Think-A-Minute !

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මොහොතක් සිතන්න…

    mohothak1.jpg

    අපි ඉපදිච්චි මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකම්ම කරන්නේ මොනවා හරි කරන එක. අපි වෙලාවකට කිව්වට අපි මොකුත් කරන්නේ නැතුව නිකං ඉන්නවා කියලා, අපි ඒ වෙලාවෙත් එක්කෝ නිදා ගන්නවා…, නැත්නම් මොකක් හරි දිහා අහගෙන,බලාගෙන ඉන්නවා…, එහෙමත් නැත්නම් අපේ හිතට සතුටක් ගෙන එන දෙයක් ගැන කල්පනා කරනවා. ඒ හින්දයි මම කලින් කිව්වේ අපි ඉපදිච්චි මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකම්ම මොනවා හරි කරනවා කියලා.

    ජීවිතය කියන්නේ ඒකටයි. ජීවත් වෙනවා කියන්නේ ඒකටයි. ඒත් දැන් බලන් ගියාම අපි මොකුත් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටිය වෙලා වලටත් අපි මොනවා හරි කරලා නේද…? ඔයා ඉපදුනු දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කී වතාවක් හුස්ම අරගෙන තියෙනවද කියලා මම ඔයාගෙන් අහුවොත් ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්ද…? බැහැ නේද…? අපි කවුරුවත් ඒකට උත්තරේ දන්නේ නැහැ. ඔයාට, මට දහසකුත් දේ තියෙනවා කරන්න. ස්කෝලේ… ක්ලාස්… කෙල්ල [කොල්ලා]… නෙට්… ජොබ… උපාධිය… මෙකී නොකී දහසකුත් දේ… ඉතිං මම කියන්නේ මේ ඔක්කොම නවත්තලා අපි කී සැරයක් හුස්ම ගන්නවද කියලා ගනින්න කියලද…? - අනේ නැහැ ! අපි ගන්න හුස්මට වැඩි අගයක් දෙන්න පුළුවන්ද කියලයි මම මේ බලන්නේ…

    නමුත්, ඒ ප්‍රශ්ණය ටිකක් වෙනස් කරලා මම අහන්නම් ඔයාලගෙන්. ඔයාලා ඉපදිච්චි දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කරලා තියෙන වැඩ මොනවද…? මම දන්නවා ඔයාලා පටන් ගනීවී ලිස්ට් එකක් කියන්න. මේ වෙලාවේ කරන්න වෙන වැදගත් වැඩක් නැත්නම් පිටු දහයක පහළොවක වුනත් ලිස්ට් එකක් හදා ගන්න ඔයාලට වැඩි අමාරුවක් වෙන එකක් නැහැ. අපි ඒ තරම් වැඩ කරනවා. කනවා… බොනවා… නානවා… නිදියනවා… නැගිටිනවා… පාඩම් කරනවා… දුවනවා… පනිනවා…

    මම දැන් ඒ ප්‍රශ්ණයටම තව කෑල්ලක් එකතු කරනවා. ටිකක් බලන්න මේ ප්‍රශ්ණයටත් අර වගේ ඉක්මණට, ලේසියට උත්තර දෙන්න පුළුවන්ද කියලා… මේක තරඟ විභාගයක් නෙවෙයි. ඒ හින්දා තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. අනෙක් අතට මේක තරඟ විභාගයක් කියලා හිතුවත් තරඟ තීරකත් ඔයාමයි…

    “ඔයා ඉපදිච්චි දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් කරලා තියෙන වැඩක් ඇති වැඩ මොනවද…?”​

    මේ ප්‍රශ්ණයටත් උත්තර විදිහට ලිස්ට් එකක ලියන්න හැදුවොත් ඔයාට අර තරමේ ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්ද…? අඩුම ගානේ පිටුවක්වත් පිරෙන්න…? අමාරුයි වගේ නේ…

    අපි අපේ ජීවිතයේ කරන බොහෝ දේ අපතේ යන දේවල්. නමුත් අපිට ඒ විත්තිය තේරෙන්නේ ඒ දේ කරලා ටික කාලයක් ගියාට පස්සෙයි. ඉතිං මේ පසුතැවිල්ල නවත්තගන්න කෙසේ වෙතත් අඩු කර ගන්නවත් විදිහක් නැද්ද…? මම හිතන්නේ තියෙනවා. ඒකට අපි හැමෝම පුළුවන් හැම වෙලාවෙම අපෙන් එක ප්‍රශ්ණයක් අහන්න පුරුදු වෙන්න ඕනේ…

    “මම දැන් කරන්නේ මම මේ මොහොතේ කළ යුතුම දෙයද…?”

    ඔයාට මේ ප්‍රශ්ණයට ඔයාගෙන්ම ලැබෙන උත්තරය මත තීරණය කරන්න පුළුවන් ඔයා යන පාර හරිද කියලා. සමහරවිට ඒ උත්ත්තරය ගැන ටිකක් හිතුවොත් පස්සේ දවසක වෙනන වෙන එක හරි පසුතැවීමක් අඩුවේවී…

    මොහොතක් සිතන්න…!

    ඔබට ලස්සන ජීවිතයක් !


    mohothak2.jpg
     
    Last edited:

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    බොහොම ස්තුතියි යාලුවා...ගොඩක් වටින ත්‍රෙඩ් 1ක්.....හිතට තදින්ම වෑදුනා...
     
    • Like
    Reactions: Mindada hee sara..