Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

    ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

    Think Different !!
    So Steve Jobs changed the world with an apple


    Chamikawpblogspotcom17-2.jpg

    1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස්
    (Steve Wozniak)
    හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කලා.
    ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර දෙකක් විකුණා
    ලබා ගත් ඩොලර් 1300 ක මුදලින්!
    8.gif
    8.gif

    ඒ සමාගමේ මුල්ම ස්ථානය වුනේ
    ස්ටීව් ජොබ්ස් පදිංචි වෙලා හිටිය ගෙදර වාහන නවත්වන ගරාජය..
    8.gif
    8.gif
    8.gif

    ස්ටීව් ජොබ්ස් (Steve Jobs) හා ස්ටීව් වොසැන්ක්ස් (Steve Wozniak)
    Chamikawpblogspotcom13-1.jpg


    සමාගම මෙහේම පටන් ගත්තට “ඇපල්“ කිව්ව ගමන් දැන්
    අපිට කන ඇපල් වලටත් කලියෙන් එක පාර මතක් වෙන්නේ
    ඇපල් අයි පෝන් , ඇපල් අයි පොඩ් ගැන..
    :rofl::rofl:
    බොහෝ විට එහේමයි..ඒ තරමට එය අපිට හුරුපුරුදුයි..:P:P

    2011 පෝබස් සඟරාවට අනුව ලොව 110 වැනි, ඇමරිකාවේ 34 වැනි ධනවත්ම පුද්ගලයා ලෙසද, වසරකට ඩොලර් බිලියන 2 ආදායමක් ලබන ඔහු 2011 වන විට ඩොලර් බිලියන 8.3 ආදායමක් උපයා ඇත. ඇපල් සමාගමේ විධායක ධුරයෙන් ඉවත් වන බව සැලවීමත් සමඟ ලොව පුරා ඔහු පිලීබඳ අදහස් පලවුනි.

    මේ විස්තරය ඒ පුද්ගලයා ස්ටීව් ජොබ්ස් ගැනයි.
    :):)
    Chamikawpblogspotcom16-1.jpg


    කියවලා බලලා අදහක් දාලම යන්න කියලා ඉල්ලා සිටිනවා!!

    1955 පෙබරවාරි මස 24 දින ග්‍රීන් බේහීදී ,
    සිරියානු ජාතිකයකු වු අබ්දුල් පට්ටහා ජනදාලි
    (Abdul fattha Jandali) ට හා ජොආන් සිම්ප්සන්
    ඔහු ගේ පියා හා මව විය.
    1972 දි
    homested උසස් පාසලෙන් අධ්‍යාපනය ලබාගත් ඔහු ඔරිගන් හි පෝට්ලන්ට් පාසලට ඇතුලත් වු අතර එයින් ඉවත් වු ඔහු විදේශ සංස්කෘතින් පිලබඳ ඉගෙනීමට යොමුවිය.
    තාක්ෂණය ගැන වැඩි ඇල්මක් දැක්වු වයස 21 වු ස්ටීව් ජොබ්ස් හා මිත්‍ර වුනු අවුරුදු 26 වු විදුලි ඉංජිනේරුවකු වු ස්ටීව් වොසැන්ක්ස් එකල
    Blue box හෙවත් ඉතා අඩු මිලට දුරකතන ඇමතුම් ලබා ගත හැකි වු කුඩා උපකරණයක් සාදන ලදි.
    :eek::eek:

