානයක් කොරන්ට හදන්නේ. බොරු සදාචාර ටෝක්ස් දෙන ගොබ්බයෝ හිතන් ඉන්නේ ගෑණු අතක්, කකුලක්, දැක්ක පලියට ෆෝම් වෙලා නටන ජනතාවක් අපේ රටේ ඉන්නවා කියලා නෙවැ. ඔව්වාට තමයි මූලධර්මවාදය කියන්නේ." :lol:
     
    • Like
    Reactions: subspace

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oita wada ekapara hema geniyektama ra muslim eduma adinna kiala neethiyak demmanm :P
    meka prajathanthra wadi ratak bun... owa kala kiyala rata hadanna puluwanm mona karanna berida .... oka ohoma newei karanna one.... me tika kohe hari pothaka sathan karaganna

    1) skl wala awashya kale wedi sexual edication eka hariyata denna one ( oya den wage sirlata mislata oya padama eddi leda wenne nethuwa hariyata owa kiyala denna one)

    2) samajeeya washen mewa gena elipita katha karanna one ... minisu denuwath karanna one....

    nethuwa owa hanganna hannganna minisunge hithe owa gena thiyena adahas wedi wenwa ... hodam uda haranayak denm .. meka ona kenekta podui.....

    porn balapu nethi kenek nene... massa 2k eka digata mukuthma nobala hitiyama aluth ekak dakkina kochara loku uwamanwak denenwada???

    ewage owa hanganna hanganna thawa aprada walata pelabenwa wedi ;;;;;

    hema degenama hoda adyapanak thiyenwanm owa mahaloku magic newei ... anna ekai api minisu thula ethi karanna one...

    den balanna oya anik ratawala genu kocharwath ega pennan pare ewidinwa.. france wage ratwala amu heluwen ewidinwa... heluwen nana beach thiyenwa... ehema thiba kiyala kollo gihin ara genunta wada dennene nene... unge paduwe yanwa misak... ei e ? unta eka magic ekak newei ...

    eth ape rate kellek ega penna endama loku ekage idala podi ekatama oka magic ekak ... dwas gaanak ethi oka rasawidinna....]

    man me thitha etha katha karanne......

    hari oka den sankruthiyata haniyak kiyamu .. ehenm meka balanna

    sigiriye chithra kashyapa rajuruwo amruwata edapuwada? ekale kula kanthaw withrai thana patak ende ekiyane sudda sinhalen bra ekak :P ekai samahra chithra wala eka thiyenne... den oya lalanawo mal watti aran koheda gihin thiyenne ... pansal gihin thiyenne pidurangala viharayata yana ekai oken nirupanaya karanne ...

    balpalla mehemath walatha genu set ekak .... mun nirwasthren pansal gihin... ammapa munwa hoyagena wediyala maranna one ...

    ehemada ? ne eka ekale pasubima ..... boho kanthawo udata ende ne ...
    thawa udaharanayak denam

    ape gauthama budu hamuduruwo buduwenna bawana karadi sujatha situduwa kiripidu aran enwa... eya oya kiyana widiye ega wagena hitiya kiyalada hithanne .. ne eya hitiyeth ekale widiyata.. ehma kiyala budu hamuduruwonta eka apahasu thawayak wune ne.....

    api kawuruth rahth nowicha eka etha.. eth me rate agamika shtru waru dena ganna one rate mahajanwayge hitha suwa pinisa awawada denna ...

    ehma nethuwa oya widiyata thanchi danna giyama thawa aparada wedi wenwa.......

    podak hithala balannna....

    obe awadanaya pinisai ..... :D
     

    Wal Bada

    Well-known member
  • ආණ්ඩුවේ ප්‍රකාශ බලන්න ආණ්ඩුවේ පත්තර අරගන්න. එ.ජා.ප. යේ ඒවා බලන්න ඒ අයගේ පත්තර ගන්න. මොකද තමන්ගේ දේ ගැන බොරු කියන්න තියෙන ඉඩ අඩුයි. මොකද පස්සෙ කාලෙක වැඩේ මාට්ටු වෙන්න ඉඩ තියෙන නිසා. ආණ්ඩුවේ මතය ගැන ආණ්ඩුවේ පුවත්පත් තරම් වෙන එකක් වත් විශ්වාස කරන්න බෑ. ඒ වෑඅම තමයි එ.ජා.ප. යේ මතය ගැන ඔවුන්ගේ පුවත් පත් තරම් වෙන එකක් වත් නිවැරදි නෑ.

    මේ ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ කල එකක් නම් අන්න ඒ වීඩියෝව පෙන්නුව නම් හරියටම දැනගන්න තිබුණා. එතෙක් මේ ගැන ආණ්ඩුවේ පුවත් සේවය නිවැරදියි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ආණ්ඩුවේ ප්‍රකාශ බලන්න ආණ්ඩුවේ පත්තර අරගන්න. එ.ජා.ප. යේ ඒවා බලන්න ඒ අයගේ පත්තර ගන්න. මොකද තමන්ගේ දේ ගැන බොරු කියන්න තියෙන ඉඩ අඩුයි. මොකද පස්සෙ කාලෙක වැඩේ මාට්ටු වෙන්න ඉඩ තියෙන නිසා. ආණ්ඩුවේ මතය ගැන ආණ්ඩුවේ පුවත්පත් තරම් වෙන එකක් වත් විශ්වාස කරන්න බෑ. ඒ වෑඅම තමයි එ.ජා.ප. යේ මතය ගැන ඔවුන්ගේ පුවත් පත් තරම් වෙන එකක් වත් නිවැරදි නෑ.

    මේ ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ කල එකක් නම් අන්න ඒ වීඩියෝව පෙන්නුව නම් හරියටම දැනගන්න තිබුණා. එතෙක් මේ ගැන ආණ්ඩුවේ පුවත් සේවය නිවැරදියි.

    ඔබේ තර්කය සමග මම එකඟ වෙනවා