thigh terrorism / කළවා ත්‍රස්තවාදය (Must Read )
මෙය උපුටා ගන්නා ලද්දේ http://reargate.blogspot.com බ්ලොග් අඩවියෙන් වන අතර මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය එම බ්ලොග් අඩවිය සතුවේ
මෙම ලිපිය ලිවීමට මූලිකම හේතුව වනුයේ මා විසින් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව කරන ලද වැදගත් සොයාගැනීමකි. එනම් අප රජයේ උගත් ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අඩවියේ පළවන අගනා අදහස් සීරුවෙන් අධ්‍යයනය කරන බවයි. මෙය සාක්ෂි සහිතව සනාථ කල හැකි කදිම නිදර්ශනයක් පසුගිය දිනවල ඔබ දකින්නට ඇත. ‘ටී.බී. ගේ කොට ගවුම් කචල් එක’ යනුවෙන් ජන වහරේ හැඳින්වෙන මෙය, සත්‍ය වශයෙන්ම මා විසින් කලකට ඉහතදී යෝජනා කරන ලද ‘ශෘංගාර කලාප පාලක’ හෙවත් ‘ශෘ.ක.පා. කොමිසමයි’. (මෙතෙක් කියවා නැතිනම් කියවා ආවත් කමක් නැත). එහි නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සම්මාන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද කටයුතු කිරීම මා හට සැබවින්ම ආශ්වාදයකි.
ශෘ.ක.පා. කොමිසමේ නිර්මාතෘවරයා වශයෙන් මේ අවස්ථාවේදී මෙම කොමිසමේ කාර්ය භාරය සහ අනාගත අභියෝග පිළිබඳව යම් අදහසක් පළ කිරීම මගේ ජාතික වගකීමක් බව ඔබද පිළිගන්නවා ඇත. ඇත්තෙන්ම මෙම කොමිසමේ කාර්ය භාරය වනුයේ අප රට තුළින් මෙතෙක් සොයාගත් දරුණුම ත්රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය හෙවත් ‘පිරිමි අපි’ සූදානම් කිරීමයි. අප විසින් පරාජය කරන ලද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙන් සිය දහස් ගුණයක් බරපතළ මෙම ත්‍රස්තවාදය ‘කළවා ත්‍රස්තවාදය’ ලෙස මා නම් කරමි. මෙහි මූලික ලක්ෂණ පහත පරිදි වේ.
· අප දන්නා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙහෙයවනු ලැබුයේ උතුරු හා නැගෙනහිර දෙමළ ජාතික සුළුතරයක් විසිනි. එහෙත් මෙම ත්‍රස්තවාදය ගෙනයන්නේ පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව වන ආතල් එක පිණිස (සහ අප වර්ගයා බෝ කර ගැනීම පිණිසද) අප විසින් කවා පොවා ඇති දැඩි කරනු ලබන කාන්තාවන් නම් බහුතර සත්ව විශේෂයයි.
· එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සාහ දරනු ලැබූයේ අප මාතෘභූමියෙන් කොටසක් අල්ලා ගැනීමටයි. එහෙත් මෙම කළවා ත්‍රස්තවාදය සෘජුවම මැදිහත් වන්නේ විදේශීය ආක්‍රමණිකයන්ට පවා විනාශ කල නොහැකි වූ පිරිමි අපගේ උතුම් සංස්කෘතිය සහමුළින්ම විනාශ කිරීමටයි.
· එල්.ටී.ටී.ඊ. කාරයින් තම යුද්ධය සඳහා විවිධ සැහැල්ලු සහ බර ආයුධ මෙන්ම ගුවන් යානාද භාවිතා කරන ලදී. මේවා කොතෙක් භයානක වුවද ප්‍රති ප්‍රහාර දී විනාශ කල හැකි යාන්ත්‍රික මෙවලම්ය. එහෙත් මෙම කාන්තා ත්රස්තවාදීන් ආයුධ වශයෙන් භාවිත කරන්නෙ කලවා, බුරිය,කිහිළි වැනි ශාරීරික අංගෝපාංගයන්ය. කොටින්ට මෙන් නොව, මේවාට ප්‍රතිප්‍රහාර දුනහොත් අපට පව් සිද්ධ වන බැවින් ආරක්ෂා වීම හැර වෙනත් විකල්පයක් නැත.