    ස්ටීව් වොසැන්ක්ස් Blue box එකක් අතැතිව...
    Chamikawpblogspotcom2-5.jpg


    මෙකල ඔහුගේ ජයාරෑපයක්..
    Chamikawpblogspotcom12-1.jpg


    1972 දි HP සමාගමේ වැඩ කරන අතරදී ජොබ්ස් ට වොසැන්ක්ස් මුනගැසුනු අතර එසේ 1972 දි නිර්මාණය වු ඇපල් සමාගමේ මුල්ම පරිගණකය Apple1 නම් විය.
    එය සාර්ථක වීමත් සමඟ
    Apple II ලෙස
    ප්ලාස්ටික් කවරයක් යෙදු අලංකාර පරිගණකයක් නිර්මාණය කල අතර
    ඩොලර් 300 මිල වු එහි 4
    Kb රැම් එකකින් යුතු විය.
    :eek::eek:
    Chamikawpblogspotcom4-5.jpg
    Chamikawpblogspotcom5-5.jpg
    1976 දිම රෝලන්ඩ් වේන් හා එක්ව සමාගම සඳහා ලාංජනයක් නිර්මාණය කරන ලදි.
    එහි අයිසැක් නිව්ටන් යැයි කිව හැකි අයකු ගසක් යට වාඩිවි සිටින අයුරු දැක්වේ.
    :P:P
    රෝලන්ඩ් වේන් සති දෙකකින් එම සමාගමෙන් ඉවත්වීමත් සමඟ
    1977 දි මයික් මාර්ක්කුලර් සමග එක්ව
    ඇපල් ගෙඩියක කෑල්ලක් කා ඇති ආකාරයටත් එහි වර්ණ සඳහා
    දේදුන්නේ වර්ණ වැරදි අතට යොදා ගනිමින් නැවත නිර්මාණය කරන ලදි.
    1997 දි නැවත සමාගමට එක්වීමත් සමග ස්ට්වී ජොබ්ස් එයටම ඝණ වර්ණයක් යොදා දැනට පවතින සලකුණ නිර්මාණය කරන ලදි.
    :):)
    Chamikawpblogspotcom7-3.jpg


    1984 දි
    Apple Mactonish පරිගණකයක්ද නිපද වු අතර එයද ඉතා හොදින් විකිණෙන ලදි.

    1986 දි ජොබ්ස් හා ඇපල් සමාගම අතර වු පරිපාලන හේතු මත එයින් ඉවත්ව
    NeXT Step නමින් සමාගමක් ආරම්භ කල අතර පලමුව වෙබ් අඩවි www හෙවත් World wide web ආරම්භයද සිදුකරන ලද්දේ මේ සමාගම නිපද වු NeXT පරිගණකයකිනි.
    :cool::cool:

    Chamikawpblogspotcom3-4.jpg


    Pixar.Incනැමති සජිවිකරන කාටුන් ඉදිරිපත් කරන සමාගම ආරම්භ කල ඔහු
    Finding nemo , Toy story වැනි චිත්‍රපට සමග

    Chamikawpblogspotcom26-1.jpg

    හොලිවුඩයේ ජනප්‍රිය චරිතයක් විය. :cool:

    2003 දි සංගීතය වෙනුවෙන්
    iPod හදුන්වා දුන් ඔහු පසුව එය itunes ලෙසින් නම් කරන ලදි.

    Chamikawpblogspotcom11-2.jpg


    දුර්වල කලමණාකරනයෙන් යුතුව කඩා වැටෙමින් තිබු ඇපල් සමාගමේ 1993 කටයුතු කල
    Gil amelio 1996 දෙසැම්බරයේ විශ්‍රාම යාමට පෙර ඩොලර් මිලියන 377 ගෙවමින් NeXT Step සමාගම මිලදි ගනිමින් ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ විශේෂ උපදේශක බවට පත්කර ගන්නා ලදි.
    :cool::cool:

    අවුරුදු 12 පසු නැවතත් ඔහු ආරම්භ කල සමාගමට පැමිණි ඔහු Gil amelio ගේ විශ්‍රාම යාමත් සමඟ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්විය.
    :D:D

    වැටී තිබු සමාගම නැවත ගොඩගැනීම ලාංජනය වෙනස් කරමින්ම ආරම්භ කල ඔහු ඔවුන් හා වෙනත් සමාගම් හා තිබු ගිවිසුම් ඉවත් කරමින්ද, Printer, Scanner වැනි එම සමාගමේ
    ප්‍රධාන නිෂ්පාදන 19 න් 15 ක්ම නිෂ්පාදනය නවතා දමමින් පරිගණක ,ෆෝන් හා
    අතේ රැගෙන යා හැකි පරිගණක හා
    ඒවාට යම් යම් දෑ එකතු කරමින් දියුණු කරන්නට විය.
    :eek::eek:
    iPhone
    දැනට වැඩියෙන්ම විකිණෙන ෆෝන් වර්ගයයි..
    :cool:
    iPad
    නමින් ටැබ්ලට් වර්ගයද එසේමයි.


    දැන් ඒ නමට සමකරන්නට කිසිවකට තවමත් හැකියාවක් ලැබි නැත...:cool:

    Chamikawpblogspotcom6-4.jpg


    ඔහුටම ආවේනික වු දැක්මක් හා නිර්මාණශීලිත්වයකින් හා මනාව මග පෙන්වමින් අසාර්ථක වු ව්‍යාපාරයකට අද වන විට සාර්ථකත්වයේ හිනිපෙත්තටම ඔහු රැගෙන ඇවිත් ඇත.
    11.gif
    11.gif

    මෙම මස මුලදී ඇපල් සමාගම ඇමරිකාවේ වටිනාම සමාගම වශයෙන් තේරි තිබු අතර
    එහි වටිනාකම ඩො.බි.349 විය.
    5.gif


    Chamikawpblogspotcom14-1.jpg

    2003 දි තමන්ට ආමාශායේ පිලිකාවක් ඇතැයි හදුනාගත් පසුව ස්ටැනෆර්ඩ් සරසවියේදි ජිවිතය හා මරණය පිලිබඳව ඔහු කල කතාව ලොව පුරා ඉතා ජනප්‍රිය විය.:):)

    ස්ටැනෆර්ඩ් සරසවියේදි ජිවිතය හා මරණය පිලිබඳ කතාව.....


    2010 දි ඇමරිකානු ජනපති බැරක් ඔබාමා හා අන්තර්ජාලයේ ප්‍රධාන ආයතන ප්‍රධානින් රැසක් හා සිලිකන් වැලි හීදි රාත්‍රි සාදයකට සහභාගි විය.:cool::cool::cool:
    Chamikawpblogspotcom20-1.jpg

    එහිදි මාක් සුකර්බර්ග්,ගුගල් ප්‍රධාන විධායක එරික් ස්කැමිඩිට්,ටිවිටර් විධායක ප්‍රධානි ඩික් කොස්ටොලෝ යන අයද සහභාගි විය
    :D:D

    සිලිකන් වැලි හි තම බිරිඳ හා දරුවන් තිදෙනෙකු හා කලින් විවාහයේ දියණියක වන ලීරා ජොබ්ස් හා ජිවත් වන ජොබ්ස් පසුගිය මාසයේදි වයස 56 සපිරෙද්දී ඇපල් සමාගමේ
    විධායක නිලධාරී පුටුවෙන් ඉවත් වීමට ලිපිය ලබා දී තිබුනි.
    2.gif
    2.gif

    අසනීප තත්වය නිසා දිගින් දිගටම නිවාඩු ගැනීමට සිදුවීම මෙසේ සේවයෙන් විශ්‍රාම යාමට හේතුවන්නට ඇතැයි බොහෝ දෙනා කීවද ඒ ගැන සමාගම කිසිවක් ප්‍රකාශ කොට නැත.:rolleyes::rolleyes:
    එහෙත් සමාගමේ සභාපති ධුරයට ඔහු පත්වී ඇත.. :D:D

    ස්ටිව් ජොබ්ස්ගේ සේවයෙන් ඉවත් වීමේ ලිපිය...
    Chamikawpblogspotcom10-2.jpg

    මේ ඉවත්ව යාම බොහෝ මාධ්‍ය දක්වා තිබුනේ “යුගයක අවසානය “ ලෙසට දැක්වුවත් ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු දක්වා ඇත්තේ ඇපල් සමාගමේ දිප්තීමත් හා නිර්මාණශීලි භාවය ඇත්තේ තවත් ඉදිරියේදි බවත් වෙනත් තනතුරක සිට එදෙස සතුටින් බලාසිටින බවත්ය.
    :yes::yes::yes:
    ජොබ්ස්ගේ සමුගැනීමට පසු ටිම් කුක් (Tim Cook) ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්විය..
    මේ වන විට ඇපල් සමාගමේ 9736 වන සේවක පිරිසක් සේවය කරනු ලබයි.
    :yes:
    ඔක්තෝම්බර් 21 ඇපල් සමාගම තම
    නවතම ඇපල්
    iPhone5 නිකුත් කරිමට නියමිත බව කියවේ..
    5.gif
    5.gif


    එකල ඇපල් සමාගම ගැන වු දැන්වීමක්.....
    7.gif




    Three apples that changed the world -
    One seduced Eve,
    one awakened Newton,
    the third one was in the hands of Steve Jobs

    අදසක් ඉදිරිපත් කරලාම යන්න හොදද!!!

    මේ විස්තරය අරගත්තේ මෙතනින්.. ;)

    ඇපල් සමාගමේ ලිපිනය....
    14.gif

    1 Infinite Loop
    Cupertino, California 95014
    U.S.A.
    Telephone: (408) 996-1010
    Fax: (408) 974-2113

    වෙබ් අඩවිය...
    14.gif

    http://www.apple.com
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මෙච්චර විස්තරනන් මම දැනගෙන හිටියෙ නෑ.
    Thanks for sharing මචන්

    repබෑලු