· කොටි ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මරණය හෝ විවිධ තුවාල අපට සිදුවුවද ඒවා ශාරීරිකය. එහෙත් මෙම ප්රහාරයන් කෙළින්ම මොළයට හානි කරයි. උදාහරණයක් ලෙස කලවා වලින් කරන පහර දීමකදී පිරිමියෙකුගේ මොළයට වන හානිය, තොලකට වෙව්ලීම, දිව වියලී තිබියදී කටේ පැත්තකින් කෙල බේරීම වැනි විකාර රෝග ලක්ෂණයන්ගෙන් මනාව විශද වේ.
· මෙම ත්රස්තවාදයේ අවසන් අරමුණ ලාංකීය ජාතිය වන ‘පිරිමි අපි’ ඇවිදින මළකඳන් බවට පත් කොට කාන්තාවන් විසින් අප මතෘභුමියේ බලය අල්ලා ගැනීමයි. පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව ආතල් එක බව ඔබ දනී. මෙය දන්නා කපටි කාන්තා ත්රස්තවාදීන් කරන්නේ, අපගේ ආතල් පිණිස අප විසින් චිරාත් කාලයක් තිස්සේ වසා දමා තිබූ ඔවුන්ගේ රහසිගත ප්‍රහාරක කලාපයන් ප්‍රසිද්ධියේ විවෘත කිරීමයි. ලෙහා දැමූ මල්ලක ඇති කුතුහලයක් හෝ දෙවේලේ දකින කරමලයක ඇති වර්ණයක් හෝ නොමැති බව න්‍යායික සත්‍යයකි. එහෙයින් ඔවුන් මේ විනාශ කරන්නේ අප මෙතෙක් ඔවුන්ගෙන් විඳි ප්‍රමෝදයයි. එය නැති තැන අප සංකේතීයව මියගොස් බටහිර පර සුද්දන් මෙන් නිවට නියාළු ජාතියක් බවට පත්වීම අනිවාර්යයකි.
මා කළින් සඳහන් කල පරිදි මෙය මිහිපිට පහළ වූ දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය බව දැන් ඔබ පිළිගන්නවා ඇත. මෙම ව්‍යසනයෙන් ගැලවිමට අප කල යුත්තේ කුමක්ද? මෙය අප මාතෘභූමියේ අයිතිය වෙනුවෙන් පිරිමි අප සැම එක්සිත්ව නැගී සිටිය යුතු මොහොතකි. නියපොත්තෙන් කැඩිය යුතු දෙය පොරොවෙන් කැපිය යුතු නොවේ. පහත යෝජනා ඒ වෙනුවෙනි.
· මුළින්ම කල යුත්තේ සම්මත ශෘංගාර කලාප පනත උල්ලංඝනය කරන කාන්තාවන් අල්ලා නීති මගින් කටයුතු කිරීමයි. නීතිය සහ සාමය රැකීම සදහා සිටින්නේද අති බහුතරයක් පිරිමින් බැවින් මෙය අපට වාසිදායකය.
· මෙයට අමතරව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන එවන් ත්රස්තවාදීන් ඉලක්ක කොට දිගු දුර විහිදුම් දැලිපිහි සහ බ්ලේඩ් බලකායක් ස්ථාපිත කල හැකිය.
· මෙම කාන්තා ත්රස්තවාදීන්ගේ මොරාල් එකට හානි කිරීම සඳහා ශාස්ත්රාලීය ආයතන පරිශ්‍රයන් තුල පෝස්ටර් ව්‍යාපාරයන් ඇරඹිය හැකිය.
· මෙම ත්‍රස්තවාදය සඳහා විදේශීය සහයෝගය ලැබීම අවම කිරීම සඳහා ජාත්‍යන්තරය දැනුවත් කිරීමට, වැඩි වැඩියෙන් දේශප්‍රේමී ෆේස්බුක් ගිණුම් සහ වෙබ් අඩවි ඇරඹීම උචිත යයි සිතමි.
· මෙම කාන්තා ත්රස්තවාදීන් අතර සිටින අපගේ චින්තනය සහිත හෝ අපටත් වඩා දේශප්‍රේමී කාන්තා ශරීර ඇතියන් භාවිතා කොට ශක්තිමත් බුද්ධි අංශයක්ද නිර්මාණය කල හැකිය.
· එමෙන්ම පිරිමි අප අතරම හිඳ මෙම ව්‍යාපාරයන්ට සහාය දෙන විකිලීක්ස් කාරයින්ට සම්බුව දීම සඳහා දිවයින වැනි පුවත්පත් ඇතුළු සියළු දේශප්‍රේමී මාධ්‍ය සීරුවෙන් තැබිය යුතුය.
· අපගේ අභිමතාර්ථ ප්‍රකාරව තම ශරීරය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අඩු වයස් කාන්තා ජීවීන්ගේ මොළ ශෝධනය සඳහා අපගේ ප්රමිතීන් උපක්රමශීලීව පාසල් විෂය මාලාවට ඇතුලත් කල යුතුය.
· අවසන් වශයෙන් මෙම ‘මානුෂික මෙහෙයුම’ වඩාත් පහසුවෙන් සිදුකල හැක්කේ අප විසින් කාන්තාවන් ඇති දැඩි කරනු ලබන අපගේ නිවෙස් තුළදීය. සම්මත සංස්කෘතික නීතීන් අභිබවා යන කාන්තාවන් සඳහා අවම බලය භාවිතා කිරීමට දැනටමත් අපට අවසර ලබාදී ඇත. එමෙන්ම අඩු වයස් කාන්තා ජීවීන් පෝෂණය කරනු ලබන පියවරුන් නම් වන පිරිමින් හට විශේෂීත වගකීම් පැවරේ. කෙදිනක හෝ වෙනත් පිරිමියෙකු වෙත පාවා දීමට නියමිත එම අඩුවයස් ජීවියා, එකී පාවා ගන්නා පිරිමියා හට උපරිම ප්‍රයෝජන ගත හැකි වන පරිදි සම්පූර්ණයෙන්ම ආවරණය කොට ඇති දැඩි කිරීම ඔවුන්ගේ වගකීමකි.
සැබවින්ම මෙම අභියෝගය හමුවේ අප වඩාත් තීක්ෂණ විය යුතුය. බලය බෙදා හැරීම වෙනුවට බලය මුදා හැරීම මගින් සියළු කාන්තාවන්ගේ දෑතේ මැණික් කටුවේ සිට දෙපයේ මැණික් කටුව දක්වා සියල්ල වසා දැමීම අප ඒකායන අරමුණ විය යුතුය. මෙහි අතිරේක මහඟු වාසියක් ලෙස, කාන්තා ශරීරයේ දෑතේ මැණික් කටුවේ සිට වැළමිට දක්වාද, අත් ගොබ ද, දෙපයේ බත් කෙණ්ඩා මෙන්ම දණීස් පොල්කටු ද නව ශෘංගාර ජනක කලාපයන් ලෙස සංවර්ධනය කොට අප නූපන් පරපුර වෙත දායාද කිරීමට අපට හැකිවනු ඇත. එන්න අප හා එක්වන්න. මේ ඔබේ ජාතිය (නැවත වරක්) වීරයන් සොයන කාලයයි.

Last edited: